අධික ලෙස රූපවාහිනිය නැරඹීමෙන් ළමයින්ගේ මොළයේ ව්‍යුහමය වෙනස්කම් සිදුවී හානිකර තත්ත්වයන් ඇතිවන බව ජපානයේ විශ්වවිද්‍යාලයක කරන ලද පරීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇත.
සෙන්ඩායි නගරයේ පිහිටි ටොහොකු විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් වයස අවුරුදු පහත් 18ත් අතර වයසේ පසුවන ළමයින්ගෙන් 276 දෙනකු යොදාගෙන මේ පරීක්ෂණය සිදුකැර ඇත. මේ අධ්‍යයනයෙන් සොයාගෙන ඇත්තේ ඔවුන් පර්යේෂණයට යොදාගත් ළමයින් දිනකට අවම වශයෙන් පැය හතරක් පමණ රූපවාහිනිය නරඹා ඇති බවයි.
රූපවාහිනිය නැරඹීමේ සාමාන්‍ය අගය පැය දෙකකි. එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ බොහෝ වේලා රූපවාහිනිය නරඹන ළමයින්ගේ මොළයේ සංවේදනය දැනෙන හා චලනයන් සඳහා විධානයන් ලබාදෙන කොටසේ වෙනස්කම් ඇතිවී තිබෙන බවයි. නමුත් මෙවැනි දරුවන් කතා කිරීමට සැලැස්වීමේ දී මේ තත්ත්වය ඉහළ යෑම පාලනය කළ හැකි වූ බව ද පර්යේෂකයෝ කියති.
පර්යේෂකයන් වැඩිදුරටත් පවසන්නේ ළමා කාලයේ දී මොළයේ මෙම කොටස් වර්ධනය වීම කාර්යක්ෂමතාවට බලපාන බවයි. රූපවාහිනිය නැරඹීමෙන් මොළයේ ව්‍යුහමය වෙනසක් සිදුවන බව මීට පෙර අධ්‍යයනයකින් සොයාගෙන නොතිබූ බව ද ඔවුහු කියති. මේ පර්යේෂණයට අනුව රූපවාහිනිය නිතර නිතර නැරඹීම ළමයින්ගේ ඥානාත්මක වර්ධනයට බාධාවකි. මේ ගැන වැඩිහිටියන් වැඩි අවධානයක් යොමු කරමින් තම ළමයින්ගේ අනාගතය යහපත් කළ යුතු බව ද ඔවුහු කියති.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
රූපවාහිනිය ළමා මොළේ වනසයි
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 12 January 2014 11:34 PM
මේ තත්වය අනාගත මිනිස් ක්‍රියාකාරිත්වය ට බෙහෙවින් බලපෑමට ඉඩ තියෙනවා. සාම්ප්‍රදායික සමාජවල විස්තෘත පවුලේ දරුවන් හදා වඩා ගැනීම සීයලා හා ආච්චිලාට පැවරී තිබුන කාලයේ එම වැඩි හිටියන්ගේ අත්දැකීම් අනුසාරයෙන් හා දරුවන්ගේ මානසික වර්ධනය ට ගෝචර කවි, ගීත හා කතාන්දර කීමෙන් ශක්තිමත් මනසක් ගොඩ නගා ගැනීමට ඒ දරුවන් ට හැකිවුනා. ඊට අමතරව රුපවානිය නැරඹීමේදී නොලැබෙන අන්තර් ක්‍රියාවලියක ට පවුලේ සමාජ සම්බන්ධතා තුලින් ඉඩක් ලැබුණා. අද සමස්ත ලෝක සමාජයම ගමන් කරන්නේ ආර්ථික විමුක්තියක් හා පාරිභෝජන තෘප්තියක් සඳහා නිසා අනාගත මිනිස් සමාජය රොබෝ ලා වැනි මිනිසුන්ගෙන් පිරීම නොවැලැක්විය විය හැකි වනු ඇත.(නදී)
සම්පත් කහවිට Monday, 13 January 2014 06:48 AM
මේ වාර්තාව සම්පූර්ණයෙන්ම සත්‍යයි. දරු දෙදෙනෙක් සිටින මගේ නිවසේ රුපවාහිනියක් නැත. ඉහත වාර්තාව මා කල සිටම දනැ සිටීම එසේ කිරීමට හේතුවයි. පියෙකු හැටියට එම වාර්තාව දැක මම ඉමහත් සතුටට පත්වුයේ මගේ තිරණය පර්යේෂනයකින්ද තහවුරු වී ඇති බව දැකීමෙන්. ළමුන් රූපවාහිනියෙන් ඈත්කර තබන අතර තොරතුරු දැනගැනීම සදහා ඔවුන් පුවත්පත් හා ගුවන් විදුලියේ තෝරාගත් නාලිකා සදහා පමණක් ශ්‍රවණයට යොමුකළ යුතුය. පවුලේ සමගියටද රුපවාහිනිය බාධාවක් යයි මම සිතමි. (නදී)
අසාද් Monday, 13 January 2014 08:42 AM
සම්පත් කහවිට 2014-01-13 06:48:47 සහතික ඇත්ත. (ස)
ඩබ් එම් උපාලි සෝමසිරි Monday, 13 January 2014 10:38 AM
සම්පත් කහවිට මාත් ඒක කලා.(නදී)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 12 January 2014 07:09 PM
මේ නිසාමයි අපි ළමයින්ව මේ අසහනයෙන් තරමක් දුරට පාලනය කර ගන්න විවිද උත්සාහයන් වල නිරත වෙන්නේ. මොකද අපි කොහෙන් වත් පර්යේෂණ කරලා මේක කියන්න පෙර දැනගෙන හිටියේ අපේ ප්‍රථම ගුරු උතුමා බුදුන් වහන්සේ නිසා.(නදී)
සිසිර Monday, 13 January 2014 03:42 PM
සහතික ඇත්ත. (නදී)
බි ජයමාන්න Tuesday, 14 January 2014 09:09 AM
සහතික ඇත්ත (දී)