IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


රඳවාගැනීමේ බද්ද ඉහළ දැමීමෙන් ආණ්ඩුව අතෘප්තියකට පත්වෙලා

(යොහාන් භාසුර)

රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේ සියයට 5 ක්ව පැවැති රඳවා ගැනීමේ බද්ද වර්තමාන ජනාධිපති අනුර දිසානායක සියයට 10 ක් දක්වා ඉහළ දැමීම පිළිබඳව සමාජය තුළ විශාල අතෘප්තියක් ඇති බවත් බැංකු පොලියෙන් ජීවත් වන වැඩිහිටියන් ආණ්ඩුවේ බදු සෙල්ලම නිසා ජීවත් වෙන්න බැරි තත්වයකට පත්ව ඇති බවත් ජනඅරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

නුගේගොඩදී අද (5) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී දුමින්ද නාගමුව මහතා එසේ පැවසීය.

විශ්‍රාමික වැඩිහිටියන් විශ්‍රාම ගොස් වැටුප බැංකුවේ තැන්පත් කර ලැබෙන පොලියෙන් ජීවත් වන බවත් මෙම රැඳවා තබාගැනීමේ බද්ද ළමා ඉතුරුම් ගිණුම්වලට පවා අදාල වන බවත් නාගමුව මහතා කීය.

මව්පියෝ දුක් විඳලා ළමයන්ගේ බැංකු පොතේ කීයක් හරි දැමිම ඒකෙනුත් කොටසක් බදු විදිහට පැහැර ගැනීම සාධාරණ නොවන බවත් රනිල් ගහපු සියයට 5 ක රඳවා තබාගැනීමේ බද්ද ඉවත් කරන්නේ යැයි ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ සඳහන් වූ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (7)

රඳවාගැනීමේ බද්ද ඉහළ දැමීමෙන් ආණ්ඩුව අතෘප්තියකට පත්වෙලා

Lalla Sunday, 05 January 2025 08:03 PM

සීයට පහ කමක් නෑ. ඒත් දහය හෙනගහන අපරාධයක්. නිකමුන්ට කන්න දෙන්න වැඩ කළ සහ ඉතිරි කරන ජනයාගේ ජීවනෝපාය උදුරා ගැනීම...

:       4       85

SanathMonday, 06 January 2025 11:43 AM

තමන්ගේ මාසික ආදායම ලක්‍ෂ 1.5 කට අඩු නම් ඕනෑම කෙනෙකුට මේ බද්ද ඉවත් කරවා ගන්න පුළුවන්...

:       47       6

SanathMonday, 06 January 2025 12:18 PM

තමන් ගේ මාසික ආදායම ලක්‍ෂ එකහමාරකට වඩා අඩුනම් ඕනෑම කෙනෙකුට මේ බද්ද ඉවත් කරවා ගන්න පුළුවන්.

:       44       6

ජෙප්පා Sunday, 05 January 2025 09:25 PM

රඳවා තබා ගැනීමේ බද්ද අය වෙන්නේ මාසික ආදායම ලක්ශ 1.5ට වඩා වැඩි නම් විතරයි කියලා කිව්වේ. තමන්ගේ ආදායම ඊට වඩා අඩුනම් ආදායම් බදු දෙපාර්තමේන්තුවට කියලා ඒක ඉවත් කරවා ගන්න පුළුවන් කියලා තමයි කිව්වේ...!

:       38       2

dammasiri Monday, 06 January 2025 06:54 AM

මේ මිනිස්සු ජනතාව මුලා කරනවා. 10% බද්ද අය කරන්නේ මාසෙට රු.150000/= පොලියක් ගන්න අයගෙන් පමණක් බවයි. ජනාධිපතිතුමා කිව්වේ. ඒක අසාධාරණ නෑ. මේ අය අඟවන්නේ සියළුම ගිණුම් වලින් මේ බද්ද අයකරන බවටයි.

:       46       24

prasanna Monday, 06 January 2025 11:15 AM

ඔය ඔක්කොම යාළුවොනේ මල්ලි... දැන් බයිලා ගහනවා.

:       3       13

[email protected] Tuesday, 07 January 2025 10:05 AM

කෝ මුන් දැන් පාරේ දගලනවා පෙන්නන්නේම නැත . කලින් පඩයක් ගියත් පාරට බසින කට්ටිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පොලිස්පතිට කියන්න ඔන්ලයින් සේවාව යළි ක්‍රියාත්මකයි
2025 ජනවාරි මස 07 226 0

ශ්‍රී ලංකා පොලීසිය මගින් පවත්වාගෙන ගොස් කාලයක් නතරකර තිබූ ’’පොලිස්පතිට කියන්න’’ (tell IGP ) ඔන්ලයින් පැමිණිලි සේවාව යළි ආරම්භ කර තිබේ.


අනුරට අයවැය හදන්න වෙන්නේ රනිල්ගේ රාමුව ඇතුලේ
2025 ජනවාරි මස 07 510 1

ජනාධිපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ජනපති ගොඩ නැගූ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ සිටම පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති හි


තෛයිපොන්ගල් - සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවා
2025 ජනවාරි මස 07 227 0

තෛයිපොන්ගල් උත්සවයට සහ සතිඅන්ත නිවාඩුව සදහා විශේෂ දුම්රිය සේවා මේ මස 10 දා සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


තරුණ සේවා සභාවේ විගණන ප්‍රමාද ගැන කරුණු අසයි
2025 ජනවාරි මස 07 272 0

ජාතික තරුණ සේවා සභාවේ ඉකුත් වසර වල විගණන අංශයෙන් විගණන වාර්තා ඉදිරිපත් කර, නිර්දේශ යොමු කළ ද ඒවාට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමාදයක් පැවති බ


කටුනායකට ආ යානා හතරක් මත්තලට -ඉන්දීය ගුවන්තොටකට ගොඩබස්සවයි
2025 ජනවාරි මස 07 1214 1

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද(07) අලුයම පැවති ඝන , දැඩි මීදුම් තත්වය නිසා , එහි ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක ගුවන් නියමුවන්ට , කටුනායක ගුවන්


යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට
2025 ජනවාරි මස 07 237 1

පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයෙ යතුරු පැදියක් බස් රථයක ගැටි සිදුවු අනතුරීන් එක් අයකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තවත් බරපතල තුවාල ලැබු තරුණයකු පුත්තලම මූ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 457 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 232 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 221 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site