IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


රිලව් අල්ලන්න දුරස්ථ පාලක කූඩුවක් හදයි

(අංජුල මහික වීරරත්න)

වගාවන්ට විශාල වශයෙන් හානි කරන රිලවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගන්නා කවර පියවරකට වුවත් උපරිම සහයෝගය පළ කරන බව සියලුම දිස්ත්‍රික්ක වල ගොවි සංවිධානවල නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

චීනයේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිලවුන් 100,000ක් ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීමට පරිසර සංවිධාන හා විවිධ පුද්ගලයින් විවේචන එල්ල කළත් තම වගා බිම්වලට රිලවුන් ඇතුළු අනෙකුත් සතුන් කරන හානියට ඔවුන් සතුව විසඳුම් නැති බවත් ගොවි සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

කෙසේ වුවද චීනය විසින් රිලවුන් සත්වෝද්‍යාන වලට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ ද ඒ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයට බලයක් නැති බැවින් වනජීවී දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මත කටයුතු කිරීමට තීරණය කර තිබේ.

මේ අතර රිලවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලකයකයින් ක්‍රියාත්මත කළ හැකි විශේෂ කූඩු වර්ගයක් හඳුන්වා දීමට ද සැලසුම් කර ඇත. එම කූඩු භාවිතා කිරීම සඳහා රිලවුන් අල්ලනු ලබන පුද්ගලයින්ට විශේෂ පූහුණුවක් ලබා දීමට ද නියමිතය.

 



අදහස් (17)

රිලව් අල්ලන්න දුරස්ථ පාලක කූඩුවක් හදයි

fairoos Sunday, 16 April 2023 12:52 PM

මේ කාලකණ්ණින් කැලෑවල් හෙළිකරලා සත්තුන්ටත් ඉන්න දෙන්නේ නැහැ.

:       30       20

BamunuarachchiSunday, 16 April 2023 07:11 PM

අම්මට සිරි, මේ කියන්නේ බදියුදීන් ගැන වෙන්න ඇති. දීපු නාම විශේෂණය මිනිහාට නියමෙට ගැලපෙනවා.

:       1       13

BamunuarachchiTuesday, 18 April 2023 07:32 AM

1967 කාලේ හොරොව්පතානේ කහටදස්දිගිලියේ එක මුස්ලිම් පුළුටක් හිටියේ නැහැ ඔක්කොම රජයේ කැළෑ. දැන් කැළෑ එලිකරලා මුස්ලිම් ගම්මාන හදාගෙන. මොකද මුස්ලිම් සෙට් එක ගම්බිරිස් හොයාගෙන එනකොට ඉඩම් ගෙනාවද? කලෑ එළිකලේ කාලකන්නි මුන් සෙට් එක.

:       0       1

sugathSunday, 16 April 2023 09:52 PM

එතකොට ඔය කොළඹ පළාතේ අතීතයේදී තිබ්බ කැලා හෙළිකරලා ඒ තැන්වල දැන් මිනිස්සු පදිංචි වෙලා ඉන්න එක හරිද?

:       0       1

යෝගා Sunday, 16 April 2023 01:00 PM

කොළඹට සහ ප්‍රධාන නගරවලට රිළවු ලක්ෂ ගණනක් ගෙනත් දාමු. එතකොට ඔය රිලාප්‍රේමීන්ම කූඩු අරගෙන ඔවුන් අල්ලන්න එයි...

:       8       41

Wije Sunday, 16 April 2023 02:18 PM

දියවන්නාවේ 225, දුස්සීල චීවරධාරීන් සමග අසරණ ගොවියන් ගැන නොහිතන NGO පරිසර කාරයොත් චීනයට පටවමු...

:       4       29

ලපයා Sunday, 16 April 2023 03:01 PM

ඔය කූඩු ටිකක් දියවන්නාවට යන පාරවල්වල තියන්න බැරිද? එහෙත් හරියට පනින එවුන් ඉන්නවා.

:       2       23

Pankumburage Sunday, 16 April 2023 03:29 PM

කළුතර පැත්තේ කක්කුස්සි කටක් තියෙන තඩි රිලවෙක් ඉන්නවා පනින්න බලාගෙන...

:       7       28

RaviMonday, 17 April 2023 08:12 AM

මරු කමෙන්ට් එක

:       0       2

sam Sunday, 16 April 2023 04:34 PM

රිලව් කියන්නේ ඥාණාන්විත සතුන් කොට්ඨාශයක්. මේ කූඩුවකට එක රංචුවකින් එක රිලවෙක් අල්ලා ගන්න පුළුවන් වේවි. ඉන්පසුව ඒ රංචුවේ රිලව් නම් මේ කූඩුවට අහුවෙන එකක් නැහැ...

:       1       15

චන්දන Sunday, 16 April 2023 05:51 PM

පහුගිය දවසක කතරගම ගියා... ඇත්තටම කිසිම රිලවෙක් පූජා භූමියෙ හිටියේ නැහැ. හරිම අස්වැසිල්ලක්...

:       4       6

සාමනේර Sunday, 16 April 2023 07:06 PM

දුස්සීල චීවරධාරීන් කියලා හඳුන්වනවාට වඩා මට දැනෙන්නේ, "ශ්‍රමණ ප්‍රතිරෑපක" යන වචනය සුදුසු නැද්ද? කියලයි...

:       3       10

Bamunuarachchi Sunday, 16 April 2023 07:09 PM

රිලව් අල්ලන එක අපිටත් කරන්න පුළුවන්... ප්‍රශ්නය අල්ලාගත්තු එවුන්ට මොකද කරන්නේ කියන එකයි...

:       2       8

ඉන්දික Sunday, 16 April 2023 07:40 PM

කැලේකට වෙලා ඉන්නවා නම් කමක් නෑ...! කැලේ ඉන්න රිලව් ගම්වැදිලා වගා විනාශ කරන එක සහ ඒකේ ආතල් එක සීතල කාමර නෝනලාට, මහත්තුරුන්ට තේරුම් ගන්න බෑ.. ජීවිතේ ගැටගහගන්න එක දවසක් හරි වගාකරලා තියන කෙනෙක් තමයි රිලව් දෙන ආතල් දන්නේ...

:       3       16

පිටිගල මිලානෝ Monday, 17 April 2023 09:20 AM

චීනේ මයිනෝ සහ කපුටෝ ගන්නේ නැද්ද….?

:       0       1

BamunuarachchiTuesday, 18 April 2023 07:34 AM

උන්ව ගන්නේ ඉතාලිය.

:       0       0

Janiya Monday, 17 April 2023 10:41 AM

රිළව් ඇල්ලිල්ලට ගොඩක්ම රිදිලා තියෙන්නේ අගනුවර බැල්කනි ගොවියන්ට...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බළපිටියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 17 165 0

බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.


කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි
2025 අප්‍රේල් මස 17 252 0

දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර


කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 174 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 54 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 225 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 218 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 363 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1084 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site