IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රෝමින් බිල ලක්ෂ 32යි

ජංගම දුරකතනයට රෝමින් පහසුකම ලැබූ පුද්ගලයකු විසි හතර පැයකදී රුපියල් තිස් දෙලක්ෂයක දුරකතන බිලක් නොගෙවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශයෙන් පරීක්ෂණ පවත්වන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී කියැවිණි.

මහනුවර දිගන පදිංචි මුජහිදීන් මොහොමඩ් මෂාරෆ් එම දුරකතන බිල නොගෙවූ බවත්, විසි හතර පැයකට අඩු කාලයකදී ඇමතුම් 501ක් ලබාගෙන ඇති බවත් දුරකතන සමාගම අධිකරණයට දැන්වීය.

සැකකරුගේ නීතීඥවරයා උසාවියට දැන්වූයේ ඔහු සිම් කාඩ්පත ඉතාලියේ වාසය කරන ඔහුගේ නෑයකුට දුන් බවයි.

ඔහු එම සිම් කාඩ්පත කිසි දිනක පාවිච්චි නොකළ බව ද කියයි.

එහෙත් සමාගම කියා සිටියේ තෙවැනි පාර්ශවයකට සිම් කාඩ්පතක් දිය නොහැකි බවයි.

ඔක්තෝබර් පළමුවැනිදා සැකකරුට චෝදනා ගොනු කරන්නැයි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලිසියට දැන්වීය.

 

 



අදහස් (0)

රෝමින් බිල ලක්ෂ 32යි

නයන ශ්‍රී Wednesday, 19 June 2013 04:44 AM

රෝමින් බිල් ඔහොම තමයි. අදාල රටේ දුරකථන සමාගම් වල ගාස්තු අනුවයි බිල් හැදෙන්නේ. (නි)

:       0       0

චානුක රණවීර Wednesday, 19 June 2013 12:10 PM

මේ නිකන් බොරුකියන්න එපා හෆිස් නිකමට මේ වෙබ් සිතේ 1 දිනකට කියක් එනවද? සිංහල කියල එකක් නේ වැරදි කාරයනම් මොකෙක් හරි . එත් අපි ජාති වාදියෝ කියල කියන එකට මම සතුටුවෙනවා (අ)

:       0       0

ලන්කපුත Tuesday, 18 June 2013 06:10 PM

ලාබෙට රෝමින්ග්, දිනක බිල ලක්ෂ විසි හතරයි. ලාබයි නේද ?(නි)

:       0       0

නදී Tuesday, 18 June 2013 06:12 PM

ලක්ෂ 32 ක් බීල නගිනකම් දුරකථන සමාගම මොනවා කළාද? කොච්චර අයගේ ජංගම දුරකථන නැතිවෙනවද දවසකට, එහෙම එකේ බිල රු 20,000 පනිනකොටම සේවය ඉබේම විසන්ධි වන ආකාරයට පද්ධතිය හදාගන්න දුරකථන සමාගමත් දැනගන්න ඕනෑ. එම ප්‍රමාණයට වඩා දුරකථන ඇමතුම් ගන්න අයට දුරකථන සමාගමේ කෝල් සෙන්ටර් එකකට කතා කරලා විශේෂ අවසරයක් යටතේ නැවත සබදතාව ලබා දෙන්න ඕනෑ. (නි)

:       0       0

ලන්කපුත Tuesday, 18 June 2013 06:14 PM

පැය 24 ද ලක්ෂ 32, පැයට ලක්ෂ 1.4, විනාඩියට රුපියල් 2350ක්...??(නි)

:       0       0

සුරන් Tuesday, 18 June 2013 06:14 PM

ඕනෑම ආයතනයක පසු ගෙවුම් පැකේජ වල බිල්පත් ගනනය වෙන්නෙ පැය 24 කට පස්සේ. පැය 24ක් තුල මේ වගේ ඇමතුම් ගත්තම පහුවෙනිදට තමා බිල් වෙන්නේ. ගොඩක් අය හිතනවා මේ වගේ දේවල් වලට නිතිය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ කියලා. ඒ නිසා , බය නැතුව මෙහෙම දේවල් කරනවා. මමත් අවුරුදු 5ක් දුරකතන සමාගමක නීති අංශයේ හිටියා , මුස්ලිම් අයට නම් මේවා සුළු දේවල්. ඉස්සර නඩු 100ක් ආවොත් 80ක් මුස්ලිම් (නි)

:       0       0

සහන Tuesday, 18 June 2013 06:13 PM

මේ අයට මොලේ නැති එකයි අඩුපාඩුව... (ස)

:       0       0

සෑම් Tuesday, 18 June 2013 06:16 PM

නම මුජහිඩීන් නේද? ක්‍රියාවෙනුත් ඒක ඔප්පු කරලාම තියෙන්නෙ?(නදී)

:       0       0

ජ.හේරත් Tuesday, 18 June 2013 06:15 PM

මෙයාලව විශ්වාස කරන්න අමාරුයි. මේ ගැන හොඳට හොයන්න තියෙන්නේ (නි)

:       0       0

මෝරලා Tuesday, 18 June 2013 06:16 PM

දෙයියෝ සාක්කි. වෙච්ච වැඩක්, අනේ කාට කියන්ටද ? මේ වාගේ ආයතන තියෙනකන් අපිට වාසි නේද?(නි)

:       0       0

රාජා Tuesday, 18 June 2013 06:16 PM

නදී හරි. අපේ සමහර සේවාදායකයෝ ඔක්කොමට වඩා හපන්, සේවා සපයන්නො ඊටත් වඩා හපන්.(නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 18 June 2013 06:17 PM

මම හිතන්නේ පිටසක්වලවල් කිහිපයකට කතාකරන්න ඇති. නැතුව මෙච්චර බිලක්.(නදී)

:       0       0

ඔස්ටින් Wednesday, 19 June 2013 07:00 AM

තමන්ගේ නමට ගන්න සිම් එක අනුන්ට දානවට හොද පාඩම්. (නි)

:       0       0

මහේෂ් Tuesday, 18 June 2013 06:19 PM

මිනිත්තුවකට රු 2222.22 යි.(නදී)

:       0       0

බබා Tuesday, 18 June 2013 06:20 PM

ඒ අනුව තත්පරයකට රු. 37.03 ක් බිලකි . මෙය විය හැකිද?(නි)

:       0       0

සෑම් Tuesday, 18 June 2013 06:19 PM

බසයක ගියත් සීට් කපන, මහජන දේපළ විනාශ කරන, ආයතනයකට මොනවා වුනත් ගානක් නැහැ කියලා සම්පත් විනාශ කරන මෙවන් අයට කිසිම සමාවක් දෙන්න එපා. (නි)

:       0       0

වරුණ Wednesday, 19 June 2013 07:46 AM

සිම් එක නීත්‍යනුකුලව ඉතාලි පුද්ගලයට පවරා නැත්තම් වැඩේ ටිකක් අමාරු වෙයි. වාහනයක් නීත්‍යනුකුලව පවරා නැතුව විකුණා තිබ්බොත් ගැනුම්කරු අතින් අනතුරක් වෙලා පැනලා ගියොත් උසාවිය විකුනපු පුද්ගලයාටයි ඉස්සෙල්ලා දඩ ගහන්නේ (නි)

:       0       0

යසීම් Wednesday, 19 June 2013 07:48 AM

රෝමින් පහසුකම ලබාගෙන තමන් ගිය රටේ සිට තවත් විදෙස් රටකට කතා කළ විට ගාස්තුව ගොඩක් වැඩියි.මෙයා ගිය රටේ ඉදන් ලංකාව හැර වෙනත් රටවලට කෝල් ගන්න ඇති. (නි)

:       0       0

සදුන් Tuesday, 18 June 2013 06:35 PM

අනේ මන්දා මට මගේ ජංගම දුරකථනය විසංඳි කරන්ඩ පුලුවන්ද. ඇග හිරි වැටුනා පුතේ.(නදී)

:       0       0

සිංහබාහු Wednesday, 19 June 2013 08:03 AM

ඇත්තටම විනාඩියට රුපියල් 2,222 අය කරන සමාගම මොකක්ද කියලා දාන්න පුලුවන්ද ? (නි)

:       0       0

සන්ජීව Wednesday, 19 June 2013 08:20 AM

ලිමිට් එක පැනනහම මොකද කැපුවේ නැත්තේ ඇහුවහම උත්තර නැහැ...මේක දැන් යම්කිසි ප්‍රසිද්ධ දුරකථන සමාගමක් කරන වංචාවක්,, මේ ගැන බලධාරීන් සොයා බලන්න.(අ)..

:       0       0

සංජීව Wednesday, 19 June 2013 08:26 AM

පැය 24 ඇතුලත ඇමතුම් ලක්ෂයක් ගත්තත් උපරිමය පැය 24 නේ. ඉතින් කොහොමද විනාඩියට රුපියල් 2222 අය වෙන්නේ. මේක වංචාවක් කියලා එතැනින්ම ඔප්පු වෙනවනේ. අගහරු ග්‍රහයාගේ ඉඳන්ද කතා කරලා තීන්නේ. මේ ලෝකෙනම් මොන රටේ ඉඳලා ගත්තත් බිල විනාඩියට රුපියල් සියයට වඩා අඩුබව තමා අපි දන්නේ. එතකොට බිලෙහි උපරිමය 144000 වගේ වෙන්නේ. වහාම වංචා වැළක්වීමේ දූෂණ මර්දන ඒකකයට දැනුම් දෙන්න. දුරකථන සමාගමට විරුද්දව නඩුවක් දාන්න පුළුවන් මේ කරන වංචාවට විරුද්දව.(නදී)

:       0       0

රමේෂ් Tuesday, 18 June 2013 07:13 PM

කතා කරන්න කලින් හිතන්න.(නදී)

:       0       0

කුසුම් Tuesday, 18 June 2013 07:14 PM

සාමාන්‍ය රෝමින් පහසුකම පිළිබද මිට පෙර මෙවන් ගැටළුවක් පිළිබද පුවතක් ලංකාදීප මෙහිම දුටුමි .එයින් පැහැදිලි වන්නේ අදාල සමාගම දැනුවත්වම පරි බෝගිකයා අමාරුවේ දම ඇති බවකි . මෙපමණ බිලක් එනකම් මෙවැනි සමාගම් කුමක්ද කලේ .(අ)

:       0       0

නසා Tuesday, 18 June 2013 07:51 PM

මමත් දුරකථන සමාගමක වැඩ කරන්නේ. මෙතන හොර වැඩක් වෙලා තියෙනවා නිසැකයි.(නදී)

:       0       0

ලාල් Wednesday, 19 June 2013 02:24 PM

බ්‍රහස්පති ග්‍රහයාගේ ඉන්න ඇල්බට් අංකල්ට කතා කළාද දන්නෙ නැහැ (නි)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 18 June 2013 09:15 PM

විදේශ රටක සිට පැය 24 ක් පවිචිකාරනම් මෙය සත්‍ය දෙයක් වන්නට පුළුවන් . අනික් කරුණ සිම් කාඩ් පතක් තව කෙනෙකුට දීම තහනම් . කොටින් විසින් මේ වගේ වෙන අයගේ නමින් සිම් කාඩ් පාවිච්චි කර ත්‍රරස්තවාදය වෙනුවෙන් පාවිච්චි කරා . කොහොම වුනත් බිල ගෙවීම සිම් කාඩ් පත හිමිකරුවා කර යුතුය . (අ)

:       0       0

සමන් Tuesday, 18 June 2013 09:23 PM

මොහෙමඩ් නම් ප්‍රශ්න. ප්‍රශ්න නම් මොහොමඩ් (අ)

:       0       0

සජිත් Wednesday, 19 June 2013 10:31 AM

සමන් ඔයා ගැන මට දුකයි මම හිතන්නේ මොහමෙඩ් ලා ගැන පල වෙච්ච එකම ආරංචි එක මේක (අ)

:       0       0

චානුක රණවීර Wednesday, 19 June 2013 10:47 AM

මේක ලේසියෙන් බලන්න හොදනැහැ. මුස්ලිම් ජාතියේ එක්කෙනෙක් නිසා මොහුට ජාත්‍යන්තර නුසුදුසු සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. හොදින් සොයා බලන්න (නි)

:       0       0

කුමාර Tuesday, 18 June 2013 10:53 PM

මොබයිල් කොම්පැනි වලින් මෙහෙම වංචා කරනවා. මටත් වෙලා තියෙනවා. අවුට් ගොයින් රු. 35 කියලා කියන පැකේජයකින් රු 260 ගානේ අය කළා. මාස දෙකක් තිස්සේ ඇපීල් කරලා රු. 32,000 ක බිල 12,000 අඩුකරගත්තා.(නදී)

:       0       0

කෝසල හසිත වළාකුළුආරච්චි Tuesday, 18 June 2013 11:11 PM

පැයට විනාඩි 60, දවසට පැය 24, දවසට විනාඩි 60*24 = 1440. එතකොට විනාඩියකට ය කිරීම 3,200,000.00 / 1440 = 2222.22, එතකොට මේ මනුස්සයා දවසම නිදගේනවත් නෑ. එක දිගටම කතා කරලා. අනේ මන්දා. (ස)

:       0       0

චානුක රණවීර Wednesday, 19 June 2013 11:18 AM

සජිත් ලංකවේ නෙවේ වගේ ඉන්නේ නේද සමන්.(නදී)

:       0       0

හාෆිස් Wednesday, 19 June 2013 11:45 AM

පැය 24 ඇතුළත බිල ලක්ෂ 32 කොහෙත්ම වෙන්න බැහැ. අනික ලංකාවේ ඉන්න ජාතිවාදීන් මුස්ලිම් අයට පන්න පන්නා ගහනවා. නමුත් සිංහල නම් තියන අය කලොත් වරදක් කිසිම සද්දයක් නැහැ (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 18 June 2013 05:50 PM

මාර බිලක් නේ. මෙචර බිලය එනකන් සමාගම උඩ බලාගෙන හිටියද?(නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 18 June 2013 05:51 PM

හාපොයි දෙයියනේ!(නි)

:       0       0

සෑම් Wednesday, 19 June 2013 02:57 AM

මම දුරකථන සමාගමක වැඩ කරන්නේ. මම දන්නා තරමට කොහෙටවත්ම මෙච්චර බිලක් එන්න විදිහක් නෑ. මෙයාගේ සම්බන්ධතාවය මොකක් උනත් හොරයක් තියෙනවා වගේ. රෝමින් වෙලාවේ දත්ත පාවිච්චි කලොත් නම් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්.(නදී)

:       0       0

නිල්මිණි Tuesday, 18 June 2013 05:52 PM

දවසක් ඇතුලත ඔය වගේ ගානක් යනකම් ආයතනය මොකද කළේ? අපේ නම් 2000 වෙනකොට කෙටි පනිවුඩ 20ක් විතර එනවා බිල කියලා(නි)

:       0       0

ජනක Tuesday, 18 June 2013 05:54 PM

පැය 24 ක් තුල මෙහෙම බිලක් එන්න පුලුවන්ද ?(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2553 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 435 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1744 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5106 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3418 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3770 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site