IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රියදුරා අත් අඩංගුවට ගත් බව මුතුහෙට්ටිගම කියයි

විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ ප්‍රචාරක රැලියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තමන්ගෙන් ප්‍රශ්න කිරීම පදනම් විරහිත යැයි සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කීය.

ඔහුගේ රියදුරු හා ආධාර කරුවන් දෙදෙනාත් සැකපිට අත් අඩංගුවට ගත් බව මුතුහෙට්ටිගම මහතා කීය.

එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ම වේදිකාව කඩා තමන්ගේ ආත්ම ගරුත්වය හානිකරතියි ඔහු කීවේය.

‘‘පොලිස් ආරක්ෂාව යටතේ මේ ස්ථානය තිබුණේ. අර කයිවාරු ගහන පොලිස් මාධ්‍ය ප්‍රකාශකට මම කියනවා මෙතැනට ඇවිත් බලන්න කියා. මට බොරු චෝදනා කරනවා. ඕඅයිසී මාරු කරන්න කියලා මම ඉල්ලනවා‘‘

‘‘කවුරු කොහොම කිව්වත් නමවැනිදාට ජනාධිපති වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාම තමයි. බලන්න මම පළාත් සභා ඡන්දයේ දී මනාප 120,000ක් ගත්තා. එත් කොම්පියුටර් ජිල්මාට් දාලා මගේ මනාප අඩුකළා. මේ මැතිවරණ කොමසාරිස් තුමා එදා මැතිවරණ කාර්යාලයේ හිටියා. එතුමා හොඳින් දන්නවා සිදුවෙන්නේ මොනවාද කියා. දැන් මහින්ද දේශප්‍රිය මහතා කියනවා කම්පියුටර් ජිල්මාට් දාන්නේ නැහැ එහෙම කරන්න බැහැ කියා. නමුත් මට එහෙම කළා. 09 වැනිදාට ජනාධිපති වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාම තමයි. “

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා වදුරඹ රැස්වීමකට කිසිදිනක අමාත්‍යවරයකු ලෙස පැමිණ නැති බවයි.

අපි අට වැනිදා ගාල්ලේ ඉහළම ගේමක් දෙනවා. එදාට අපේ ආසනයේ තමයි ජනාධිපතිතුමාට වැඩිම මනාප අරන්දෙන්නේ. අපි ඒවාට අවශ්‍ය සියලු දේ සූදානම් කරලා තියෙන්නේ. මේ පාර අපි වැඩි ඡන්ද ලක්ෂ 20ට වඩා මනාප අරගෙන අපි මේ ඡන්දය දිනනවා.

ජනාධිපති පැරදුණත් තව අවුරුදු දෙකක් ජනාධිපති මහින්ද රාජපක්ෂ අයියෝ සිරිසේනට සිදුවෙනවා තව අවුරුදු දෙකක් බලාගෙන ඉන්න. මෛත්‍රීට මේක දින සීයෙන් ඉවර කරන්න බැරි වෙනවා. අපේ ජනාධිපතිතුමා හයවැනි වතාවටත් දිනනවා. එතුමා ජීවත්ව ඉන්නකන් ජනාධිපති. මේ පාර අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ, මේක ප්‍රේමදාස, ජේ.ආර්, ලලිත්, චන්ද්‍රිකා , ඩී.එස්., බණ්ඩාරනායක මොඩල් නොවෙයි. දුටුගැමුණු මොඩල් එක. මේ වගේ ගුත්තිල මූසිළ සටන වගේ. ගුත්තිල පඬිවරයාට වූ දේ තමයි අපේ ජනාධිපතිතුමාට සිදුවෙලා තියෙන්නේ.

‘‘මම බස් හයක් අලුතෙන් ගත්තා 2005 කැම්පේන් එකට. ඒත් මට හයිවේ පර්මිට් එකක් නිශාන්තට දෙන්න ඕන කියන්න ජනාධිපතිතුමාට විතරයි මතක් වුණේ. මම බස් 16ක් විකුණලා තේ ෆැක්ටරි විකුණලා සල්ලි අරගෙන ජනාධිපතිතුමාගේ 2005 ඡන්දයට වියදම් කළා. ඒත් මම රුපියල් 50ක් වත් ගත්තේ නැහැ‘‘

‘‘තිස්ස අත්තනායක අපිට බැණ බැණ ඉදලා ආපු ගමන් සෞඛ්‍ය ඇමති. මෛත්‍රීපාල අවුරුදු ගාණක් කඹුරලා සෞඛ්‍ය ඇමති වුණා. මටත් ලේසියි බුලත් අතක් දීලා මෛත්‍රී ළඟට ගිහින් ඇමති කමක් ගන්න තිබුණා පනින කෙනාට තමයි හැමදාම තනතුරු ලැබෙන්නේ. යූ.එන්.පී එකෙන් ආපු අයට තනතුරු දීලා අපේ මිනිසුන්ට කැපුණු නිසා තමයි කට්ටිය පැන්නේ. ‘‘

‘‘දැන් ඉතින් අපේ සෞඛ්‍ය ඇමති තුමා හෙට අනිද්දාට යූඑන්පී කාරයන් රෝහල් වලට දාවි. එතකොට ඉතින් අපිට බුදු සරණයි. මම දේශපාලනය කරන්නේ ජනාධිපතිතුමාට ඕනකමට නෙවෙයි. මට ඕන නිසා. එතුමාගේ පිටිපස්සෙන් ගියාට අපි ශ්‍රී ලංකා කාරයෝ. කවුද මට වටිනාකමක් දෙන්නේ එතනට මම යනවා. ඒත් මම ශ්‍රී ලංකා කාරයෙක්. පක්ෂය දාල යන්නෙ නැහැ. මෛත්‍රීපාල ළඟට යන්න මට වුවමනා නැහැ. ‘‘



අදහස් (0)

රියදුරා අත් අඩංගුවට ගත් බව මුතුහෙට්ටිගම කියයි

ජනක Friday, 19 December 2014 02:34 AM

මේ නියෝජ්‍ය ඇමතිතුමා ගැන තේරුම් ගන්න පුලුවන්ද? පොලිසියටත් බනිනවා. හැමෝටම බනිනවා. මොනවා වෙලාද මන්දා? (නි)

:       0       0

සම්පත් Friday, 19 December 2014 07:23 AM

සාධාරණයක් ඉටුවෙයි කියලා අපි බලාගෙන ඉන්නවා (නි)

:       0       0

කීර්ති Friday, 19 December 2014 02:35 AM

මෙතුමා කියන එකෙත් ඇත්තක් ඇති නේද? මෙච්චර දේවල් ගොතලා කියන්න බැහැනේ (නි)

:       0       0

සදුනි Friday, 19 December 2014 07:25 AM

නිශාන්තට තේරුනා තත්වය.(නදී)

:       0       0

වීරප්පන් Friday, 19 December 2014 07:27 AM

ඔබතුමා දිනය ලංවෙන කම් පනින්න එපා. මෛත්‍රී මැතිතුමාට ජයවේවා. (නදී)

:       0       0

සුමිත් ප්‍රියදර්ශණ Friday, 19 December 2014 03:07 AM

මින්ස්සු චුං කළ කාලේ කියපු පිස්සු කතාවක්. දැන් මිනිස්සු බුද්ධිමත් (නදී)

:       0       0

සහන් Thursday, 18 December 2014 02:01 PM

මේතුමාට අන්තිමට වෙන්නේ අතින් කාළ හරක් බලපු එකාට උනදේ. දැම්මම අනිත් පැත්තට යන්න (නදී)

:       0       0

කැළුම් Friday, 19 December 2014 03:31 AM

එයත් පිළිගන්නවා එහෙනම් පරිගණක ජිල්මාර්ට්?? (නි)

:       0       0

හුසේන් Friday, 19 December 2014 08:15 AM

දකුණේ හොඳ නමටත් මේ අය නිගා කරනවා.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 19 December 2014 03:35 AM

අනේ මන්දා. චිත්‍රපටියක් බැලුවා වගේ. මුලකුත් නැහැ අගකුත් නැහැ.අන්තිමට බැලුවම මැදකුත් නැහැ. (නි)

:       0       0

සමිත හිමි Thursday, 18 December 2014 02:58 PM

අපේ ගමේ නමත් මේ නිසා කැතවෙනවා (නි)

:       0       0

ශිරෝමි Friday, 19 December 2014 04:23 AM

මේ වැඩ වෙන්නේ කොහොමද මොනවද කියලා දැන් කටත් තේරෙනවා ඇතිනේ.(හේ)

:       0       0

සම්පත් Thursday, 18 December 2014 04:15 PM

මෙතුමා මොනවා කියවනවද මන්දා? (නි)

:       0       0

ගයාන් Friday, 19 December 2014 04:45 AM

මෙයා මරු කියවනවා. (නදී)

:       0       0

නිශාන්ත Friday, 19 December 2014 04:49 AM

මෛත්‍රීපාල මහත්තයා කිව්ව නේද ඇතුලෙ ඉදගෙන ගේම දෙන්න කට්ටියක් සෙට් කරලා තියෙන්නෙ කියලා. අද තමයි ඒක හරියට තේරුනෙ. මේවා කවුරු කලත් විපක්‍ෂයට වාසි ගෙනෙන වැඩ. යනවා යනවා කිව්වට ආණ්ඩුවෙ ඉන්න කුණුගොඩවල් ටික යන පාටක් නැහැ. සමහරක් දේශපාලනයට අරන් තියෙන්නෙ රටේ අවාසනාවට. (නදී)

:       0       0

ශාන්ත Friday, 19 December 2014 04:48 AM

ඔය හිතාගෙන ඉන්න හොර මැරකම් මේ පාරනම් කරන්න බැරිවෙයි. හැමදාම අසාදරණයට ඉඩ නැහැ. (නදී)

:       0       0

මාටින් Friday, 19 December 2014 04:50 AM

ඉතින් දැන් අපිට මොනවද කරන්න කියන්නේ ඔබතුමා, අර ඇතුලේ ඉදල මෛත්‍රීට උදව් කරන කණ්ඩායමකුත් ඉන්නවා කියනවනේ. (නදී)

:       0       0

ලොකුගේ Saturday, 20 December 2014 06:37 PM

ඔන්න පැන්නා බළලා මල්ලෙන් එළියට. (නි)

:       0       0

mama Friday, 19 December 2014 05:00 AM

මෙයා කියනවා තමන්ගේ ස්ටේජ් එකේ ආරක්ෂාව තමංම බලා ගන්න කියලා. 1989 කාලේ මතක් වුනා මට. ඒ කාලෙත් කව්ද කිව්වනේ තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම බලා ගන්න කියලා. ඒ කාලේ අපි පොඩි ළමයි. එ්ත් අපිට හොදට මතකයි. (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 19 December 2014 05:07 AM

ගයාන්, මම මේ ලියන්න හැදුවා විතරයි. මේ වගේ අයද අනේ මගේ රට පාලනය කරන්නේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 19 December 2014 05:45 AM

කතාවේ හැටියට ඒ කියන්නේ මෙයත් අතෘප්තිකර අයගේ පැත්තේ ඉන්න කෙනෙක්. අනේ මෙයාවත් ඔය පැත්තට අරන් අරන් 9 වෙනිදට තෘප්ති මත් කරලා යහපාලනෙට ඇතුලත් කරගන්න. (නදී)

:       0       0

බුවනෙක Friday, 19 December 2014 01:57 AM

අන්තිමේදී කවුරුවත් මොකුත්ම දන්නෙ නැහැ....? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 262 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 198 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 533 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 258 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 77 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 247 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site