IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රන් උදර හතරයි : සල්ලි උදර දෙකයි

උදරයේ   රන් සහ විදේශ මුදල් සගවාගෙන ඇති බවට සැකකරන ඉන්දියානු ජාතිකයෝ 6 දෙනෙක්  සහ ශ‍්‍රී ලාංකිකයෙක්  ඔවුන් පැමිණි වාහනය  රියදුරා සහ සහායකයාද සමගින්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා  පැවසුවේය.

අත් අඩංගුවට ගනු ලැබූ ශ‍්‍රී ලාංකිකයා කොළඹ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ශරීර අභ්‍යන්තරයේ රත්තරන් සගවාගෙන  ඉන්දියාව බලා යාමට පිරිසක් එන බවට ලැබුණු තොරතුරක් මත ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු  ගුවන්තොටුපොලේ පිටත රැකවල් තරකර  වාහනයද සමග මොවුහු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව  ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

රේගු නිලධාරීන් විසින් මෙම පිරිස  එක්ස් කිරණ පරීක්ෂනයකට යොමු කර ඇත. එම පරීක්ෂනයට අනුව මේ අතරින්  හතර දෙනෙකුගේ උදරයේ රන් කැබැලි 13,5,6,1  ඇති බවත් තවත් දෙදෙනෙකුගේ  ශරීර අභ්‍යන්තරයේ විදේශ මුදල් ඇති බවට අනාවරණය වී ඇති බව රේගු නිලදාරීහු කියති. 

 මොවුහු ඊයේ  ජෙට් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

මේ වන විට මින් එක් පුද්ගලයෙකු තම උදරයේ තිබූ රන් කැබලි 04 ක් ඉවතට දමා ඇතැයි රේගුව කියයි.

මේ වන විට මොවුන් සියළු දෙනාම රේගුව බාරයේ පසුවන අතර රේගු නිලධාරීන් විසින් ඔවුන්ට දියර ආහාර, ආනමාළු සහ පළතුරු දෙමින් රේගුවේ රඳවාගෙන සිටිති.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක වරයා පැවසූවේ රේගුවට සැකකරුවෙකු තබා ගත හැක්කේ පැය විසිහතරක්  බැවින් මොවුන්ගෙන් මෙම රන් කැබලි සහ විදේශ මුදල් ඉවතට ගන්නා තුරු රේගුවේ තබා ගැනිමට අදිකරණ  නියෝගයක් ලබා ගන්නා බවයි.

මේ පිලිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ  රේගු නිලධාරීහු සිදු කරති.



අදහස් (0)

රන් උදර හතරයි : සල්ලි උදර දෙකයි

සිරි අයියා Wednesday, 25 September 2013 08:28 AM

රේගුවෙ පාලනය අපේ අරයා ඉල්ලයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

නිසාර් Tuesday, 24 September 2013 07:40 PM

හරියට නිකං බබා හම්බ වෙනකම් බලාපොරොත්තු වෙලා ඉන්නවා වගේ රේගු නිලදාරීන් බලාගෙන ඉන්නවා ඇති. (නදී)

:       0       0

සංජු Wednesday, 25 September 2013 08:39 AM

නීතිවිරෝධී නම් උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

සජිත් Tuesday, 24 September 2013 07:57 PM

බැලින්නම් මේක ඔත්තුවක් ලැබිලා අල්ලපු එකක්නේ (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 24 September 2013 07:58 PM

එහෙම බැහැනේ ගුවන් තොටුපොලෙන් පිටතදී කෙනෙක්ව අත්අඩංගුවට ගන්න (නි)

:       0       0

දිසාසේකර Tuesday, 24 September 2013 08:18 PM

ලෝකයේ නව ප්‍රවනතාවයක්ද කොහෙද

:       0       0

දහනායක Tuesday, 24 September 2013 08:18 PM

පුදුම හොරුනේ...ජීවිතාන්තය දක්වා එකෙක් දෙන්නෙක් මහ වූලු ගෙදරට යවල බැලුවනම් නරකද..වරදකරුවන් නිවෙරැදී කරන රටක්නේ අපේ රට

:       0       0

මිනිපෙ Wednesday, 25 September 2013 09:25 AM

අනේ පව්, දඩුවම් දෙන්න එපා.පැය ගානක් හංගගෙන හිටිය තැන ගැන හිතුවම, ඊට වැඩිය දඩුවමක් මොකටද? (නි)

:       0       0

ගිරිඳු Tuesday, 24 September 2013 08:50 PM

බඩේ හිඟන්නෙක් නෙමෙයි සල්ලිකාරයෙක්....!(නදී)

:       0       0

ලියෝන් Tuesday, 24 September 2013 10:43 PM

'මේ වන විට මොවුන් සියළු දෙනාම රේගුව බාරයේ පසුවන අතර රේගු නිලධාරීන් විසින් ඔවුන්ට දියර ආහාර, ආනමාළු සහ පළතුරු දෙමින් රේගුවේ රඳවාගෙන සිටිති' අනේ අපොයි! (නි)

:       0       0

ධම්ම Tuesday, 24 September 2013 11:38 PM

කොහොමද මේවා ඇතුලට දමා ගත්තේ? (නි)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 24 September 2013 11:55 PM

ගුද මාර්ගය පසුගිය දිනවල බොහෝ විට පාවිච්චි කළා. දැන් උදරය පාවිච්චි කරනවා. කෙසේ නමුත් ඉන්දියන් සහ පාකිස්ථානුවන් මේ රටට එන්නේ සංචාරය සඳහා නොව අපේ රටේ මත් කුඩු විකුණා මෙරට තිබෙන රන් සහ මුදල් රැගෙන යාමට. රේගුව විමසිලිවත්ව සිටීම නිසා සමහරු අසු වෙනවා මෙන්ම කි දෙනෙක් රෙගුවට ඇස් වේලි ගසා පනිනනවා ඇතිද ?(නදී)

:       0       0

හේරත් Thursday, 26 September 2013 06:10 AM

අනේ රත්තරන්, ඔය කොහෙද යන්නේ? අධි මාර්ගයෙන් ගුද මාර්ගයට? (නි)

:       0       0

ගාමිණි Wednesday, 25 September 2013 11:43 AM

ගුවන් තොටුපලේ සිංහල බෙහෙත් සාප්පුවක් දැම්මොත් හොදයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 25 September 2013 02:50 AM

මේ ඉන්දියන් කට්ටිය නම් හොඳට පරික්ෂ කොරන්න මෙයාල හරිම අමාරු කාරයෝ.(නදී)

:       0       0

උපාලි Wednesday, 25 September 2013 03:14 AM

රේගුවට පොඩි පහේ ඩිස්පැන්සරියක් දාගන්න වෙනවා දැන් නම්. වැඩිය බෙහෙත් ජාති තියා ගන්න ඕනේ නැහැ. වතුර, ජාපාල ඇට හෝ ගුලි, අනිකුත් විරේක බෙහෙත්, ඔය ටික ඇති. ආනමාලු වලට මොකට වියදම් කරනවද? විශේෂ "රන් වැසිකිලියකුත්' කියල හදව ගන්න. (නදී)

:       0       0

සනත් - ඇෆ්ගනිස්ටනය. Wednesday, 25 September 2013 12:10 PM

අර උපාලි කියලා තියන දේවල් සමඟ තොස ,වඩේ,සම්බරු සියඹලා සමඟ අපේ රේගුව මහත්තුරුන්ට තියාගන්න වෙනවා..මොකද ඉන්දියන් කාරයන්ට කන්න දෙන්න ඕන. (ස)

:       0       0

සේරම් Wednesday, 25 September 2013 12:34 PM

උදරයෙන් රන් පොලු සහ මුදල් හොරෙන් අරන් ගියත් අන්තිමට ගන්න වෙන්නේ අධෝ මුඛයෙන් ( ගුද මාර්ගයෙන්ම ) තමා . සියලුම ඉන්දියානු සහ පකිස්තානු සංචාරකයන් ගැන විමසිලිමත් වීම රේගුවට ඇති කාර්ය භාරයක් . එමෙන්ම සමහර ශ්‍රී ලාංකිකයනුත් ගුද මාර්ගයේ රන් පොලු සහ මුදල් වංචාවෙන් ගෙන යාමට පාවිච්චි කරනවා. (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 25 September 2013 04:57 AM

රේගුවෙ ඉන්න රත්තරන් බබා.... (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Wednesday, 25 September 2013 05:52 AM

මට හිතෙන්නේ ඉන්දියන් අයගේ ප්‍රධාන ආහාරය රත්තරන් වෙන්න ඇති. (නි)

:       0       0

චාන් Wednesday, 25 September 2013 06:27 AM

මේ විදිහට රේගුවත් සෞඛ්‍යයත් එක ඇමති කෙනෙකුට දෙන්න වෙයි වගේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 25 September 2013 07:57 AM

නීතිවිරෝදී වැඩ පොඩි දේ සිට ලොකු දේ දක්වා අල්ලන රේගු නිලධාරින් හට මල්මිටක්. (නි)

:       0       0

නිමල් Wednesday, 25 September 2013 08:03 AM

මේ රටට ආදරයක් නැති සමහරුන්ට මේවා විහිලු.මේ වගේ අයට දිය හැකි උපරිම දඩුවම් දිය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 155 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1278 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1538 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 182 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1127 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1238 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26266 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23474 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site