(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ලලිත් නවරත්න)
ආනවිළුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කිරිමට යොදා ගත් ඩෝසරය හා එහි ක්‍රියාකරු අද (28) අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි.
පසුගිය 25 දින සවස රැම්සා අභය භූමියට නීතිවිරෝධි ලෙස ඇතුළු වී ඉස්සන් ටැංකි ඉදිකිරිමේ අරමුණින් භූමියට හානි කිරිම සම්බන්ධව මෙම ඩෝසර්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු උඩප්පුව පොලිස් වසමට අයත් කිරියන්කල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදී මෙම විනාශයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් පිළිබඳව අනාවරණය වී ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වමින් සිටින බවත් ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (29) හලාවත අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම සැකකරුවන් හා ඩෝසර් යන්ත්‍රය අත්අඩංගුවට ගැනීමට ආරච්චිකට්ටුව පොලිසියේ බුද්ධි අංශය ද සහය දක්වා තිබිණි.
දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති
රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රැම්සා තෙත් බිම ඩෝසර් කළ ඩෝසර්කරු අත්අඩංගුවට
S.P.Suraweera Friday, 28 August 2020 01:32 PM
බුවනෙකබා රාජසභා මණ්ඩපය ඩෝසර් කළ අයට වෙන නීතියක්. මේ මිනිස්සු ඩෝසර් කරන්නත් ඉස්සෙල්ලා අත්අඩංගුවට..
Hafeel Friday, 28 August 2020 03:16 PM
පහුගිය මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුව හොරු ඇල්ලුවා වගේ තමයි . මේකත් ගෝඨා පාලනයේ එක රටක්, එක නීතියක්. ඊළඟ 2024දී තවත් මාතෘකාවක්... ඔහොම කාලය ගෙවී යනවා.
Sanath KandyFriday, 28 August 2020 06:52 PM
ඩෝසර්කරු නොවේ.., ඩෝසර් කරවපු පොහොට්ටු දේශපාලන බලවතා අල්ලන්න පුළුවන්නම්..
lalFriday, 28 August 2020 11:34 PM
දේශපාලනය ගැන මෙලෝදෙයක් නොදන්නවා වුණාට, උඩපැනගෙන පාන්දරම ගිහින් කතිර ගහපු මැටිමෝල්ලුන්ට හොඳ වැඩේ. එකඑක අයට එකඑක නීති. තියෙන සිවිල් හා අපරාධ නීති හැමෝටම එකක් නෙමෙයි කියලා ඇස්පනාපිට පේනවා..
LakmalSaturday, 29 August 2020 07:21 AM
ඩෝසර්කරු තමයි මේ සේරටම වැරදි. ඩෝසර්කරුවා එල්ලා මැරුවට පස්සේ ඔක්කොම හරි.
indika Friday, 28 August 2020 01:37 PM
මේ ක්‍රියාත්මක වන නීති කුරුණෑගල නගරාධිපතිට වලංගු නැත. මේ අත්අඩංගුවට ගත්තේ ඩෝසරය සහ රියදුරු පමණි. නියෝග දුන් රජයේ ප්‍රබලයෝ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වා උසාවි නියෝග ගනීවි. මේ නාටකයත් ජනතාව බලන් ඉන්නේ.
lanka Friday, 28 August 2020 01:46 PM
මේ ඩෝසර්කරු දවසේ කුලියට වැඩකරන සේවකයෙකු පමණයි. අත්අඩංගුවට ගත යුත්තේ මොහුට මේ කාර්ය පැවරූ තැනැත්තායි. ඔහු බොහෝවිට දේශපාලන බලවතෙක් විය හැකියි. ලංකාවේ නීතිය කොහොමත් පහත් තැනින් ගලන බැවින්, මෙවැනි සිදුවීමක් හැර වෙන දෙයක් බලාපොරොත්තු විය නොහැකියි.
Lal Friday, 28 August 2020 01:53 PM
ඔක්කොම තොත්ත බබාලා.. ඔච්චර දෙයක් වෙනකන් ග්‍රාමසේවක දන්නේ නෑ. ධීවර නිලධාරියා දන්නේ නෑ. ප්‍රාදේශීය සභාවේ අය දන්නේ නෑ. එතකොට ප්‍රාලේ එකේ ඉන්න ඉඩම් නිලධාරියා දන්නේ නෑ. මොන බොරුද? අපි දන්නැද්ද ඔය පැත්තේ ඉස්සො කොටු දාන හැටි.. සංවිධානාත්මක හොරු කියන්නේ මේ අයට තමයි.
සිරිබිරිස් Friday, 28 August 2020 02:12 PM
පුත්තලමේ එහෙම වුණාට කුරුණෑගල එහෙම වෙන්නේ නෑ.. ලංකාවේ අපේ ලංකාවේ...!!!
anuruddha Friday, 28 August 2020 02:15 PM
මාර වැඩක්නේ කරලා තියෙන්නේ...!!!
විජේ Friday, 28 August 2020 02:27 PM
පුත්තලං බූරුවන් ග්‍රවුන්ඩ් එකක් හදනවද දන්නේ නෑ...
අනුර Friday, 28 August 2020 02:32 PM
පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථාන සමතලා කරන අය අත්අඩංගුවට ගන්නේ නැතෙයි?
Nihal Friday, 28 August 2020 02:35 PM
ඩෝසරය විතරක් අත්අඩංගුවට ගත්තොත් මදිද?. මේක කියවන්න දන්නා සිංහල දන්න සුද්දො ඉන්නවා නම් මේ රට ලෝක සිතියමෙන් අයින් කරලා දායි මෙයාල හින්දා ලෝකෙටම ලැජ්ජයි කියලා.
Kuma Friday, 28 August 2020 02:44 PM
මා මේ පින් බිමේ නැවත ඉපදෙන්නට ඇති අකැමැත්ත දිනෙන් දින උත්සන්න වේ.
K Perera Friday, 28 August 2020 03:24 PM
රට යන අත නම් සුබවාදී නැත.
damith Friday, 28 August 2020 03:31 PM
මම නම් කියන්නේ මේ ඩෝසරේට තෙල්ගහපු එකත් අල්ලගන්න ඕනෑ. මේක කරන්න කියපු අය අහිංසකයි.
maheshSaturday, 29 August 2020 02:55 AM
ඩෝසර් එක හදපු කම්පැණිය තමයි වැරැදි.. ඉස්සොත් වැරැදියි.
SamareSaturday, 29 August 2020 04:54 AM
මේක නම් බරපතල දෙයක්... ඩෝසර් කළ කෙනාව අල්ලන්න ඕනේ. ඕක පිටරට හාපු එකක්.. ඒ කියන්නේ මේක තනිකර බටහිර කුමන්ත්‍රණයක්.. අපේ රටේ වනාන්තර විනාශ කරලා සංචාරක ව්‍යාපාරය නැති කරන්න ඉන්දියාව ගහපු ප්ලෑන් එකක් වගේ.. මේකට මෝදිවත් අල්ලන්න වෙනවා.
Champa Friday, 28 August 2020 03:41 PM
මේ විදිහට ඩෝසර් කරලා විනාශ කරන්න, ආනවිලුන්දාව ජලජ පක්ෂි අභය භූමිය කියන්නේ නිකම්ම නිකම් අභය භූමියක් නෙමෙයි. "1971 ඉරානයේ රෑම්සර් නගරයේදී" අත්සන් කරපු "ජාත්‍යන්තර වශයෙන් වැදගත් තෙත් බිම් පිළිබඳව, විශේෂයෙන් ජලජ පක්ෂි ජනාවාස පිළිබඳ සම්මුතියෙන්" ආරක්ෂා වෙන ජාත්‍යන්තර තෙත්බිමක්!!! ලංකාව මේ ජාත්‍යන්තර තෙත්බිම් සංරක්ෂණ සම්මුතියට අත්සන් කරලා තියෙන්නේ 1990 ඔක්තෝබර් 15 වෙනිදා. ඒ යටතේ (1). වසර 1991 දී බුන්දල ජාතික උද්‍යානය (2). වසර 2001 දී අන්නායිවිළුන්දාව (ආනවිළුන්දාව) වාපි අභය භූමිය (3). වසර 2003 දී මාදු ගඟ (4). වසර 2010 දී මන්නාරම, වන්කලායි තෙත්බිම් පරිසර පද්ධතිය (5). වසර 2010 දී කුමන අභය භූමිය සහ තෙත්බිම් සමූහය (6). වසර 2013 දී විල්පත්තු රැම්සර් තෙත්බිම් සමූහය සහ (7). වසර 2018 දී කොළඹ නාගරික තෙත්බිම් සමූහය සංරක්ෂණය කරගත යුතු තෙත්බිම් විදිහට නම් කරලා තියෙනවා. ආණ්ඩුව, මේ වගේ ඉපැරණි වැව් ඇල දොළ ආශ්රිත, ජෛව විවිධත්වයෙන් යුත්, දුර්ලභ තෙත්බිම් ලෝකේ කොහෙවත් නැහැ. වහල් ආණ්ඩුව අවුරුදු 5ටම විනාශ කළාට වඩා, මේ මාස 8ට මේ රටේ රක්ෂිත භූමි එක්කෝ ගිනි තියලා, නැත්නම් ඩෝසර් කරලා තියෙනවා...
Champa Friday, 28 August 2020 03:52 PM
පරිසර විරෝධී රාජපක්ෂ ඩෝසර් ආණ්ඩුවට, කොළඹ නාගරික තෙත්බිම් ටිකත් ඩෝසර් කරන්න ඉස්සෙල්ලා ලියන්නේ, "රෑම්සර් ජාත්‍යන්තර තෙත්බිම් සංරක්ෂණ සම්මුතිය" අනුව; (i) බැද්දෙගාන තෙත්බිම, (ii) තලවතුගොඩ දිය සයුරු තෙත්බිම, (iii) රාජගිරිය හීන් ඇල වගුරු බිම, (iv) කොළොන්නාව තෙත්බිම, (v) කෝට්ටේ තෙත්බිම, (vi) මාදින්නාගොඩ තෙත්බිම, (vii) මුල්ලේරියාව තෙත්බිම සහ (viii) තලංගම තෙත්බිම, "සංරක්ෂිත තෙත්බිම්" විදිහට නම් කරලා තියෙනවා. මේ කිසි දෙයක් ඩෝසර් කරන්න එපා. වහල් ආණ්ඩුව, රාජපක්ෂ මහත්වරු යුද අධිකරණය ඉදිරියට ගෙනියන්න ඕනේ කියන කොට මම ඊට විරුද්ධව ලිව්වා. හැබැයි මම අද කියනවා ලෝකයේ අන් කිසි තැනක නැති, අති දුර්ලභ ජෛව විවිධත්වයක් තියෙන, ලෝක උරුමයන් විදිහට සලකන ලංකාවේ මහා පරිසර සම්පත විනාශ කරන රාජපක්ෂවරු ජාත්‍යන්තර අධිකරණ ඉදිරියට ගෙන යා යුතුමයි කියලා...
Sanath Warsavithana- Bengamuwa Friday, 28 August 2020 03:55 PM
මේ පරිසරයට ඔක්සිජන් ඕනේ නැතෙයි... ඩෝසරය ඔක්සිජන් කනවැයි...?
jonana Friday, 28 August 2020 04:07 PM
කෝ මේ දේශබන්දු, ඩ්‍රයිවර් අල්ලලා වැඩක් තියනවද හලෝ?
Kamal Friday, 28 August 2020 04:32 PM
ඔය ඩෝසරේට තෙල්ගහපු පොම්ප ක්රියාකරුවත් අල්ලන්න ඕනෑ...
මුතියංගන නාඔටුන්න Friday, 28 August 2020 05:13 PM
රාජගිරියේ ඔබේසේකර පුර.... මහා තෙත්බිම පුරවලා තමා එක් මහා සඟරුවනක් සදහම් සෙවන හැදුවේ. වනජීවීන් නැත්තටම නැතිවෙලා ගියා.
ශ්‍රියානි අාරියාලතා Friday, 28 August 2020 05:15 PM
එතකොට සිංහරාජය මැදින් යන පාර කපන අය...
chandima Friday, 28 August 2020 05:21 PM
කුලියට වැඩකරපු ඩෝසර් කාරයයි, යකඩ ගොඩයි අත්අඩංගුවට අරන් ෆොටෝ ගහලා පත්තරේ දැම්මට තරු හම්බවෙන්නේ නැහැ. ඉස්සන් කොටුව හදන්න ගියා මුදලාලිව අල්ලන්න බලන්න. ආණ්ඩුවයි, මිනිස්සුන්වයි ගොනාට අන්දපු කාලේ ගියා..
Champa Friday, 28 August 2020 06:05 PM
මුතුරාජවෙල වගුරුබිම සහ බෙල්ලන්විල-අත්තිඩිය වගුරුබිම ඇතුළුව ලංකාවේ තියෙනවා සංරක්ෂිත ලෙස නම් කරපු වගුරු බිම් 41ක්.
මෝ Friday, 28 August 2020 08:25 PM
ජනාධිපතිතුමනි, ඔබතුමාට කෝචොක් එකට වගේ පරිසර විනාශය සහ පුරාවස්තු විනාශය සිදුකෙරෙනවා. ඔබතුමා මේ සිද්ධීන් වලට අතදාන්න. නැතිනං මේ ද්‍රෝහීන්ගේ රෝම කූපයකටවත් හානියක් නොවී මේ වැඩ ජයටම කරයි. කුරුණෑගලින් තමයි ආදර්ශය දුන්නේ...
මෝ Friday, 28 August 2020 08:26 PM
කෝ පරිසර ඇමති? ඔතැනට ගියාද අඩුගානේ. ඔය ඩෝසර් කාරයාගෙන් අහගන්න කවුද ඉහළින් ඉන්න නරුමයින් කියලා. පොහොට්ටුවේම කෙනෙක් ඇති.
මෝ Friday, 28 August 2020 08:30 PM
ජනාධිපතිතුමනි, පොහොට්ටුවේ හාල්පාරුවන් මේ විනාශකර දමන්නේ ඔබතුමාගේ සෞභාග්‍යයේ දැක්මයි. මෙහෙම ගියොත් රටම ආදරය කරන ඔබතුමා තව අවුරුද්දක්වත් දුවයිද කියලා සැකයි.
Sadin bayiya Friday, 28 August 2020 11:39 PM
අවුලක් නැහැ... සිංහරාජෙ ආමි එක දාලා වනසනවා. මහා මාර්ගෙ අය මම හිතන්නේ රට රකිනවා ඇත්තේ. ආමි එකෙන් කරන එකෙන්ම තේරෙනවා මේක රාජපක්ෂ ප්‍රොෙජක්ට් එකක්. කතා කරන්නේ නැතිව ඉන්න කියන එකයි. බදූර්දීන් කළොත් තමයි විනාසේ. කට්ටිය දඟලනකොට අපි දන්නවා. බදුර්දීන් රාජපක්ෂලා එක්ක ඉන්නකොට බැසිල්ගේ ආශිර්වාදය සහ අනුග්‍රහය යටතේ සිද්ධවෙනකොට ජාතික අපරාධ නොවේ. බදුර්දීන් විරුද්ධ පැත්තේ ඉන්නකොට ඒක සහගහන අපරාධයක්... කුලියට උඩපැන්න අයට දැන් විල්පත්තුවක් මතකත් නැහැ. සිංහරාජේ ගැන නම් වැඩක්ම නැහැ.
Perera Saturday, 29 August 2020 02:35 AM
ගොඨා සර්... එක නීතියක්...
සෑම් Saturday, 29 August 2020 03:25 AM
රාජපක්ෂ පවුල දන්නවා 69 ලක්ෂයක් වහල්ලුන්ට ඕක වැදගත් ප්‍රශ්නයක් නොවන වග. කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කළා 2/3 කින් දිනෙව්වා. සිංහරාජ වනාන්තරයේ කොටසක් ඩෝසර් කරනවා, එකට ඒක පෙන්නපු කෙනාට නඩු දැම්මා. ඒ නිසා වහල්ලුන්ට මොන රම්සා තෙත් බිම්ද?
rihan Saturday, 29 August 2020 03:49 AM
පව්, අහිංසක ඩෝසරයත් අත්අඩංගුවට අරන්. කොයි භාණ්ඩාගාරයට යවයිද දන්නේ නැහැ...?
Champa Saturday, 29 August 2020 04:32 AM
පොලිසිය මීමින්නෙක් අල්ලාගෙන. ඉස්සන් ව්‍යාපෘතිය පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂවරයෙක් නේද?. ජනාධිපති කාර්යාලයේ තිබ්බ රැස්වීමේදී නිලධාරීන් අතර සාකච්ඡාවේදී ඉස්සන් ව්‍යාපෘතිය විශාල වශයෙන් ක්‍රියාත්මක කරන්න කතා කළා. පුත්තලමේ ඉස්සන් වගාව ගැනත් කතා කරන්න ඇති. ඊට පස්සේ රෑ ආනවිළුන්දාව තෙත්බිමේ අක්කර 4ක් ඩෝසර් කරා. මේකට පොහොට්ටුවේ පුත්තලම දේශපාලකයින් සම්බන්ධයි. වහල් ආණ්ඩුව කාලේ ඉඳන් පුත්තලම කලපුව විනාශ කරගෙන, කඩොලාන කපාගෙන කරපු ඉස්සන් වගාවට විරුද්ධවව අපි කතා කළා. නමුත් වහල් ආණ්ඩුව එළවලා ගෙනාපු දේශප්‍රේමී ආණ්ඩුව ඊටත් එහා ගිහින් කඩොලාන ශාක තිබුණු විශාල බිම් ප්‍රමාණයක් ගිනි තිබ්බා. එහෙම කලේ එඩිතර රාජ්‍ය නිලධාරිනියක් ඊට විරුද්ධව කතා කළාටත් පස්සේ. මුළු රටම ඒ ගැන කතා කළා. නමුත් ජනාධිපතිතුමා නිශ්ශබ්දව හිටියා. හාමුදුරුවරු නොදැක්කා වගේ හිටියා. මේසා විශාල අක්කර 4ක රක්ෂිත තෙත්බිමක් විනාශ කරනවාද නිකම් පුද්ගලයෙක්? ඉහළින්ම ආපු ඕඩරයකට මිසක්. හරිම පිළිකුල් මහජනයා තිබ්බ විශ්වාසය කඩකරන හැටි. පරිස්සමට තිබ්බ දේ දැන් ඈලියාවට ගිහින්. මම දන්නේ නැහැ. මට කිව්වේ නැහැ. කෝ යන් බලන්න.
Piyal Saturday, 29 August 2020 05:24 AM
ඔය ඩෝසර් එක ලංකාවට ගෙනාපු එකාට උපරිම දඬුවම් දෙන්න ඕනෑ.
සමරේ Saturday, 29 August 2020 06:44 AM
ස්වාමීනී.., මේ අත්අඩංගුවට ගත් අය මේ සම්බන්ධයෙන් නිවැරදිකරුයි. වැරදිකරුවන් විය යුත්තේ මේ අපරාධය කිරීමට භාවිතා කල ඩෝසර් එක නිෂ්පාදනය කළ විදේශීය සමාගම සහ එය මෙරටට ගෙන්වූ ආයතනයයි. ඒ නිසා මොහුව ඇප මත නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමි...
සාරභූමි Saturday, 29 August 2020 06:51 AM
විල්පත්තුව රැකගනිමු... කට්ටිය මේකත් රැකගනිමුද?
ferna Saturday, 29 August 2020 08:26 AM
කොන්ද පණ, නීතිගරුක පොලිසියක් අපට සදා හීනයක්...
Prasad Saturday, 29 August 2020 06:11 PM
ශ්‍රී ලාංකික වැසියනි, දුන්නා නම් දැන් ඉතින් කාපල්ලා කියලා තමයි කියන්න වෙන්නේ.