ගල්කිස්සේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී රැප් ගායක කයිසර් කයිස් යන අය පරුෂ වචන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව කොහුවල පොලීසිය පවසයි.
ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් හා ලේකම් ජානක වික්‍රමසිංහ මහත්වරු කොහුවල පොලීසියට කළ පැමිණිල්ලක් මත රැප් ගායක කයිසර් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 03 වැනිදා පැවැති සංගීතයකදී එම ගායකයා අසභ්‍ය වචන ප්‍රකාශ කිරීම හේතුවෙන් සංගීත ක්ෂේත්‍රයට අපකීර්තියක් වූ බවට එම ගායක දෙපල කළ පැමිණිල්ලේ සඳහන් වේ.
එම රැප් ගායකයාගේ අසභ්‍යවදන් ඇතුළත් වීඩියෝව ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පළ වීමත් සමග එක් ලක්ෂ හැත්තෑ පන්දහසකට අධික පිරිසක් සිය අප්‍රසාදය පළ කර අදහස් පළ කර තිබිණි.
මෙම සිදුවීමෙන් පසු කයිසර් නැමැත්තා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සමාව ගෙන තිබිණි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
බණ්ඩාගරම - බිමල් ශ්‍යාමන් ජයසිංහ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රැප් ගායක කයිසර් අත්අඩංගුවට