IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


රූපවාහිනියෙන් 'හාවා' වූ දවස

2016-06-24-ent-175

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත‍්‍රය වෙනුවෙන් එදා මෙදා තුර විවිධ ස්වරූපයන්ගෙන් රංගන ඉදිරිපත් කළ ප‍්‍රියන්ත සෙනවිරත්න රසික සිත් පිනවාලූ සොඳුරු කලාකරුවෙක්. විකට රජෙක් ලෙසින් දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂකයන් සිනහ සයුරේ ගිල්ල වූ අසහාය නළුවෙක්.

මේ දිනවල ඉතා ඉහළ ප‍්‍රතිචාර මැද සාර්ථකව විකාශය වන අංකල් සෑම්, ශනි බලවත්, සිහින විමන්, ආටක නාටක වැනි ටෙලිනාට්‍ය රැුසකින්ම ඔබ හමුවට එන ප‍්‍රියන්ත සෙනවිරත්න නම් ඒ සොඳුරු කලාකරුවාණන් වෙනුවෙන් තමයි මෙවර ”ජීවිතේ මල්” පිපෙන්නෙ.

මම ජීවිතේ ගොඩක්ම සතුටුවුණ දවසක් තමයි මගේ පළමු වේදිකා නාට්‍යය රඟපාන්න ලූම්බිණි රඟහලේ වේදිකාවට පය තැබූ දවස, මගේ පළවෙනි වේදිකා නාට්‍යය ”මකුළු දැල්” 1986 දී එය නිෂ්පාදනය වෙලා දෙසැම්බර් 23 වේදිකාගත වුණේ. ඒ හැව්ලොක් ටවුන් ලූම්බිණි රඟහලේදී. නාට්‍ය නිෂ්පාදනය කළේ ජගත් මුතුකුමාරණ මහත්මයා.

ඒ වෙද්දි මම වේරහැර කාර්මික අභ්‍යාස ආයතනයේ පළමු වසර ශිෂ්‍යයෙක්. ඒ කාලයේදී තමයි මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ. එතෙක් මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් සහ ආසාවක් තිබුණා නළුවෙක් වෙන්න.

ඉතින් ඒ රඟපෑමේ සිහිනය මල්ඵල ගැන්වුණා. අම්බලමක ඉන්න යාචකයො පිරිසකගෙ චරිත එහිදී රඟපාන්න තිබුණෙ. මම කළේ ”රොඞ්ඩා” කියන චරිතය. ඒ සඳහා හොඳ ප‍්‍රතිචාර තිබුණා. ඒ වගේම නාට්‍ය අවසන් වුණාම ගොඩක් කට්ටිය සුබ පැතුවා. ඒ පිළිබඳව ගොඩක්ම සතුටුයි. ඒත් එක්කම ඒ නාට්‍යය තරුණ සේවා සභාවෙ යොවුන් නාට්‍ය උළෙලටත් ඉදිරිපත් කළා. එහිදී මේ නාට්‍යය නරඹලා මගේ රංගනය වෙනුවෙන් පළමු වතාවට කුසලතා සහතිකයකුත් ලැබුණා. ඒ ඇගයීම සම්බන්ධවත් මට පුදුමාකාර සතුටක් හිතට දැනුණෙ.

ඒ නාට්‍යයෙන් පසුව ජගත් මුතුකුමාරණ කියන මගෙ නාට්‍ය ගුරුවරයා විසින් මාව හඳුන්වලා දුන්නා ජාතික රූපවාහිනියෙ ළමා අංශයේ නිෂ්පාදිකාවක් වන ශ්‍රීමතී ලියනගේ මහත්මියට. ඇය ළමා වැඩසටහනක් නිෂ්පාදනය කළා. ”කතන්දර පිටුව” නමින්. එහිදී ඉදිරිපත් කරන්න තිබුණෙ සතුන්ගෙ චරිත. මට ලැබුණෙ මගේ ඇෙඟ් ස්වභාවයත් හැඩරුවත් සමඟ වෙන්න ඇති අහිංසක සතෙක්වන හාවගේ චරිතය. ඉතින් ඒ චරිතය රූපවාහිනි සංස්ථාවෙ මැදිරියක පටිගත කළේ.

 

2016-06-24-ent-174

 

ඒ කාලෙ අපේ ගෙදර රූපවාහිනී යන්ත‍්‍රයක් තිබුණෙත් නෑ. ළඟ ගෙදරකට ගිහින් රූපවාහිනිය නැරඹුවෙත්. ඉතින් මගේ පළමු රංගනය ඒ විදියට රූපවාහිනී තිරයකින් දැකපු පළවෙනිම වතාව තමයි ඒ. ඉතින් ඒ මොහොතෙ ගොඩක් සතුටු හිතුණා. සතුට මේ තරම් කියල වචන වලින් කියන්න බැරි තරමට.

මම ඉස්සෙල්ලම කාර් එකක් ගත්ත දවසත් ජීවිතේට සුවිශේෂම දවසක්. මගේ ළඟ සල්ලි ටිකක් තිබුණා. ඒත් එක්කම වාහනයක් ගැනීමේ උවමනාවත් තදින්ම තිබුණා. නමුත් අතේ තියෙන ගානට ගැළපෙන වාහනයක් හොයාගන්න සෑහෙන වෙහෙසක් දරන්න වුණා. ඉතින් කොහොමහරි මම ආසා කරන විදියෙ වාහනයක් මට ලැබුණා. ඒ ටොයොටා ස්ටාර්ලට් කාර් එකක්. 2004 වර්ෂයේ තමයි තුන්ලක්ෂ විසි පන්දහසකට වාහනය මිලදී ගත්තෙ. ඉතින් අපි දෙන්න විවාහවෙලා මුලින්ම ගියෙත් ඒ කාර් එකේමයි. ඒ වගේම අපි දෙන්නම ලයිෂන් ගත්තෙත් ඒ සඳහා මුහුණ දුන්නෙත් ඒ කාර් එකෙන්මයි. ඉතින් ඒ ගැන ගොඩක්ම සතුටුයි. නමුත් පසුව වාහනයක් ගන්න අපි ඒ කාර් එක විකිණුවා. ඒ මොහොතෙනම් පොඩි දුකක් ඇති වුණා.

මගෙ බිරිඳ කාංචනා. ඇයව පළමුවෙන්ම දැක්කේ ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ඉන්න කාලෙ රඟපෑව අරුන්දතී වේදිකා නාට්‍යයෙ. ඒ තුමිඳු දොඩම්තැන්නගෙ වේදිකා නාට්‍යයක් මමත් ඒ නාට්‍යය බලන්න ගියා. එදා ඇයව දැක්කම හරි ආකර්ෂණීය බවක් ඇති වුණා.

පසුව මම ජාතික රූපවාහිනියෙ ”බලන් සබේ මිතුරේ” නමින් නාට්‍ය වැඩසටහනක් කළා. ඒ වේදිකා නාට්‍ය පිළිබඳ කරපු වැඩසටහනක්. ඒ සඳහා වේදිකා නාට්‍යවල පිරිස් විටින් විට සම්බන්ධ වුණා. ඇයගෙ නාට්‍ය කණ්ඩායමත් එයට සහභාගී වුණා. එහිදී මගේ හැඟීම් අලූත් වුණා. නමුත් කාලයක් යනතුරු අපි මුණ ගැහුණෙ නෑ. පසුව රොඞ්නි වර්ණකුල නිෂ්පාදනය කළ ”සාරංගා නැවෙන් ඇවිත්” කියලා වේදිකා නාට්‍යයක්. ඒ නාට්‍යයට සම්බන්ධ වෙන්න කාංචනා ඇවිල්ලා හිටියා. ඒ නාට්‍යය පුහුණුවීම් අතරෙ තමයි අපේ ආදරය පටන් ගත්තෙ. ඉතින් එය අවසන් වෙන්න කළින් අපි විවාහ දිවියටත් පත්වුණා. ඒ දවසත් මගේ ජීවිතේ ගොඩක්ම සතුටුවුණ දවසක්. අපේ විවාහය දවසෙ මගෙ ළඟින් ඇසුරු කරපු සියලූමදෙනා ආවා. අපි බොහොම සරල විදියට වැඩි මුදල් නාස්ති නොකර විවාහ මංගල උත්සවය ගත්තෙ. ඉතින් ඒ ගැන හරිම සතුටුයි.

අපේ දුව ලැබුණ දවසත් මගේ ජීවිතේ අතිශය සතුටු දවසක්. ඇයට දැන් අවුරුදු 10 ක් වෙනවා. ඉපදුණේ 2005.10.12 වෙනිදා. දුවගෙ නම පූජානි මානික්‍යා සෙනවිරත්න. ඒ වගේම පුතා ලැබුණු දවසත් එලෙසින්ම සතුටුවුණ දවසක් පුතා ලැබුණෙ 2007 සැප්තැම්බර් 28 වෙනිදා. ඉතින් ඒ දවස්දෙක ජීවිතේ සොඳුරුම දවස් දෙකක්. ජීවිතේම අංගසම්පූර්ණ වුණා වගේ දැනුණෙ. දැන් දුව 5 වන ශ්‍රේණියෙත් පුතා 3 වන ශ්‍රේණියෙත් ඉගෙනුම ලබනවා. පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ. ඒ දෙන්නත් කලා ක්ෂේත‍්‍රයට ගොඩක් දක්ෂයි. කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධ තරගවලට සම්බන්ධ වෙලා ජයග‍්‍රහණත් කරනවා. ඒ ගැන ලොකු සතුටක් හිතට දැනෙනවා.

කාංචනයි මමයි විවාහවෙලා ටික කාලයකට පසුව අපි පුංචි ගෙදරක පදිංචි වුණා. පානදුර ප‍්‍රදේශයේ අපි අවුරුදු ගණනාවක්ම දුක් මහන්සි වෙලා හම්බ කරලා, ඉතුරු කරලා තමයි ගේ හදාගත්තේ. ඒ ගෙදරට අපි පදිංචියට ගියෙ 2011 වර්ෂයේ ඔක්තොම්බර් 6 වෙනිදා. ඒ ගුරු දිනය දවසෙදි. අපි දෙන්නම ගුරුවරු නිසා ඒ දිනය ගොඩක් හොඳයි කියල හිතුණා. ඉතින් හරිම සතුටුයි ඒ දවස මතක් වෙද්දිත් ඒ තරම් ලස්සන දවසක් තමයි එහෙම ගෙවිලා ගියේ.

රයිගම් ටෙලි සම්මාන උළෙලේදී මට ලැබුණා 2007 වසරේදී විශිෂ්ටතම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියා කියන සම්මානය. ඒ සම්මානය මීට පෙර ලැබිලා තිබුණෙ, විජය නන්දසිරි මහත්මයට. මීට පෙර මෙවැනි සම්මානයක් ලබා දීලා තිබුණෙත් නෑ. ඉතින් විජය නන්දසිරි මහත්මයගෙන් පසුව ඒ සම්මානය මට ලැබුණා. එතනින් පසුව ඒ සම්මානය මම දන්නා තරමින් කිසි කෙනෙකුට ලැබිලත් නෑ. එය මට ලැබුණෙ සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කළ වසන්ත කුමාරසිරි නිෂ්පාදනය කළ ඉසුරුභවන ටෙලිනාට්‍යයේ ”සුමනපාල” චරිතය නිරූපණය වෙනුවෙන්. ඉතින් ඒ දවස මගේ ජීවිතේ මල් ගොඩක් පිපුණ දවසක්. හරිම සතුටින් ඒ ගැන කතා කරන්න පුළුවන්.

 

ධනු විජේරත්න

 

sandalla

 

2016-06-24-ent-173



අදහස් (0)

රූපවාහිනියෙන් 'හාවා' වූ දවස

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 80 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 487 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1035 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 923 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 148 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 936 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38855 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site