IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


රැඳවුමේ හිටියත් හරක් කටාට දුරකතන පහසුකම් හොඳටම ලැබිලා

(ඉන්දිකා රාමනායක)

රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක්  කටා  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ  මහජන පැමිණිළි විමර්ශන   ඒකකයේ ස්ථාවර දුරකතනවලින්  මෙන්ම ඇතැම්  උසස් නිලධාරීන්ගේ ජංගම දුරකතනවලින් ද පිටස්තර පුද්ගලයන් හා  ඥාති හිතවතුන්ට දුරකතන ඇමැතුම්  ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය  වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පසුගියදා  ත්‍රස්තවාදී විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන සිටින  පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම  දුරකතනයට අමතරව මෙම ඇමැතුම් ලබාගෙන ඇති බවද   ආරංචි මාර්ග පවසයි.

විමර්ශන සිදුකරන ඇතැම් උසස් නිලධාරීන්ගේ  පුද්ගලික දුරකතන වලින්  හරක් කටා වීඩියෝ ඇමැතුම් පවා ලබාගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන්   තොරතුරු හෙළිකර ගැනීම සදහා දුරකතන විශ්ලේෂණ සිදු  වන බවද  එම ආරංචි මාර්ග පවසයි.

මේ වෙනුවෙන් හරක් කටා ඉහත නිලධාරීන්ට විශාල වශයෙන් මුදල් ලබා දී ඇති බවත්,   ඇතැම් නිලධාරීන්ට නිවාස ඉදිකිරීමට,  නිවාස මිළදී ගැනීමට, ඉඩකඩම් මිළදී ගැනීමට, ඇතුලු මෙකී නොකී  කටයුතු වෙනුවෙන් විශාල මුදලක්   ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්,    ඒ සම්බන්ධයෙන් විමර්ශන ද ආරම්භ කර ඇති බව  එම ආරංචි මාර්ග සඳහන් කරයි.

හරක් කටා    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උත්සහ  කිරීම  සහය දැක් වු  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු ඉදිරියේ  අත්අඩංගුවට ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ ආකාරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින කුඩු සළිදු නැමැත්තාගෙන් ද කොස්තාපල්වරයකු මීට පෙර  රුපියල් කෝටි 13 ක මුදලක්    ඉල්ලීම සම්බන්ධයෙන්   විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.

කුඩු සළිදු මේ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත කළ පැමිණිල්ලක් අනුව  මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් මෙම විමර්ශනය සිදුකරන බවද එම ආරංචි මාර්ග පවසයි.



අදහස් (2)

රැඳවුමේ හිටියත් හරක් කටාට දුරකතන පහසුකම් හොඳටම ලැබිලා

Muthu Wednesday, 04 October 2023 04:49 AM

තව ටික දවසක් යනකොට සාමාන්‍ය මිනිහෙකුට කන්න බොන්නවත් සල්ලි නැති වෙනවා. බඩුවලට තියෙන ඉල්ලුම හොඳටම අඩුවෙලා, උද්ධමනය බිංදුවට බහිනවා, මහා බැංකුව තව කයිවාරු ගහනවා. ඉලක්කම් පෙන්නලා. හිස් ඉලක්කම් ඇතුලේ, මිනිස්සු ආර්ථික පිස්සෝ වෙනවා. රටේ සියලු වටිනා ගුණාංග මියයනවා. මිනිස්සු සීමාවක් නැතිව සට කපටි වෙනවා. පවුල් ඇතුලේම කා කොටා ගන්නවා. අපිට නොදනී, රටම නාය යනවා. අපි ඉන්නේ මහා ව්‍යසනයක් අබියස. මම කලක් නයිජීරියා වල හිටියා ලෝක බැංකු ව්‍යාපෘතියක CFO හැටියට. එහෙ හොරකම් නොකරන මිනිහෙක් නෑ. සිග්නල් ලයිට් පැන්නොත් පොලිස් කාරයා නවත්තනවා. මිනිස්සු කාර් එකෙන් බහින්නෙම නැතුව, නයිරා මිටියක් පොලිස් කාරයගේ අතේ තියනවා. කිසිම හැන්ගිල්ලක් නෑ. සියලුදේ මිනිස්සුන්ට පේනවා. හොරකම් නොකරන මිනිහෙක් නෑ. ඒවා කිසිකෙනෙක් හැංගිලා කරන්නෙත් නෑ. අවසානේ මුළු රටේම මූල්‍ය විනයම නැතිවෙලා රටම කඩා වැටුනා හැම පැත්තෙන්ම. අන්තිමේ රටේ මිලිටරි පාලනයක් ආවා. මහා බැංකු අධිපතිට දුන්නේ පැය 48 රටේ සල්ලි වලට මොකද උනේ කියන්න. කරකියා ගණන් දෙයක් නැතිව, මිනිහ මාධ්‍ය ඉස්සරහ හඬා වැටුනා

:       0       4

කිරිපුතා Wednesday, 04 October 2023 09:35 AM

මේක හොඳ අවස්ථාවක් සියලු දූෂිත නිලධාරීන් පලවා හරින්න. ප්‍රශ්නය කියන්නේ ඒක නොවන එකයි. ඉතින් කුඩු හෝ පාතාලය නැති කරන්න පුලුවන් ද ?

:       1       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1587 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 468 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 173 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 261 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 127 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 84 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39987 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25941 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 221 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site