IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රූපවාහිනිය ගුවන්විදුලිය සමාගමක් වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල්  කෝටි 28 ක පමණ පාඩුවක්ද  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වසරේ  රුපියල්  කෝටි 46 ක පමණ පාඩුවක්ද  ලබා ඇතැයි අමාත්‍යවරයා කීවේය.

මහ භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන තවදුරටත්  ලබාදීමට අපහසු බව පෙන්වා දුන් ගුණවර්ධන මහතා එම ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයිද ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ  විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මධ්‍යවලින් ප්‍රමාණවත්  ප්‍රචාරණයක් නොදෙන බව කාරක සභාවේදී අදහස් ඉදිරිපත්ව ඇත.

පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතා මාධ්‍යවලින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු ඒ පහසුකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවද  ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගිය 23 වැනිදා  රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.



අදහස් (11)

රූපවාහිනිය ගුවන්විදුලිය සමාගමක් වෙයි

Aravinda Monarawila Tuesday, 28 November 2023 03:58 PM

ඔබලා දන්නේ ඔච්චාරාම තමයි .විකුණන්නයි ණයට ගන්නයි බදු ගහන්නයි විතරයි

:       0       3

හුලං විහිලු Tuesday, 28 November 2023 05:01 PM

රජයේ ජනමාධ්‍ය ආයතන සියල්ලම ඔය වගේ කිව්වාම වැරැදි නැහැ.

:       0       1

බන්දුලගෙ අප්පොච්ච Tuesday, 28 November 2023 05:31 PM

ඒ කාලේ ඇද ළඟ සරමක් තිබුන නම් රට්ටු අද මෙච්චර බනින්නේ නැ බන්දු පුතේ

:       0       2

Perera Tuesday, 28 November 2023 06:15 PM

1959 න් පස්සේ සුපිරියටම තිබිලා තියන පුද්ගලික අංශය පාලනය කල ප්‍රවාහන සේවය ,ඉන්ධන අලෙවිය වගේ දේවල් ජනසතු කරලා,දැන් ආපහු ජනසතු කරපුවා අනසතු කරනවා රට බංකොලොත් නිසා

:       0       0

C.K.Lankaputhra Tuesday, 28 November 2023 06:28 PM

ඒ තමයි දේශපාලනය කිරීමේ හෝ වීමේ ප්‍රරතිඵල...

:       0       0

සමන් Tuesday, 28 November 2023 06:59 PM

මහලොකු ආර්ථික ඔස්තාර්ල කරන්නේම විකුණන එක. ඔබලාට යන්න අලුතින් අපායවල් හැදෙමින් තියෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ දුක් අඳෝනා කල්ප ගණනක් විපාක දෙනවාමයි...

:       0       3

keheliya Tuesday, 28 November 2023 10:42 PM

අනේ මන්දා බන්දුල.......... ඔයාගේ අනාවැකි නම් තුට්ටුවකට ගණන් ගන්න බැහැ . මොකද ඔයා කියන දේවල් ඔක්කොම කණපිට ......?

:       0       2

Ranjith Weerakkody Wednesday, 29 November 2023 04:32 AM

ශ්‍රී ලංකාවේ ප්‍රථම සේම දීර්ඝ කාලයක් පුරාවටම ⁣ශ්‍රව්‍යය මාධ්‍යයක් ලෙස ප්‍රේක්ෂකයන් ගේ හදවත් හා බැඳුනු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වටා එක්රොක් වී සිටියා..රූපවාහිනී යද එසේමයි..ඒත් අද වන විට FM නාලිකා පඳුරකට ගැසුවොත් පොදි පිටින් විසි වෙන තරමටම බිහිවී ඇත.ඒ අනුව ශ්‍රී ලංකාගුවන් විදුලි සංස්ථාව ට ලැබෙන්නේ ඉමහත් ගෞරවය කි. ශ්‍රවක හදවත් වල මැකී නොයෙන මතකයන් අදටත් සිහි කරන්නේ අමානන්දයෙනි, ගුවන් විදුලියේ මහගෙදර ලෙස හැදින්වෙන ගුවන් විදුලි සංස්ථාව හරහා ප්‍රබුද්ධ කලා ශිල්පී ශිල්පිනියන් , ප්‍රබල අග්‍රඝනයේ මාධ්‍යය වෙදීන්ගේ තිඹිරිගෙය වූ මෙම ආයතනය අද වෙන කොට පාඩු ලබනවා කියන්නේ එකී වහූවය තුල කුමක් හෝ එදා නොතිබුන අද ඇතිවෙලා තියෙන ලොකු අඩුවක් බව අප කවුරුත් අවබෝධ කරගතයුතු කරුණකි..කොටින්ම කිවහොත් එය මජඩ දේශපාලුවන්ගේ අඳුරු සෙවනැලි හොල්මන් කිරීමෙන් හා එකී ආයතන උන්ගේ හෙන්චයියලාගේ කදවුරක් වූවාය යන යතාර්තය මත ගුවන් විදුලිය, රූපවාහිනී ය යන ආයතන දෙකටම කනකොකා හඬලා ඇති බවට පසක් කරගත යුතු පරම සත්‍යය එයයි....

:       0       0

Asanga Wednesday, 29 November 2023 07:27 AM

ආණ්ඩුවේ හොරණෑව ආණ්ඩුව වගේම තමයි. වැඩසටහන් අතිනුත් මුදල් අතිනුත් බංකොළොත්...

:       0       0

Pradeep Kumara Wednesday, 29 November 2023 09:32 AM

රාජ්‍ය පාලනය යටතේ ඇති මොන ආයතනයද පාඩු නොවිදින්නේ? ඒත් ඒහා සමාන පෞද්ගලික ආයතන දිනෙන් දින ලාභ ලබමින් දියුණු වීම සහ රාජ්‍ය ආයතන පාඩු ලැබීම එම ආයතන වල කළමණාකරණය පිළිබද ගැටළුවක් නොවේද?

:       0       0

සෙනෙවිරත්න Wednesday, 29 November 2023 01:59 PM

ගුවන් විදුලියෙ යාවජීව මඩකරි සභාපති ඉවත් කර මොළය තියන මිනිහෙක් දාන්න එතකොට මිනිස්සු ඕක අහවි, උදේ පැයේ දෙකේ රටේ වැදගත් අයට මඩ ගහන එක තමයි දැනට කරන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 888 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1210 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 82 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 807 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 365 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1109 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39484 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site