IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රේල් පාරේ හානිය ගණන් බලයි : රියදුරු කූඩුවට

කැලණිය බියගම පාරේ කළු පාලමේ කන්ටේනරයක් ගැටීමෙන් හානියට පත් ඉහළ දුම්රිය මාර්ගය පැය දොළහ හමාරකට පසු අලුත්වැඩියා කර අද (8) පස්වරුවේ දුම්රිය ධාවනයට අවස්ථාව සැලසූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

හානියට පත්වූ පහළ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුකරගෙන යන බවත් කඩිනමින් එම මාර්ගයද යථා තත්ත්වයට පත්කරන බවත් කියති.

අද පෙරවරුවේ කොළඹට ළඟාවීමට හා කොළඹින් පිටවීමට තිබූ දුම්රිය 20ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලන කාර්යාලය පවසයි.

ඊට අමතරව කොළඹින් පිටත්වීම නියමිතව තිබූ පොඩි මැණිකේ, උඩරට මැණිකේ, යාල් දේවි ඇතුළු දුරගමන් සේවා දුම්රිය සියල්ලක් පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වී ධාවනය වූ බවද කියති.

කන්ටේනර් රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර අලාභය තක්සේරු කරගෙන යන බව දුම්රිය බලධාරීහු කියති. රියදුරු රක්වානේ පදිංචිකරුවකු බවත් අද අලුයම සිමෙන්ති තොගයක් රැගෙන යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවත් කියති.



අදහස් (0)

රේල් පාරේ හානිය ගණන් බලයි : රියදුරු කූඩුවට

ලලිත් Friday, 08 April 2016 05:11 PM

වෙන රටවල් වල නම් වාහනේ රක්ෂණ සමාගමට තමයි ඔය වන්දිය ගෙවන්න වෙන්නේ. මනුස්ස ජීවිතයකට හානියක් වෙලා නැත්නම් රියැදුරු ගෙදර යවනවා නොසැළකිල්ලට සහ මාර්ගයේ සලකුණු නොපිළිපැදීමට දඩයක් ගහලා. (නි)

:       0       0

උපාලි Saturday, 09 April 2016 09:04 AM

වත්තල ඇවිදින පාර කඩපු අයටත් මේ විදියටම නීතිය වුණා නම් නේද හොඳ? (නි)

:       0       0

දීප්ති Friday, 08 April 2016 06:17 PM

අනෙක් අයටත් පාඩමක් වෙන්න නිසි දඬුවම් දෙන්න (නි)

:       0       0

කිත්සිරි Friday, 08 April 2016 06:41 PM

දෙතුන් වතාවක් මෙම අනතුර සිදුවුන නිසා මින් ඉදිරියට මෙවැනි අනතුරු සිදුනොවීමට කටයුතු කිරීමෙන් දේපළ හානිය වළක්වා ගන්නවාසේම මහජනයාට සිදුවන අපහසුතාවයද වළක්වා ගතහැකිය (නි)

:       0       0

දිසා Friday, 08 April 2016 08:18 PM

පොලිසියට කොහෙන් ගියත් බැණුම්. නීතිය ක්‍රියාත්මක කළොත් පොඩි මිනිහාට තමයි ඔක්කොම නීති කියලා බනිනවා. පාලමක යන්න පුළුවන් උස ප්‍රමාණය තියෙන අනතුරු හැඟවීමක්වත් කියවාගන්න බැරි මිනිස්සු ඉන්න එක පොලිසිය පිටින් යවන්න බැහැ. මෙහෙම බැලුවොත් හැම පාලමක් ගාවටමත් පොලිසියෙන් දාන්න වෙයි (නි)

:       0       0

පුෂ්ප Friday, 08 April 2016 10:26 PM

මෙවැනි සිද්ධියක් මෙල්බන් වල මේ ළඟදි වුණා. සංචාරක බස්රියක් මිටි පාලමක් යටින් යනවිට බස් රථය එහි හිරවුණා. සමහර මඟීන් මුදාගත්තේ බස් රථය කපලා. මෙම සිද්ධිය ගැන ඕස්ට්‍රේලියානු රජය සහ පොලිසිය පවසන්නේ එම රියදුරාගේ අත්වැරැද්දට හෝ නොසැළිමත්කමට ඔහු මෙන්ම එම බස් රථය අයිති සමාගමත් වගකිවයුතු බවයි. මඟීන්ගේ වන්දි සහ මාර්ගයට වුණ අලාභ රක්ෂණ සමාගම් වලින් ගෙව්ව්වත් එම වගකීමෙන් ඔවුන්ට නිදහස් වෙන්න බැහැ. (නි)

:       0       0

ශ්‍රීලාල් Saturday, 09 April 2016 01:00 AM

නීතිය දැන් නම් අායෙත් ක්‍රියාත්මක වෙනවා වගේ. ශරීර සුවත මාවත කඩපු අයත් අත්අඩංගුවට ගනී මම හිතන්නේ. (නි)

:       0       0

තිලක් Saturday, 09 April 2016 03:59 PM

පොලිසිය කියන්නේ හොඳට වගේම නරකට ඉන්න ආයතනයක්. වැඩියම බැනුම් අහන්නෙත් පොලිසිය. මේ සම්බන්ධයෙන් පොලිසිය, ප්‍රවාහන අමාත්‍යංශය වගකිවයුතුයි. බ්රේක් නැති වාහන, ලයිට් නැති වාහන, ප්‍රමිතිය වෙනස් කරපු වාහන , වාහනේට වැඩිය ලොකු බක්කි ගහපු වාහන, රියදුරු බලපත්‍ර නිසි ප්‍රමිතියක් නොවීම, රක්ෂණ ගෙවීම් මඟින් වැරදි කළ රියදුරන්ට දඩුවම් නොමැතිව පලායාමට හැකිවීම ආදිය මුලිකව නිවැරදි කළයුතුය (නි)

:       0       0

සනිල් Saturday, 09 April 2016 05:07 PM

පාර තව අඩියක් යටට හාරන්න. වැඩේ ඉවරයි (නි)

:       0       0

රවීන්ද්‍ර Saturday, 09 April 2016 05:37 PM

ඔය පාලම ළඟ පාර හාරලා පහත්කළා නම් හ‍රි (නි)

:       0       0

සෙලනිකස් Saturday, 09 April 2016 05:58 PM

මේ පාලමට කලින් ඒ පාලමේම උස මට්ටමට බැරියර් දෙකක් දැම්මා නම් පාලමේ වැදෙන්න කලින් මේ උස වාහන නවත්වාගන්න පුළුවන්. (නි)

:       0       0

විජය Friday, 08 April 2016 01:23 PM

තමන්ගේ වාහනේ උස හිතාගන්න බැරි රියදුරෙක්ද මෙයා.(බ)

:       0       0

වර්නන් Saturday, 09 April 2016 04:02 AM

රියදුරු වැරදිකරු වූ පසු වන්දි ඉල්ලා නඩුවක් ඔහුටත්, වාහන අයිතිකරුටත්, රක්ෂණ සමාගමටත් දැමිය හැකිය. (නි)

:       0       0

මුණසිංහ Friday, 08 April 2016 02:08 PM

අවිනීත රියදුරන්ට කලින් ඉදලම නීතිය ක්‍රියාත්මක නොකිරීමේ. ප්‍රතිපල තමා මේ. මේවට පොලිසිය වග කිව යුතුයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 917 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 427 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 935 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3392 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 607 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 237 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site