(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (22) නැවත වරක් 199 සීමාව ඉක්මවා පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (22) රුපියල් 199.18ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 194.31ක් ලෙසත් දැක්විණි.
මීට පෙර අවස්ථා දෙකක දී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 199 ඉක්මවා පහළ ගියේ ය.
ඉකුත් වසරේ අප්‍රේල් 6 වැනි දා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 199.40ක් දක්වාත් අප්‍රේල් 8 වැනිදා 200.46ක් ලෙසත් එලෙස පහළ ගියේ ය.
මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල සියයට 3.7කින් අවප්‍රමාණය වී තිබේ. ඊට අමතරව ස්ටර්ලිං පවුමකට සාපේක්ෂව සියයට 3.5කින් ද යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 2.1කින් ද ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 3.0කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 3.8කින් අවප්‍රමාණය වී තිබේ.
ඊට අමතරව පසුගිය වසර අවසානයේදී දළ විදෙස් නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් ලෙස දැක්විණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රුපියල තවත් පල්ලම් බහී
පිටිගල මිලානෝ Friday, 22 January 2021 11:46 AM
වියතුන්ගේ වැඩ කොහොමද? දැන් සැපද...?
BamunuarachchiSunday, 24 January 2021 12:36 PM
මොනවද මේ දොඩවන්නේ? වියතුන් තියා සක්කරයටවත් ඔහෙලාට මොලේ දෙන්න බැහැ. කෝවිඩ් වසංගතයෙන් රටට වෙලා තිබෙන දේ පෙනෙන්නේ නැද්ද? යහපාලකයින් රට කළානම් මේ වනවිට රටට කෙලවෙලා ඉවරයි. මොකද යහපාලකයෝ රටේ ආර්ථිකය මැජික් වලින් ගොඩ ගන්නද? කී දාහකට රැකියා අහිමි වෙලාද? ඔහෙලා නම් ඔය රටේ රෝද පුටු තල්ලු කරයි. මෙහෙ බොහෝ පුද්ගලික අංශයේ රැකියාවල් නැතිවෙලා...
ලුම්බිණි Friday, 22 January 2021 11:47 AM
අපේ ආචාර්ය බන්දුල උන්නැහේ මොකද කතා නැත්තේ?
kamalFriday, 22 January 2021 01:56 PM
උන්නැහේ කතා කරන්නේ විපක්ෂේ ඉන්නකොට විතරයි.
විජිත් Friday, 22 January 2021 12:06 PM
ශ්‍රී ලංකා මහබැංකුවේ සිටින උගත්, බුද්ධිමත් බොහෝ අත්දැකීම් සහ පළපුරුදු ඇති ආර්ථික විද්‍යාඥයන් ගේ හැකියාව පිළිබඳව මගේ කිසිම ප්‍රශ්නයක් නැත. ඒ අයට පින්සිදුවෙන්න තමයි මේ තරමින්වත් මේ කසිකබල් ආර්ථිකය ඇදගෙන ඇවිත් තියෙන්නේ. අද යුරෝ එකක් රුපියල් 240 යි. හිටපු ජනාධිපති ට්‍රම්ප් තනතුරෙන් ඉවත්වුණු වහාම ඩොලරය බොහෝ ශක්තිමත් වුණා. මහ බැංකුවේ ආර්ථික විශේෂඥයින්ට රුපියල වැටීමෙන් නවත්වාගන්න අවශ්‍ය නම් ඔවුන් විසින් පවතින රජයට කළහැකි නිර්දේශ 2යි මම දකින්නේ. ඒ වගේම ඒ අය ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා කියන බන්දුල ගුණවර්ධනගේවත්, කබ්රාල්ගේවත් මෝඩ උපදෙස් පිළිපැදීමෙන් වැළකිය යුතුයි. 1. හොර, දූෂිත දේශපාලුවන් විසින් පිටරටවල සඟවා ඇති ඩොලර් කෝටිගණන් වන කළු සල්ලි, නීත්‍යානුකූල ලෙස මේ රටට ගෙනායුතුය. ඒ විදේශ විනිමය අපේ ආර්ථික පද්ධතියට "ඉන්ජෙක්ට්" කළයුතුයි. හොර දේශපාලුවන් එය කවදාවත් කරන්නේ නැත. මොකද නීතිමය ප්‍රශ්න නිසා. 2. ජනාධිපතිත්, රජයත් වහාම ඉල්ලා අස්වී නව මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීම. මෙය සිදුවූ වහාම රුපියල වැටීම නවතිනවා. අඩුම වශයෙන් දැන් තිබෙන තත්වයෙන්වත් පවතිනවා. පත්වන නව රජයේ ආර්ථික දැක්ම මත රුපියලේ ඉරණම විසඳේවි.
maalaka Friday, 22 January 2021 12:58 PM
ගිය සැරේ නම් ටීවී නාලිකා 2ක් පැයෙන් පැය බ්‍රේකින් නිව්ස් වගේ මතකයි.
banda Friday, 22 January 2021 02:00 PM
ආනයන මෙපමණ අඩුකරලත්, ලෝක තෙල් මිල අඩුවෙලත් මෙහෙම නම්, අනාගතය සිතාගන්නකෝ...!!!
බද්රානි Friday, 22 January 2021 02:37 PM
පොකට්, පර්ස් කුණු ගොඩට විසි කරලා. ෂොපින් කරන්න සල්ලි දාගෙන යන්න විශාල බෑග් හෝ පන් මලු දැන්මම ලැහැස්ති කර ගත්තොත් හොඳයි. නැත්නම් ඉතින් නුදුරු අනාගතයේදී පන් මල්ලක් මිලදී ගන්න පන් මලු දෙකකවත් මුදල් රැගෙන යන්න සිදුවෙයි. කට්ටිය දඟලන කොට මම නම් මේ තීරයේම ලිව්වා "සිම්බාබ්වේ" රට ගැන. හොඳ වැඩේ. ඔය පටන් ගත්තා විතරයි...
දුටුගැමුණු Friday, 22 January 2021 06:53 PM
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවම වශයෙන් රුපියල් 500 ක් වත් විය යුතුය. එවිට සියලු ඉම්පෝට්ස් නවතා දැමීමට සිදුවන අතර රටතුළ ඒ සියල්ලම නිෂ්පාදනය කරගෙන රට දියුණුව කරා ගමන් කරනු ඇත. මේය රටේම වාසනාවට සිදුවන දෙයකි..
Prasad Saturday, 23 January 2021 07:04 AM
මිස්ටර් පැනික් හා නඩය විසින් අපේ රට ඉතා ළඟදීම සිම්බාබ්වේ තත්වයට පත්කරනු ඇත.
Don perera Saturday, 23 January 2021 07:48 AM
සර්ගේ ළඟින්ම ඉන්නේ ලොකු හොරෙක්... දැන් සැපද ලක්ෂ 69ට...?
ravinSaturday, 23 January 2021 09:54 AM
ළඟ ඉන්න කෙනා විතරක් නොවෙයි ස' රුත් එහෙමනේ. නඩු කීයක් තියෙනවද..? 69 ලක්ෂයට ඕවා තේරෙන්නේ නැහැ. ඉස්කෝලෙකට ගියේ නැති, ලෝකය ගැන අහලාවත් නැති අය...
wijesiri Saturday, 23 January 2021 01:27 PM
කෝ මේ වැඩකාරයෝ... ?
Perera Sunday, 24 January 2021 04:39 AM
රුපියල විතරද පල්ලම් බහින්නේ? ඇයි අපි..?