හමාඞ් වෛද්‍ය සංස්ථාවට අයත් රෝහල්වල සියලු හදිසි සේවාවන් රාමදාන් සමයේදීත් පැය 24 පුරාම ක්‍රියාත්මක වෙයි.
කෙසේ වෙතත්, එම රෝහල්වල අනෙක් දෙපාර්තමේන්තුවල සේවා කාලයන් වෙනස් කර ඇත. ඒ අනුව හමාඞ් මහ රෝහලේ බාහිර රෝගී දෙපාර්තමේන්තුවේ සායන ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වා විවෘතව තැබෙනු ඇත. සන්ධ්‍යා සායන රාත්‍රී 8.30 සිට 11.30 දක්වා විවෘතව තැබේ.
බිම් මහලේ ඇති බාහිර රෝගී අංශයේ ප්‍රධාන ඔසු සල උදෑසන 8 සිට පස්වරු 1.30 දක්වාත් රාත්‍රී 8.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වාත් විවෘතව ඇත.
කාන්තා රෝහලේ බාහිර රෝගී අංශයේ උදෑසන සායන ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වාත් සන්ධ්‍යා සායන ඉරිදා සිට බදාදා දක්වා රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වාත් පැවැත්වෙයි. එහි ඔසු සළද එම වේලාවන් තුළදී විවෘතව තැබේ.
අල් වක්රා රෝහලේ බාහිර රෝගී අංශය ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 4 දක්වාත්, දන්ත වෛද්‍ය සායනය උදෑසන 8 සිට පස්වරු 1 දක්වා සහ රාත්‍රී 8 සිට රාත්‍රී 11 දක්වාත් විවෘතව තැබේ. නාරි සහ ප්‍රසව සායනය ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා විවෘතව තැබෙනු ඇත. එහි ප්‍රධාන ඔසු සල උදෑසන 8 සිට පස්වරු 8 දක්වාද, නාරි සහ ප්‍රසව අංශයේ ඔසු සල උදෑසන 8 සිට පස්වරු 1 දක්වාද විවෘතව තැබේ.
කුබාන් රෝහලේ බාහිර රෝගී සායන සියල්ල සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වා විවෘව තැබෙන අතර එහි ඔසු සලද එම වේලාව තුළදී විවෘතව තැබෙනු ඇත.
හෘද රෝහලේ බාහිර රෝගී සායන ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වා විවෘතව තැබෙනු ඇත. එහෙත් එහි සන්ධ්‍යා සායන ශුද්ධ වූ රාමදාන් මාසය පුරාම නොපැවැත්වේ. රෝහලේ ඔසු සල බාහිර රෝගී සායන පැවැත්වෙන කාලය තුළ විවෘතව තැබෙනු ඇත. අල් කෙහොර් රෝහලේ බාහිර රෝගී අංශය සහ ඔසු සල ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වා විවෘතව තැබේ.
රුමයිලාහ් රෝහලේ බාහිර රෝගී සායන ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වාත්, එහි ඔසු සල උදෑසන 8 සිට පස්වරු 3 දක්වාත් විවෘතව ඇත.
ජාතික පිළිකා ප්‍රතිකාර සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සියලු බාහිර රෝගී සායන ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වාත්, සවස සායන සඳුදා දින පස්වරු 8 සිට පස්වරු 11 දක්වාත් විවෘතව තැබේ. එහි ඔසු සල් ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 2 දක්වාත්, සෙනසුරාදා දින උදෑසන 9 සිට පස්වරු 2 දක්වාත් විවෘතව තැබෙනු ඇත.
මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයේ බාහිර රෝගී අංශය සහ ඔසු සල ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8 සිට පස්වරු 1 දක්වා විවෘතව තැබේ.
විශේෂිත සේවාවන් පැවැත්වෙන කාලයන් පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා අදාළ රෝහල සමග සම්බන්ධ වන ලෙසට හමාඞ් වෛද්‍ය සංස්ථාව සියලු රෝගීන් වෙත උපදෙස් දෙයි. හමාඞ් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය (නෙස්මාක්) ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 7 සිට පස්වරු 10 දක්වාත් සිකුරාදා සහ සෙනසුරාදා දෙදින තුළ උදෑසන 10 සිට පස්වරු 4 දක්වාත් විවෘතව තැබෙනු ඇත.
රෝගීන්ට සිය හමුවීම් වෙනස් කරගැනීමට හෝ වෙනයම් විමසීමක් ඇතොත් ඉහත කාලයන් තුළදී 16060 අංකයට ඇමැතිය හැකිය.
බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත
ශ්රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු
තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස
පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාමදාන් මාසයේදී හමාඞ් රෝහල්වල සියලු හදිසි සේවාවන් සුපුරුදු පරිදි