IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රන් කූරයි යූරෝ සල්ලියි එළියට

රුපියල්   විසිතුන් ලක්ෂ තිස් දහසක් වටිනා රන් කූරක් සහ විදේශ මුදල් තොගයක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දීයා ජාතික තරුණයෝ දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය. 

සැකකරුවෝ  වයස 26 සහ 28 වියේ පසුවන ඉන්දියාවේ චෙන්නායිහි පදිංචිකරුවෝ වෙති.

මින් එක් තරුණයෙකු ලග තිබී  ග‍්‍රෑම් 106 ක් බරැති රන් කූරක්  ඉවතට ගත් බවත්    අනෙකා ලග තිබී යූරෝ දස දහසක් ඉවතට ගත් බවත්  රේගුව කියයි.  රන් කූරෙහි වටිනාකම රුපියල් පන්ලක්ෂ තිස්දහසක් වන අතර යූරෝවල වටිනාකම රුපියල් දහඅට ලක්ෂයකි.


යුරෝ ගෙන ආ තරුණයාගේ ශරීර අභ්‍යන්තරයේ තවත් මුදල් හෝ රන් කැබැලි ඇති බවට සැක කරන බැවින් ඔහුව මීගමුව රෝහලට ඇතුලත් කළ බව රේගුව කියයි.

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පමනක්  මෙලෙස රන් ප‍්‍රවාහනය කරන පුද්ගලයින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අසුවූ  නමවන අවස්ථාව මෙය බවද  ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

මොවුන් දෙදෙනා ඊයේ අලූයම ජෙට් ගුවන්සේවයට අයත් 9 ඩබිලිව් 255 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධික්ෂනය යටතේ රේගු අධිකාරී ඞී රත්නකුමාර මහතාගේ මෙහෙයවීමෙන්  පී.එච්.යූ වජේපාල, එම්.ඞී.ටී සිරිසේන, ආර්.එම්.එච්.කේ අභයවර්ධන, පී.පී නන්දසිරි, ආර්.පී.එන් ධර්මසේන යන රේගු නිලධාරීහු සිදු කරති.
  



අදහස් (0)

රන් කූරයි යූරෝ සල්ලියි එළියට

උපාලි Sunday, 29 September 2013 04:07 PM

සෙන්තිල්ගේ යාළුවො වෙන්න ඇති නේද මේ දෙන්නා. බොහොම තරහ ගිහින් තියෙන්නේ? එහෙම නැත්නම් නීතිය ගැන නොදන්නාකම වෙන්න ඇති. ඇමෙරිකන් ඩොලර් 10000 ට වැඩි වටිනාකමක් ඇති මුදල් ගෙනියනවා නම්, ගේනවානම් රේගුවට ලිඛිතව ප්‍රකාශ කලයුතුයි. රුපියල 23 ලක්ෂයක් කියන්නේ ඩොලර් 18 දාහක් විතර. තේරෙනවද දැන් ඇයි මේ දෙන්නව ඇල්ලුවේ කියල? (නදී)

:       0       0

ජයසූරිය Sunday, 29 September 2013 06:03 PM

පහුගිය ටිකදොහෙත් ගුද ප්‍රවාහනය ගැන විස්තර තිබුනා.දැන් ඉතින් ඔය ප්‍රවාහන සේවය හරියන්නේ නැහැ. මොකද නිලධාරී ඇත්තෝ පශ්චාත් පැත්තට ඇහැ ගහගෙනමයි ඉන්නේ ආයුබෝවන් (නි)

:       0       0

බොස්ටන් වික්‍රම Sunday, 29 September 2013 12:28 PM

දැන් කාලය එළඹී තිබෙන්නේ සියලුම ඉන්දියානු සහ පාකිස්තානු සහ ඉන්දියාව බලා යන අපේම ලාංකිකයන්වත් ගුවන් ගතවීමට පෙර විශේෂ පරික්ෂාවකට ලක් කිරීමටයි. හියුමන් බොඩි ස්කෑනරයක් සවි කිරීම ඉතා අවශ්‍ය දෙයක් (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 29 September 2013 12:30 PM

මේ ඉතින් අහුවෙන ටිකනේ අහු නොවී යන ප්‍රමාණය කොයි තරම්ද කවුද දන්නේ ?(නදී)

:       0       0

උපාලි Sunday, 29 September 2013 12:44 PM

මේ විදිහට අහු නොවී කී දෙනෙක් පස්ස පැත්තත් අරන් පාස් වෙනවා ඇද්ද? මේ මිනිස්සු කුලී ප්‍රවාහකයෝ කොටසක්. රේගුවට එක්ස්රේ යන්ත්‍ර වැනි නවීන තාක්ෂනය වහාම ලබාදිය යුතු කාලය ඇවිත්. (නදී)

:       0       0

ඉන්ද්‍ර Sunday, 29 September 2013 01:07 PM

හැමදාම අල්ලනවා , ඉන්දියාවේ මෙතරම රන් හිගයිද ? (නදී)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Sunday, 29 September 2013 01:11 PM

දැන් දිනපතාම අපට ලංකාදීපය මගින් දකින්න ලැබෙන වාර්තාවක් තමයි මෙම ගුද මාර්ගයේ රන් කුරු, පොලු, මුදල් රැගෙන යාම. රේගු නිලදාරීන් දැනුවත් වී දැන් විමසිල්ලෙන් සිටින නිසා මෙම හොරුන් අසුවනවා මෙන්ම තව කි දෙනෙක් මොවුන්ගේ ඇසට වැලි ගසමින් පනිනවාද . කි දෙනෙක් මුදල් වලට කැදර රේගු නිලදාරින්ට මුදල් දීමෙන් අසු නොවී පනිනවාද? (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 01 October 2013 03:34 PM

පිටරටින් ගෙන එන විදේශ විනිමය වැඩි මිලට කළුකඩ වලින් මාරු කරගෙන නැවත පිටරට ගෙනයනවා. නිත්‍යානුකුලව පිටරට උපයන මුදල් ලංකාවේදී මාරු කරන පුද්ගලයන්ට රජය මඟින් යම්කිසි ලකුණු දීමේ ක්‍රමයක් ඇති කර වාහන, යතුරුපැදි තීරුබදු සහන වැනි දෙයක් ලබාදීම මඟින් ශ්‍රමිකයන් නිත්‍යානුකුල ක්‍රමයට මුදල් මාරු කිරීමට පෙලඹිය යුතුයි. නැත්නම් මේ විදේශ විනිමයෙන් අපේ රටට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ , බලධාරින් අවධි විය යුතු කාලය ඇවිත් (ස)

:       0       0

ශාන්ති Sunday, 29 September 2013 01:35 PM

ඒකත් හොද ක්‍රමයක්.(නදී)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Sunday, 29 September 2013 01:39 PM

මෙන්න තවත් ජංගම ගබඩා සංකීර්ණයක්. රේගු නිලදාරීන්ටත් දැන් මිනිසුන්ගේ පස්චත් භාගය බලලා හොදට පුරුදු ඇති. ගුවන්තොටුපොළට ඇතුලුවෙන හැමෝටම කියන්න ගුද මාර්ගයේ එක්ස් රේ එකක් අරගෙන එන්න කියලා.(නදී)

:       0       0

හේවාවිතාරණ Sunday, 29 September 2013 07:11 PM

පුජනීය රත්තරන් වලට වෙච්ච දේ? (නි)

:       0       0

දයා අලහාකෝන් Sunday, 29 September 2013 02:44 PM

මේ නිලධාරීන් හිරිකිතයක් නැතිව මේ නෝට්ටු අතපත ගාන්නේ කෙසේද?  මෙච්චර මුදල් ගිනියන් ඒ පැත්තේ ඉඩ තියනවද? අනේ මන්දා.(නදී)

:       0       0

සෙන්තිල් Sunday, 29 September 2013 02:47 PM

අද සල්ලි කොහොම හරි හොයලා ව්‍යාපාර කරන්නයි කව්රුත් හිතන්නේ. ඉතින් මේ තරුණයෝ දෙන්න හොරකමක් කෙරුවේ නැහැ නේද? එහෙනම් මොකටද මේ තරම් මැරෙන්න යන්නේ?මානවඩු, ඔබ ඉන්නේ ඉතාලියේ පින් සල්ලි වලින් ජීවත් වීගෙන. ඉතින් උඹට ප්‍රශ්නයක් නැහැ මෙතන. රැකියා නැති තරුණයින්ටයි ප්‍රශ්න තියෙන්නේ.(නදී)

:       0       0

පුබුදු Sunday, 29 September 2013 02:54 PM

රේගු අධ්‍යක්ෂක ජනරාල් තුමා ඉලීමක් කරන්න ජනතාවගෙන් ඔත්තු ලබා ගැනීමට.(නදී)

:       0       0

හේවාවිතාරණ Sunday, 29 September 2013 07:33 PM

"ඉන්දු ලංකා ගුද ප්‍රවාහන සේවය" (නි)

:       0       0

හේරත් Sunday, 29 September 2013 07:36 PM

වහාම අවශ්‍යයි. මගේ රත්තරන් දාන්න තැනක් හොයනවා. අහස් යානාවක නැගපු කිසිම කෙනෙකුගේ අයදුම් පත්‍ර නම් සළකා බලනු නොලැබේ.. (නි)

:       0       0

නිමල් ලලිතා Sunday, 29 September 2013 03:27 PM

සෙන්තිල් එදා ඉදලම සිංහලයට විනකරපු අයගෙන් පැවත එන ඔබ වන් අය සිංහල අපේ පරම්පරාගත හතුරෝ බැවි පෙනෙන්නේ,. මේ අයට නවාතැන් දෙන්න උදව් කරන පුද්ගලයන්ට වැඩියෙන්ම දඬුවම් කල යුත්තේ. එදා මියේම්වා රැකෙම්වා කියලා මුහුදේ පිහිනගෙන ආපු අයගෙන් පැවත එන අයනේ වෙනම රටක් ඉල්ලා දහස් ගණනක් ජිවිත විනාස කර අන්තිමට ඉල්ලගෙනම කෑවේ.(නදී)

:       0       0

රයන් මාලන් Sunday, 29 September 2013 03:46 PM

අධෝ මාර්ගය, අදායම් මාර්ගයක් කරගෙනනේ මේ ගොල්ලෝ.... (නදී)

:       0       0

චමත් Sunday, 29 September 2013 03:53 PM

පසු ගිය දවස් ටිකේම මේ වගේ පුවත් වලට අදහස් දැක්වුවා .මේකට කියන්න තියෙන්නෙත් ඒවම තමයි. ඒ නිසා මොකුත් නොකිය ඉන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 84 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 674 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 759 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 754 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 885 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 981 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23468 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23083 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site