IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


රියැදුරු බලපත් නැතිව වෑන් රිය පැදවූ හිමිනම අත්අඩංගුවට

(උපාලි ආනන්ද)

අනුරාධපුරයේ සිට කුරුණෑගල දෙසට රියදුරු බලපත‍්‍ර නෙමැතිව  වෑන් රථයක් පැදවූ බව කියන හිමිනමක් අද (9) අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය කියයි.

වෑන් රථයේ සිටි අනෙත් පුද්ගලයාටද රියදුරු බලපත‍්‍රයක්  නොමැති බවට පොලිස් පරික්ෂණවලදි හෙළි වී තිබේ.
වෑන් රථයේ අයිතිකරු කාන්තාවක බවද හෙළිවී ඇත.

අනුරාධපුරයේ පොසොන් වන්දනාවේ ගොස් ආපසු පැමිණෙන අතරතුරදී ඒ හිමියන් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
මෙරට  භික්ෂූන් වහන්සේලාට වාහන පැදවීමට හෝ රියදුරු බලපත‍්‍ර ලබා ගැනිමට තවමත් නීතියෙන් අවකාශ  සැලසී නැත 



අදහස් (24)

රියැදුරු බලපත් නැතිව වෑන් රිය පැදවූ හිමිනම අත්අඩංගුවට

බද්රානි Friday, 09 June 2017 10:20 AM

කියන්න කණගාටුයි, වර්තමානයේ උතුම් චීවරයත්, එක්තරා පිරිසක වස්ත්‍රයක් වෙලා?

:       827       653

SUNDARA DE MELFriday, 09 June 2017 12:31 PM

භද්‍රානි කොහොමද? ඔයා ඉතින් ප්‍රතිචාර දක්වන්නේ හාමුදුරුවරුන් ගැන විතරයිනේ...

:       110       354

කරුණාපාලFriday, 09 June 2017 10:23 PM

අදකාලේ ජීවත්වෙන චීවරධාරීන්ගේ හැසිරීම්වල හැටියට සමහර උපාසිකාවන්ට පන්සල පැත්තේවත් යන්න බැරි තත්වයක් උදාවෙලා... එ්කනේ, ඔය හාමුදුරුවරු ගැන විතරක්ම ලියන්නේ....

:       0       0

sam Friday, 09 June 2017 10:24 AM

හොඳට බීලා එළවලා පදිකයන් යට කරලා උසාවියෙන් දඬුවම් ලබාපු අපරාධකරුවන් චීවරයට මුවා වී ජාතියේ මුර දේවතාවුන් වෙන්න හදන රටේ මේක සුළු දෙයක්....

:       1551       1474

Mahesh Friday, 09 June 2017 10:50 AM

මේකේ දැන්වීම් දාන එක නතර කරන්න බැරිද? කියවන්නත් අමාරුයිනේ...

:       1       125

විදුර Friday, 09 June 2017 11:12 AM

එහෙනම් දැන් මේ හාමුදුරුවන්ටත් පුළුවන් බෞද්ධ සංවිධානයක් හදා ගන්න. ඉන් හිත වුවද සමනය කරගන්නට හැකි වේවි. කිසිදින කිසිවෙකු ඔය සිදුවීම ගැන වුවද කතා නොකරාවි.

:       2       145

AA Friday, 09 June 2017 11:27 AM

මේ පුද්ගලයා හිමි නමක් වුණේ කොහොමද ? මේක වරදක්...

:       434       541

BANDARA Friday, 09 June 2017 12:36 PM

ප්‍රමිතිය අනුව බැලුවොත් බුද්ධ කාලයේ හිටිය සමහරක් හිමිවරුත් විවිධයි. හාමුදුරු නමක් වාහනයක් එළවලා. එච්චරයි. වාහනයක් එලෙව්වට පැවිද්ද නැති වෙන්නේ නෑ.

:       50       331

samFriday, 09 June 2017 10:08 PM

ඩ්‍රයිවින් ලයිසන්, වාහනේ ලයිසන්, ඉන්ෂුවරන්ස් මුකුත් නැතිව, බීමතින් වාහනේ පදවලා පදිකයෙක් අනතුරට ලක් කරලා කකුලකුත් කඩලා, ඒ සියලු වැරදි වලට උසාවියේදී වරද පිළිගෙන දඬුවම් ලැබූවත් පැවිද්ද නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ බුදු සසුනයි.

:       0       0

mangala welarathna Friday, 09 June 2017 11:36 AM

අපේ රටේ සිල්වත් භික්ෂූන්ටත් හොඳ මදි... මේ නිසා භික්ෂු විනයක් ඉක්මනටම රටටම මහනායක හාමුදුරුවරු හඳුන්වලා දෙන්න ශාසනය විනසකරන අය ඉවත් කරමු...

:       362       318

SUMUDUFriday, 09 June 2017 12:39 PM

එහෙනම් මංගල වේලාරත්න පඬිතුමනි. ඇවිත් ඉවත් කරන්න.!!!

:       118       172

Sugath Friday, 09 June 2017 11:52 AM

කහ සිවුරු හැඳගත් පුද්ගලයකු ටික කාලෙකට ඉස්සර බීමතින් වෑන් එකක් එළවලා ලොරියක හප්පලා බේරිලා ඉන්නවා නේද ? ප්‍රසිද්ධ කෙනෙක්ලු නේද ?

:       406       336

bandula Friday, 09 June 2017 01:17 PM

වලංගු බලපතක් ඇත්නම් නිතියෙන් ගැටළුවක් නැත.

:       1       112

WIMAL FERNANDEZFriday, 09 June 2017 03:00 PM

එ්ක හරි. බටහිර රටවල පදිංචියට හාමුදුරුවරුන් වැඩියාම මුලින්ම කරන්නේ දායක සභාව කියනවා හාමුදුරුවන්ට රියදුරු බලපත්‍රය ගන්න කියලා. මේක සංස්කෘතික හා නෛතික ගැටළුවක් මිස මහණකම ගැන ප්‍රශ්නයක් නෙවෙයි.

:       1       235

ධම්ම Friday, 09 June 2017 03:54 PM

මෙරට භික්ෂූන් වහන්සේලාට වාහන පැදවීමට හෝ රියදුරු බලපත‍්‍ර ලබා ගැනිමට නීතියෙන් අවකාශ සැලසිය යුතුය.

:       49       318

hewawitharana Friday, 09 June 2017 07:45 PM

මෙහි අදහස් දක්වා ඇති සියල්ලන්ම කිසිම බුද්ධිමත් අදහසක් ප්‍රකාශ කර නැත.

:       1       0

Shanaka Friday, 09 June 2017 10:38 PM

අයියෝ හාමුදුරුවරු වාහනත් එළවනවාද?

:       1       0

kalpa Saturday, 10 June 2017 01:15 AM

ගමන අතරමගදී රියදුරු බරපතල ලෙස අසනීප වුණා නම් වෙනත් කෙනෙකුත් නැත්නම් රෝගියාට මැරෙන්න දීලා බලාගෙන ඉන්නවද බලපත්‍ර නොමැතිව හෝ වාහනය ගෙනියනවද හිතන්න වෙනවා නේද? මොකද වුනේ අපි දන්නේ නැහැනේ ...

:       0       0

ලුම්බිණි Saturday, 10 June 2017 02:39 AM

මෙවැනි අයට හාමුදුරුවරු කියන්න එපා...

:       2       0

කොබා Saturday, 10 June 2017 06:10 AM

අපි පොඩි කාලේ අහල තියෙනවා ගිහි ගෙය කල කිරිලා වන වාසයට ගිය තාපසයෙක් ආපසු අඹුවක් අරගෙන ගිහි ජීවිතේ ට ම හැරුණු විදිය ගැන අපූරු කතාවක්, මේ විදියටම අනාගතේදීත් මේ රටේ සිදුවෙනවා ඒකාන්තයි. දැන් යන විදියට පෙනෙන්නේ එයයි, පන්සල් කිව්වාම අද අපිට මතක් වෙන්නේ දම්වැල් දාල ගැටගහල ඉන්න අලි ඇතුන්, සුපිරි රථවාහන, දේපළ ධනය නොවේද? මහා විශාල වශයෙන් වියදම් කරන පිංකම්, දැවැන්ත බුදු පිළිම විහාර මන්දිර නොවේද? ඇත්තටම පැවිදි ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ මේවාද? ගිහියෙක් පැවිදි වෙන්නේ, මෙතෙක් ගත කල බැඳීම් සහිත ගිහි ජීවිතේ අත ඇරලා, අඹු දරුවන්,දෙමාපියන් ආදීන් සමග සියළුම සම්බන්ධකම් අත ඇරලා. එත්, අද ඉන්න පැවිද්දන් ගත කරන අධි සුඛෝපභෝගී ජීවිතේ දැක්කම ගිහි අපිටත් හිතෙනවා පැවිදි වෙන්න,

:       2       49

shan saudi Saturday, 10 June 2017 07:22 AM

අපි ඔන්න ඔහේ වාහන පදවන්න බලපතක් දෙමු පස්සේ කසාදයක් කරගන්නත් අවසර දෙන්න බැරියැ..

:       2       12

w d d sanjaya Saturday, 10 June 2017 07:26 AM

මම දන්නා තරමට සංඝයා වහන්සේලා විවේචනය කිරීම ගිහියන්ට හොඳ දෙයක් නෙමෙයි. තවද රියදුරු බලපත්‍ර සංඝයා වහන්සේලාට ලබාගැනීමට රජය අවසර ලබාදිය යුතුයි. ඒක කාලීන අවශ්‍යතාවයක් ලෙසයි මම නම් දකින්නේ...

:       10       2

Susil Saturday, 10 June 2017 08:35 PM

" චරථ භික්ඛවේ චාරිකං" කියපු එක අකුරටම පිලිපැදලා වගේ...

:       0       0

Nandalal DE SILVA - France Sunday, 11 June 2017 08:10 AM

උතුම් ලොව් තුරා නිවන් සැප බලාපොරොත්තුවෙන්, ගිහි ජීවිතයේ සියළු සම්පත් අතහැර පැවිදි වෙන උතුමන්ට සුක්කානම් කරකැවීම සඳහා බලපත් නිකුත් කිරීම හෝ වාහන පැදවීමට නීතියෙන් ඉඩ නොදිය යුතුය. එසේ ඉඩ දුන හොත්, දිනක මොවුන් සිව්රත්, පාත්‍රයත් පන්සලේ තබා, වටාපත වෙනුවට ලොරියක හෝ බසයක සුක්කානම අතට ගන්නවා ඇත. වෑන් රථයේ අයිතිකරු මොකද මේ හිමි නමට වාහනය දුන්නේ? ඒ පුද්ගලයාත් නීතිමය ගැටලුවකට මුහුණ පානවා නොවේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 51 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 342 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 187 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 457 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1194 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1200 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 108 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 393 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site