(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනා ඇප මත මුදා හැරීමට විරුද්ධ බව නිතිපතිවරයා අභියාචනාධිකරණයට අද (27) දැනුම් දුන්නේය.
නිතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙලෙස දැනුම් දුන්නේ, කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනකු ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීය.
මෙම රිට් පෙත්සම, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (27) සලකා බැලිණී.
ඒ අනුව මෙම පෙත්සම ලබන 29 වැනිදා නැවත සලකා බැලිම සදහා දින නියම කෙරිණී.
කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු ගොනු කර තිබූ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියේ, නිතිපතිවරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසකි.
තෙල්මිල වැඩීවීම සම්බන්ධයෙන් රඹුක්කන ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණයක් අතරතුරදී ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු මියයෑමේ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇති නියෝගය නිතියට පටහැනි බව පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් දක්වා ඇත.
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රඹුක්කන එස්.එස්.පීගේ ඇප දීම නීතිපති විරුද්ධයි