IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රියදුරු ට්‍රයල් වේරහැරම

රියදුරු  පුහුණුවෙන් පසු  රියදුරු බලපත්‍රය වේරහැර  පරිශ්‍රයෙන් ලබා ගත යුතු   රියදුරන්ගේ   වාහන  පරික්ෂණය (ට්‍රයල්)  සඳහා   අවශ්‍යය   අංග සම්පුර්ණ  මාර්ග  පද්ධතියක්   එහි   ඉදිකරන  බව  මෝටර්   රථ  ප්‍රවාහන  කොමසාරිස්   ජනරාල්   ජගත්   චන්ද්‍රසිරි   මහතා   පැවසීය.

මෙම ඉදිකිරිම්   ලබන මාසයේ  දි  අග්‍රාමාත්‍ය   රනිල්  වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන්   ඇරඹීමට   නියමිතය.

දැනට   වාහන  පරික්ෂාව  සිදු කරනුයේ   මහ  අධික  වාහන තදබදය ඇතුළු  විවිධ  දුෂ්කරතා   මේ  නිසා  ඇතිවෙයි.

එබැවින්   නව  ක්‍රියාදාමය  ආරම්භ  කරන ලෙසට  රංජිත්  මද්දුම බණ්ඩාර  මහතා උපදෙස්   දි  ඇත. මෙම ක්‍රියාදාමය  ක්‍රමයෙන්  සෙසු  පළාත්වල  ඇරඹිමට ද නියමිතය.

වේරහැර පරිශ්‍රය අක්කර   නමයක  භූමි  භාගයක  පිහිටා   ඇත. එම  භූමියෙන්   වැඩිම  කොටසක්   අදාළ  මාර්ග  පද්ධතියක තිබෙන සංඥා , හන්දි , වංගු , කඳු, සළකුණු ඇතුළු  සෑම  දෙයක්ම  අඩුවකින්   තොරව  නව  මාර්ග  පද්ධතියකට ඇතුළත්  වෙයි.



අදහස් (0)

රියදුරු ට්‍රයල් වේරහැරම

පිටබැද්දර ජයා Wednesday, 22 April 2015 01:43 PM

මේ කියන ක්‍රමය පුහුණුවීම් වලට හොඳයි. හැබැයි පරීක්ෂණය අනිවාර්යෙන්ම මහාමාර්ග වලම අනෙකුත් වාහන සමඟම සිදුවිය යුතුයි නේද? නැත්නම් පාලු පාරේ එළවලා බලපත්‍රය දුන්නාට වාහන තදබද ඇති මහාමාර්ග වල එළවන්න ගියාම මොන නැටුමක් නටයිද කවුද දන්නේ? (නි)

:       0       0

නිහාල් Saturday, 25 April 2015 11:17 AM

මොනව තිබුනත් වැඩක් නැහැ. පගාව ගැනීම නතර කරන ක්‍රමයක් හදන්න පුලුවන්නම් හොඳයි. (ස)

:       0       0

මහේෂ මුතුකුඩ Wednesday, 22 April 2015 07:37 AM

මේ වගේ එකක් තියෙන්න ඕනෑ පුහුණු වෙන්න විතරයි. මාර්ග පරීක්ෂණය පවත්වන්න ඕනෑ මහ පාරේ. (නි)

:       0       0

දුමින්ද Wednesday, 22 April 2015 07:38 AM

හොඳ අදහසක්. පිටරටවලත් එහෙම තමා තියෙන්නේ. (නි)

:       0       0

සංගීත් Wednesday, 22 April 2015 07:47 AM

ඉතා හොඳයි (නි)

:       0       0

විපුල් Tuesday, 28 April 2015 04:08 AM

මම ඉන්නේ අල්ලපුවැටේ, බය වෙන්න එපා ඕක හැදුවම අනිවාර්යයෙන්ම ඔය පාරේ ට්‍රැෆික් එකක් ඇතිවෙනවා දවසකට එන වාහන කන්දරාව නිසා, මහා පාරට වඩා අමාරු වෙයි එළවන්න (බ)

:       0       0

චමල් Wednesday, 22 April 2015 07:52 AM

මහේෂ් ගේ කතාව හරි. ඒ වගේ තැනක් ඕනේ ගාල් කිරීම් හැරවීම් වගේ ඒවා පරික්ෂා කරන්න, හැබැයි මාර්ග පරීක්ෂණයක් වෙනම තියෙන්නම ඕනේ . පිටරටවල එහෙම තියෙනවා කිවුවට, මාර්ගයේ පරීක්ෂණ තියෙනවා වෙනම. (ස)

:       0       0

නිලංග Wednesday, 22 April 2015 07:52 AM

මේ එක්කම බලපත්‍ර ප්‍රායෝගික පරීක්ෂණ විධිමත්ව ක්‍රමානුකුලව පැවැත්වීමත් අනිවාර්ය කරන්න. ඕස්ට්‍රේලියාවේ ලාංකිකයන් සමහරුන්ට විශේෂ විගණන පරීක්ෂණයක් පවත්වනවා රියදුරු බලපත්‍ර සම්බන්ධව . හේතුව ලංකාවේ රියදුරු බලපත් නිකුත් කිරීම අවිධිමත් එකක් යයි ද හරි හමත් පුහුණුවක් නැති අයට බලපත්‍ර නිකුත් කර ඇතැයිද දැන ගන්න ලැබීම. මේක ලංකාවට හොඳ තත්ත්වයක් නෙවෙයි. ලාංකිකයන්ගේ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය හෑල්ලු වීම සුළු පටු දෙයක් නෙවෙයි. (ස)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 28 April 2015 03:53 PM

කාලය කන්නේ නැතිව පගාව ගන්නේ නැතුව වැඩේ කරගන්න පුලුවන්නම් ? (බ)

:       0       0

ඉන්දික Wednesday, 22 April 2015 08:13 AM

ඉතාම හොද දෙයක්, රියදුරු පුහුණුවට මෙය භාවිතා කලද රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට අනිවාර්යයෙන්ම මහා මාර්ග භාවිතා කල යුතුය. හේතුව රියදුරුගේ නියම තත්වය පරීක්ෂකවරයාට මනාව අවබෝධ කරගත හැකි නිසා. හුඟක් මැදපෙරදිග රටවල් රියදුරු පරීක්ෂණය බාරදීලා තියන්නේ රථවාහන පොලිසියට. අපි පරීක්ෂණයට යන්නේ රථවාහන පොලිසියේ දෙන්නෙකු සමග. මේ රටවල වාහන බලපත්‍රය ලෝකයේ බොහෝ රටවල් පිළිගන්නේ මෙච්චර අමාරුවෙන් ගන්න ඕන නිසාය. (ස)

:       0       0

ශාන් සෞදි Wednesday, 22 April 2015 08:17 AM

හොඳ අදහසක්. පිටරටවලත් එහෙම තමා තියෙන්නේ.(බ)

:       0       0

මොහාන් Wednesday, 22 April 2015 08:22 AM

සේරටම කලින් විනය කියන එක ගැන අවබෝධයක් ලබා දෙන්න කටයුතු කරන්න. (ස)

:       0       0

ජෙහාන් Wednesday, 22 April 2015 08:25 AM

ඔක්කොටම වැඩිය වැදගත් හරියට බලපත්‍ර නිකුත් කරනවද නැද්ද යන්න. ඒවායේ ක්‍රමවත් බව නැති නිසා තමයි ලංකාවේ රිය අනතුරු වැඩි වෙලා තියෙන්නේ. යන්තම් සුක්කානමට අත ගැහුවා විතරයි බලපත්‍රය දෙන ක්‍රමය ඉවත් කරලා යම් කිසි කාල සීමාවකට යටත්ව අදියර දෙකක් වත් සාර්ථකව නිම කල පසු පුර්ණ බලපත්‍ර දෙන ක්‍රමයක් හොඳයි. පිට රට ඉන්න මගේ ඥාති දුවකට රියදුරු බලපත්‍රය ලැබුනේ අර්ධ වශයෙන්. සම්පුර්ණ බලපත්‍ර ලාභියෙක් සමග ගමන් කරනකොට මිසක් වසර 2ක් ඇයට තනිවම වාහනය ගෙනයන්න බැහැ. ඉන්පසු තමයි පුර්ණ බලපත්‍රය ලැබෙන්නේ. (ස)

:       0       0

පසන් Wednesday, 22 April 2015 08:29 AM

පගාව නවතන්න ඉස්සෙල්ල !! (බ)

:       0       0

ප්‍රවීන් Wednesday, 22 April 2015 08:56 AM

අනිත් දේ තමයි බර වාහන රියදුරන්ට නිසි පුහුණුවක් ලබා දීම මාර්ග අනතුරු සිදු වෙන්නෙ ගොඩක්ම බර වාහන රියදුරන් අතින් දුර ගමන් යනකොට බස් රියදුරෝ යන්නෙ යක්කු වගේ අන්න ඒ දේවල් වලට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන නැත්තම් අපොස සාමන්‍ය පෙල විභාගය පෙනි සිටි අයට පමණක් රියදුරු බලපත ලබා දෙන්න කටයුතු කරන්න මොකද නිසි අධ්‍යාපනයක් නැති මිනිසුන්ගෙ විනයත් පිරිහිලා (බ)

:       0       0

නාලක Wednesday, 22 April 2015 09:12 AM

ඇත්තටම එ්ක හොඳයි මොකද මේ මම ඉන්න කුවේට් රටෙත් වෙන්නේ ඔය දේ (බ)

:       0       0

ජිලෝ Wednesday, 22 April 2015 09:50 AM

සුමුදු හේවාට රියදුරු බලපත්‍රයක් තිබෙනවද දන්නේ නැහැ. පුළුවන් නම් මෙතන ලියන හැම කෙනාවම යට කරගෙන හැටට හැටේ පාගාවී. (ම)

:       0       0

රසිකා Wednesday, 22 April 2015 10:16 AM

ඔය මුකුත් ඕන නැහැ ලංකාවේ රියදුරු බලපත්‍රය ගන්න. රු25000 ක් දුන්නාම ගෙදරටම ගෙනත් දෙනවා. (ස)

:       0       0

සජිත් Wednesday, 22 April 2015 10:23 AM

වාහන වල හෝන් ගහන එකත් අඩු කරොත් හොඳයි. (ස)

:       0       0

මැක්සි ලියනාරච්චි Wednesday, 22 April 2015 08:25 PM

තැපැල් මාර්ගිකව නෙමෙයි එහෙම නේද උගන්වන්නේ? (නි)

:       0       0

බුද්ධි Wednesday, 22 April 2015 12:19 PM

ගොඩක් මාරක අනතුරු කරගන්නේ අලුත් රියදුරෝ නෙමෙයි. පරණ රියදුරන්ගේ නොැළකිල්ල නිසා.පාරේදී පොලිසිය කෙළින් වැඩකළොත් අනතුරු අඩු කරගන්න පුළුවන්. (නි)

:       0       0

කමල් Wednesday, 22 April 2015 12:22 PM

එතකොට ට්‍රයල් පෙන්වන්න යන අයව ගසාකන එක නවත්වන්න කවුරුවත් උනන්දු වෙන්නේ නැද්ද? (නි)

:       0       0

සුනිල් Wednesday, 22 April 2015 12:46 PM

රියදුරු බලපත්‍ර දෙන්න නම් වේරහැර තමා හොඳ. එහෙත් වේරහැර වාහන බර කිරන තැන ගැන බැලුවොත් මීට වැඩිය මහජනතාවට සෙතක් වේවි. එතනට ඇතුළුවෙන උදවියට ඇතුළුවෙන වෙලාවේ හැටියට අංක දෙන්න ක්‍රමයක් හඳුන්වා දෙන්න. (නි)

:       0       0

ප්‍රියංකර Tuesday, 28 April 2015 11:20 AM

කියක් වමට දකුණට ගහයිද දන් නෑ (ම)

:       0       0

ප්‍රියංකර Tuesday, 28 April 2015 11:32 AM

ඕකනේ කියන්න‍ෙ (බ)

:       0       0

සේරම් Tuesday, 28 April 2015 11:57 AM

කීයක් හරි අතමිට මෙලවපුවම ඔතනින් වැනීසියට උනත් බස් ලයිෂන් එකක් දෙයි . (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 403 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 439 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 726 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 560 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 396 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 730 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site