පාදෙණිය අනුරාධපුර මාර්ගයේ දළදාගමට ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මොටර් රථයේ ගමන් ගත් තිදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි මහව පොලීසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ තිදෙනකි. ඔවුන් ගම්පහ සිට අනුරාධපුරය දක්වා යද්දී මෙම අනතුර සිදු වී ඇත.
නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව
වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රිය අනතුරින් තිදෙනෙක් මරුට
චමු .විතුම් Friday, 02 August 2013 07:40 PM
ඔබට නිවන් සුව පතන අතර තුවාල ලැබූ අය ඉක්මනින් සුව වේවා. (අ)
රේමන් Friday, 02 August 2013 08:05 PM
මේ ඔක්කොම වරද බස් ගැමුණු (අ)
රන්ජන් Sunday, 03 November 2013 10:51 PM
ලංකාවේ නීති මදි වැරදි වලට සමාව දෙන එකමනේ කරන්නේ.පොඩි වැරැද්දක් කලත් දඩය ලොකුවට ගහනවනම් කවුරුත් වැරදි කරන් නැහැ.අනික ස්පීඩ් කැමරා ලොකු පාරවල් වලට දාන්න ඕනි. එතකොට දඩ ගහන්නත් පුළුවන්,නීතිමය කටුතු කරන්නත් පුළුවන්.මේවා ගැන ආණ්ඩුව මිට වඩා උනන්දු වෙන්න ඕනි. (දී)
තුසන්ත Friday, 02 August 2013 08:25 PM
හේමචන්ද්‍ර ඔබට නිවන් සුව - අපි ඔයාගේ ආයතනයේ යාලුවෝ (අ)
සුරංග Saturday, 03 August 2013 08:08 PM
හැම වෙලාවෙම බස් රියදුරන්ට බණින එක වැරදියි. මම දන්න විදිහට මේ අනතුර වෙලා තියෙන්නෙ කාර් එකේ රියදුරාට නින්ද යාම නිසා... (නි)
චන්දි Friday, 02 August 2013 02:48 PM
අනේ දෙයියනේ!!! මොන අපරාදයක්ද මේ ..,මේ විදියට ගියොත් අපිට රට විතරක් ඉතිරි වේවි මිනිසුන් නොමැති ඇයි මේවට විසදුමක් නැත්තේ ඇයි මේ රිය අනතුරු කරන රියදුරන්ට නීසි දඩුවම් දෙන්නේ නැත්තේ අනේ මන්දා අප්පා මොනවද මේ වෙන්නේ රටට කියලා (ස)
නිමාලි Saturday, 03 August 2013 11:29 AM
පොලියෙන් කවදාවත් වැරදි කරන බස් අල්ලන්නේ නෑ. එක තමා ප්‍රධාන හේතුව. (අ)
සම්පත් Friday, 02 August 2013 03:04 PM
බස් එක තියෙන්නේ කොහෙද?? (ස)
ඉන්දික සෞදි අරාබියාව Friday, 02 August 2013 03:06 PM
ඉතා කණගාටුදායක සිදුවීමක්, තුවාල සිදුවෙච්ච අයට ඉක්මන් සුව පතමි.(ස)
ජයන්ත Friday, 02 August 2013 03:08 PM
මේවා දැකලා මගේ ඇගේ මයිල් කෙලින් වෙලා. අනේ අම්මපා මේවා නවත්තන්න පියවර ගන්නේ නැද්ද. මේ රියදුරන්ට ලයිසන් දෙන අයව සොයා ගෙන ගිහින් ඒ ගොල්ලන්ගේ වත්කම් ගැන අල්ලස් කොමසාරිය පරීක්ෂණ පවත්වනවා නම් හොදයි. ආණ්ඩුව වහාම මේ ගැන ක්‍රියාත්මක වී මෙම විනාසය අඩු කිරීමට වැඩ පිළිවෙලක් සාදන වනම් හොඳයි. පාර හැදුවට මදි. ඒ පාර වල් යන අයව දැන මුතු කරනවානම් ඉතා හොදය. ඒ වගේම පැය දෙකකට වැඩිය එක දිකට එලවනවානම් සැම පැය 2 වරක් වාහනය නතර කර විවේක ගැනීම අනිවාර්ය කර යුතුය. ලය්සෝන් දෙන ක්‍රමය වෙනස් කර යුතුය. අනතුරු වැඩි දැනට තියන ක්‍රමයේ වැරදි ඇති නිසාය. (ස)
මහේෂ් Friday, 02 August 2013 03:16 PM
මේ බස් එක තියෙන පැත්තෙන් හිතාගන්න පුළුවන් මොකක්ද වෙන්න ඇත්තේ කියල (ස)
චන්දි Friday, 02 August 2013 03:29 PM
පුදුම හැපිල්ලක්නේ,හැපිලා තියෙන්නේ බස් එකට එච්චර අලාබයක් නම් පෙන්න නැහැ ..,අනේ අර කාර් එක ඇතුලේ ඉන්න කෙනා ඉක්මනට ගන්න එයා ගන්න නේද මේ කට්ටිය මහන්සි ගන්නේ ..? (ස)
පිටිගල මිලානෝ Friday, 02 August 2013 03:31 PM
'මග මරුවෙක්' තවත් ජීවිත තුනක් බිලි ගනී. ප්‍රයිවට් බස් ඉගිල්ලෙන හැටි පාරේ යන මිනිස්සු දනී. (ස)
අතුල මිලානෝ Friday, 02 August 2013 03:56 PM
මොනවා බලන්නද ? පින්තූරවල පේන විදියට බසයේ රියදුරුව මොනව හරි කරන්නම ඕනේ. (ස)
දයාවංශ දැකුම්පිටිය Friday, 02 August 2013 03:58 PM
වාහන පෑදවීමේදී,නිදාගැනීමෙන්,බීමත්ව සිටීමෙන්,මෙන්ම අධික වේගය,නිසා වන අවසාන ප්‍රතිපලය....... (ස)
ප්‍රදීපා Friday, 02 August 2013 04:03 PM
වෑන් එකේ ඉස්සරහ දැක්කහම මිනිස්සුන්ට මොනවා වෙලා ඇත්ද කියලා හිතාගන්න පුළුවන්. ඒත් මන් බැලුවා අද මොකද රිය අනතුරක් වාර්තාවෙලා නැත්තේ කියලා ලංකාදීපයට. ඒ තරමටම ලංකාවේ රිය අනතුරු වැඩි වෙලා දැන්. මෙයට අදාළ බලධාරීන් නිසි පිලියමක් නොගත්තොත් මෙය ජාතික ප්‍රශ්නයක් වේවි. මියගිය සැමට නිවන් සුව...!!!! (ස)
හුසේන් රියාද් සිට Friday, 02 August 2013 04:07 PM
ගෙදට්ට කියලමද ඇවිල්ල තියෙන්නේ මෙහෙම හැප්පෙන්න. (ස)
කිත්සිරි Friday, 02 August 2013 04:25 PM
කනගාටුයි! මියගිය අයට නිවන් සුව පතමි. (ස)
ඉන්ද්‍රජිත් Saturday, 03 August 2013 03:03 AM
මේ සේරටම වරද අපේ පොලිසිය.එයාලා අනතුරක් වුණාට පස්සුව පිළියම් කරනවා මිසක් අනතුරක් වෙන්න තියෙන ඉඩ අහුරන්නේ නැහැ . අපේ මාර්ග නීති බහුතරය වෙනස් වෙන්න ඕනෑ.නැත්නම් මේ වගේ හැමදාම අපේ ජිවිත අහිමි වෙන එක නවත්වන්න බැරිවෙනවා .රියදුරන් මීට වැඩිය ප්‍රවේශම් වෙන්න ඕනෑ (නි)
නයන ශ්‍රී Saturday, 03 August 2013 03:09 AM
බස් රියදුරෝ කිසි බයක් නැතුව මිනී මරන්න ලැහැස්ති වෙලා වගෙයිනේ ඉන්නේ. (නි)
නයන ශ්‍රී Saturday, 03 August 2013 03:13 AM
දැන් බලන්න, මේ බස් එක තවම හැපුණු තැනම නම් තියෙන්නේ, ෆොටෝ එකේ හැටියට ඒක තියෙන්නේ පාරේ දකුණු පැත්තේ. බස් රියදුරුගේ පැදවීම ගැන එතැනින්ම හිතාගන්න පුළුවන් (නි)
දිලිනි හන්සිකා Friday, 02 August 2013 04:46 PM
පුද්ගලික බස් කාරයන්ගේ කාලකන්නි රිය පැදවීම නිසා ජීවිත කීයක් අහිමි වෙනවද. මේවට බලදරින් පියවරක් ගන්න ඕනේ නේද . රුපියලක් දෙකක් වෙනුවෙන් ජීවිත වල වටිනාකමක් නැතුව රේස් පදිනවා. පාරේ යන මිනිස්සු, පොඩි වාහන වල යන මිනිස්සු ජීවිතයෙන් වන්දි ගෙවන්න ඕනේ. (ස)
නසාර් Friday, 02 August 2013 04:47 PM
ශෝක ජනක සිදුවීම් බලවත් ශොකය ... (ස)
චාන් අධිකාරී Friday, 02 August 2013 04:51 PM
වරද කාගේද?........අපරාදේ ජීවිත තුනක් ,....රියදුරනි,.....අකාලේ නැතිවෙන ජීවිත මුදලට වඩා වටිනවා නේද? (ස)
ප්‍රසන්න රත්නායක Saturday, 03 August 2013 02:36 PM
පුද්ගලික බස් සියල්ල රජයට පවරාගත යුතුයි. එයාලා බස් පදවන්නේ පාර ඒ අයගේ කියලා හිතාගෙනයි. බස්, ටිපර් සහ ත්‍රී විල් ගැන මීට වඩා නීති රීති යෙදිය යුතු කාලය ඇවිත් (දී)
ප්‍රියා Friday, 02 August 2013 04:59 PM
බලන්ඩ ඉන්දියා බස් වල සක්තිමට්බව මිය ගිය සෙමට බුදුසරණින් රියදුරු දෑතට දෙවි පිහිටයි. (ස)
ෆාතිමා. Friday, 02 August 2013 05:30 PM
ඇත්තටම මේ පාරේ ඉරිගහල තියෙන්නේ පුද්ගලික බස්වලට විතරක් යන්නද ? (ස)
පාලිත Wednesday, 07 August 2013 07:48 PM
සුබේ, මගේ හර්දයාංගම ශෝකය (අ)
දුමින්දිකා Friday, 02 August 2013 06:13 PM
මෙය අද දිනයේ අප කම්පනයට ලක් කළ සිදුවීමක්. මේ අනතුරට ලක්වුණේ අප ආයතනයේ ඉංජිනේරුතුමෙකුගේ බිරිඳ සොහොයුරා හා මෑණියන් ය. දරාගත නොහැකි ශෝකයකින් හා කම්පනයකින් අප ආයතනයේ සියලු දෙනා අද දවස ගෙව්වෙමු. ඔවුන්ට නිවන් සැප සහ තුවාලවුවන්ට තෙරුවන් බලෙන් ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. (නි)
නුවන් - තිස්ස Saturday, 03 August 2013 04:42 PM
අදික වේගය මරු කැදවයි.
අරුණ ජයලත් Friday, 02 August 2013 06:58 PM
මරණයට පත්වූ මිතුරාට නිවන් සුව පතමි! අනතුරින් සුවය ලබන්නන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)
කාන්ති Sunday, 04 August 2013 02:47 PM
රිය පදවන අය සැළකිලිමත් වෙන්න ඕනෑ. නැත්නම් බැනුම් අහන්න වෙන්නේ නිවැරදි අයට.. (නි)
චමුදිත උ. රවිඳු. Friday, 02 August 2013 07:22 PM
අපගේ බලවත් ශෝකය, (අ)