මුදල් ඇමැති රවී කරුණානායක මහතාට විරුද්ධව බාරදුන් විශ්වාසභංග යෝජනාව මේ සතියේ විවාදයට ගන්නැයි කතානායකගෙන් ඉල්ලීමක් කළ බවත් එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත්ව ඇතැයිද විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා එසේ පැවසීය.
‘අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධවත් විශ්වාසභංග යෝජනවාක් බාරදුන්නා. තවම ඒක න්‍යාය පත්‍රයට ඇවිල්ලා නැහැ. ඒක න්‍යාය පත්‍රයට එන්න දින 5-6ක් ගතවේවි. ඒ ගැන අපිට තීරණයක් ගත හැක්කේ යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් කළාට පස්සෙයි‘
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා
නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රවීටත් විශ්වාසභංගයක්
චානක ලොස් ඇන්ජලිස් Tuesday, 09 June 2015 03:55 PM
පිවිතුරු යහපාල ....රවී තවම නීතිය වැරදී කරුවෙක් කියා නැහැ නේද ?නමුත් රජයේ කිසිම තනතුරක් නොදැරිය යුතුයි කියා නීතියෙන් වරද කරුවෙක් කර තීන්දුවක් දුන් පසුගිය රජයේ ප්‍රබලයෙකුට මුදල් අමාත්‍යංශයේ ලේකම් තනතුරෙන් සංග්‍රහ කෙරුවේ කව්රුන් විසින් මොන සදාචාරයෙන්ද ?තවත් එනවා සදාචාරයක් ගෙන කතා කරන්න ..(බ)
සේන Monday, 08 June 2015 10:33 AM
ඔබතුමාලගේ විශ්වාසය තිබුණත් නැතත් මහජන විශ්වාසය තියෙනවානේ. (ම)
සුරන් Monday, 08 June 2015 10:35 AM
මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මුදල් ඇමති කම වගේ තනතුරක් දෙන එක එතරම් හොද නැහැ. ඇත්තටම බලන්න ඕන මෙයා අයවැය දී මෙයාගේ ව්‍යාපාරවලට බලපාන බදු කියකින් රිංගුවද කියල. ඇත්තටම එ්කත් මුල්‍ය වංචාවක් (බ)
තුෂාන් Monday, 08 June 2015 10:46 AM
මේ විශ්වාස භංග යෝජනා විවාදයට ගත්තොත් සේරම හාන්සියි. එ්කයි 20 ඇපයට තියන් ඉන්නේ. කොහොමත් ඉතින් තව මාස 2 යි නේ. (නදී)
ටෙරන්ස් Tuesday, 09 June 2015 03:22 AM
දැන් විශ්වාසභංග වැහි වැහැලනේ! (නි)
විජයබාහු Monday, 08 June 2015 02:00 PM
සේන ඔය කියන මහජනයා කොහෙද ඉන්නේ (බ)
පරාක්‍රම -ඇඩිලේඩ් Monday, 08 June 2015 02:04 PM
විශ්වාස භංග මුවාවෙන් 20 ට කකුල් මාට්ටු දාන්නේ කවුද, ඒ කොහොමද, යටි අරමුණු මොනවාද කියා මහජනතාව දැන් හොඳින් වටහාගෙන ඉන්නේ මෙදා පාර මතක හිටින්න සලකන්න. (අ)
පිවිතුරු යහපාල Monday, 08 June 2015 02:18 PM
මෙයාට විශ්වාසභංගය ගේන්න තිබුනේ මේ ඇමතිකම දීපු දවසේමයි. උසාවියේ මුල්‍ය වංචාවක් පිළිබදව නඩුවක් විභාග වෙද්දී මෙයා මොන සදාචාරයක් මත ද මුදල් ඇමති වුණේ. එක යහපාලානේ නිසා වෙන්න ඇති. යහපාලනේ නම් තියෙන එවයෙනුත් නිදහස්. (අ)
ප්‍රකාශ් Tuesday, 09 June 2015 12:27 PM
මේක නම් ක්‍රියාවට නැංවිය යුතුමයි. (නි)
ඩයස් Monday, 08 June 2015 10:14 AM
මුන්ට නම් පිස්සු (ම)