IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


රාමදාන් සමයේදී ගුණදායක ආහාර සඳහා වන ඉල්ලුම ඉහළට

විශේෂයෙන්ම පළතුරු සහ පළතුරු යුෂ සඳහා ඇති ඉල්ලුමේ වර්ධනයක් පෙන්නුම් කරන තත්ත්වයක් තුළ රාමදාන් සමයේ දී බොහෝ දෙනෙකු ගුණදායක ආහාර පාන අනුභව කිරීමට කැමැත්තක් දක්වන බවක් දකින්නට ලැබෙයි.


සීනි මට්ටම ඉහළ අගයක් ගන්නා බෝතල් කළ බීම වර්ග සහ රසකළ පාන වර්ගවලට සාපේක්ෂව පළතුරු, නැවුම් යුෂ වර්ග සහ යෝගට් අලෙවියේ ඉහළ යාමක් පෙනෙන්නට ඇති බව වෙළෙඳපොළ ආරංචිමාර්ග අනාවරණය කරයි.


බොහෝ දෙනෙකු රාමදාන් සමයේ දී සාම්ප්‍රදායික ආහාර සහ පාන වර්ග පාවිච්චියට කැමැත්තක් දක්වයි. කෙසේ වෙතත් බෝතල් කළ බීම වැනි සාම්ප්‍රදායික නොවන ආහාර වර්ග ද ඉෆ්තාර්වල දී පිළිගන්වනු ලැබේ.


උණුසුම් කාල ගුණය සහ දීර්ඝ කාලයක් උපවාසය කිරීම නිසා නැවුම් පළතුරු යුෂ අලෙවිය සියයට 15 කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙන්දෝ පවසති.


බෝතල් කළ බීම වර්ගවලට සාපේක්ෂව බෝතල් කළ පළතුරු යුෂ සහ නැවුම් පළතුරු යුෂ සඳහා වන ඉල්ලුම ඉහළ බව සුපිරි වෙළෙඳ සංකීර්ණ පවසයි.
“රාමදාන් මාසයේ පළමු දිනේ ඉඳලා මිනිස්සු නැවුම් යුෂ වර්ග පළතුරු මිලට ගැනීම ආරම්භ කළා. පසුගිය වසර දෙකක කාලයක ඉඳලා ඉහත භාණ්ඩ සඳහා වන ඉල්ලුම සියයට 10-15 කින් පමණ ඉහළ යන බවක් අපට පෙනෙන්නට තියෙනවා. මේ වසරේදීත් ඒ විදිහටම ඉල්ලුම ඉහළ යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉල්ලුමට සරිලන ලෙසින් අපි තොග රැස් කරලා තියෙනවා” යැයි ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක ඉහළ නිලධාරියෙක් “ද පෙනින්සියුලා” පුවත්පතට පවසා ඇත.


“පසුගිය සති දෙකක කාලය තුළ රස කළ බෝතල් බීම සඳහා වන ඉල්ලුම ද ඉහළ ගිහින් තියෙනවා. ඒත් එය නැවුම් පළතුරු යුෂ වර්ග සඳහා වන ඉල්ලුමට වඩා අඩුයි” යැයි ඔහු වැඩිදුරටත් පවසයි. ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සංකීර්ණ බොහෝමයක්ම විවිධ පළතුරු වර්ගවලට අමතරව ටින් සහ බෝතල් කරන ලද බීම වර්ග මෙන්ම නැවුම් පළතුරු යුෂ ද අලෙවියට තබා ඇත.


පැණි කොමඩු, පත්තක්කා, දොඩම්, අලි පේර, පීච් වැනි පළතුරු මෙන්ම එවැනි පළතුරුවලින් සකස් කරන ලද යුෂ වර්ගවලට සහ නැවුම් යෝගට් සඳහා ද අධික ඉල්ලුමක් ඇති බව ද ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම තම පවුලේ සාමාජිකයන් නොමැතිව කටාර් හි ජීවත් වන පිරිස් අතර රාමදාන් මාසයේ දී කෙටි කෑම සහ පිසින ලද ආහාර වර්ග සඳහා වන ඉල්ලුම ඉහළ යයි.



අදහස් (0)

රාමදාන් සමයේදී ගුණදායක ආහාර සඳහා වන ඉල්ලුම ඉහළට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 237 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 924 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1436 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 347 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1003 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1874 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site