(ඩයනා උදයංගනී)
වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
රක්ෂිත බන්ධනාගාරගත කරන්නන් වරදකරුවන් නොවන අය බැවින් රිමාන්ඩ් බන්ධනාගාරය හොරණට රැගෙන යන විට ඒ අය වෙනුවෙන් පහසුකම් ස්ථාපිත කිරීම යෝග්‍ය බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ අක්කර 200ක භූමි භාගයක ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා පැවති සාකච්ඡාවකට අරලියගහ මන්දිරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.
රුපියල් බිලියන 30ක් වැයවන මෙම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරීමට අපේක්ෂිතය.
මැගසින්, වැලිකඩ, රිමාන්ඩ්, කාන්තා යන බන්ධනාගාර එම නම් වලින්ම හොරණ මිල්ලෑවේ ස්ථාපිත කෙරෙන බවත්, බන්ධනාගාර රෝහල, බන්ධනාගාර පුහුණු පාසල, පුනරුත්ථාපන මධ්‍යස්ථානය, බන්ධනාගාර බුද්ධි අංශය ද මිල්ලෑවේත්, බන්ධනාගාර මූලස්ථානය බත්තරමුල්ලේත්, නිල නිවාස සංකීර්ණයක් මාළඹේත් ඉදිකරන බව මෙහිදී සඳහන් විය.
ආරක්ෂාව සහ තාක්ෂණයට ද මුල් තැන දෙමින් නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකෙරෙන අතර බන්ධනාගාරයේ සිටම වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු සඳහා රැඳවියන් ඉදිරිපත් කිරීමේ තාක්ෂණික පහසුකම් ද එහි ස්ථාපිත කෙරේ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන හොරණ මිල්ලෑවේ පිහිටි භූමිය වතු සමාගමකට අයත් රබර් වගාකළ ඉඩමක් වන අතර එහි සේවයේ නිරතව සිටි සේවකයන් 123 දෙනෙකුට වන්දි ගෙවීමත්, ඔවුන් පදිංචිව සිටි වතු නිවාස 57ක් වෙනුවට නාගරික සංවර්ධන අධිකාරිය නව නිවාස 57ක් ඉදිකරදීමත් මෙම ව්‍යාපෘතිය යටතේම සිදුවේ.
බන්ධනාගාරය මිල්ලෑවට රැගෙනයාමෙන් පසු බොරැල්ලේ අක්කර 40 ක පිහිටි වැලිකඩ බන්ධනාගාර භූමියේ චැපල් වාට්ටුවත් බන්ධනාගාර මූලස්ථාන ගොඩනැගිල්ලත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් සැළසුම්කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරිණි.
වෙනත් ආයෝජන සඳහා එම භූමියෙන් අක්කර 35ක් වෙන් කෙරෙන අතර දැනට ඒ සඳහා කැමැත්ත පළ කර සිටින ආයෝජකයන්ට අමතරව තවත් ආයෝජකයන් සිටී නම් ඔවුන්ට ද ආරාධනා කරන්නැයි අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට මෙම හමුවේ දී උපදෙස් දුන්නේය.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රැඳවියන් සමඟ එන දරුවන්ගේ සුබසාධනය ගැන අවධානය
Ranji Tuesday, 07 September 2021 02:21 PM
කොළඹ තියෙන හොඳම ඉඩම් ටික විදේශික ධනවතුන්ට විකුණලා දාන්න නේද ඔය දඟලන්නේ ? මෙවතාවේ ප්‍රතිශතය සීයට 10 ට වැඩිද ?
Nuwan Tuesday, 07 September 2021 03:16 PM
අර රතුපස්වල වතුර ඉල්ලපු ළමයින්ට සහ කටුනායක ඇඟලුම් කම්හල්වල ළමයින්ට සලකපු හැටි අපිට තාම මතකයි අප්පච්චි..!!!
Sithija Tuesday, 07 September 2021 04:45 PM
විකුණමු අපි විකුණමු.. චීනෙට අපි විකුණමු කොමිස් හොඳට ගහගමු බත් වෙනුවට මේ රට කමූ...
SUNIL MILANO Tuesday, 07 September 2021 07:36 PM
මොනවා කරන්න ගියත්... වැරැදිම දකින, බත්කන හරක් ටිකක් ඉන්නවාමයි.