IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රඹුක්කන සිදුවීමට ජනපතිගේ කණගාටුව

(නිපුන් ගරුක)

සාමකාමීව විරෝධතා කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඇති අයිතියට බාධාවක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

එමෙන්ම රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටු වන බව ට්විවර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කරයි.

මෙම සිදුවීම පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය අපක්ෂපාතී සහ විනිවිද භාවයෙන් පරීක්ෂණයක් පවත්වනු ඇති බවත් විරෝධතා පවත්වන විට ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ජනපතිගේ පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.



අදහස් (16)

රඹුක්කන සිදුවීමට ජනපතිගේ කණගාටුව

Shan Wednesday, 20 April 2022 01:57 PM

ගෝඨා... ඔය ටික රඹුක්කනට ගිහින් කියලා එන්නකෝ... හොඳ එක්කෙනා වගේ යන්නකෝ..!

:       6       88

ගමේ එකාලා Wednesday, 20 April 2022 02:04 PM

රට රකින්න ආ විරුවා, මුලු රටටම වින කෙරුවා. මුලු රටේම ජනතාව විතරක් නෙවෙයි, පිටරටවල ජීවත්වන සියලුම ලාංකිකයින් එක හඬින් කියන්නේ එකම දෙයයි. ගෙදර යන්න. ගෙදර යන්න කියලා...!

:       7       77

Aravinda Monarawila Wednesday, 20 April 2022 02:06 PM

දැන් කණගාටුව ප්‍රකාශ කරන්න එන්න එපා. තමුන් මේ දේට සම්බන්ධ නැතිනම් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතුයි.

:       0       72

ජනතාව Wednesday, 20 April 2022 02:09 PM

රට රකින්න ආ විරුවා. මුලු රටටම වින කෙරුවා. ඔය බොරු බේගල් අහන්න අපි ලෑස්ති නැහැ...

:       6       59

duplicate Ralahami Wednesday, 20 April 2022 02:20 PM

අපිට දැන් ජනාධිපති නැහැනේ... ඔය කවුද කියලා අපි දන්නවා.

:       2       58

Mahesh Wednesday, 20 April 2022 02:31 PM

රතුපස්වල නැවත රඟ දැක්වීම...

:       1       58

Kumara Wednesday, 20 April 2022 02:40 PM

කපුටා මරලා තට්ට ඇල්ලුවා කියලද හිතාගෙන ඉන්නේ?

:       1       48

Sk Wednesday, 20 April 2022 03:08 PM

ඔයා තාම ඉන්නවද?

:       1       40

රවීන්ද්‍ර Wednesday, 20 April 2022 03:16 PM

හැකියාව ඇති අයෙක් ඉක්මණින් බමුණු ආරච්චිට අමුඩ ලේන්සු ලොරියක් යවන්න. ආණ්ඩුවේ වැඩ නිසා මිනිහා අතීසාරය හැදිලා ඉතාමත් අමාරුවෙන් ඉන්නේ... බෙහෙත් ගන්න යන්නෙන් නැත්තේ රටට, ගමට මුහුණ දෙන්න බැරි නිසා කියලයි ආරංචි...

:       2       24

පිටිගල මිලානෝ Wednesday, 20 April 2022 03:28 PM

තමාට ඇමරිකානු අධිකරණයෙන් බේරුමක් නැත.

:       3       33

de silva Wednesday, 20 April 2022 04:44 PM

දැන් ජනතාව සමග පිළිසඳරේ යෙදෙන්න ගමට යන්නේ නැද්ද?

:       2       22

Rohana Wednesday, 20 April 2022 04:49 PM

අනේ මට වැරදුණා... වැනි පසුබසින කතා ජනාධිපතිවරයෙකුගෙන් කිසිසේත් බලාපොරොත්තු නොවේ. ඒ කියන්නේ බැරිකමම තමයි. ඉල්ලා අස්වීම නම්බුකාර දෙයක් ලෙස සිතන්න ඕකෙ එල්ලිලා ඉන්නවට වඩා...

:       2       17

ranjith Wednesday, 20 April 2022 04:57 PM

අහිංසක මනුෂ්‍ය ජීවිතයක්.. මේ පව් කරපු අයට පලදෙනවා.

:       2       21

sunil Wednesday, 20 April 2022 05:17 PM

ඔයා හැම එකකටම කණගාටුයි කියකිය ඉන්න මගේ අප්පච්චි. ඔයා සතුටු වෙන්නේ කවද්ද මගේ දෙයියෝ....!

:       2       12

උපුල් Wednesday, 20 April 2022 05:49 PM

"කණගාටු වෙනවා" අලුත්ම නාටකයක් පටන් ගන්න වගේ හදන්නේ...!

:       0       6

මංචනායක Wednesday, 20 April 2022 06:42 PM

රතුපස්වල දෙවැනි කොටස. කරපු අයට දිට්ඨධම්මවේදනීය කර්මය ඵලදෙනවා බලාගෙන ඉන්න...

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 766 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site