(නිමන්ති රණසිංහ)
සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කිරිමේ දි නීතියට අනුව නිසියාකාරව සිදු නොකළහොත් විත්ති පාර්ශවයට වන්දි ගෙවීම සඳහා අදාල පොලිසියට නියෝග කිරීමට සිදු වන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (23) කුරුඳුවත්ත පොලිසිය වෙත අවවාද කරමින් සඳහන් කළේය.
රන් භාණ්ඩ සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර තුනකට ආසන්න කාළයක් විභාග වෙමින් පැවැති නඩුවක සැකකාරියක නිදොස් කොට නිදහස් කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙලෙස ප්‍රකාශ කළේය.
කුරුඳුවත්ත ප්‍රදේශයේ පළාත් පාලන ආයතන කාර්යාලයක රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර තුනක් විභාග විභාග වෙමින් පැවති මෙම නඩුවේ විත්තිකාරිය, විත්තියේ සාක්ෂි නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා අද (23) නියම කළේය.
මෙලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ එම පළාත් පාලන ආයතන කාර්යාලයේ ආරක්ෂක රාජකාරියේ යේදී සිටි අනූෂා ප්‍රියදර්ශනී නැමැත්තියය.
මෙම සිද්ධියට අදාළව නඩු භාණ්ඩ සොයාගෙන නොමැති වීම හේතුවෙන් තම සේවා දායිකාව නිදොස් කොට නිදහස් කරන ලෙසට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රන් භාණ්ඩ සොරාගත්තැයි කියූ කත නිදොස් කොට නිදහස්
Bamunuarachchi Tuesday, 23 November 2021 06:27 PM
ඔය ටිකම තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් තිබෙන්නේ. පාදිලියෝ දකින දකින හිතෙන හිතෙන කෙනා හිරබාරයට ගන්න කීවාට ඔප්පු කරන්න සාක්ෂි නැතිනම් අල්ලා ගත්ත ත්‍රස්තයින් ටිකත් නිදහස් වෙනවා. එ් බැව් මේ ගොබ්බ රැල හිතන්නේ නැහැ.
Rohan Tuesday, 23 November 2021 11:02 PM
නිදොස්කොට නිදහස්... මම හරි ආසයි ඒ වචන පෙළට... ජනපති සමාව යටතේ නම් වඩාත් නිවැරැදි තීන්දුවක්...
රත්නායක Wednesday, 24 November 2021 01:38 AM
පාදිලියෝ දකින දකින අයට චෝදනා කරන්නේ නෑ බමුණුආරච්චි. සොනික් කියන්නේ කවුද කියන එක එළිදරව් වුණානම් අපිට නියම ප්‍රහාරකයා හොයාගන්න පුළුවන්...
BamunuarachchiWednesday, 24 November 2021 08:41 PM
හැන්ගි හැන්ගි කඩපිල්වල කතා කරන්නේ කොමිෂන් දෙකක් තිබ්බා නේද? කෝ ඒවට ඇවිත් දන්නා දේ නොඉකිව්වේ ඇයි? ප්‍රහාර වෙන දිනය, වෙලාව ස්ථාන දැන දැනත් ප්‍රහාරය වළක්වා නොගත්ත එක ගැන ප්‍රශ්න කරනවා අපි දැක්කේ නැහැ. ප්‍රහාර වෙන දිනය, වෙලාව, ස්ථාන දැනදැනත් ක්‍රිස්තියානි කාරයින් පැදිලියෙකුට හෝ පල්ලියට දැනුම් නොදුන් බව දැක්කා ඒ ඇයි..? එවෙලේ ක්‍රියාත්මක වුණා නම් ඔය කියන සොනික්ලාව බෙල්ලෙන්ම අල්ලා ගන්න තිබුණා නේද? හොරුන්ට හොරකම් කරන්න ඉඩදීලා හොරු ඇල්ලුවේ නැහැ කියලා පොලිසියට බනින ගොබ්බයින් ඉන්න රටක් මේක. අල්ලාගත්ත හම්බ ත්‍රස්තයින් ටික අසාද් සාලි බේරාගෙන යනකොටත් ගොබ්බරැල නිශ්ශබ්දව සිටියා.. කෝ පාදිලිවරුන් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැහැනේ...?
Rocky Wednesday, 24 November 2021 03:55 AM
මගේ අම්මෝ .කොයි ලෝකේ ඉඳලද කේවට්ට උන්නැහේ ආයෙමත් පහල වුනේ
nimal Wednesday, 24 November 2021 04:33 AM
මේ වගේ නඩු වලටත් වසර 3 ක් ගතවන්නේ ඇයි? සමහරුන් බොරු පොළිස් පැමිනිලි කරනවාට එරෙහිව ලංකාවේ ඇති නීතිය කුමක්ද? කරදර කිරිමේ චේතනාවෙන් දිගින් දිගට පැමිනිලි කිරිම දක්නට ලැබෙනවා. පොලීසි වලටත් මෙය කරදරයක්.