(විමුක්ති එස් රුද්‍රිගු)
ඩොලරය හමුවේ මෙම වසරේ ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය වූ ශ්‍රී ලංකා රුපියල මෙම වසර අවසාන වන විට නැවත වරක් පහළ යෑම ආරම්භ විය හැකි බවත් මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 20 කින් පහළ යා හැකි බවත් ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී ඇත.
මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 390 දක්වා පහත වැටෙනු ඇතැයි ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය පුරෝකථනය කර තිබේ.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ඉතා ඉක්මණින් ලබා ගත හැකි වෙතැයි සුභවාදිව බලාපොරොත්තු වන බව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසා ඇත.
විධායක කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ දුර්වල ආර්ථික තත්ත්වය සහ පැවැත්වීමට නියමිත මැතිවරණය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූලව කටයුතු කිරීම ශ්‍රී ලංකාවට අපහසු කරුණක් වීමට ඉඩ ඇතැයි ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රුපියලට වෙන්න යන දේ
යෝගා Thursday, 09 March 2023 01:23 PM
ඔය කට්ටියම තමයි ඩොලරය 500 පන්නයි කියලා ගිය අවුරුද්දේ මැදදී කිව්වේ. මේවා පුරෝකථනයන්. ලණු කන අය ලණුකත්වා...
හෙන Thursday, 09 March 2023 01:38 PM
ඡන්දෙ ඉල්ලලා වලිකන අයට හෙනම ගහන්න ඕනේ...
Senaka Thursday, 09 March 2023 01:38 PM
ඔව් පුතේ.. යුරෝපයේ තියෙන ඩොලර් ටික තව ටික කාලයක් ඔවුන් ළඟ තියෙන තරමට ඔවුන්ට වාසියි. මට ඇහුණා කවුරු හරි කියනවා ඩොලර් බිලියන 42ක් අපනයනකරුවන් විදෙස් බැංකුවල තියාගෙන ඉන්නවා කියලා. ඕකුන් කළ පුරෝකතනවල විදියට ලංකාව දැන් ඉන්දියන් සාගරයේත් ගිලෙන්න ඕනෑ... ඉතින් පුතා බටහිර අයට සල්ලි හොයලා දෙන්න තමන් බිලි වෙනවද නැද්ද කියලා...? හිතා ගන්න එක තමයි තමන්ට බාර... හොඳේ.
Withana Thursday, 09 March 2023 01:42 PM
ඔව් මට පේනවා, ඩොලර් ටික ලංකාවට ටික ටික ඇදෙනවා වගේම ඒ තියාගෙන හිටපු රටවල් වල බැංකු ටිකටත් ඒක හීනියට දැනීගෙන එනවා.
Usan Thursday, 09 March 2023 01:43 PM
යුරෝපා බැංකු සෙට් එක විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි වගේ එකකුත් මේ නිවුස් එක යටින් දාමුත. හං: හං: හා...
Alfread Thursday, 09 March 2023 01:47 PM
මහ බැංකුව හා මූල්‍ය අපරාධ විමර්ශකයන් විසින් වහාම අපේ අපනයන කල අය විසින් තමන්ගේ මුදල් රඳවාගෙන සිටින්නේ කුමන රටවල් වල මොන ප්‍රමාණ වලින්ද කියන එක හෙලි කර ගත යුතුයි. එසේ කල අයගේ නම් ප්‍රසිද්ධ ජනමාධ්‍ය වල පල කරන්න ඕන උන්ගේ සමාගම් එක්කම. එතකොට අපිට තේරුම් ගන්න පුලුවන් බටහිර කාලකන්නින්ට එකපාර හැදිච්ච කැසිල්ලේ හේතුව සහ රෝගයේ තරම.. ලාංකීය මිනිසුනි, මේ වෙනුවෙන් එක් වෙයල්ලා...
Bamunuarachchi Thursday, 09 March 2023 01:55 PM
කතාව ඇත්ත නම් මැතිවරණ එපා....
PereraFriday, 10 March 2023 03:29 PM
මේ මෝඩ බමුණාට මේ ලෝකෙ ගැන කිසිම අවබෝධයක් නැහැ. මේ බමුණා තාම හිතන්නේ අපි ඉන්නේ වෙනම ග්‍රහලෝකයක කියලයි. ලෝකෙ ගැන කිසිම අවබෝධයක් නැතුව මේ තීරුවේ කොටන්න එන්න එපා....
Bamunuarachchi Sunday, 12 March 2023 05:19 AM
මැට්ටෝ මිනිස්සු ඉන්න ග්‍රහලෝක එකයි තිබෙන්නේ... ඒකේ තමයි මම ඉන්නේ. ඔයා මොන ලෝකේ ඉන්නවාද කියලා මම දන්නේ නැහැ.. මට දැනගන්න ඕනෙත් නැහැ. මේ මොහොතේ ඡන්දයක් තියලා බලයට එන පක්ෂයකට රටේ මිනිස්සුන්ගේ ජීවන බර අඩු කරන්න බැරි නම් ණය වෙලා ඡන්ද තියන්න එපා. ඒකයි රසවත් පුංචි කතාව. ඇයි ඡන්දයක් අවශ්‍ය කියලා ඔබ ඉන්න ලෝකෙක ඉඳන් පැහැදිලිව කියන්න හරිද...?
Kumar Thursday, 09 March 2023 01:57 PM
ෆිට්ච් රේටින්ග්ස් එකට හා බ්ලූම්බර්ග් වාර්ථා දැමීමට තරම් රිදෙන මුදල් ප්‍රමාණයක් එක්සත් ජනපද හා යුරෝපා බැංකුවල අපේ අය ඉතිරි කර ඇතිබව දැන ගැනීම බොහෝම සතුටට කාරණයක්.... කමක් නෑ අපේ ගොයියලා 300ක් ගන්න තියෙන ඩොලර් එකට 280ක් ගනී අවුරුද්ද අන්තිමේ...
Jude perera Thursday, 09 March 2023 02:13 PM
රුපියල් 500 ටත් එහා ගිහිල්ලා නවතින්නේ...
තීක්ෂන Thursday, 09 March 2023 02:16 PM
ඡන්දයක් තිබ්බොත් නිරපරාදේ බිලියන ගණනක් නිකං වියදම් වෙලා යනවා. රජය විපක්ෂේ දේශපාලන පක්ෂ එක්ක රට ගොඩනැගීම ගැන සාකච්ඡා කරලා තීරණයක් ගත යුතුයි. ප්‍රාදේශීය සභා ඡන්දෙකට වඩා වැදගත් වෙන්නේ රටේ ආර්ථිකය...
විරාජ් Thursday, 09 March 2023 02:17 PM
මේවා දේශපාලන කෝණවලින් බලන්න එපා. රට ගැන හිතලා සියලු පක්ෂ තීරණයක් ගන්න...
Daranagama Thursday, 09 March 2023 02:35 PM
ඉන්ටර්නැෂනල් ඒජන්සි වලට උවමනා විදියට කරන මෙම අර්ථ දැක්වීම් අසත්‍යයි .අපි කල යුත්තේ නිෂ්පාදනය වැඩි කර දැනට තියන ආනයන සීමා එලෙසම තබා ගැනීමයි
Jagath Thursday, 09 March 2023 02:43 PM
රනිල් වික්‍රමසිංහගේ විජ්ජාවලට, ගැටවලට ගොබ්බයින් අහුවුණාට, අපි නම් දන්නවා තව මාස තුන හතරකින් ඩොලරය රුපියල් 400ක් වන බව...
Nimesh Thursday, 09 March 2023 03:07 PM
IMF එකෙන් ලැබෙන ඔය සොච්ච්මටත් වැඩි දවසක් යන්න කලින් වෙච්චි දෙයක් නැතිවේවි.., පොහොට්ටුවේ හොර ඇමැතිලා ගොඩක් අලුතින් දිවුරන්න බලාගෙන ඉන්නේ ඕක හම්බ වෙනකන්...
Aravinda Monarawila Thursday, 09 March 2023 03:13 PM
අරයා උඩපනිනවා රුපියල ශක්තිමත්වෙලා කියලා... එයා දන්නේ නැහැ රට රවට්ටන්න පුළුවන් ටික කාලයකටයි කියලා...
Nadiks Thursday, 09 March 2023 03:22 PM
ඒ නාට්‍යයත් ඉවර වෙන්න යන්නේ...
Rasika Thursday, 09 March 2023 03:45 PM
මැතිවරණය ඕනෑ කාටද? බලලෝභී දේශපාලකයින්ට මිස ජනතාවට නොවේ. අනෙක ප්‍රාදේශීය සභා කියන්නේ මොකද්ද? මධ්‍යම රජයේ සල්ලි නැතුව මොනවා කරන්නද? පොඩි හොරු ටිකකට ලොකු හොරු වෙන්න චාන්ස් එක දෙනවා විතරයි
චන්දිම ෆොන්සේකා Thursday, 09 March 2023 06:32 PM
මැතිවරණයක් ඕනෑ කියන්නේ මෙන්න මේ හේතු නිසයි. මැතිවරණය දැනට තියෙන ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතියක්... මේ පොහොට්ටු ආණ්ඩුව සෞභාග්‍යය සුරපුරයක් මවන බවට පොරොන්දු පිට පොරොන්දු දීලා අන්තිමේදී අන්ත දුෂිත විදියට වැඩ කරලා මේ රට ලෝකෙන්ම බංකොළොත් රට බවට පත්කළා. හොරකම, දූෂණ කොමිස් ගැහිලි ඉහටත් උඩින් කරගෙන ගියා. කපටි මැති, ඇමැතියන් ලෝක අර්බුද කෝවිඩ් පිට දාලා මෙරට ජනතාව රවටන්න බැලුවත් අනිත් රටවල් ලැබූ දියුණුව හමුවේ ඔවුන්ගේ රෙදි ගැලවුණා... මේ දූෂිත දේශපාලුවන් තාම ක්‍රියා කරන්නේ කටමැත දොඩවන්නේ තමන් අති සුදනන් පිරිසක් ලෙසටයි. අදටත් ඔවුන්ගේ දූෂණ දිගටම කෙරෙනවා. ඔවුන් කිසිදිනක මේ රට ගොඩදාවී කියා මොලේ තියෙන මිනිසුන්ට නම් විශ්වාස කළ නොහැකිය.... ඔවුන්ට ඔවුන් ඉන්න තැන කුමක්ද කියන පණිවුඩය ජනතාවට දෙන්න පුළුවන් වෙන්නේ මේ මැතිවරණය තුළින් පමණයි.
NDF LeaderThursday, 09 March 2023 10:27 PM
චන්දිම ඔබ හිතනවාද ප්‍රාදේශීය සභාවලට 8000 ක් පත් කලාම ඔබ කියන දූෂණය නැතිවෙලා රට සෞභාග්‍ය වෙයි කියා. ඔය ඡන්දෙට වියදම් කළ නිසා තමයි ආපසු ඩොලරය නැග්ගේ කියා 225 ම තව අවුරුදු 5ක් ඉන්න JR ගේ ලාම්පු-කලගෙඩි සෙල්ලම කරයි. මේ වෙලාවෙ රට ගොඩ ගන්න පුලුවන් මහ මැතිවරණයකින් විතරයි.
AkilaThursday, 09 March 2023 07:21 PM
මේ රටේ ඉන්න පොඩි ළමයෙක් වුණත් දන්නවා මැතිවරණයක් තියන්න ආණ්ඩුවට ඕනෑතරම් සල්ලි තියනවා කියලා..., රනිල්ගේ හොර ආණ්ඩුවට නැත්තේ ඡන්ද ...
SankaFriday, 10 March 2023 02:01 AM
රටේ ඉන්න පොඩි ළමයින්ට වඩා.. පොඩි ළමයි තමයි ඡන්ද ඉල්ලන්නේ...
විපරමා Thursday, 09 March 2023 08:33 PM
තමුන් මොන ලෝකේද ඉන්නේ? බලලෝභී, දූෂිත දේශපාලුවන් නම් ඡන්දෙට විරුද්ධයි. යන එනමන් නැතිවෙලා හිරේ ලගින්න වෙයි කියලා. ජනතාව රවට්ටපු, මහපාරට ඇදලාදාපු දූෂිත දේශපාලුවන්ට විරුද්ධව, ඡන්දය පාවිච්චි කිරීම අයිතියක්...? සල්ලි නැහැ කියන්නේ පින් ජනපතියා ඇතුලු වටේ ඉන්න හොර දූෂිතයින් මිසක් වෙන කවුද?
PereraThursday, 09 March 2023 11:07 PM
ලංකාවේ ඉන්න ඇති බහුතරය මොලයක් නැති හිතන්න බැරි පහසුවෙන් රවට්ටන්න පුළුවන් මරි මෝල් මැට්ටෝ .රසිකත් ඒ අයගෙන් එක්කෙනෙක් .රසිකාගේ ගොන් කියමනට ලයික් දාලා තියෙන තරමින් එය මනාව ඔප්පුවෙලා තියනවා
janahithaFriday, 10 March 2023 08:39 AM
හම් ,ලොකු හොරු දිවි හිමියෙන් රකින්න එපෑය .මෝඩ මිනිසුන්
prasanna Thursday, 09 March 2023 03:57 PM
රටට කෙළවනතුරු බලාගෙන ඉන්න. අමුතුම සත්තු ටිකක් ඉන්න ලොව එකම රට ශ්‍රී ලංකාව... මම නැවත නැවතත් කියනවා. අපේ ජාතිය තව මිලියන 100ක් ගියත් ඉන්නේ එකම තැන...
Rohana Thursday, 09 March 2023 04:02 PM
මේ දවස්වල රුපියල වැඩිවුණා කිව්වට එහෙනම් වැඩක් වෙන්නේ නෑ... වසර අගදී ඩොලරය රුපියල අතර අනුපාතය රු 390 ක් වුනොත්. රුපියල හොදටම පිරිහිලා රු 10 න් 20 න් අගය වැඩිවුනාම ඒකට දෙන්නෙ පුදුම ප්‍රචාරයක්. මේ නැගීම තාවකාලික බවත් අමතක වෙලා.
Kumara Thursday, 09 March 2023 05:09 PM
මොනවා වෙන්නද ඕනෑ... පොඩි දරුවෙකුටත් තේරෙනවා.
Indika Thursday, 09 March 2023 05:33 PM
රසික, ඔයාට අමුකැවිලද?
Nimal Thursday, 09 March 2023 05:38 PM
මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 20 කින් පහළ යා හැකි බවත් ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී ඇත. මේ පිළිබඳව ප්‍රධාන විපක්ෂය ඔවුන්ගේ රජයක් ( SJB ) යටතේ ලබදෙනාවූ විසඳුම කුමක්ද?
යෝගා Thursday, 09 March 2023 06:01 PM
ඇයි ඒ ගොල්ලන්ට පුළුවන් කොළඹ වටලල මහා උද්ඝෝෂණයක් කරන්න?
AnuraThursday, 09 March 2023 07:27 PM
විපක්ෂය හෝ මොනයම් හෝ ඉදිරියේ පැමිණෙන අලුත් ආණ්ඩුවක් කළයුතු පළමු රාජකාරිය වියයුත්තේ, රට මේ තත්වෙට ඇද දාපු පොහොට්ටු අලි හොරුන්ට සහ ඔවුන්ට සම්බන්ද ව්‍යාපාරික හොරුන්ට නීතියෙන් දඬුවම් දෙන එකයි...
මැක්ස් Thursday, 09 March 2023 05:50 PM
බලයට කෑදර ජජබයින් සහ සජබයින්ට හැර අනෙක් අයට අවශ්‍ය මේ රටට පොඩි හුස්මක් ගන්න ඉඩහසර ලබාදීම මිස ඡන්ද පවත්වා ලැබීමට නියමිත මුදල කාබාසිනියා කර ගැනීමට නොවේ...
Gunendra Thursday, 09 March 2023 06:20 PM
ඔබත් සමග එකඟ වෙමි...!
Dasa PThursday, 09 March 2023 07:10 PM
ඡන්ද තිබ්බොත්, ඔය කියන ‘‘අනිත් අය‘‘ ට හුස්ම ගන්න වෙන්නේ හිරගෙවල් අස්සේ තමයි.!
GayanThursday, 09 March 2023 08:19 PM
බලයට කෑදර රනිල් මහල්ලා සහ ඔයාලා වගේ වහල්ලු කීපදෙනාට විතරයි ඡන්දේ ඕනෑ නැත්තේ.
යෝගා Thursday, 09 March 2023 08:43 PM
ඔයාගේ තාත්තා මහල්ලෙක් නෙමෙයිද? ළමයෙක්ද.?
GayanFriday, 10 March 2023 09:25 AM
යෝගා යෝගා ඔයාගේ තාත්තා රනිලද ඔච්චර කේන්ති යන්නේ. වෙන්න බෑ මිනිහට ඒවා බෑනේ . කට්ටියක් සෙට් කරගෙන රනිල්ට සපෝර්ට් එකට කමෙන්ට් දැම්මට රිඇක්ට් දැම්මට සැබෑ මහජන මතය ඕක නෙමෙයි .
ජයන්තFriday, 10 March 2023 10:16 AM
ගයාන්ගෙ තාත්තා මහලු වෙන්න ඇති. හැබැයි බලයට කෑදර, ලේ පිපාසිත මහල්ලෙක් නෙමේ කියලා ශුවර්...!
jayanthaFriday, 10 March 2023 09:37 AM
රනිල් බයියන්ද බලයට කෑදරකමේනෙ ඡන්ද නොතියා ඉන්නේ. ඡන්ද තියන්නෙත් නෑ... රට දවසින් දවස පතුලටම යවනවා.
Galapar Thursday, 09 March 2023 08:33 PM
මේවා සාමාන්‍ය ජනතාව නොමග යැවීම සඳහා ගොතන ලද කතා. මේ දූෂිත පාලකයින්ට අවශ්‍ය තමන් ආර්ථිකය ගොඩගත් බව පෙන්වීමටයි. මේ හිඟන පාලකයන් රට සම්පූර්ණයෙන්ම බංකොලෝත්කර පෙරාගත් ඩොලර් බිලියන ගන්න ණය නොගෙවා තවත් ජාත්‍යන්තර ණය අරගන්න කොට කොහොමද රුපියල ශක්තිමත් වන්නේ... වෙන එකම දේ රට තවතවත් ගෙවන්න බැරි දරුණු ණය උගුලක හිරවෙලා සමස්ත ජනතාවටම යන එන මන් නැති වෙන එකයි...
Ruwan R Thursday, 09 March 2023 09:17 PM
පරණ නාට්යෙය්ම කොටසක්... ගොන්නු අන්දන්න දෙන උප්පරවැට්ටියක්...
Kumara Thursday, 09 March 2023 09:29 PM
වැඩක් නොකර ආණ්ඩුවෙන් කකා බිබී අපේ සල්ලි වලින් සුර සැප විඳින වහල්ලු කැමති නෑ ඇත්ත දකින්න