IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රැඳවියකු බය කළ සිද්ධියට හිටපු අමාත්‍ය ලොහාන්ට ඇප

(උපාලි ආනන්ද)

බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිමින් රාත‍්‍රි කාලයේ අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු වී  එම බන්ධනාගාරයේ රදවා සිටි දමිළ ජාතික රැදවියකු දෙසට ගිනි අවියක් එල්ල කොට වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇති වන ආකාරයෙන් සාපරාධි බිය වැද්දීමක් සිදු කර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ මහතා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අද නියෝග කළේය.

සැකකාර රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණය හමුවේ පවතින මෙම නඩුව 2024 වසරේ ජනවාරි මස 4 වන දින මුල් වරට විභාගයට ගැනීමටද තීන්දු කළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා එදිනට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකාර රාජ්‍ය අමාත්‍යවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.

මේ අතර මෙම නඩුවේ පළමු සාක්සිකාර පූබාර සිංහන් සූරියපාලන් සහ දෙවන සාක්කි කාර මනියරාසන් සුලක්ෂන් යන දෙදෙනාට ද නඩුවට අදාළ සාක්සි ලබා දීමට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද තවදුරටත් නියෝග කෙරිණ.

අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙළෙස නියෝග කළේ අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි පුබාර සිංහන් සූරිය පාලන් නැමති දමිළ ජාතික රැදවියා දෙසට ගිනි අවියක් එල්ල කොට වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධි බිය වැද්දීමක් සිදු කර ඇති බව පවසමින් කොළඹ අපරාධ කොට්ඨාශය සැකකාර වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අනුරාධපුුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුෙවි පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදීය.

අධිකරණය මීට පෙර ලබාදී තිබූ නියෝගයකට අනුව පළමු වතාවට සැකකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද විවෘත අධිකරණයේ පෙනී සිටියේය. මෙහිදි සැකකාර රාජ්‍ය අමාක්‍යවරයාට එරෙහිව පවතින චෝදනා අධිකරණය මගින් කියවා දීමෙන් අනතුරුව තමන් එම සියළු චෝදනාවන්ට නිවැරදිකරු බව සැකකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඞ්ස් මහතා මගින් අධිකරණයට දැන්වීය .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඔ අපරාධ කොට්ඨාශය ස්වකීය මූලික කරුණු දැක්වීම්වලදී අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා හමුවේ කියා සිටියේ 2021 වසරේ සැප්තැම්බර් මස 12 වන දින හෝ ඊට ආසන්න දිනයක සැකකරු (බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එම බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු වන පුබාර සිංහන් සූරිය පාලන් යන අය දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධි බියවැද්දීමක් සිදු කර තර්ජනය කර වරදක් සිදු කර ඇති බවට ලංකා දන්ඩ නීති සංගශ‍්‍රයේ 183 වගන්තිය ප‍්‍රකාරව ප‍්‍රමාණවත් සාක්කි අනාවරණ වන බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බවයි

ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ප‍්‍රකාරව සැකකාර ලොහාන් එවින්ද රත්වත්තේට  එරෙහිව ලංකා දන්ඩ නීති සංග‍්‍රහයේ 486 වන වගන්තිය යටතේ මෙම අධිකරණය හමුෙවි චෝදනා පත‍්‍රයක් ගොනු කරන බවද කොළඔ අපරාධ කොට්ඨාශට තවදුරටත් අධිකරණයට සැළ කර සිටියේය

සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ විසින් මෙම වරද සිදු කර ඇති බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියෙහි යොදවා සිටි බන්ධනාගර නිලධාරීන් සහ අනුරාධපුර බන්ධනාගාරයේ එදින රදවා සිටි රැදවියන් ඇතුළු 14 දෙනෙක් මෙම නඩුවේ සාක්සිකරුවෝ ලෙස නම් කරකු ලැබ සිටිති.



අදහස් (0)

රැඳවියකු බය කළ සිද්ධියට හිටපු අමාත්‍ය ලොහාන්ට ඇප

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 36 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 192 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 271 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 471 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 160 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 119 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26089 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site