IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රානි බුලත්වෙල රෝමයේ වැඩ බාර ගනී

නීතීඥ රානි බුලත්වෙල මහත්මිය රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ නියෝජ්‍ය තානාපතිනිය ලෙස වැඩ බාර ගත්තාය.

ලන්ඩනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනිය වූ ඇය ලන්ඩනයේ ත්‍රස්ත විරෝධී සංවිධානයේ කැදවුම් කාරිණියයි.

තානාපති කාර්යාලයයේ නිලධාරී හිඟයක් පවතින බව ද, ඒ ගැන හැකි ඉක්මනින් විදේශ අමාත්‍යංශයට දන්වන බවද, තානාපති කාර්යාලයයේ වැඩ විධිමත් කරන බව ද බුලත්වෙල මහත්මිය ‘එසැණට‘ කීවාය.

කොන්සියුලර් අංශය ගැන තමා වැඩි අවධානයක් යොමු කරන බව ද, දුර ප්‍රදේශවල සිට එන ශ්‍රී ලාංකිකයන්ට සුළු වේලාවක් තුළ අවශ්‍ය කටයුතු සිදු කර දීමට කටයුතු කරන බව ද, එරට සිටින සියලු ලාංකිකයන් සමග සුහදව කටයුතු කරන බව ද ඕ කීවාය.



අදහස් (0)

රානි බුලත්වෙල රෝමයේ වැඩ බාර ගනී

රනිල් Tuesday, 07 May 2013 08:44 PM

සුබ ගමනකට සුබ පැතුම්! (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 07 May 2013 09:06 PM

කාන්තාවක් මුල්වූ තැන කොයි වැඩෙත් බකල්. අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා. මෙතන එහෙම නොවෙයි කියලා අපි හිතනවා (නි)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 08 May 2013 11:07 AM

පෙනෙන විදියට තානාපති සේවයට දැන් දැන් යවන්නේ නීතිය පැත්තේ අයමයි. ඇයි පරිපාලනයෙන් තෝරා ගන්නේ නැත්තේ. විදේශ සේවයට දෙවියන්ගෙම පිහිටයි.(නදී)

:       0       0

මිලානෝ ශ්‍රීපාල Tuesday, 07 May 2013 09:27 PM

දැන්වත් අපට සේවයක් වෙයිද දන්නේ නෑ. හැමෝම එනකොට ඔහොම තමයි කියන්නේ. පස්සේ හොයන්නවත් නෑ. (ත)

:       0       0

චින්තන ප්‍රනාන්දු Wednesday, 08 May 2013 11:16 AM

රන්ජනී , සුදුසු අයනම් නැතුව නොවේ. මේක සුදුස්සාට සුදුසු තැන ලැබෙන කාලයක් නොවේ. ජය ශ්‍රී !!!(ස)

:       0       0

සරත් Tuesday, 07 May 2013 10:12 PM

මොනවා වුණත් අපි මොන දේ ගැන වුණත් ලොකුවට බලාපොරොත්තු තියාගන්න නරකයි (නි)

:       0       0

රන්ජනී Wednesday, 08 May 2013 11:34 AM

ඔය රැකියාවට ලංකාවේ වෙන කව්රුත් හිටියෙ නැද්ද?(ස)

:       0       0

නිමල් Wednesday, 08 May 2013 11:58 AM

මේක දේශපාලන පත්වීමක් කියල ඉතාලියේ ඉන්න විරුද්ධ පක්ෂයේ අය කියයිද දන්නේ නැහැ. (නි)

:       0       0

දිසානායක Wednesday, 08 May 2013 12:06 AM

එතකොට ඔතන ඉන්න හොර නිලධාරී ටික ගෙදර යවන්නේ නැද්ද? නැතිවෙයි මම හිතන්නේ (නි)

:       0       0

ගාමිණී Wednesday, 08 May 2013 12:18 PM

සප්ත මහා සාගරයට විදේශ කටයුතු අමාත්‍යංශයේ දක්ෂ නිලදාරීන් ඉන්නවා අපිට. (නි)

:       0       0

ධම්මික Wednesday, 08 May 2013 12:27 PM

අනේ මන්දා මේවා කාට කියන්නද කියලා.... (නි)

:       0       0

රත්නසිරි Wednesday, 08 May 2013 12:40 AM

ඇයට නියම සුදුසුකම් තිබෙනවා (නි)

:       0       0

චූලා Wednesday, 08 May 2013 12:44 AM

නිතිය ගැන හදාරපු කෙනෙක් කොහොමද පරිපලානේ පිළිබද රැකියාවක් කරන්නේ.(නදී)

:       0       0

සේන Wednesday, 08 May 2013 12:46 AM

මට නම් කිසිම දෙයක් ගැන කිසිම විශ්වාසයක් නැහැ. (නි)

:       0       0

සුධීර Wednesday, 08 May 2013 12:47 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සභාපති ඉතාලියේ තානාපති වෙලා. කොහොමද වැඩේ. ඇයි දෙයියනේ පරිපාලනේ ගැන හදාරපු දේශපාලන පක්ෂවලට සම්බන්ද නැති උගත්තු නැද්ද ලංකාවේ.(නදී)

:       0       0

ලසන්ත Wednesday, 08 May 2013 12:49 AM

දේසපාලන පක්ෂ වලට සම්බන්ද යට මේ නිල තල ලැබුනාම වෙන්නේ දේසපාලන පක්ෂයේ නියාය පත්‍රයට අනුව වැඩකිරීමයි. ඉතින් රස්සාව කරන්ට වෙලාවක් නැහැ.(නදී)

:       0       0

සූකිරි Wednesday, 08 May 2013 12:51 AM

විසය දැනුම ගැන හදාරපු නැති වෙනත් දේවල් හදාරපු අයට දේසපාලන පත්වීම් දීල වැඩේ හරියට නොවී වෙන රටවල් හරහට හිටියාම කියන්න ජාතියන්ත්‍රණ කුමන්ත්‍රණ....කියල.(ස)

:       0       0

වීරසිංහ Wednesday, 08 May 2013 12:51 AM

අර එනවයි කිව්ව ප්‍රාදේශීය දේශපාලක තුමාට මොකෝ උනේ.(නදී)

:       0       0

පාර්වතී Wednesday, 08 May 2013 12:53 AM

රස්සාවට අපේ ඇමතිලා ලියුම් දෙන්නේ ඇයි.... ඇයි.... ඇමතිලාමයි ඒක දන්නේ අයි ඩෝන්ට් නෝ වයි.... (නි)

:       0       0

රූපා Wednesday, 08 May 2013 12:53 AM

ආ..... ඔය තියෙන්නේ තවත් පත්වීමක්.... (නි)

:       0       0

රාණි Wednesday, 08 May 2013 12:55 AM

දේශපාලන පත්වීම් වලට එන අය තමන්ගේ කට්ටිය මෙහෙ ගෙන්නාගෙන තියාගන්නයි හදන්නේ. කලාතුරකින් දේසපාලන පත්වීමක් ලැබෙන කෙනෙක් රස්සාව හරියට කරනවා. දෙපැත්ත බේරාගෙන. හැබැයි අපි වාසනාවන්ත වෙන්ට ඕනා. ඇයි පරිපාලනේ හදාරපු කෙනෙක් ලංකාවේ නැද්ද? (නදී)

:       0       0

ජෝයි Wednesday, 08 May 2013 12:57 AM

පිට රටවල තියන ලංකාවේ තානාපති කාර්යාල දැන් හරියට මනි බදු කඩ වගේ. ඔක්කොමලා බලන්නේ කීයක් හරි හොයා ගන්න. (නි)

:       0       0

සුධීර Wednesday, 08 May 2013 12:59 AM

ඔය තියෙන්නේ නිකන් වෙඩි වගේ. (නි)

:       0       0

දම් Wednesday, 08 May 2013 01:11 AM

අන්න ඒකටත් එක්ක ලන්ඩන් වල තියෙන එක... (නි)

:       0       0

සත්යා Wednesday, 08 May 2013 02:03 AM

දැක්කනේ දේශපාලන පත් වීමක්. (ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 08 May 2013 02:07 AM

අපි මුල සිටම වරද්දා නොගත යුතුයි. එවැනි දේවල් වලින් මහජනයා කරදර විදිනවා. (නි)

:       0       0

ගිහාන් රණවක Wednesday, 08 May 2013 02:33 AM

එතකොට විදේශ අමාත්‍යංශය මෙච්චර කාලයක් නිලධාරී හිගය දැනගෙන හිටියෙ නැද්ද? මෙයාව එව්වෙ ලන්ඩන් වල විදේශ අමාත්‍යංශයෙන් ද? කොහොම වුණත් නෝනා අපි ගැන හිතන එක නම් වටිනවා. ජය වේවා ! (නි)

:       0       0

සුනිල් Wednesday, 08 May 2013 01:47 PM

රණවිරුවගේ වටිනාකම හුගක් නූගත් මෝඩයන්ට තේරුමක් නැහැ.(නදී)

:       0       0

අනුර Wednesday, 08 May 2013 04:17 AM

හතරදෙනෙකු ගෙන් තුන්දෙනෙක්ම මේ පත්වීම දිහා බලන්නේ ඒ තරම් සුභදායකව නොවීමෙන්ම අපට බොහෝ දේ හිතා ගන්න පුළුවන්. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 08 May 2013 05:48 AM

රානි බුලත්වෙල ? ....(ස)

:       0       0

වරුණ Wednesday, 08 May 2013 07:33 AM

දැන්වත් පෞද්ගලික වාසි නොතකා තම රට වැසියන්ට ගුණාත්මක සේවයක් ලබාදෙනු මැනවි (නි)

:       0       0

පාල Wednesday, 08 May 2013 08:09 AM

මේ රටේ දෙන්නේ දේසපාලන පත් වීම් පමණද.එයින් තොර සාදාරන පත්වීම් දෙන්නෙම නැද්ද.(ස)

:       0       0

සූකිරි Wednesday, 08 May 2013 08:10 AM

දන්නා කෙනෙක් කියා දෙන්න නිතිය ගැන හදාරපු කෙනෙක් කොහොමද පරිපාලනය සම්බන්දව රැකියාවක් කරන්නේ කියල.(ස)

:       0       0

ලසන්ත Wednesday, 08 May 2013 08:11 AM

ලංකාවේ පරිපාලනේ හදාරපු පක්ෂවලට සම්බන්ද නැති උදවිය නැතිද එහෙම නැති නම් පරිපලානේ හදාරපු උදවිය හිගයිද....(ස)

:       0       0

නන්දන Wednesday, 08 May 2013 08:13 AM

දේසපාලන පත්වීම් ලබන අය කරන්නේ තමන්ගේ කට්ටිය මෙහෙ ගෙන්න ගන්නට උත්සහ කිරීම මිස රස්සාව නොවේ. පස්සේ රස්සාව නොකරපු නිසාවෙන් වෙන රටවල් හරහට හිටින කොට කියන්න "ජාත්‍යන්තර කුමන්ත්‍රණ" කියලා.(නදී)

:       0       0

ජීවන් Wednesday, 08 May 2013 08:13 AM

අර එනවා කිව ප්‍රාදේශියසභා දේශපාලකයා කෝ.... (ස)

:       0       0

චන්දා Wednesday, 08 May 2013 03:09 PM

ඔබට සුබ පතනවා, ඔබට නියම සුදුසුකම් තිබෙනවා (නි)

:       0       0

සූකිරි Wednesday, 08 May 2013 08:24 AM

විශ්‍රාම ගිය නිලදාරියෝ,වැඩ තහනම් උන සංස්ථා සභාපතිලා,පැරදිච්ච දේශපාලකයෝ, නිතිඥයෝ, නෑදෑයෝ, හැර තවත් අය සිටීද......(ස)

:       0       0

චින්තන Wednesday, 08 May 2013 08:30 AM

පත්වීම ලැබෙන්න සුදුසුකම ශ්‍රීලනිප ලන්ඩන් සභාපති වීමයි. තනතුරේ වැඩ කරන්න නීතිඥ සුදුසුකම වැදගත් වේවි. හේමන්ත මහතා හිටිය කාලේ හොඳට වැඩ කලා.(නදී)

:       0       0

වීරසිරි Wednesday, 08 May 2013 08:35 AM

තවත් දේසපාලන පත්වීමක් වගේ.වැඩ නැහැ වැඩ බැහැ වගේ. ලොකුකම නම් තියනවා , දේසපාලන සම්බන්දය නිසා. (ස)

:       0       0

ඉන්දික Wednesday, 08 May 2013 08:54 AM

අපේ රට යන්නේ කොයි පැත්තටද ? දේශපාලන සුදුසුකම් හැර වෙනත් කිසිඳු සුදුසුකමක් නැති අය තානාපති සේවයට දාන එක ගැන කවුරුවත් ගණන් ගන්නේ නැහැ.ඉතිං රටට ෙදවියන්ෙගම පිහිටයි.(ස)

:       0       0

සමන් Wednesday, 08 May 2013 03:51 PM

හමුදාවේ හිටපු ලොකු මහත්තයෙකුට දුන්නා නම් තමයි මම නම් සතුටු. එහෙනම් කොච්චර වටිනවද? කොච්චර ආඩම්බරද? (නි)

:       0       0

රාජේශ් Wednesday, 08 May 2013 10:19 AM

අනේ මැඩම් සමහරුන්ටනම් මෙහෙට එන්න දෙන්න එපා. (ත)

:       0       0

ප්‍රභා Wednesday, 08 May 2013 04:53 PM

දැන් ඉතින් ප්‍රශ්න කෙලින්ම කතා කරලා විසදුම් ලබා ගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 07 May 2013 08:11 PM

අයියෝ අපිවගේ අවාසනාවන්ත ජාතියක් අන්තිමට සෞදි අරාබියෙ ශ්‍රමිකයන්ට වෙච්ච දේතමා ඉතාලියටත් වෙන්නෙ.(නදී)

:       0       0

රංජනී Wednesday, 08 May 2013 10:37 AM

නෙක කවුරුවත් නැද්ද? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 599 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 999 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 834 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1602 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 467 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 239 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site