(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකාර නිලධාරිනියගේ කර පැළඳ රන් පැහැති මාලය කොල්ලකා පළා යමින් සිටි පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.
ප්‍රධාන කළමනාකාර නිලධාරීනිය ඊයේ (11) පෙරවරුවේ රාජකාරිය සඳහා බස් රථයෙන් පැමිණ සුහුරුපාය සුපිරි වෙළඳ සංකීර්ණය අසල බස් රථ නැවතුමෙන් බැස මද දුරක් ඉදිරියට යාමත් සමගම ඒ අසල සිටි පුද්ගලයකු එකවරම ඇය වෙත කඩා වැදී ගෙල පැලඳි රන් පැහැති මාලය කොල්ලකා පලා යාමේදී ඇයගේ කෑ ගැසීම ඇසී අවට සිටි පුද්ගලයන් එම පුද්ගලයා පසුපස හඹා යාමේදී රථ වාහන රාජකාරිය යෙදී සිටි තලංගම පොලිසියේ නිලධාරීයෙකු සැකකරු පසුපස හඹා ගොස් අල්ලා ගෙන තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව එම පුද්ගලයා සුහුරුපාය පොලිස් මුරපොල වෙත රැගෙන ගොස් තලංගම පොලිසිය වෙත භාරදී ඇත .
අනතුරුව සැකකරු ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ආර්ථික අපහසුකම් මැද නැන්දම්මාගේ රන්මාලය උකස් තැබූ බවත් එය බේරා දෙන ලෙස ඇය නිතරම ඇවිටිලි කරන බැවින් කොල්ල කෑම සිදුකළ බව අනාවරණය කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
සැකකරු සිදුකරන ලද ප්‍රකාශය පිළිගත නොහැකි බවත් කොල්ල කෑම සඳහා තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් හෝ පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
රන් පැහැති මාලය හිමි ප්‍රධාන කළමනාකාර නිලධාරිනිය පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ එම මාලය රුපියල් පන්දහසක් පමණ වටිනා එකක් බවත් කොල්ලකරුවන් සිටින බැවින් තමන් පුරුද්දක් ලෙස රන් ආභරණ නොපලදින බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ ලබා දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට පදිංචිකරුවෙකි .සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියේය.
මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක
කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බ
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
රන් පැහැති මාලය කොල්ල කෑ පොලිස් සැරයන්ට වැඩ වරදී
Samitha S. Aluthgamage Wednesday, 12 April 2023 09:23 AM
පොලීසියේ අය කරනා හොරකම් ගැන නිතර නිතර අසන්නට ලැබේ. මේ හසුවූ ඒවා පමණී. හසු නොවන ඒවා තව කොතරම් ඇතිද? පොලීසියේ සුළු පිරිසක් කරන මේ වැඩ වලින් සමස්ත පොලිස් සේවයමත් අපකීර්තියට පත්වේ. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හා අදාළ ඇමැතිවරයා ගන්නා පියවර ගැන රට දැනුවත් කළ යුතුයි.
පුරවැසියෙක්... Wednesday, 12 April 2023 11:19 AM
අතීතයේදී පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවට බඳවාගනු ලැබූයේ වැදගත් පවුල් පසුබිමක් සහිත අයයි. එය එසේ නොවීමෙන් මෙවන් කාලකන්නි තත්ත්වයක් උදාවී ඇත. ඉහළ සිට පහළටම අද ජරා ජීර්ණ වී තිබේ....
ලසන්ත Wednesday, 12 April 2023 06:38 PM
ඒක ඇත්ත ඉස්සර කාලයේ ඉල්ලුම්පත් ඉදිරිපත් කළ පමණින්ම බඳවා ගත්තේ නැහැ... චරිත සහතික දෙකක්වත් ගත්තා එයට අමතරව පොලිසිය මගින්ම ඔහුගේ වගතුග සොයා බලනවා සම්මුඛ පරීක්ෂණ කරන්නේ එයට පසුව තමයි. පොලිසිය විතරක් නොවෙයි බන්ධනාගාරය සඳහාත් එහෙම තමයි. එහෙම නොකිරීම නිසා තමයි රටට මෙහෙම හෙනයක් වැදිලා තියෙන්නේ...
Waleboda Wednesday, 12 April 2023 05:48 PM
පුදුම වෙන්න දෙයක් නැහැ හොරා පොලිස් කාරයෙක්නේ