විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:- මේ අයවැය සමතුලිත එකක්. සංවර්ධනයට හා සුභසාධනයට සමබරව මුදල් වෙන්කර තිබෙනවා. යෝධ ඉදිරි ගමනකට ඉදිරි පියවර 100 ක යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. එරාන් වික‍්‍රමරත්න මහතා (එජාප):- මෑත භාගයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බොහෝ රටවල ආර්ථිකයන් කඩා වට්ටවා තිබෙනවා. රටක අධිකරණය ස්වාධීනව තිබිය යුතුයි. මහ බැංකුවේ ස්වාධීනත්වයද ආරක්‍ෂා කරගත යුතුයි. ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා:- මා ඇමැතිවරයෙක් හැටියට හිටියත් මෙවර අයවැයෙන් සියයට තුනක රුපියල අවප‍්‍රමාණය කිරීම ගැන මගේ පක්‍ෂයේ විදියට කැමති නැහැ. මේ රජය නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය කප්පාදු කර නැහැ. අයවැය කියන්නේ තෑගි බෙදා දීමේ උත්සවයක් නොවෙයි. නාමල් රාජපක්‍ෂ මහතා (එජනිස):- අද මේ රටේ ආර්ථීක වර්ධනය බලා ඒක පුද්ගල ආදායම වැඩිවෙලා. විරැකියාව අඩුවී තිබෙනවා. රැකියා වෙළෙඳපළට ගැලපෙන තරුණ තරුණියන් බිහි කිරීමට කාලය පැමිණ තිබෙනවා. ශිවශක්ති ආනන්දන් මහතා (දෙජාස):- රුදුරු යුද්ධය අවසන් වී තිබුණත් යුද්ධයට හේතුවූ කරුණු තවම ඉතිරි වී තිබෙනවා. මේ දේශපාලන පිළිකාවට සැබෑ පිළියමක් ලැබිය යුතුයි. සියලූ ජාතීන් අතර සැකය නැති කිරීමට අන්‍යෙන්‍ය අවබෝධයක් ඇති කළ යුතුයි. එය වචනයෙන් නොව ක‍්‍රියාවෙන් ඉටු කළ යුතුයි. දේශපාලන කතා කීමෙන් පමණක් මේ ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ජල සම්පාදන නියෝජ්‍ය ඇමැතිනි නිරූපමා රාජපක්‍ෂ මහත්මිය:- මේ අයවැය තනි පුද්ගලයකුට නොව සියලූ දෙනාට ප‍්‍රතිලාභ ලැබෙන අයවැයක්. ලෝක ආර්ථිකය කඩා වැටෙත්දීත් අපේ ආර්ථිකය හොඳට තිබුණා. නිරෝෂණ පෙරේරා මහතා (එජාප):- අයවැයක් එනවට ජනතාව බියට පත්වන කාලයක් තිබුණා. නමුත් දැන් එසේ බිය විය යුතු නැහැ. ඊට හේතුව අයවැයට පෙර ගැසට් පත‍්‍රයෙන් වැඩි කළ යුතු දේවල් වැඩි කිරීමයි. මේ අයවැය ඒමටත් පෙර එසේ තෙල් මිල වැඩි කළා. මේ රටේ ආර්ථිකය අද සීමිත පිරිසකගේ බලපෑමට යටවී තිබෙනවා. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා:- අද උදේ මේ අයවැය විවාදය ආරම්භ කරමින් කතා කළේ මංගල සමරවීර මන්ත‍්‍රීතුමා. එය අහස පොළව නුහුලන කතාවක්. මේ වන විට මාතර දිස්ත‍්‍රික්කයේ තද සුළං සහිත කාල ගුණ තත්ත්වයක් නිසා එහි ජනතාව පීඩාවට පත් වෙලා. සමරවීර මහතාගේ කතාව නුහුලන ස්වභාව ධර්මයා කළ දෙයක් ඒක. පීඩාවට පත්වූ ජනතාවට මගේ කණගාටුව පළ කරනවා.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රුපියල බාල්දු කළාට වාසු කැමති නෑ
සුජිත් Friday, 25 November 2011 08:23 PM
වාසු ඇමතිතුම අකමැතිවුණාට මොනව කරන්නද.
සීජේකේ විජේකෝන් Friday, 25 November 2011 10:59 PM
ඔක්කොම කතන්දර තමයි
දිමුත් Saturday, 26 November 2011 09:18 PM
මෙහෙම කරගෙන යනකොට හොද නරක හොදටම තේරෙයි.