(සුමිත් පොතුපිටිය)
මළගිය ඥාතීන්ගේ දෝෂ පවතින බවට නිවැසියන් රවටා ආරූඪවී ශාන්තිකර්ම කරන මුවාවෙන් මහා පරිමාණයෙන් මුදල් සහ රන්භාණ්ඩ වංචාකළ යකැදුරෙකු බව කියාගත් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනාකමකින් යුත් රන් සහ ගෘහ භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
හොරණ ප්‍රදේශවාසීයෙක් කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්, මහරගම සහ ගාල්ල ඇතුළු ප්‍රදේශවලින්ද මෙසේ වංචාකිරීම් කර ඇති බවත් පොලිසිය සදහන් කරයි.
වංචාකල රන්ග්‍රැම් 300 ක් පමණ සහ වංචාකල මුදලින් මිළදීගත් රෙදිසෝදන මැෂින් 2 ක්, ශීතකරණ 2 ක්, පුටු සෙට් , කණ්නඩි මේස, ත්‍රිරෝද රථයක් ඇතුළු ගෘහ උපකරණ රැසක් සහ පෞරාණික වටිනාකමක් ඇති භාණ්ඩ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා
නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රන්- මුදල් සමඟ හොර යකදුරා අත්අඩංගුවට