IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘රිමාන්ඩ් කළ ගමන් ප්‍රභූන්ට නැති ලෙඩ‘

යම්කිසි සිද්ධියකට චෝදනා ලබන දේශපාලනඥයින් සහ ප්‍රභූවරුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාරය රෝහලට රැගෙන යාම අසාධාරණ බැව් ආයෝජන ප්‍රවර්ධන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

අධික දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් යැයි කියමින් මෙවැනි විශේෂ පුද්ගලයන් බන්ධනාගාර රෝහල් වෙත යොමු කළ ද, චෝදනාවලට ලක්වන සාමාන්‍ය පුද්ගලයකුටත් එවැනි රෝග තිබුණද ඔවුන්ට මෙම වරප්‍රසාද නොලැබෙන බව ද නියෝජ්‍ය ඇමැති කීවේය. එය සාමාන්‍ය පුද්ගලයන්ට කරන අසාධාරණයක් බව ද හෙතම පැවසීය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලටත්, එතැනින් ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකටත් යොමු කිරීම ගැන මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.



අදහස් (0)

‘රිමාන්ඩ් කළ ගමන් ප්‍රභූන්ට නැති ලෙඩ‘

නාලක Thursday, 23 April 2015 03:10 PM

කොහේ හිටියත් ඉන්නේ රිමාන්ඩ් භාරයෙනේ (බ)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Friday, 24 April 2015 02:54 AM

කාටවුණත් එහෙ යන්ට සිද්ධවුණොත් අනෙක් කට්ටිය වගේම ලෙඩ න බව අපි දන්නවා. (නි)

:       0       0

කිරි ගමරාල Friday, 24 April 2015 03:06 AM

කොච්චර හොරකම් කලත් ඔක්කොම ප්‍රභූ වරුන්ට අන්තිමට හිරගෙදරදී දුප්පත් අයට පිහිට වෙන ආණ්ඩුවේ ඉස්පිරිතලෙන්නේ බෙහෙත් ගන්න වෙන්නේ. වෙනසකට තියෙන්නේ හොඳම බෙහෙත් පිටින් ගෙනල්ල දෙන්න ඒ අයට වත්කම තියෙනවා.(ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 23 April 2015 03:42 PM

ඉතාමත් හරි සාමාන්‍ය පුද්ගලයන්ට කරන බලවත් අසාදාරනයක් තමයි...එහෙනම් මොවුන්ගේ මේ අසනීපය ඇත්තද කියා දොස්තර පරීක්ෂණයක් කර එය බොරුවක් නම් එයටත් චෝදනා ගොනුකළ යුතුයි ...මහජන මුදල් අයතා ලෙස පරිහරණය කර තිබෙන මොවුන් වෙනුවෙන් පෙළපාලි, උද්ඝෝෂණ කරන සියල්ලෝම දෙනගන්න ....ඔබලා මේ කරන්නේ දේශද්‍රෝහී ක්‍රියාවක් කියලා...... (ස)

:       0       0

ග්ලේ Friday, 24 April 2015 03:42 AM

පපුව අමාරුවේ රෝග ලක්ෂණ - සිනහ වීම ප්‍රභූන්ගේ බන්දනාගාරය - රෝහල් ගෙවන වාට්ටුව හොරුන්ට දෙන දඩුවම - පිරිත් කීම රට කරවිය යුතු පක්ෂය හෝ පුද්ගලයා - අඩුවෙන් චන්ද ලැබූ පක්ෂය හෝ පුද්ගලයා. (ස)

:       0       0

චන්ද්‍රා Thursday, 23 April 2015 04:42 PM

මෙම ක්‍රමයද අධිකරණයට කරන අපහාසයකි , අධිකරණ ඇමතිතුමනි, මෙම ක්‍රමයද නැති කලොත් අධිකරණය තවත් උතුම් වේ , (ස)

:       0       0

සුනිල් Friday, 24 April 2015 04:22 AM

හොරකම් කළ උදවිය ප්‍රභූ වෙන්නේ කොහොමද? (නි)

:       0       0

වින්සන්ට් Thursday, 23 April 2015 05:31 PM

වැරදි දේවල් පෙනෙන්නට තිබෙනවා. ඇහෙන්නටත් තිබෙනවා. වගකිව යුත්තෙක් නැත. නිවැරදි කිරීමට උත්සාහ කරන කෙනෙක්ද නැත.නිවැරදි කළ යුත්තේ කව්ද යන්න ජනතාවට ඇති ගැටළුවයි. (ස)

:       0       0

පද්මිණි Friday, 24 April 2015 05:18 AM

මිට වැඩ අගෙයි අත් අඩංගුවට නොගෙන සිටීම. මේ ක්‍රමය යහ පාලනයට විරුද්ධයි. ජෙනරාල් තුමාගේ සර්වාංගයේම සැත් කම් වලින් යකඩ පුරුක් පිරිලා තිබුණ. එතුමාට බිම නිදාගන්ට සැලස්වුව. අපගේ බලවත් විරෝධය! (ස)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 12:29 PM

සැමට සාධාරන ක්‍රමයක් - වේ නිවැරදි විසඳුමක්

:       0       0

කරුණාදාස Thursday, 23 April 2015 12:51 PM

එහෙම තමයි. එයාලා ප්‍රභූන්නේ! (නි)

:       0       0

ෂර්ලි කුරේරා Thursday, 23 April 2015 12:53 PM

දුප්පත් කෙනෙක් හිරබාරයට ගියාම හිරබත් කන්න වෙනවා. මේ වගේ උදවිය හිරේ ගියත් සුරසැප විඳිනවා.මේක තමා සත්‍යය (නි)

:       0       0

කපිල Thursday, 23 April 2015 01:06 PM

ඔබගේ කටේ රත්තරන් දාන්න ඕනෑ.රටක් වුණාම නීතිය කාටත් එක හා සමාන වෙන්න ඕනෑ (නි)

:       0       0

කිර්ති Thursday, 23 April 2015 01:14 PM

වහාම හිරේ දාන්නයි තියෙන්නේ. හොර ලෙඩ. පපුවේ හිරවෙලා තියෙන්නේ ‍මොනවද දන්නෙ නැහැ (නි)

:       0       0

චතුර Thursday, 23 April 2015 01:16 PM

දැනුත් කලින් වගේම තමයි. කිසිම වෙනසක් නැහැ (නි)

:       0       0

විද්‍යා Thursday, 23 April 2015 10:07 PM

දැකල තියනවද අර හින්දු කෝවිලට ගිහින් කමිසේ ගලෝල ගත්ත පින්තුරේ. මෙයාගේ පපුවේ සහ බඩේ පළල දැක්කහම පේනවා මෙයා විහින් හදා ගත්ත ලෙඩෙක් කියල . අවුරුදු 10 කට වැඩි කාලයක් අසරණ දුප්පත් මිනිසුන්ගේ බත් පිඟාන කාපු මිනිස්සු (අ)

:       0       0

රොමේෂ් Thursday, 23 April 2015 01:36 PM

හිර ගෙදරත් ගෙවන වාට්ටුවක් හැදුවොත් නරකද..? කොහොමත් හිරේ දැම්ම කියල දැනුත් ලොකු වෙනසක් නැහැනේ.. සල්ලියි, බලයයි තියන අය හිරේදී ලෙඩ වෙනවාමයිනේ . (ස)

:       0       0

සීලියා Thursday, 23 April 2015 01:51 PM

මේ ලෙඩ්ඩු ටික විශ්‍රාම අරගෙන තරුණ උගත් පරපුරකට රට බාරදෙනවනම් රටට යහපාලනයක් වෙයි. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 24 April 2015 12:52 AM

ඔය කට්ටියට ලෙඩ නොහැදී තියේවිද ජනතා මුදල් ගසාකාලා තියෙන විදියට. (නි)

:       0       0

දර්ශන Thursday, 23 April 2015 01:53 PM

මේවට ඉතිං පස්ස පැත්තෙනුත් හිනා යනවා.(ස)

:       0       0

සීලියා කුමුදුනී පෙරේරා Thursday, 23 April 2015 02:05 PM

මා මීට පෙරත් සමහර දේ වලට අදහස් ලියා දැමුවත් ඒවයේ නරක වචන නැතිනිසා ද මන්දා කවදාවත් පළකළේ නම් නෑ. ස්තූතියි. (ස)

:       0       0

අනුර Friday, 24 April 2015 01:55 AM

පව්.. බැසිල්ට නොයෙක් නොයෙක් දේවල් මතක්වෙනවා ඇති... (නි)

:       0       0

හිමාලි Thursday, 23 April 2015 02:30 PM

මොකක්ද බඩේ ලෙඩක්ද? අපෙන් හුරාකාපු සල්ලි ලංකාවේ ගෙවන වාට්ටුවකට වත් ගෙවන එක හොඳයි. නැත්නම් ඒ සල්ලිත් ඇමරිකාවට යයි. (ස)

:       0       0

විමුක්ති Friday, 24 April 2015 01:58 AM

මේක නම් නියම කතාවක් (නි)

:       0       0

විදුර Thursday, 23 April 2015 02:53 PM

මොකක්ද ලෙඩේ වැඩිපුර බඩ එලිය යනවලුද? ඔය ඇමරිකන් කාරයින්ගේ ජරා කෑම කාල අවම ඔහොම තමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 57 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 232 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 132 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3976 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 531 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2109 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site