IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


රියැලිටි කලාවට අලූත් පාරක් හැදු සුපර් ගැංග්ස්ටර්ස්

2016-08-13-ent-37

‘‘රියැලිටි වැඩසටහනකට වඩා මෙය කලාකරුවන් එකතු වී කරන වැඩක් කියලා ‘‘දෙරණ’ මුලින්ම මට කිව්වාම, ඒ වෙලාවෙම මගේ හිතට ආපු දේ තමයි, වෙනසක් කරන්න ඕනෑ කියන දේ. අපේ රටේ රියැලිටි කිව්වාම බොහෝ වෙලාවට සිද්ධ වුණේ සිංදුවකට නටන එකයි. ඉතින් ඊට වඩා එහා ගිය දෙයක් මේ ස්ටාර් සිටි වෙතින් කළ හැකි බව මම තරයේ විශ්වාස කළා.’’

2016-08-13-ent-34‘මේ විදියට කියන්නේ රංගනයෙන් නිරන්තරයෙන් අපූරු ප‍්‍රතිභාවයක් පෙන්නුම් කරන දුලීකා මාරපන ප‍්‍රවීණ රංගන ශිල්පිණියයි. කලාකරුවන්ගෙන් සමන්විත කණ්ඩායම් ලෙස සහභාගී වූ ‘‘ස්ටාර් සිටි’’ වැඩසටහන් මාලාවේ අවසාන ‘‘කිරුළ’’ දිනාගනු ලැබුවේ දුලීකා මාරපන ප‍්‍රමුඛ අනූෂා දමයන්ති, දිනක්‍ෂි ප‍්‍රියසාද්, රවීන් කණිෂ්ක, තීක්‍ෂණ අනුරාධ යන කණ්ඩායම විසිනි. රියැලිටිකරනයට එහා ගිය වින්දනයක් ගෙන දුන් අවසන් නිමේෂය දක්වා තම කණ්ඩායම කටයුතු කළ ආකාරය ගැන ‘‘දුලීකා’’ සඳැල්ලට කී කතාවයි මේ.

 

මොකක්ද ඔබ අර කිව්ව වෙනසක් කරන්න ඕනෑ කියලා හිතපු දේ?

මේ යෝජනාව දෙරණින් මට ලැබුණාම වෙනසක් කරන්න මට පුළුවන් යන හැඟීම පළමුව ඇතිවුණා. මොකද මේකට දායකවන්නෙ විවිධ ක්ෂේත‍්‍රවලට අයත් කලාකරුවෝ නිසා. දෙවැනියට මම හිතපු වෙනස තමයි, පටන් ගැන්මේ සිට අවසානය දක්වා පේ‍්‍රක්‍ෂකයන්ට නිර්මාණාත්මක දෙයක් තේමාවක් යටතේ දීමට හැකි බව. ඒ අනුව තමයි අපේ කණ්ඩායම කටයුතු කළේ. අපේ දේත් එක්ක ලංකාවේ මේ රියැලිටි කියන විටෙක ඒකාකාරිව ගලා යන වැඩසටහන්වලට ඒ වෙනස දිය හැකි බව මට තේරුණා. ඒ අනුව මුලින්ම අපේ කණ්ඩායම එක්ක මම අදහස් බෙදා ගත්තා. අපි එකිනෙකාට වෙනස් රිද්මය එක්ක අපේ කණ්ඩාමේ අනන්‍යතාවයක් ඇතිවෙන දෙයක් කරමු කියලා අපි කතා කර ගත්තා.

 

ඒ කියන්නෙ, කිරුළ දක්වා සැළසුම් සහගතව ආ ගමනක්?

සහතිකයෙන්ම ඔව්.

 

ඔබගේ කණ්ඩායමේ අනෙක් සගයින් ඔබගෙ හැඟීම් තේරුම් ගත්තද? ඔබගෙ අදහස්වලට මූලිකත්වය දුන්නාද?

මේ වැඬේ කරන්න ආරාධනා ලැබෙන විටම මම දෙරණත් එක්ක කතා කළේ ඒ අදහස් ගැනයි. කොහොම වුණත්, වේදිකාව හොඳින් පරිශීලනය කරපු මට එය ලොකු අභියෝගයක් වුණේ නැහැ. මම මගේ කණ්ඩායමේ අයගෙ ඔවුනට ආවේණික වූ රිද්මයක් ගැන මුලින් සොයා බැලූවා. අනූෂා එයාගෙ අනන්‍යතාවය බොහෝ දුරට හදාගෙන ඉන්නෙ නර්තනයට දක්‍ෂ චරිතයක් ලෙසයි. එහිදීත් එයා ඉන්දියානු සම්ප‍්‍රදායේ නර්තනයට වඩා දක්‍ෂයි. එතකොට දිනක්‍ෂි අපූරු සුන්දර තරුණියක්. ඇය රංගනයටxගැයුමට වගේම නර්තනයටත් හැකියාව දක්වනවා. රවීන් කණිෂ්ක ඞී‍්‍රම්ස්ටාර් තරුවක්. තීක්‍ෂණ සුපර් ස්ටාර් තරුවක්. ඒ අනුව මෙයාලගෙ ඒ රිද්මයන්ට එහා ගිය හැකියාවන් වෙතින් එයාලව ඉදිරියට ගේන්න පුළුවන් බව මට හැඟුණා. හැබැයි මුලදී අපි අනූෂාගෙ ඉන්දියානු රිද්මයට අනුව නර්තනය කරන්න ඉඩ දුන්නා. රවීන්ගෙ ගායනයට එහා ගිය නර්තනයක් ගන්න පුළුවන් වුණා. ඔහුගෙ නර්තන හැකියාව රටම දැක්කා. ඊළඟට තීක්‍ෂණ තමා සතුව රඟපෑමේ අපූරු හැකියාවක් ඇති බව පෙන්නුම් කළා. දිනක්‍ෂි තවත් අපූරු මිශ‍්‍රණයක් කළා. ඊළඟට එයාගෙ රිද්මය විවිධාකාර දේ කළා. මේ අපූරු සංකලනය තමයි, දිගටම ඉදිරියට ගියේ.

 

මේ ජයග‍්‍රහණය ලැබුණාම ඔබට ඇතිවූ හැඟීම මොන වගේද?

2016-08-13-ent-33ඉන්දියානු දීර්ඝ ටෙලිමාලා සහ ඔහේ කරන්නන්වාලේ දිගහැරෙන සිංහල නාට්‍යය සහ එකාකාරීව ගලායන රියැලිටි අතරේ තවමත් අපේ රටේ අපේ දෙයක් කිරීමට ඉඩක් ඇති බව තේරුම් ගත්තා. අන්න ඒ අනුව තමයි අපේකමට සහ අපේ සංස්කෘතිකාංග මෙන්ම අංගචලනවලට ගැලපෙන දෙයක් කළේ. මින් පසුව අපේ රටේ රියැලිටිකරණ වැඩසටහන්වල දී මේ දේ කරන්න බොහෝ දෙනා උත්සාහ ගනීවි. ඔන්න අපි ඒකට පුංචි පාරක් හදලා දුන්නා.

 

‘‘සුපර් ගැංග්ස්ටර්ස්’’ කණ්ඩායමේ සිටියදී මතකයේ රැඳී රසමුසු දේ සිහිපත් කළොත්?

මම හින්දා අනෙක් අයට වෙච්ච අමතක නොවන දේ තමයි ඇත්තෙ. අපට මුල සිටම අපේ ජනකවියට අනුව යමක් කරන්න, පැරණි චිත‍්‍රපට ගීතවලට අනුව යමක් කරන්න, ඒ වගේ පෙළ ගැස්මක් තිබුණා. අපට සැලැස්මක් තිබුණා. ඒවා ගැන කතා කරන අවස්ථා රසමුසු වුණා. අවසානයේදී අපි අම්මාxතාත්තා තේමා කරගත්තෙ ඇයි දන්නවද?

 

ඔබම ඒ ගැන කිව්වොත්?

මේක ධර්මද්වීපයක්. නමුත් මහලූ නිවාස අනන්තයි, අප‍්‍රමාණයි. අම්මාxතාත්තා අපි වෙනුවෙන් කළ දේ අප‍්‍රමාණයි. අපට උගන්වන්න කොච්චර කැප වෙනවද? ඒ කැපවීම මත ඉගෙන ගෙන මිනිස්සු අම්මාxතාත්තා මහලූ නිවාසවලට දාලා, ලෝකය අල්ලන්න යනවා. ඒක එහෙම වෙන්න ඕනෑ නැහැ. අන්න ඒ පණිවුඩය අපි චුට්ටක් රටට මතක් කරලා දුන්නා. මේ ජයග‍්‍රහණය ලබන්න නර්තන අංග පුහුණුව සඳහා අපට රසික, ගයාන්, ජෙරොම් ඞී. සිල්වා, සංඛ ලොකු අත්වැලක් වුණා. නර්තන ආචාර්ය සහ සරසවි ආචාර්ය රසික කොතලාවල සහ ඔහුගේ බිරිඳ නිෂා කොතලාවලත්, ඇඳුම් නිර්මාණයෙන් අමිල සහ වෙස් ගැන්වීමෙන් උදයංග ලබාදුන් දායකත්වය සිහිපත් කළ යුතුමයි.

 

මේ හැර මේ ස්ටාර් සිටි සම්බන්ධව සිටි කාලයේදී ඔබ මුහුණ දුන් වෙනත් දේ මොනවද?

පසුගිය මාස අටක කාලයේදී මේ නිසා මගේ ස්වාමි පුරුෂයා මෙන්ම අම්මාට මගෙන් විය යුතු, ඉටුවිය යුතු යුතුකම් කළ නොහැකි වුණා. කෙටියෙන්ම කිව්වොත් ඇහැක් ඇරලා බලන්න බැරි වුණා. එයාලා ඒ ගැන නොසිතා මාව සැහැල්ලූවෙන් තැබුවා. අනූෂා, දිනක්‍ෂි, තීක්‍ෂණ, රවීන්, උන් ඔක්කොම හරිම සුන්දරව මාව තේරුම් ගත්තා.

 

සඳුන් ගමගේ

 

2016-08-13-ent-36
2016-08-13-ent-35
2016-08-13-ent-32



අදහස් (0)

රියැලිටි කලාවට අලූත් පාරක් හැදු සුපර් ගැංග්ස්ටර්ස්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 916 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 801 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 438 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 301 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1194 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 995 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site