IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රාමදාන් මාසයේදී ආහාර මිල ඉහළ නොදමන බවට ප්‍රමුඛ පෙළේ පාරිභෝගික සමාගම් 80 කින් ප්‍රතිඥාවක්

prices

 

ශුද්ධ වූ රාමදාන් මාසයේදී ආහාර ද්‍රව්‍යවල මිල වැඩි නොකරන බවට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් 80 කට වැඩි පිරිසක් ප්‍රතිඥා දී ඇත.


එසේම ලබන සතියේදී ආරම්භ වීමට නියමිත රාමදාන් මාසයේදී සියලුම ආකාරයේ ආහාර වර්ග සපයන අතරම ප්‍රවර්ධන වැඩසටහන් වැඩි කරන බවටද ඔවුන් පොරොන්දු වී ඇත.


රාමදාන් කාල පුරාම ආහාර ද්‍රව්‍ය සඳහා ස්ථාවර මිලක පවත්වාගෙන යන බවට වූ ප්‍රතිඥාවට මිඞ්වේ, ලුලු හයිපර්මාර්කට්, ගීන්ට් ඇන්ඞ් කැරේෆෝර් ඇතුළු සිල්ලර වෙළෙඳ සමාගම් 88 ක් අස්සන් තබා ඇත.


ඉහත ප්‍රතිඥාවට අස්සන් තැබීම සඳහා ආයතන නියෝජනය කරන නියෝජිතයන් 50 ක් පමණ පසුගියදා සනාබිස් හි පිහිටි බහරේන වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ මූලස්ථානයට පැමිණ සිටියේය. 


“සිල්ලර වෙළෙඳ සමාගම් විසින් සියලු නිෂ්පාදන නියමිත පරිදි වෙළෙඳ පොළට සපයන බවත් රාමදාන් මාසය පුරාම ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවටත් මට විශ්වාසයි” යැයි බහරේන වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහ ආහාර සහ කෘෂිකාර්මික කමිටුවේ සභාපති කාලීඞ් අල් අමීන්  පැවැසීය.


“සියළු ආහාර ද්‍රව්‍ය සැපයීම සිල්ලර වෙළෙඳ සමාගමකට ලෙහෙසි කාර්යයක් නෙමෙයි. ඉතිං ඔවුන් එය කරන බවට ලබාදුන් පොරොන්දුව අපි අගය කරන්න ඕනේ”


“මිල ස්ථාවර කිරීම විතරක් නෙමෙයි, බොහෝ භාණ්ඩවල මිලත් පහළ බසීවි” 


“ශුද්ධ වූ මාසයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පහළ දමලා මිනිස්සුන්ගේ කරදර අඩු කරන එක අපේ රාජකාරිය කියලා තමයි මට හිතෙන්නේ”


සිල්ලර වෙළෙඳ ආයතන ඇති තරගකාරීත්වය නිසාද අවසානයේදී භාණ්ඩ මිල පහළ බසින බව අල් අමීන් පවසයි.

 



අදහස් (0)

රාමදාන් මාසයේදී ආහාර මිල ඉහළ නොදමන බවට ප්‍රමුඛ පෙළේ පාරිභෝගික සමාගම් 80 කින් ප්‍රතිඥාවක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 82 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 228 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 770 2

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 267 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 540 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ලොග්ගල්ලා ඔය හිදිලා
2024 ඔක්තෝබර් මස 03 484 0

මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතට අයත් වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගාවක් වන ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25451 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 345 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site