IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රන් පසුම්බිය කටුනායකදී හැළේ

 රුපියල් ලක්ෂ විසිහතරක් වටිනා රත්තරන් කැබලි 04 ක් තම මුදල් පසුම්බියේ සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් කැබලි හතරේ බර ග්‍රෑම් හාරසීයකි.

සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙකි.

ඔහු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් සිංප්පුරුවේ සිට ඊයේ උදෑසන මෙරටට පැමිණ ඇත. පසුව ඔහු රේගුවට භාන්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගීන් පිටවන මාර්ගය ඔස්සේ පැමිණ ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කර ඇත.

එම අවස්ථාවේ මෙම තරුණයාගේ හැසිරීම පිළිබඳ රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත පරීක්ෂා කිරීමේදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබු මෙම රන් කැබලි 4 සොයාගෙන ඇත.

රේගුව විසින් ප්‍රශ්ණ කරද්දී සැකකරු පවසා ඇත්තේ මෙම රන් කැබලි මිතුරෙකු විසින් ඔහුගේ බිරියට ලබා දීම සඳහා ශ්‍රී ලංකාවට එද්දී තමාට දුන් බවයි.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය සිදු කළ නියොජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.ඒ.ඩී.ඒ පෙරේරා මහතා විසින් සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක්  නියම කොට එම රන් කැබලි රාජසන්තක කළේය.


මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ෙජ්.ඒ.ඩී.එන් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිද කරති.
 

 



අදහස් (0)

රන් පසුම්බිය කටුනායකදී හැළේ

ආශා Tuesday, 12 August 2014 10:21 AM

අර අපේ අහවල් සුරූපී නිළි නංගි කළා වගේ දුරකතන ඇමතුමක් දීලා බැලුවේ නැද්ද? (නි)

:       0       0

තිලාන් Wednesday, 13 August 2014 02:52 AM

මේ ඔක්කොම වෙන්නේ පොඩි පොඩි දඩ මුදල් හින්දයි. මිනිස්සු දන්නවා අහුවුණත් පොඩි දඩයක් ගෙවලා ගැළවෙන්න පුළුවන් කියලා. (නි)

:       0       0

චන්ද්‍රදාස Tuesday, 12 August 2014 04:23 PM

දැන් එතකොට මේවා ගෙනෙන්න පුලුවන් කො‍හොමද? (නි)

:       0       0

සිඟිති Tuesday, 12 August 2014 08:28 AM

මෙතන වරද රේගුවට නොදන්වා මෙය රැගෙන ඒමය. තමන් උපයපු මුදල් වලින් රන් ගත්තා නම් එය රේගුවට පෙන්වා අවසරයක් ඇතුව ගෙන යා හැකිය. මම වරක් එසේ සිදු කළා (නදී)

:       0       0

නවිදු Tuesday, 12 August 2014 08:30 AM

එහෙනම් ඒ රත්තරන් වලටත් හරි (නදී)

:       0       0

තුෂාර Tuesday, 12 August 2014 05:32 PM

ඒ රත්තරන් වලට මොකද කරන්නේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 August 2014 05:36 PM

කෝටි ප්‍රකෝටි ගණනින් කුඩු සිමෙන්ති කොට්ට ගණනින් ගෙන්වනවා. අල්ලනවා.ගෙන්වන කෙනෙක් නැහැ.අල්ලා ගත් ඒවට වෙන දෙයකුත් නැහැ.ඒ වගේ ගුවන් තොටුපොළින් අල්ලාගත් රත්තරන් වලට වෙන දෙයක් නැහැ.වුණ දෙයකුත් නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 August 2014 05:37 PM

මම මේ බයේ ඉන්නේ ලබන වාරයේ මම ඩුබායි ඉඳලා ලංකාවට නිවාඩුවට යනකොට අරගෙන යන හාල්,කිරිපිටි,පරිප්පු, කරවල,පිටි,තුනපහ ....පෙට්ටියත් රාජසන්තක කරයිද කියලා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 12 August 2014 05:40 PM

මේ අල්ලන රත්තරන් වලට මොකද වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 193 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1093 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3831 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2924 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3385 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1484 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site