( දිල්රුක්ෂි ග්‍රේරු )
රියදුරු බලපත්‍ර ලබා ගැනීම, අලුත් කිරීම, විභාග කටයුතු ඇතුළු ඒ ආශ්‍රිත සියලු කටයුතු මාර්තු 31 වැනිදා තෙක් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව සීමා කිරීමට ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ දෙපාර්තමේන්තුව අද (16) පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට( 17) වැනිදා සිට මාර්තු 31 වැනිදා තෙක් වේරැහැර රියදුරු බලපත් ලබා ගැනීමේ ප්‍රධාන කාර්යාලයේ හෝ අනිකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලවල රියදුරු බලපත් ආහ්‍රිත සේවා ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
එමෙන්ම මෙම කාලය තුළදී බලපත් ලබා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණ ද අවලංගු කිරීට තීරණය කර තිබේ.
මෙම කාල සීමාවේදී වේරැහැර කාර්යාලයට හෝ අනිකුත් දිස්ත්‍රික් කාර්යාලවලට පැමිණිමෙන් වළකින ලෙස ජනතාවට දැනුම් දී ඇති අතර අවලංගු කරන ලද පරීක්ෂණ සඳහා සහ කාලය දීර්ඝ කිරීමට නියමිත රියදුරු බලපත් සඳහා ලබා දෙන විසඳුම පිළිබඳව දිරියේදී දැනුම් දෙන බවද ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ දෙපාර්තමේන්තුව කියයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ දැනුම් දීම මත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මෙම නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රියදුරු බලපත් ආශ්‍රිත කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි