IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රවීගේ පෙත්සම හෙට සළකා බලන්න තීන්දු කරයි

(තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ)

 

තමන්ව අත්අඩංගුවට  ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා  ඇතුළු හතරක් දෙනෙක් ගොනු කළ රිට් පෙත්සම් හෙට (11) සළකා බැලීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය.

එසේම පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්වීම සඳහා පෙත්සම් හි වගඋත්තරකරුවන් වන නීතිපති, වැඩබලන පොලිස්පති ඇතුළු  හය දෙනෙකුට නොතීසි දන්වා යවන්නැයි ද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට දැනුම් දුන්නේය.

අද පෙරවරුවේ නීතීඥවරුන් මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ එදින දහවල්ම අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අතර එහිදි ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් පෙත්සම සළකා බැලීම හෙටට කල් තැබිණි.

නීතිපති වෙනු⁣වෙන් ස්වේච්ඡාවෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් තොරතුරු දැන ගන්නට ලැබුණු හෙයින් තමන් අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.

මෙම කරුණු මහජන අවධානය යොමු වූ කරුණක් හෙයින් මෙය ඒක පාර්ශවීය ⁣ ලෙස සැළකිල්ලට නොගන්නැයි ද මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

පෙත්සම්කාර රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා කියා සිටියේ තම සේවාදායකයා සම්බන්ධයෙන් නිකුත් කළ වරෙන්තුව නිතීයට පටහැනි ලෙස නිකුත් කර ඇති හෙයින් මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පෙර සිය සේවාදායකයාට වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා සිටියේය.

කරුණු සළකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම් සම්බන්ධයෙන් සළකා බැලීම හෙටට කල් තැබිණි.

හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් , මහ බැංකුවේ හිටපු නිලධාරියකු වන සංගරපිල්ලෙයි පදුමනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් විසින්  අද (10) මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබූහ.

නීතීඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා  නීතීඥ සමාගම ගොනු කර ඇති මෙම රිට් පෙත්සම්හී වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පතිවරයා , කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක , එම අධිකරණයේ  ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ෆයිස් මුස්තාෆා , නවීන් මාරපන , ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න යන මහත්වරුන් පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.



අදහස් (15)

රවීගේ පෙත්සම හෙට සළකා බලන්න තීන්දු කරයි

Ranjith Tuesday, 10 March 2020 08:09 AM

ඒ කියන්නේ හෙට වෙනකම් මෙයා හැංගිලා.

:       8       63

RaveendraTuesday, 10 March 2020 12:04 PM

හැංගි හැංගි මහජන මුදල් ගොඩ හොරා කෑවත් විදවන්නට වෙන්නේ තොගයට බව නොදන්නේද ? නීතිය ඔබට ඕනා විදියට නටනා බව පැහැදිලිනේ.

:       0       37

Raveendra Tuesday, 10 March 2020 08:21 AM

අප නීතිමය නිගමනයන් මෙන්ම තීරණ ගැන කිසිදු අදහස් නොමැති බැවින් හෙට දවස වෙනතෙක් මෙම තක්කඩියාට නිතිය වලංගු නැද්ද යන්න දැනගනුමට කැමැත්තෙමු.මේකත් හොද අවස්තාවක් අපේ මේ සුදු කබාකාරයෝ තම "ආයෝජකයා" ගැන කියමින් කෙලින කෙප්ප අතෝරක් නැති ගොන් තර්ක විතර්ක. ඇත්තෙන්ම මේවා සාමාන්‍ය ජනතාවට රුපවාහිනියක් මගින් සජීවීව දැකගනුමට හැකි නම් සුදුකබාකාරයන්ගේද වස්ත්‍රයන් ද සුළගේ පාවිගෙන යනු ඇත.

:       33       277

Mahesh Tuesday, 10 March 2020 08:29 AM

ගිය ආණ්ඩුව කාලේ වුන දේවල්ම මේ ආණ්ඩුව කාලෙත් සිදුවෙනවා. ඔබට අගමැති වෙන්න ලොකු සුදුසුකමක් ඕක.

:       1       28

Raveendra Tuesday, 10 March 2020 08:30 AM

මෙවන් තක්කඩින් අපගේ මාතෘ භූමියට සාපයකි.

:       1       119

මහසෙන් Tuesday, 10 March 2020 08:38 AM

සරලම කාරණය මෙවන් වු වරෙන්තු කිරිමකට බහුතරයක් වන සාමන්‍ය පුද්ගලයෙකු ලක් වූවේ නම් කුමක් වේදෝ යන්නයි. බලන් යනකොට රන්ජන් කීව දෙවල් හරි. නීතිය කියන්නෙ ඒ අයට ඕන විදියකට නවන්න විතරක් නෙවේ රෝල් කරලා ගහගන්න පුලුවන් දෙයක්.

:       0       311

Nimal Tuesday, 10 March 2020 08:59 AM

ලොකු ලොකු හොරකම් ඉදිරියේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැත්තේ ඇයි ?

:       37       30

අනුරTuesday, 10 March 2020 09:44 AM

නීතියේ දෙවඟන ගේ අතේ තියෙන්නේ පොඩි තරාදියක් නිසා ලොකු ඒවා කිරන්න අමාරුයි

:       0       26

RaveendraTuesday, 10 March 2020 11:57 AM

අඹ, පොල් හොරු දුටුවිට නහුතෙට ක්‍රියාත්මක වන නීතිය රටවල් ගිලපු හොරු දුටුවිට දිව්වනේ. අනේ අනේ.....

:       0       1

පුරවැසියා Tuesday, 10 March 2020 09:05 AM

පළමුව නායකයා අත්අඩංගුවට නොගෙන උපනායකයා පමණක් අත්අඩංගුවට ගැනීම සාධාරණ නොවන බව අභියාචනා කළේ නම් සලකා බැලීමට ඉඩ තිබුණි.

:       27       69

Raveendra Tuesday, 10 March 2020 11:52 AM

නැති බැරි කමට අනුන්ගේ අඹ, පොල් ගත්තොත් මහඋළු ගෙදර ලගින්න වෙන බව ස්ථීරයි. මහජන මුදල් ප්‍රකෝටි ගණන් හොරා කාපු අයට සළකන්නේ හොම්බෙන් ඇන ඇන.....

:       0       33

Keppetipola Tuesday, 10 March 2020 12:10 PM

උසාවියෙන් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් නිකුත් කළාම විත්තිකරුට හැංගිලා ඉදන් එම වරෙන්තුව බල රහිත කරන්න කියලා ඉල්ලන්න පුලුවන්ද? මේක මහා පුදුම නිතියක්නේ. උසාවිය තුට්ටු දෙකකකට වත් ගණන් නොගෙන විත්තිකරු හැංගිලා ඉදන් නීතිඥයෝ මාර්ගයෙන් පෙත්සම් එවනවා උසාවියේ තීන්දුව බල රහිත කරන්න කියලා. මෙය උසාවියට කරන අපහාසයක් නොවේද? මෙයින් පැහැදිලිව පෙනෙනවා, විත්තිකරුවන්ගේ නීතිඥයන් විත්තිකරුවන් සැඟවී සිටින තැන දන්නවා කියා. උසාවියේ නියෝගය පරිදි විතිකරුවන්ගේ නීතිඥවරුන් ඔවුන්ගේ සේවදායකයින්ව උසාවියට ඉදිරිපත් නොකර මේ නටන නාඩගම මොකක්ද ? මේ නීතිඥවරුන් උසාවියටත් අපහාස කරනවා නේද? ඇයි පොලිසියට බැරි විත්තිකරුවන්ගේ මේ නින්දිත නීතිඥවරුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් විත්තිකරුවන් සැඟවී සිටින තැන විමසා ඔවුන්ව අත්අඩංගුවට ගන්න? රටේ ජනතාවගේ මහා ධනස්කන්දයක් මංකොල්ලකාපු මෙවැනි පාපතරයින්ට රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන්නේ උසාවියේ විනිසුරුවන් සමග යටින් යන මෙගා ඩීල් නිසාද?

:       0       79

RaveendraTuesday, 10 March 2020 12:40 PM

ඔබගේ වටින අදහස් අප ඉහළින්ම අගයන්නෙමු. ඔබ සදහන් කල් ඒ වටිනා තර්ක කිසිදු සුදු කබාකාරයෙක් නොහිතන්නේ මන්ද ? පිළිතුර නම් සුදු කබාකාරයෝ යනු සුනඛ වසුරු ගොඩේ තිබෙන ශත පහ තමන්ගේ දිවෙන් ගන්න හැකියාවක් තිබෙන හිගන්නන් බවය. මේ සියල්ලන්ගේ අවසාන නිගමනය නම් පොල් ගෙඩිය, අඹ ගෙඩියක් නැති බැරිකමට ගත්තොත් නීති දෙවගනගේ ඇස අන්ධය. තරාදිය සමබරය. කඩුව මුවහත්ය. රටක්ම හොර කාපු ඒ අහිංසකයෙක් දුටුවිට නීති දෙව්දුවගේ ඇස් ඇරී ඇත. තරාදිය හුළගට පැත්තකට බරවී ඇත. අසිපත අකුණක් වැදීම නිසා අස්ථානගතව ඇත.නීති ගරුක නීතිඥ මහත්වරු මහත්මියන් සිටි නම් කරුණාකර මෙම විගඩම් වලට විරුද්ධව නැගී සිටින මෙන් අපි ඉල්ලා සිටින්නෙමු.

:       0       98

Raveendra Tuesday, 10 March 2020 12:11 PM

අමතක උනත් ගේදොර හරකා බාන හොරකම් කළ මහජන මුදල් අමතක නැහැනේ. ඒ නිසයි ඉල්ලුවේ බේරෙන්නට නීතියෙන්.......

:       0       0

wije Tuesday, 10 March 2020 04:44 PM

මේ දෙගොල්ලොම හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්න මිනිස්සු සේරම තොත්ත බබාලා කියලායි. වරෙන්තු නිකුත් කරලා දවස් ගානක් ගිහිල්ලත් තවමත් මෙයාව අල්ලගන්න බැරිවුණා කියන්නේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම ලැජ්ජා වෙන්න ඕන කාරණයක්. රටේ ආරක්ෂාව උපරිමව තියනවා කියලා පම්පෝරි ගහන අයට රටම අදුරන මෙයාව අල්ලගන්න බැරිනම් ත්‍රස්තවාදියෙක් අල්ලන්නේ කොහොමද ? අපිට දැන් තමයි තේරෙන්නේ ඇයි තවමත් අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි කියලා. සමහරවිට හෙටින් පස්සේ අත්අඩංගුවට ගන්න එකක් නැහැ. මේ කවුරුවත් රට හදන්නෙවත් හොරු අල්ලන්නේවත් නැහැ. දෙගොල්ලොම පට්ටම හොරු. එයාලා බලයේ ඉන්නකොට මෙයාලාව ආරක්ෂා කරනවා. මෙයාලා බලයේ ඉන්නකොට එයාලාව ආරක්ෂා කරනවා. අපි හැමදාම කාටහරි රැවටෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 152 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 20 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 145 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 768 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 239 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 242 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 794 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 529 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site