IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


රඹුක්වැල්ල පුතාගේ සුපිරි නිවාස දෙකක් තහනම්

(මනෝප්‍රිය ගුණසේකර)

බාල බෙහෙත් ජාවාරම් සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා විසින් රුපියල් කෝටි 16.5කට මිලදී ගත් බව කියන කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීරණයේ නිවාස දෙක පරිහරණය කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු  මංජුල තිලකරත්න මහතා තහනම් කළේය.

ලබන දෙසැම්බර් 18 දක්වා බලපැවැත්වෙන පරිදි අද සුපිරි නිවාස දෙකක පරිහරණය කිරීම තහනම් කරනු ලැබුයේ එම සුපිරි නිවාස  මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව සඳහන් කරමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.



අදහස් (37)

රඹුක්වැල්ල පුතාගේ සුපිරි නිවාස දෙකක් තහනම්

Kazi Shajahan Thursday, 19 September 2024 02:34 PM

ඔය තියෙන්නේ බඩු, හොර කපු සල්ලි වලින් ගත්තු දේවල්, ඇස් ඇරෙන්න මිනිස්සු නිකන් මැරුණා ඔයාලා හින්දා

:       2       215

ANURAThursday, 19 September 2024 05:42 PM

සුපිරි නිවාස මිලදිගෙන සිටිනා සියලු දෙනාගේ වත්කම් පිළිබඳ (නිවාස ලබාගැනීමට මුදල්) සොයාබැලීමක් කරන්න. සුපිරි නිවාසවල ජීවත්වන්නේ සුපිරි මිනිසුන් නොවන බවත් ඔවුන් සුපිරි වී තිබෙනුයේ කෙසේද යන්නත් සොයාගැනීමට හැකිවේවි...! රටේ බදු නොගෙවන කොපමණ පිරිසක් සුපිරි නිවාසවල සිටින්නේද කියා සොයා බලන්න. ඔවුන් බදු ගෙවන්නේ නම් ගැටළුවක් නොමැත...!

:       0       1

උකුස්සා Thursday, 19 September 2024 02:46 PM

පටන් ගන්න ඉස්සෙල්ලාම ඔය එන්නේ ප්‍රථිපල

:       21       200

ccc Thursday, 19 September 2024 02:50 PM

පාපතරයෝ මෙයාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ..

:       4       177

Mudalige Thursday, 19 September 2024 02:53 PM

හොර සල්ලි ද?

:       2       131

Lakmal- Katunayaka Thursday, 19 September 2024 02:54 PM

මුන් වගේ උන් වෙන රටක හිටියා නම් මරණ දඬුවම ලක්වෙලා... තවත් මුන් වගේ රටේම මිනිස්සු මහරගමට ඇද දාපු උන් රජකරවන්න දඟලන එකයි දුක.. ලංකාවේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි ඉදිරියේ දී හරියට

:       1       163

achni Thursday, 19 September 2024 03:10 PM

ඊළඟ මහමැතිවරණයට හොද සුදුසුකමක්

:       2       147

අරවින්ද මොනරවිල Thursday, 19 September 2024 03:28 PM

රඹුක්වැල්ල පුතාගේ වත්කම් අහුවෙන්නේ මිලියන ගණන් වලින් උනාට රාජපක්ෂ පුතාලගේ වත්කම් හෙවුවොත් බිලියන ගණනින් හම්බවෙයි.

:       98       127

සේපාලි Thursday, 19 September 2024 04:52 PM

බොරු කැටයම් ඕන නෑ මොනරේ. ඔබතුමාලගේ නායක සහෝදරයට රනිල් මහත්තය අවුරුදු 5කම දුන්නනේ ඒවා අල්ලන්න. ඇල්ලුවා හොරෙක් නැහැනේ. අන්න ආයෙත් මහින්ද මහත්තය කියල තියෙනවා ඔය කියන දේපල හොයා දෙන කෙනෙකුට ඒවා ලියල දෙනවා කියල. නරකද මෙතන වැලලෙන්නේ නැතුව උත්සාහයක් දාල බැලුවොත්?

:       38       102

සෙනෙවිරත්න Thursday, 19 September 2024 03:28 PM

කොටසක් ඒ ලඟටත් කොටසක් බී ලඟටත් ගාල් උනේ මේ වගේ උන් තමයි. ඒක නිසා තවත් පැය තිස් හයක් තියෙනව මුන් දෙගොල්ලම සිර ගෙවල් වලට යවන තීරණය ගන්න. දැන් බයෙන් සලිත වෙච්ච අය ඕනම දෙයක් කරාවි ,දැන්වත් අවබෝධයක් ගන්න

:       86       75

Lalla Thursday, 19 September 2024 06:45 PM

කවුරුත් සොරු තමයි. රතු කට්ටියගේ දරුවන්ට විදෙස්‌ගත අධ්‍යාපනය දෙන්න සල්ලි ඩේසි ආච්චි දුන්නාද?

:       1       0

ලසන්ත Thursday, 19 September 2024 03:29 PM

ඕවට ඔච්චර දඟලන්න ඕනෑ නැහැ.., මම දන්නේ නෑ.. රවී තියරිය දැම්මාම හරි..

:       0       52

සෙනෙවිරත්න Thursday, 19 September 2024 03:30 PM

ඔන්න මාසයක් ස්ටේජ් වල කියපුව වෙලාවට පෙන්නල දුන්න. දැන් මේ වගේ ඉතිරි උන්ටත් පාඩමක් උග්වන්න තවම ප්‍රමාද නැහැ

:       22       72

ලසන්ත Thursday, 19 September 2024 03:32 PM

හතර අත බැන බැන .. නිතර වැයෙනා පිය ගුණ .. විතර අබැටකි නැණ .. අතර මැද මූ වරිගෙ නහගෙන ..! ගිජුලිහිණි සංදේශය

:       1       58

Jayasekara Thursday, 19 September 2024 03:37 PM

මේ පල් හොරු කණ්ඩායම පන්නන මෙහෙයුම 21 දියත් කරමු

:       9       91

sam Thursday, 19 September 2024 04:21 PM

මුටත් තාත්තත් එක්කම කුරු ගණන් කරන්න උනාම, අනිත් හිර කරුවන්ගෙන් අතල් හම්බවෙන කොට, වාස් ගුනවර්දනට වගේ තේරේවි කරපු දේවල තරම.

:       1       54

m. saman perera Thursday, 19 September 2024 04:44 PM

225 ම සොර මුලක් . අනික් අය ගැනත් හොයන්න

:       1       40

wedage Thursday, 19 September 2024 04:46 PM

කෙහෙළියගේ දුවගෙත් හොරකම් බලන්න

:       4       61

RuhunuThursday, 19 September 2024 05:54 PM

කොටු පනින්න ඇවිත්...!

:       0       1

wedage Thursday, 19 September 2024 04:47 PM

රවියාටත් බඩුම තමයි

:       2       61

Shyam Thursday, 19 September 2024 05:08 PM

ඔය අයට මහතා කියන්න එපා....

:       0       1

පිටරටවැසියා Thursday, 19 September 2024 05:38 PM

කොල්ලුපිටිය සුපිරි මහල් නිවාස සංකීර්ණය ඉදිරිපසත් මල් ශාලාවක් තියෙනවා.

:       0       1

පිටරටවැසියා Thursday, 19 September 2024 05:45 PM

සේපාලි, ඔයා ඔය කියන නායක සහෝදරයා මේ ළඟක දී රූපවාහිනී වැඩසටහනකදී දීර්ඝ පැහැදිලිකිරීමක් කලා එවකට තිබුණු දුෂණ විරෝධී කමිටුවේ කාර්යභාරය සම්බන්ධව. පොඩ්ඩක් ඒක U-TUBE එකෙන්වත් බලනවද? එතකොටවත් ඔයාවගේ අයගේ ඇස් ඇරෙයි. එහෙම නැතිනම් වසර 76ක් රට කාපු එවුන්, තවදුරටත් උඩ පැන - පැන රට කාවි ...

:       0       1

ජගත් ලියනගේ Thursday, 19 September 2024 06:02 PM

ඔය පටන් ගැන්ම. ඉදිරියේදී අලුතින් පත්වන නව ජනාධිපති යටතේ, 225 න් සෑහෙන කොටසකට , මහ උළු ගෙදරට යන්න ලෑස්ති වෙන්න.

:       0       1

Oscar Thursday, 19 September 2024 06:16 PM

බුවා සිංගප්පූරුවට ගිහින් මහජන බදු මුදලින් ගෙවපු මුලු රෝහල් බිල අයකරගන්න සහෝදරයා...!

:       0       1

සෙනෙවිරත්න Thursday, 19 September 2024 06:40 PM

සේපාලි, ඒ කාලේ වෙච්චි දේවල් නොදෙන්නවා වගේ කතා කරන්න එපා, නඩුප්‍රමාදය, නඩුවල අඩුපාඩු හිතාමතා කරලා හොරු බේරුවා, ඒක නිසා ඔය කතාව ඔයා ඡන්දෙ දෙන රනිල්ටම කියන්න. ඔයා කෙහෙලිය සුද්ද කරනවාද?

:       0       1

අරවින්ද මොනරවිල Thursday, 19 September 2024 06:59 PM

ඔයා ආයේ මුල ඉඳලාම ඉස්කෝලේ යන්න සේපාලි නගෝ...!

:       0       1

Nihal Thursday, 19 September 2024 07:00 PM

බොහෝ දේශපාලකයින් වගේ නවසීලන්තයෙන් ගත්තා නම් හරි කිව්වාට බෑ. මිනිස්සුන් මරලා, හොරකම්කරලා ගත්තු සල්ලිනේ..!

:       0       1

Nandana Thursday, 19 September 2024 07:06 PM

හොර හැත්ත... නුඹලාගේ පවුලම සාප වේවා...!

:       0       1

Nimal Thursday, 19 September 2024 07:37 PM

ඉදිරිය ගැන හිතලා කලින්ම වැඩ අල්ලා වගේ

:       0       1

Pat Friday, 20 September 2024 12:22 AM

ඇමෙරිකාවේ ඉන්න වයිෆ් නැතලි ගුණවර්දනගෙන් දෑවැද්දට ලැබුනා කියයි.

:       0       3

Nishan Friday, 20 September 2024 03:51 AM

නියමයි රනිල්....

:       0       1

පිටරැටියා Friday, 20 September 2024 04:10 AM

සිෂ්ඨ සම්පන්න නීති ගරුක රටවල ඔය වගේ දූෂිතයෝ නැහැ. ඒකටත් එක්ක ලන්කාවේ. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කන දූෂිත දේශපාලුවන් ඉන්නේ...!

:       0       1

Ruwan Friday, 20 September 2024 07:04 AM

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු කෙහෙළිය සහාය දක්වන්නේ කුමන පක්ෂයකටද යන්න නිවැරැදිව පවසා නොමිලයේ ඇසට දැමීම සඳහා බෙහෙත් කුප්පි දිනා ගැනීමට ඔබත් අදම කටයුතු කරන්න...

:       0       1

Jayamanna Friday, 20 September 2024 07:36 AM

රත්වත්තේ අයට සල්ලි පරම්පරාවෙන්ම තියෙනවා. මම නුවර.. හොරකනුත් කරන්න ඇති... ඒ වුණාට ඒ කාලෙ ඉඳන් සල්ලි තියෙනවා. ජවිපයේ හිඟන්නු නෙවෙයි ඒ මිනිස්සු...

:       2       1

ජනරළ Friday, 20 September 2024 07:48 AM

තව මිථ්‍යාවක් තියෙනවා. සේපාලි කියලා කෙනෙක් කියන විදියට මේ චෝදනා බොරු කතාලු. මොකද මහින්දගේ හොරකම් අල්ලන්න රනිල්ට බැරි වුණු හින්දා. තේරුම් ගන්න රනිල් මහින්ද දෙන්නම බලය ඉල්ලන්නේ අනිකාගේ හොරකම් අල්ලනවා කියලා. බලය ගත්තාට පස්සේ හොරකම් අල්ලනවා කියලා කරන්නේ බොරුව. මොකද දෙන්නාම නෑදෑයෝ නිසා. නැතුව හොරකම් නැතුව නෙමෙයි. හොරකම් කළා මිසක් දෙන්නාම හොරකම් අල්ලනවා කියලා කරේ බොරුව. හැබැයි මේ කොල්ලව නම් ඕනෑ කෙනෙකුට මුනත්තහඩුව දැක්ක ගමන් කියන්න පුළුවන් මහා පට්ට පල් හොරෙක් කියලා. අපේ පැත්තේ කෙහෙල් කැන් කපපු හොරෙක් හිටියා මේ වගේනේ.

:       1       2

ගමේ එකාලා Friday, 20 September 2024 01:03 PM

අලිබබා සහ හොරු හතළිහම හොරු. රටම හොරා කාලා විනාශ කරපු එවුන්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

උද්ධමනය ඉහළට
2025 අප්‍රේල් මස 21 0 0

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.


’’ජනපති තවත් පොරොන්දුව කඩකළා’’
2025 අප්‍රේල් මස 21 34 0

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 280 1

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 344 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 333 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 191 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site