IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රියදුරයි කොන්දොස්තරයි හිමිනමට ගහති

කොළඹ සිට ඇඹිලිපිටියට ධාවනය කෙරුණු පෞද්ගලික බසයකදී හිමි නමකට පහරදී බිමට ඇද දැමූ බව කියන බසයේ කොන්දොස්තර සහ රියැදුරු ගොඩකවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

පහර දීමෙන් අතකට සහ හිසට තැළුම් තුවාල වී කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබන්නේ ශ්‍රී විමලාරාමාධිපති සෙවනගල ඥානවිමල හිමියන්ය.

බස් රථයෙන් දුන් ටිකට්පත අපහැදිලි බැවින් වෙනත් ටිකට් පතක් ඉල්ලුවැයි පහරදීම කළ බව ඥානවිමල හිමි පොලීසියට පැමිණිලි කරමින් කියා ඇත.



අදහස් (0)

රියදුරයි කොන්දොස්තරයි හිමිනමට ගහති

කමල් Friday, 10 May 2013 07:48 PM

වැඩිහිටි ආගමික නායකයන් අදුරන්නේ නැති අය තමයි මේ වගේ පහත් වැඩ කර කර පුද්ගලික බස් වල වැඩි හරියක් වැඩකරන්නේ. මේ වගේ අයට මරණ දඩුවම දිය යුතුයි.(නදී)

:       0       0

රන්දි Friday, 10 May 2013 07:50 PM

මනුෂ්සත්වයක් ලබලා මෙලොව ඉපදුනාටත් ලැජ්ජයි. තමන්ගේ රටේදී මිනිසුන් මෙහෙම භික්ෂුන්ට නිගා කරද්දී පිට රට්ටු කරන එක අලුත් දෙයක් නොවේ.(නදී)

:       0       0

සඳුන් Saturday, 11 May 2013 09:26 AM

හාමුදුරුවන්ගේ මොනවා හරි වරදක් තිබුනානම් කරන්න තිබුනේ පහර දීමද? බසයේ මිනිස්සු නිහඩව සිටියේ මන්ද ? සමහරවිට හාමුදුරුවන්ගෙන් වරදක් වෙන්න පුළුවනි. (ස)

:       0       0

ඉරෝකා Saturday, 11 May 2013 09:27 AM

අහෝ, මේ ධර්මද්වීපය !(ස)

:       0       0

සඳුන් Saturday, 11 May 2013 09:41 AM

ඇඹිලිපියියේ මිනිසුන් ගැන වැරදි අදහස් දාන්න එපා. මහේෂ් මේ ඇඹිලිපිටියේ කථාවක් නොවේ. (ස)

:       0       0

මුතුකුඩ Friday, 10 May 2013 08:22 PM

මේ හිමිනමට හිරිහැර කරන්න, ගහන්න තරමි දෙයක් එතන වෙලා නැහැනේ. සංඝයා වහන්ෙස්ලාට පුජක පක්ෂයට ගරු නොකරන සමාජ ක්‍රමයක් අද පවතින්නේ.(නදී)

:       0       0

අසංග Saturday, 11 May 2013 10:05 AM

නියාස් ඔයත් උඩු බුරනවා වැඩියි. ඔයාලයි ආගම් වලට අගෞරව කරන්නේ.(නදී)

:       0       0

ගාමිණී- සිරි Friday, 10 May 2013 08:29 PM

මේකත් ජාති වාදී කුමන්ත්‍රණයක්. රියදුරයි, කොන්දයි මොන වර්ගයේද?(නදී)

:       0       0

අතලේ සුමන හිමි Saturday, 11 May 2013 10:26 AM

138 පිටකොටුව හෝමාගම ‍/ කොට්ටාව බස් වලත් ටිකට් දෙන්නේ නැහැ. ඉතින් අනෙක් පලාත්වල කුමන කථාද. ඉතුරු සල්ලි දෙන්නෙම නැහැ. විශේෂයෙන් හාමුදුරුවරුන්ට ඉතුරු සල්ලි දෙන්නේ නැහැ. හාමුදුරු වරු ගොඩවෙලාවට ඒවා ඉල්ලන්නේ නැහැ. මට හැමදාම ඉතුරු සල්ලි ලැබෙන්නේ නැහැ. දවසක් 350 ටිකට් එකට මම 500 ක් දිලා ගියා එයා ඉතුරු සල්ලි දුන්නේත් නැහැ මටත් අමතක වුනා. ඊලග සතියෙත් මම ඒ බස් එකේ මයි ගියේ. ඉතුරු සල්ලි මතක් කළා නමුත් ලැබුනේ නැහැ.කොන්දොස්තරල සල්ලි ගන්නේ නැති අයත් ඉන්නවා.(නදී)

:       0       0

ෂපීක් Saturday, 11 May 2013 10:37 AM

හිමි නමට මෙසේනම් සාමාන්‍ය අපට කිනම් කතා.(නදී)

:       0       0

හේරත් Friday, 10 May 2013 09:22 PM

බය වෙන්න එපා. ඔබ වහන්සේට ගමේ ඉස්පිරිතලේදී ඉක්මනට සනීප වේවා. අර හොර දෙටුවන් නවලෝකෙට ඇතුළු වේවි. ගමේ අය මුන් දෙන්නට ඔය පාරේ යන්න ඉඩ දෙන එකක් නැහැ.(නදී)

:       0       0

සමන් Saturday, 11 May 2013 10:55 AM

සඳුන්, මගේ අම්ම තාත්ත මට තියපු නම ඔය කොහොමද වෙනස් කරන්න කියන්නේ.(නදී)

:       0       0

ශාන් Saturday, 11 May 2013 08:54 PM

විජේරත්න, නැහැ නීති පන්සිල් රකින අයලු. මස් මාංශ කන්නේ නැති කට්ටියක්ලු.(නදී)

:       0       0

සමීර සාලින්ද Saturday, 11 May 2013 11:03 AM

අපිට නම් මේක මහ දෙයක් නෙමෙයි, ඔය කට්ටියන්ට ඕක මහ දෙයක් වුණාට. මොකද හාමුදුරුවරු දැන් හැසිරෙන සීමාව ඉක්මවලා. (නි)

:       0       0

ජයසේන Friday, 10 May 2013 09:46 PM

බස් එකේ හිටිය මිනිස්සු වෙන රටකද?  කොන්දට දෙකක් දෙන්න තිබුනනේ.(නදී)

:       0       0

ශාන් Saturday, 11 May 2013 11:28 AM

දැන් හාමුදුරුවරුන්ට මොනවද මේ සිද්ධ වෙන්නේ? (නි)

:       0       0

ශාන් Saturday, 11 May 2013 11:28 AM

දැන් හාමුදුරුවන්ට මොනවද වෙලා තියෙන්නේ? නිකං උපහාසයට ලක්වෙනවා. (ස)

:       0       0

යොහාන් Friday, 10 May 2013 09:55 PM

කෝ මේ බල හමුදාව? (නි)

:       0       0

නිසා Saturday, 11 May 2013 11:37 AM

නියාස්, අන්‍ය ආගමිකයන්ට හිරිහැර කරන්නේ බෞද්ධයෝ නෙමෙයි. ඔයා පොඩ්ඩක් ඇස් ඇරලා ලෝකය දිහා බලන්න (නි)

:       0       0

දාසානායක Saturday, 11 May 2013 11:37 AM

සමන්, හාමුදුරුවන්ට ගැහුවේ ඔය වගේ ආගමක්, දහමක්, සදාචාරයක් අම්මෙක් අප්පෙක් නැති තිරිසන්නු දෙන්නෙක්. ඒ වගේම ඵෂල් අහමඩ් කට පරිස්සමෙන් කතා කෙරුවොත් හොදයි. අපි මැරිලා නැහැ.(නදී)

:       0       0

දිසානායක Saturday, 11 May 2013 11:37 AM

හාමුදුරුවන්ට ගැහුවේ නම් ආගමක් දහමක් සදාචාරයක් අම්මෙක් අප්පෙක් නැති තිරිස්න් ගති ඇති දෙන්නෙක්.. (ස)

:       0       0

දිසානායක Saturday, 11 May 2013 11:37 AM

සමන්, හාමුදුරුවන්ට ගැහුවේ ඔය වගේ ආගමක් දහමක් සදාචාරයක් අම්මෙක් අප්පෙක් නැති තිරිසන්නු දෙන්නෙක්. ඒ වගේම ඵෂල් අහමඩ් කට පරිස්සමෙන් කතා කෙරුවොත් හොදයි.(නදී)

:       0       0

මහේෂ් Friday, 10 May 2013 10:01 PM

කොහොමත් දැන් ඇඹිලිපිටිය පැත්තේ අය දන්නේ මිනී මරන්නයි, ආගම් පාවා දෙන්නයි විතරයිනේ.(නදී)

:       0       0

අබුනාචිම් Saturday, 11 May 2013 11:40 AM

හාමුදුරුවරුන්ට සලකන විදිය දන්නේ නැති මිනිසුන් බොහෝ දෙනෙක් සිංහල මිනිසුන් අතරම ඉන්නවා. ඔයා මේ බව දන්නේ නැද්ද. ඔය රියදුරාත් කොන්දාත් සිංහල කෙනෙක් මම නම් කියන්නේ. මොකද අන්‍ය ආගමිකයින් කවදාවත් හාමුදුරු කෙනෙකුට අපහස කරන්න නම් හිතන්නෙම නැහැත මොකද අපි එච්චර මෝඩ මිනිස්සු නෙමෙයි.(නදී)

:       0       0

නිමල්ලලිත Friday, 10 May 2013 10:05 PM

මේ බුස් රටයේ සිටි අනිත් මගීන් අබ්බගාතයෝද? හාමුදුරු කෙනෙකුට නෙමෙයි, මගියෙකුටවත් මෙහෙම ගහලා බස් එකෙන් ආදලා දාන්න දෙනවද? (නි)

:       0       0

විරාජ් Friday, 10 May 2013 10:09 PM

මේ බස් එකේ මිනිස්සු ඉදලම නැද්ද මෙච්චර කරදරයක් කරනකල්? අම්මපා මුන් මනුස්සයෝද? පොලිසි දාලා උසාවි දාලා ඇප අරන් දාලා වැඩක් නැහැ. ප්‍රසිද්ධියේ සමාව ගන්න කියන්න ඕනෑ හාමුදුරුවන්ගෙන් (නි)

:       0       0

සිසිර Friday, 10 May 2013 10:14 PM

කෝ මේ ගැමුණු.(නදී)

:       0       0

සමන් Friday, 10 May 2013 10:22 PM

කවුරු කළත් හොද වැඩක් කරලා තියෙන්නෙ. දවසක ලංකාවේ බුදුදහම වනසන්නේ ඔය සිවුර දාගත්ත අය තමයි (නි)

:       0       0

විජේරත්න Friday, 10 May 2013 10:35 PM

මේ දෙන්නා තම්බිද දන්නේ නැහැ (නි)

:       0       0

සුජානි Friday, 10 May 2013 10:35 PM

ඉන්දීය ජනතාව හොදයිනේ. ගැහුවට රෝහලට ගියේ නැහැ නොවැ. අපේ රටේ මේ මොනවාද වෙන්නේ? අනිවාර්යෙන්ම මෙම බසයේ හිමිකරු දේශපාලන නායකයකු වෙන්න පුළුවන්. දැන් ඉතින් අපේ රටේ අය ලෝක ප්‍රජාවට මොනවාද කියන්? (නි)

:       0       0

මුතුකුඩ Friday, 10 May 2013 10:36 PM

ගාමිණි සිරි රියදුරයි කොන්දොස්තරයි මනුස්ස වර්ගයේ.(නදී)

:       0       0

ආනන්ද ආර් Friday, 10 May 2013 10:37 PM

නීතියක් නැති සදාචාරයක් නැති සමාජයක තරම. (නි)

:       0       0

නිසාර් Saturday, 11 May 2013 01:07 PM

ඔය අදහස් පත්තෙර් ඔහොම දැම්මට සිංහල අය ඔක්කොම හැමදුරුවන්ට බනිනවා. මම යනකොටත් දවසක් නුවර කොළොඹ බස් එකක සිංහල කොල්ලෝ ටිකක් මොකක්දෝ ප්‍රශ්නයකට තට්ටේ පලනවා කිය කියා ලොකු ප්‍රශ්නයක්. පොලිසියට බස් එක යනකන් අනිත් අය කරබාගෙන හිටියා. (නදී)

:       0       0

පද්මිණි Saturday, 11 May 2013 11:41 PM

මේ හරියේ නේද අර කුඩුකාරයෝ ඉන්නේ? කහවත්ත කිව්වම දැන් අමු සොහොනක්නේ. (නි)

:       0       0

මෝහමෙඩ් Saturday, 11 May 2013 01:39 PM

බස් එකේ වෙන කව්රුත් හිටියේ නැද්ද? වැරද්දක් තියනව නම් ඒකට හැසිරෙන්න විදියක් තියනවා. අනේ අම්මප මම හිටියා නම් අත් දෙක කපලා තමයි පස්ස බලන්නේ.(නදී)

:       0       0

සිල්වා Friday, 10 May 2013 11:17 PM

උදේ හවස බණ අහන සංඝයා වන්සේලාට ගරු සරු කරන ආසියාවේ ආශ්චර්යවත් රටේ කොහොමද මෙහෙම වෙන්නේ? (නි)

:       0       0

ලොවින් Sunday, 12 May 2013 12:16 AM

දිසානායක, වැඩිය දඟලන්න එපා. (නි)

:       0       0

මින්සු Sunday, 12 May 2013 12:21 AM

සඳුන් ඇයි චන්ඩියෙක්ද? (නදී)

:       0       0

දීන් අලුත්කඩේ Sunday, 12 May 2013 12:26 AM

දිසානායක, ආයුෂ අඩු කරගන්න එපා. ප්‍රවේශම් වන්න (නි)

:       0       0

දිසානායත Friday, 10 May 2013 11:32 PM

මුතුකුඩ මට තියන ප්‍රස්නේ ඔය බස් එකේ එක පිරිමියෙක්වත් නොහිටිය එකයි. සිංහල ලේ තියන කව්රුවත් ඉදලා නැද්ද?(නදී)

:       0       0

දාසානායක Friday, 10 May 2013 11:34 PM

හේරත් ඒක එහෙම නොඋනොත් ඔය ගමේ මිනිස්සු හිවල්ලු වෙන්න ඕනේ.(නදී)

:       0       0

රංජනී Sunday, 12 May 2013 02:02 AM

මහා ලොකු වරදක්ද? හරිනම් සල්ලි ගන්න වටින්නේ නැහැ.බුද්ධාගමේ මිනිස්සු වෙන්න බැහැ. (නි)

:       0       0

දාසානායත Friday, 10 May 2013 11:35 PM

මගේ ඇගේ මාලු නටනවා.(නදී)

:       0       0

මිලාන් Saturday, 11 May 2013 02:22 PM

මොකක් හරි වරදක් කරපු නිසා ගහන්න ඇති. අනික චිවරයට ඇන්දට හිමිනමක් හොද වෙන්නේ නැහැ. ඔය චිවරය ඇදන් මොනතරම් වැරදි වැඩ කරනවද?(නදී)

:       0       0

ඉස්මාලි Sunday, 12 May 2013 07:19 AM

ගැමුණු මහත්තයා, ඔයා‍ට පුළුවන් නම් නීතියක් ගෙනෙන්න හමුදුරුවන්ගෙන් සල්ලි ගන්න එපා කියලා. (නි)

:       0       0

චන්දි Saturday, 11 May 2013 03:21 PM

අනේ ඔය දෙන්නත් හෙට නිදහස් කරාවි ඇප දීලා නේද ? (ස)

:       0       0

රොෂාන් Saturday, 11 May 2013 03:27 PM

හැමදේටම වැරදි බස් සේවකයින් පමණද? හාමුදුරුවන්ට පහර දුන්න කිවුවම සංවේදියි. හැබැයි මේ හාමුදුරුවෝත් බස් සේවකයින්ට පහර දුන්නද දන්නෙ නැහැ. (නි)

:       0       0

සදුන් Sunday, 12 May 2013 08:05 AM

පද්මිණි මේක වෙලා තියෙන්නේ කහවත්තේ නෙමෙයි වෙන දිහාවක. පුවත ලියා තියෙන්නේ කහවත්ත වාර්ථාකරු ලසන්ත. කහවත්ත ගැන වැරදියට හිතන්න එපා. මේ හැම දේටම කහත්තේ මිනිසුන් පලි නැහැ. (නදී)

:       0       0

ෆාතිමා Saturday, 11 May 2013 01:27 AM

අනේ අපිට වුණා නම් මොනවා වෙයිද? (නි)

:       0       0

තංගවේළු Saturday, 11 May 2013 03:33 PM

ප්‍රාදේශීය සංඝයාවහන්සේ කෙනෙකුට පහර දීමට අපේ සමාජය ඉඩදෙයි කියලා මටනම් හිතන්න බැහැ. මොනවාහරි වැරැද්දක් කරන්න ඇති.(නදී)

:       0       0

බණ්ඩාර Saturday, 11 May 2013 01:33 AM

මහා නායක හාමුදුරුවනේ, පොඩ්ඩක් අවදි වුණා නම් නේද හරි? හෙට අනිද්දා බුදු සසුන ඉවරවෙන්න යන්නේ (නි)

:       0       0

ඩික්ෂන් Sunday, 12 May 2013 08:32 AM

කරුණාකර මාර්ග බලපත්‍රය මාස තුනක්වත් වත් යනකම් අවලංගු කරන්න.(නදී)

:       0       0

අනුර Sunday, 12 May 2013 08:36 AM

අද රටේ සිදුවෙන දේවල් වලට ප්‍රධාන දේශපාලන පක්ෂ වගකිව යුතුයි. ප්‍රාදේශීය දේශපාලනයට මැරයන් නුගතුන් පත් කිරීම තුලින් රටේ අපරාධ සදාචාරය වල දමා ඇත.(නදී)

:       0       0

මුනාප් Saturday, 11 May 2013 01:50 AM

මෙතන මොනවහරි වෙන ප්‍රශ්නයක් තියනවා නැත්නම් බස් එකේ හාමුදුරුවෝ විතරක් යන්ඩ ඇති. නැත්නම් මිනිස්සු ගහනකම් බලාගෙන ඉදිද. ? (නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 10 May 2013 06:16 PM

කිසිම විනයක් නැති ජාතියක් බස් වල වැඩකරන්නෙ. බස් එකේ සෙනග නිදාගෙන හිටියද එකතුවෙලා අතපය කඩන්න තිබුනෙ. ඒත් ස්වාමින් වහන්සෙත් ගනන්කාරයෙක් වගේ (නි)

:       0       0

දමයන්ති Saturday, 11 May 2013 02:15 AM

නීතිය අතට අරගෙන කරන මෝඩ වැඩ. නුගත්කමයි මෙතන තියෙන එකම උගත්කම (නි)

:       0       0

නියාස් Friday, 10 May 2013 06:25 PM

මේවා සිදුවන්නේ බුදු දහමට අගරු වැඩ ගොඩක් ලංකාවේ සිදුවන නිසා කියා මා සිතනවා.අන් ආගමිකයන්ට හිරිහැර කිරීම වැනි දේ නිසා මේ වගේ නොසිතු දේවල් මෙහි සිදුවෙනවා. (නි)

:       0       0

චතුරිකා Friday, 10 May 2013 06:26 PM

දලයි ලාමා කිව්වා වගේ බුද්ධ චින්තනයක් ලංකාවේ දැන් නැහැ. (නි)

:       0       0

ඉල්යාස් Saturday, 11 May 2013 04:26 PM

මෝහමඩ්ගේ අදහස් දෙකෙන්ම පැහැදිලියි කොහොම කෙනෙක්ද කියලා (නි)

:       0       0

සම්සුදීන් Friday, 10 May 2013 06:28 PM

ලංකාව බෞද්ධ රටක් කියන එක දැන් ඉවත්වී ගෙන යනවා. (නි)

:       0       0

සුදේෂ් Sunday, 12 May 2013 10:23 AM

අනේ අපේ මිනිස්සු කවදා හැදෙයිද? (නදී)

:       0       0

ෆසල් අහමඩ් Friday, 10 May 2013 06:33 PM

අන්‍ය ආගමිකයන්ට කරන අපරාධ නිසා ඉස්සර ඉන්දියාවේ, දැන් ලංකාවේ හාමුදුරුවරු ගුටි කනවා. (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Friday, 10 May 2013 06:35 PM

තමිල්නාඩුවේදි භික්ෂුන් වහන්සේලාට පහරදීම අපි තරයේ හෙළා දැක්කා. නමුත් දැන් ඒක ලංකාවෙත් වෙනවා. මේ අයට දැඩි දඩුවම් දිය යුතුයි (නි)

:       0       0

ඩී.උපුල් Friday, 10 May 2013 06:39 PM

හාමුදුරුවරුත් දැන් කොක්කටමයි බර. (නි)

:       0       0

රාජු Saturday, 11 May 2013 04:22 AM

රනිල්, ඔබේ අදහසින් ඔබ මොකක්ද කියන්න හදන්නේ? ඔබ සංඝයා වහන්සේලාට දොස් පවරනවද මේ සිද්ධිය ගැන? (නි)

:       0       0

චන්ද්‍රා Friday, 10 May 2013 06:44 PM

මෙයාලගේ මාටියා පාරට හාමුදුරුවෝ විරුද්ධ වෙලා ඇති. හේතුව එතනයි ඇත්තේ. (නි)

:       0       0

ජ.හේරත් Saturday, 11 May 2013 04:23 AM

යන්තන් ඉස්කෝලේ හතරට පහට ගිය කොන්දලට , බස් රියදුරන්ට දැඩි නීති පනවන ඕනෑ. මොකද මිනිස්සු සල්ලි ගෙවලානේ බස් එකේ යන්නේ. එයාලා හිතාගෙන ඉන්නේ පිනට යනවා කියලනේ. පිට කොන්ද පණ තිබුන දෙන්නෙක් මේ බස් එකේ ඉඳලා නැහැනේ දෙකක් නෙලන්න (නි)

:       0       0

දාසානායක Sunday, 12 May 2013 10:54 AM

ඩීන් අලුත්කඩේ, යාලුවා මගේ ආයුෂ අඩුවෙන්න තිබ්බේ මීට පෙර රට වෙනුවෙන් රස්සාව කරන කාලේ. ඔබට මම ඇගිල්ල දික් කරලා කියනවා ආගමට ජාතියට ද්‍රෝහිකම් කරන ඒ වගේම දේශයේ මුරදේවතාවන් වැනි හාමුදුරුවන් වහන්සේලාට පහර දෙන අයට අපි ඕනෑම විදිහකට මුහුණ දෙන්න ලැහැස්තියි. තමන්ගේ ඇත්ත නමින් අදහස් පලකරන්න. හැංගී, හැංගී ද්‍රෝහිකම් කරනේ නැතුව.(නදී)

:       0       0

මෛත්‍රී Saturday, 11 May 2013 06:01 AM

කොහොමද ටිකට් එක අපැහැදිලි වෙන්නේ? (නි)

:       0       0

බන්දුල-කටාර් Sunday, 12 May 2013 11:06 AM

බෞද්ධ අය අන්‍ය ආගම් හෙළාදකිනවා විතරක් නෙමෙයි ඒවා විනාස කරන්නත් සමහරු කටයුතු කරනවා. ඒවගේ ප්‍රතිපල තමයි අපි මේ අත් දකින්නේ. හැබැයි ක්‍රිස්තියානි ආගම අදහන අය ළඟ මේ කිසිවක් නැහැ සතුරන්ටත් අනුකම්පා කරනවා. කාටවත් වයිර කරන්නේ නැහැ. බුදු දහමේත් කියල තියෙන්නේ ඔය ටිකමනේ. නමුත් ඒවා පිළි නොපදින නිසයි එයාලගේ සිත් දුෂණය වෙලා මේ වගේ දේවල් කරන්නේ.(නදී)

:       0       0

රනිල් Friday, 10 May 2013 07:08 PM

හැමතැනම සංඝයාවහන්සේලාගේ පුශ්ණ හේතුකාරනය වන්නේ විනයක් නැතිකම. (නදී

:       0       0

දයා Saturday, 11 May 2013 07:25 AM

බස් එක ඇමති කෙනෙක්ගේ හරි මන්ත්‍රී කෙනෙක්ගේ හරි පළාත් සබා මන්ත්‍රී කෙනෙකුගේ හරි වෙන්න ඇති.ලංකාවේ කොන්දොස්තරලා තරම් චන්ඩි වෙන කොහෙවත් නැහැ . (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 11 May 2013 06:07 PM

ගහනකම් බස් එකේ ඉන්න අනිත් අය උඩ බලාගෙනද හිටියේ.(නදී)

:       0       0

මාලක Saturday, 11 May 2013 07:33 AM

දායකයෝ නැද්ද ? ආයෙත් ඔය බස් එක පාරේ නොයන්න සලස්වන්න.චන්ඩි නම් බස් එක ඇතුලෙම නිදි කරවන්න.ආයෙත් ඒවගේ දේවල් නොවෙන්න. (නි)

:       0       0

අසංක Saturday, 11 May 2013 07:36 AM

ලෝක විනාශය පැමිණේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

සේරම් Friday, 10 May 2013 07:21 PM

පැවිදි වරයෙකුට වත් අද කාලෙ සලකන මිනිස්සු නෙමේ ඉන්නේ . මුන්ව අලවන්ගුවේ තියල මරන්න ඕනේ.(නදී)

:       0       0

ධනංජය Saturday, 11 May 2013 07:39 AM

ඕව ඔහොමට තමා, බස් වල වැරැද්දකට විරුද්ධව කතා කලොත් අන්තිමේ කතා කරපු මිනිහා විතරයි. ඕක සිංහලයන්ගේ "නිවටකම', මිනිස්සු 100ක් විතර දෙන්නෙකුට බයේ මොනවා කළත් කටවහගෙන ඉන්නවා අතින් සල්ලිත් දීලා (නි)

:       0       0

පනී Saturday, 11 May 2013 06:15 PM

අපේ රටේ නීතියේ ආධිපත්‍ය නැතුව වෙන මොන කෙහෙල් මලකින්වත් වැඩක් නැහැ. මිනිස්සුන්ගේ නිවට කමට හේතුව රටේ පවතින අවනීතිය. යුක්තිය සදාචාරය මිනිස් අයිතිය සාධාරණ බව වෙනුවෙන් කතා කරන මිනිහට තියෙන එකම ශක්තිය නීතිය. ඒක නැතුවම නැට්ට දෙපරන්දේ ගහගෙන අහක බලාගන්නව ඇරෙන්න වෙන මොනවා කරන්නද?(නදී)

:       0       0

ෆයිසර් Saturday, 11 May 2013 07:50 AM

අනේ මෙහෙම පාපකර්මයක්. පම්පෝරි ගහන ඔබලාට දැන් මොනවාද කියවෙන්නේ. (නි)

:       0       0

සදුන් Saturday, 11 May 2013 07:55 AM

ඔය සමන් කියන නමින් හාමුදුරුවරුන්ට ගරහමින් අදහස් දක්වන කෙනා පුලුවන්නම් හැබෑ නමින් ඉදිරියට එන්නකෝ බලන්න.(නදී)

:       0       0

සදුනි Friday, 10 May 2013 07:24 PM

පුද්ගලික බස් සේවකයන් බොහෝ දෙනෙකුට හැදියාවක් හෝ විනයක් නැත.හිමි නමකට මෙසේ නම් අපට කෙසේ වේද? (නි)

:       0       0

මොහමඩ් Saturday, 11 May 2013 08:19 AM

අද පෞද්ගලික බස්වල රියදුරු කොන්දොස්තර හැම පුද්ගලයන්ටම සලකන්නේ එහෙමයි.හුගක් බස්වල හාමුදුරුවන්ව හෝල්ට් එකේ දැක්කම නවත්තන්නෙ නැහැ.අන්‍ය ආගමේ අයගෙන් ලැබෙන ගරුකිරීමවත් සමහර බෞද්ධයන්ගෙන් හමුදුරුවන්ට ලැබෙන්නේ නැහැ.අතලොස්සක් හැර අන්‍ය ආගමිකයන් කවදාවත් බෞද්ධ ආගමට හෝ බෞද්ධයන්ට හිරිහැර අපහාස කරලා නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 20 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 398 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 231 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 348 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1086 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2871 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site