IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රිමාන්ඩ් සිරකරුවන් ගැන සොයන්න කමිටුවක්

(විනීතා එම් ගමගේ)
 
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇතිව පවතින තදබදය අඩු කිරීම සම්බන්ධයෙන් සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ උපදෙස් මත කමිටුවක් පත් කර තිබේ.
 
අධිකරණ අමාත්‍යංශ්‍යයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති එම කමිටුව රස පරික්ෂක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය යන ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත වන බව අධිකරණ අමාත්‍යංශය කියයි.
 
සති තුනක් ඇතුළත ඊට අදාළව අතුරු වාර්තාවක් ලබා දෙන්නැයි එම කමිටුවට අමාත්‍යවරයා උපදෙස් දුන් බව අධිකරණ අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට අද  (03) පැවැසීය.
 
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි විසඳුම් සොයා බැලීම සඳහා අමාත්‍යවරයා මෙම කමිටුව පත් කර ඇත.
 
මේ වනවිට රිමාන්ඞ් බන්ධනාගාරය වෙත දිනපතා ගෙන එන පිරිස අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ  වැරදි හේතුවෙන් එන පිරිස් අතිශයින් වැඩිවී ඇති බවත් එයින් ද මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින සිරකරුවන් පිරිස සීග්‍රයෙන් වැඩි වී ඇති බවත් කී එම නිලධාරියා මෙම ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ද මෙම කමිටුවෙන් නිර්දේශ බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
 
 එමෙන්ම මේ සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් මාස තුනක් ඇතුළත ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා එම කමිටුවට උපදෙස් දී ඇතැයි ද ඔහු තවදුරටත් සඳහන් කළේය.
 
එමෙන්ම එම රිමාන්ඞ් සිරකරුවන් සම්බන්ධ කටයුතු වල දී රස පරික්ෂක වාර්තා ප්‍රමාද වීම් ඇත්නම් ඒ පිළිබඳව ද වැඩි දුර සොයා බලන්නැයි ද අදාල කමිටුවට උපදෙස් දී ඇතැයි එම නිලධාරියා තව දුරටත් පැවසීය.



අදහස් (4)

රිමාන්ඩ් සිරකරුවන් ගැන සොයන්න කමිටුවක්

de silva Thursday, 03 September 2020 02:09 PM

මරණ දඬුවම නියමවෙලා තිබෙන කුඩු මුදලාලිලාට එම දඬුවම ක්‍රියාත්මක කළානම් බන්ධනාගාරයේ ඉඩකඩ ලැබෙන අතර, ඉන්පසු ඔවුන් සිරගෙදර තුළ සිට ජංගමව දුරකථන භාවිතයෙන් කරන මහා පරිමාණ මත්කුඩු ජාවාරම් අවහිර වන නිසා අලුතින් හිරගෙදරට එන පුද්ගලයන් සංඛ්‍යාව අඩුවේවි..

:       0       112

sampath Thursday, 03 September 2020 05:35 PM

දඩ මුදල් වෙනුවට ප්‍රජා සේවාව ලබාදීම එක ක්‍රමයක්.

:       0       0

dhamneth Thursday, 03 September 2020 11:35 PM

බොහෝ දෙනා කියනවා දිනකට නඩු අසන කාලය දැනට වඩා දීර්ඝකල යුතුයි කියලා.

:       0       0

nimal Thursday, 03 September 2020 11:38 PM

කිසිම වරදක් නොකර කිසිදු සිද්ධියක් ඇති නොවි කිසියම් අයෙකුට එරෙහිව පොළිසියේ පැමිණිලි වරින් වර ගොණුකර කරදර කරයි නම් එයට ගතහැකි නිතිමය ක්‍රියාමාර්ග මොනවාද? පොලිසියේ ඉතා ඉහළ මටට්නිමේ නිධාරියෙකුගේ උදව් මත මෙසේ දිගින් දිගටම පෙලිසිවලට ගෙන්වා බොරු පැමිනිලි් දමා කරදර කරන්නේ නම්, එම පැමිනිලි විභාග කරන අදාළ පොලිසියේ නිලධාරි මහතාටද කරදයකි. රටේ වැදගත් වැඩවලට යෙදවිය හැකි කාලට මෙවැනි කිසිදු හරයකට නති හුදු පලිගැනිමේ චේතනාව මත ගොනු කරන පැමිනිලි විභාගයට ගතවේ. එයට සහභාගි වනලුද්ගලයන්ට රැකියාව කරගෙන යාමට නොහැකිවේ. දරුවන්ද එයට සම්බන්ධ කර පැමිනිලි ගොනුකර ඇත්නම් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වේ. මානසික පිඩනයක් ඇතිවේ. වයසක අයට එරෙහිව මෙලෙස බොරු පමිනිලි දමා බිය ගැන්ව්මට මරණය ඉක්මන් කිරිමට සැළසුම් කිරිමෙන් එය අයටද වන්නේ අගතියකි. මෙවැනි බොරු කිසිදු හරයක් නැති පැමිනිලි දැමිිම වලක්වන්නේ කෙසේද? මෙම පැමිනිලි වල අවසානයක් නැති තැන තැන පොලිස් නඩුවක් ගොනු කරද, එය අවසන් වු වහාම නැවත පැමිනිලි දැමිමට පටන් ගෙන ඇතිනම් කල යුත්තේ කුමක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1135 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 2038 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 678 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1851 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 962 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4219 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 397 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site