IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රවීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

 ( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )

තමා අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා  විසින් අභියාචනාධිකරණයට අද (10) රිට් පෙත්සමක් ගොනු කර ඇත.

නීතීඥ ගෞරී තවරාසා මගින් ගොනු කර ඇති මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා,  රහස් පොලිසියේ අධ්‍යක්ෂ වරයා,  වැඩබලන පොලිස්පතිවරයා, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක  ඇතුළු එම අධිකරණයේ  පිරිසක් නම් කරනු ලැබ ඇත.
 
තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, එබැවින් තම රිට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා සිය පෙත්සමින් ඉල්ලා ඇත.
 
2016 වසරේ මාර්තු මස පැවති බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 50කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල 11 අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් සිකුරාදා කොළඹ කොටුව අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබුණි.

 



අදහස් (12)

රවීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

anura Tuesday, 10 March 2020 06:26 AM

පෙත්සම මොකක් උනත් මෙයා ඇතුලේ ඉන්න ඕන කෙනෙක්.

:       0       21

ranjith Tuesday, 10 March 2020 06:34 AM

හොරුන්ගේ අලුත් සෙල්ලමක් අත්අඩංගුවට ගන්න එපා කියආ උසවියෙන්ම ඉල්ලන හැටි ලැජ්ජා නැතුව.......

:       0       19

kumara Tuesday, 10 March 2020 06:53 AM

සුළගක් වී මං යනවා අප්පච්චි කොහොමද මං අල්ලන්නේ ?

:       0       183

rama Tuesday, 10 March 2020 06:55 AM

පෙත්සම ගහල තියෙන්නේ නඩුකාරයට විරුද්ධව. කවුද විභාග කරන්නේ මේවා.

:       1       19

මුණසිංහ Tuesday, 10 March 2020 06:55 AM

කම්බ හොරු නීතිය උඩ පිනුම් ගහනවා. අහිංසකයන් හිර ගෙවල් වල ලගිනවා. මේ ක්‍රමය වහා වෙනස් විය යුතුයි.

:       2       167

දුෂාන් Tuesday, 10 March 2020 06:56 AM

මේව දකිද්දි තනියම හිනා වෙනවා හැර වෙන කරන්න දෙයක් නෑ.

:       0       12

de silva Tuesday, 10 March 2020 06:56 AM

අත්අඩංගුවට ගත්තු මේ නඩුවට අදාල කිසිම කෙනෙකුට අපටනම් දෙන්න එපා. වංචා කළ මුදල විශාල නිසා මෙගොල්ලනට රට පැන්නොත් විශාල ධන කුවේරයන් ලෙස සුඛෝපභෝගී ජිවිත ගෙවන්න පුළුවන්.

:       0       8

dilan Tuesday, 10 March 2020 07:18 AM

ඔන්න ඕකට තමය කියන්නේ "දිට්ට ධම්ම වේදනීය කර්මය" කියලා. ඔය ගම්වල මිනිස්සුනම් "කරන කලට පව් මිහිරිය මීසේ, විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ" කියලත් කියනවා.

:       0       5

de silva Tuesday, 10 March 2020 07:31 AM

අල්ලන්න එනවා කියලා දින දෙක තුනකට ප්‍රථම මාධ්‍ය මගින් ප්‍රචාරය කරලා හොරු අල්ලන්න එන එකම රට ලංකාව වෙන්න ඇති. බැදුම්කර ගණුදෙනුව කෙසේවෙතත් උසාවියට අපහාස කිරීම නිසා මොහුට අවම වශයෙන් මාස 6 ක බරපතල වැඩ ඇතිව සිර දඩුවම නියම කරන්න ඕනේ. උසාවි නියෝගය දුන් දින සිට හැංගිලා සිටින එක දිනකට දින 7 බැගින් දඩුවම දීර්ඝ කළ යුතුයි. මට හිතෙන විදිහට මේවා ඔක්කොම ඡන්දෙට කලින් කරන බොරු නාට්‍ය. ඡන්දෙට කලින් පොරොන්දු වුන විදිහට බැදුම්කර හොරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම හිතා මතාම පැහැර හැරියොත් ලබන පාර්ලිමේන්තු මැතිවරණෙ කෙසේවෙතත් , 2025 ජනාධිපතිවරණයේදී ගෝඨාභය මහත්මයාට මෛත්‍රීට උනා වගේ ගෙදර යන්න සිදුවන බව කරුණාවෙන් සළකන්න.

:       0       1

Raveendra Tuesday, 10 March 2020 07:40 AM

අනේ මේ වගේ බියගුළු නිවටයෝ ටිකක්. අහිංසක මිනිසුන්ගේ බදු මුදල් හොරා කන්න පුළුවන් වීරයෝ වගේ. කුඹුරේ හතර මායිමත් අමතකයි කියන්න පුළුවන්. දියවන්නා ඔයේ මිහරකුන් පට්ටියේ ඉන්නකොට ලෝකෙටම ඇහෙන්න ලාඩන් ගැලවෙනකම්ම තප්පුලන්නත් පුළුවන්. දැන් අඩනවා අනේ මාව අත්අඩංගුවට ගන්න එපෝ කියලා. අනේ අපේ රටට ගිය කල දසාවක්. මේ කොහෙවත් යන අය මහජන සේවකයන් හැටියට තෝරාගෙන....

:       0       9

Hafeel Tuesday, 10 March 2020 10:02 AM

වරෙන්තුකාරයක්ව කොහොමද නීතීඥ ගෞරී තවරාසා හමුවන්නේ? ඔහුව අධිකරණයට බාරදියයුතුයි. නීතීඥවරයා දන්නවා කොහෙද ඉන්නවා බව. සාමාන්‍ය මිනිහෙක් මෙහෙම වරෙන්තුකාරයෙක් පිළිබඳව හංගගෙන හිටියොත් මොකද්ද වෙන්නේ?

:       0       76

Devinda Uduwara Tuesday, 10 March 2020 04:22 PM

රවී අනුගමනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 239 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 25 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 177 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 877 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 267 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 262 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 797 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 529 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site