IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත තහනම්

කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ දී නොසැලකිලිමත් ලෙස රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය අත්හිටුවන ලෙස කොළඹ රථවාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (27) නියෝග කළේය.

කුරුඳුවත්ත පොලිසිය ඔහුට එරෙහිව චෝදනා පහක් අධිකරණයට ඉදිරිපත් කළ අතර නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම, ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම, ලියාපදිංචිය වෙනත් අයකුට පැවරී ඇති වාහනයක් පැදවීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කැරිණි.

එම චෝදනා වලින් පළමු චෝදනා දෙකට තමා වරදකරු බව රමිත් රඹුක්වැල්ල අධිකරණයේ දී පිළිගත් අතර අනෙක් චෝදනාවලට නිවැරදිකරු බව අධිකරණය හමුවේ කියා සිටියේය.

මේ අතර කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අනතුර සිදුවූ වේලාවේ සිදුකළ බැලූන් පරීක්ෂාවේදී ඔහු බීමතින් සිටි බව අනාවරණය වූ බවත් අනතුරින් පැය දෙකකට පමණ පසු තුවාල සිදුව ඇත්දැයි පරීක්ෂා කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඔහු ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ ඇල්කොහොල් ගඳ වහනය වූ බව එම වාර්තාවේ සඳහන් ව ඇති බවත් ය.

පොලිස් ඇප මත සිටින රමිත් රඹුක්වැල්ලට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 18 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.

0-02-06-154c544e7e184fee5e4c25801652e05f2dd5336de2bf54e7829d80abf3ea9ed3_full 0-02-06-d0b57b24914756a9f66915d7de8d585ee82dc846b86fbbb93d2331503de84112_full 0-02-06-de1c2455db890512d7b0899de2672f0a3fefa88c6efa0462e2af3b252dc7c809_full



අදහස් (0)

රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත තහනම්

රූපවතී Tuesday, 27 September 2016 07:52 AM

ලංකාවේ තමයි මේ නීති තියෙන්නේ. ලෝකේ බොහෝ රටවල තමන් වාහනයක් පදවනවා නම් රජයේ ලියාපදිංචි ඩ්‍රයිවින් ලයිසන් පත වගේම තමන් පදවන වාහනේට තමන්ගේ නමින් හෝ තුන්වන පාර්ශ්වයකින් රක්ෂණයක් තිබිය යුතුයි

:       0       0

අනුරාධ Tuesday, 27 September 2016 08:09 AM

සුරේෂ් ඩුබායි, කිසිම වරදක් නැහැ. කරලා තියෙන වැරදි තේරුම් ගත්තා නම් ඒ ඇති. (නි)

:       0       0

රන්ජන් Tuesday, 27 September 2016 08:11 AM

සුරේෂ්, හොඳ ප්‍රශ්නයක්. ලංකාවේ තමන්ගේම වාහන විතරක්ද පදවන්න පුළුවන්? වෙන්න බැරි දෙයක් නේද? (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 28 September 2016 12:06 AM

ලෙස්ලි, පෙනෙනවානේ අද සිංහලයාට උදාවෙලා තිබෙන තත්වය? ඒ නහර වැඩි නිසාද? කොඳු ඇට පෙළක් නැති නිසාද? කලපනා කරන්නකෝ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 27 September 2016 08:41 AM

ඉස්සරනම් මෙහෙම වෙයිද? ඔබට සතුටුද දැන්? (නි)

:       0       0

නාරද Tuesday, 27 September 2016 08:53 AM

ගරු විනිශ්යකාරතුමනි, මෙවැනි හොඳ තීරණ අපේ දේශපාලුවන්ගේ පුතුන්ට ඉදිරියේදීත් ලබාදෙන්න (නි)

:       0       0

විජේ Tuesday, 27 September 2016 08:53 AM

මේ නඩු වලටත් අර නඩු වලට එන නීතිඥ මහත්තයා එනවා වගේ. (නි)

:       0       0

නිරූ Tuesday, 27 September 2016 08:57 AM

ඒ කාලේදී මේක වුනානම් එතන තාප්පේ බැඳපු එකා ඉවරයි..(බ)

:       0       0

චන්දන - ඔස්ට්‍රේලියා Tuesday, 27 September 2016 09:15 AM

සුරේෂ් මෙම වාහනය ලියාපදිංචි කරපු එකක් නෙමේ (බ)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 27 September 2016 09:18 AM

කැකිරාවේ බන්ඩෝ රණවක ඇමති බීලා වාහන පදවල අහුවෙලා බැලුම් පුම්බල බීලා හිටිය කියල ඔප්පුවෙලා තියෙනවද ? මමත් නොදන්නා නිසාමයි අහන්නේ ? (බ)

:       0       0

හෆීල් Tuesday, 27 September 2016 09:19 AM

පියාගේ අඩි පාරෙන් පෙරට.....(බ)

:       0       0

වසන්ජය Tuesday, 27 September 2016 09:40 AM

අනාගතේදී දේශපාලනේට එන්න මේ ප්‍රසිද්ධියම ඇති (බ)

:       0       0

රෝහිත Tuesday, 27 September 2016 09:45 AM

පව් අහිංසක කොල්ල! මේකත් කුමන්ත්‍රණයක් වෙන්න ඇති. (බ)

:       0       0

ලෙස්ලි Tuesday, 27 September 2016 09:58 AM

මාලක සිල්වා වගේ නහරයක් වැඩි එකෙක් .ඔයවගේ අය ඉන්නේ මහින්ද මහත්තය ළඟ විතර වගේ (අ)

:       0       0

උද්දික Tuesday, 27 September 2016 10:31 AM

නිරූ, එහෙම වෙච්ච එක සිදුවීමක් කියන්න පුලුවන්ද (බ)

:       0       0

බමුණු Tuesday, 27 September 2016 10:42 AM

බණ්ඩාර - කැකිරාව සමහරවිට තහනම් කිරීමට බලපත්‍රයක් නැතිව ඇති. (බ)

:       0       0

බමුණු Tuesday, 27 September 2016 10:43 AM

සුරේෂ් ඩුබායි මේකාලේ මේනඩුවේ හැටියට තහනම් වෙන්නට ඇති (බ)

:       0       0

බමුණුසිංහ Tuesday, 27 September 2016 10:48 AM

එතකොට පොලිස් රියදුරන් එලවන්නේ කොහේ කාට ලියපදිංච් වෙච්ච වාහනද?බස් රියදුරන් එලවන්නේ ඔවුනට ලියපදිංචි වෙච්ච වාහනද? මෙම පුවත කියවීමෙන් අපට නැගුන ප්‍රස්න මේවා (අ)

:       0       0

කේ පෙරේරා Tuesday, 27 September 2016 10:59 AM

සුරේෂ්, රියදුරු බලපත්‍රයක් ඇතිනම් තාත්තගේ හෝ බාප්පාගේ හෝ වෙනකුගේ හෝ රියක් පදවන එක ලංකාවේ තහනමක් නැහැ. නමුත් මත්පැන් බීලා රියක් පදවන එක තහනම් ඒවගේම බරපතල වරදක්. (අ)

:       0       0

සකුන්තලා Tuesday, 27 September 2016 06:04 AM

ලියාපදිංචිය වෙනත් කෙනෙකුට තිබෙන වාහනයක් පැදවීම වරදක්ද? (නි)

:       0       0

රත්න Tuesday, 27 September 2016 06:08 AM

නීතිය මේ විදිහට ක්‍රියාත්මක වුණොත් අනාගතයේදී රිය අනතුරු හුඟක් අඩුවෙන බව නිසැකයි (නි)

:       0       0

ධම්ම Tuesday, 27 September 2016 11:31 AM

ලියාපදිංචිය වෙනත් අයකුට පැවරී ඇති වාහනයක් පැදවීම තහනම්ද? එහෙම නම් දැන් මට මගේ මිණිබිරී ඉස්කෝලේ ගෙනියන්න වෙන්නේ නැහැ මොකද කාර් එක පුතාගේ. (අ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 27 September 2016 06:41 AM

එතකොට අර රණවක ඇමතිගේ රියදුරු බලපත්‍රයත් තහනම් කළාද ? නොදන්නා නිසයි අහන්නේ. (බ)

:       0       0

සුරේෂ් ඩුබායි Tuesday, 27 September 2016 07:02 AM

දන්න කෙනෙක් කියනවද අපේ තාත්තගේ සහෝදරයෙකුගේ හෝ යාලුවෙකුගේ වාහනයක් මම ඩ්‍රයිව් කරන එක ලංකාවේ නිතිය අනුව තහනම්ද ? (බ)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 27 September 2016 07:10 AM

අශීලාචාර පුතෙක්. මීට කලින් ක්‍රිකට් සංචාරයකදී බීමතින් ගුවන් යානයේ දොර අරින්න හැදුවෙත් මේ පුත්‍රයානේ. ඒ වැරැද්දට දඬුවමක් ලැබුනේ නැහැ මම දන්නා විදියට (නි)

:       0       0

සමන්ත Tuesday, 27 September 2016 07:32 AM

ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම මොනතරම් වැරදිද? (නි)

:       0       0

කුමාර් Tuesday, 27 September 2016 07:40 AM

හොර වැඩ නැතුව අනුන්ගේ අංක තහඩු නැතුව, තව වාහනයේ අයිතිකරුගේ ඉන්ෂුවරන්ස් එකට ඔබ දෙවැනි පදවන්නා (දෙවැනි රියදුරු) කියලා එකතු කරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 216 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1085 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 109 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1766 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4169 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 146 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39526 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1189 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site