(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පවුලේ ඥාතීන් පදිංචිව සිටින බව කියන කොල්ලුපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ රුපියල් කෝටියකට වඩා වටිනා නිවසක් ලබාගැනීම හා එම නිවස සඳහා මුදල් ගෙවීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාට සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට ලබන නෙවැම්බර් 18 වැනිදා අධිකරණ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (12) සිතාසි නිකුත් කළේය.
රජයේ සේවකයකු වන මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගෙවු කොල්ලුපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ නිවසක් ලබාගැනමෙන් රවී කරුණානායක මහතාද එම නිවස ලබාගැනීම සඳහා ආධාර අනුබල දීමෙන් අර්ජුන් ඇලෝසියස් මහතාද අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි සිදුකර ඇතැයි සඳහන් කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 06ක් යටතේ පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා විත්තිකරුවන් මෙලෙස මහාධිකරණයට කැඳවා ඇත.
මෙම නඩුවේ පළමු විත්තිකරු වශයෙන් බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පදිංචි සන්දේශ් රවීන්ද්‍ර කරුණායක මහතාද දෙවැනි විත්තිකරු වශයෙන් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හා වෝලට් ඇන්ඩ්රෝ ඇෂෝෂියේට් සමාගමේ අධ්‍යක්‍ෂවරයකු වන කොළඹ 07 මල්පාරේ පදිංචි අර්ජුන් ජෝශප් ඇලෝසියස් මහතාද නම් කර ඇත.
2016 පෙබරවාරී මස 16 වැනිදාත් 2016 සැප්තැමිබර් මස 30 වැනිදාත් අතර කාලයේදී රජයේ සේවකයකු වන මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් දෙවැනි ව්ත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්‍ෂධුර දරණ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හා වෝලට් ඇන්ඩ් රෝ ඇෂෝෂියේට් සමාගමේ චෙක්පත් මඟින් රුපියල් ලක්‍ෂ 116 කට අධික මුදලක් යොදවා ලබාගත් ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ 5 ඡග්‍යග 2 දරණ නිවසේ පදිංචිව සිටීම ඒ සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හා වෝලට් ඇන්ඩ් රෝ ඇෂෝෂියේට් සමාගමේ චෙක්පත් මඟින් මුදල් ගෙවීම ඇතුළු චෝදනා මත රවී කරුණායක මහතාට එරෙහිවද මේ සඳහා රවී කරුණායක මහතාට ආධාර හා අනුබල දුන් බවට අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිවද අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇත.
චෝදනා 06ක් යටතේ පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 58 දෙනෙකු කැඳවීමටද ලේඛන 32 ක් ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රවීට-අර්ජුන්ට උසාවි එන්නැයි සිතාසි
Raveendra Monday, 12 October 2020 12:30 PM
ඈ... මේ හාදයෝ විහිළු කරනවද මේ බැරෑරුම් වෙලාවේ..? මේ අහිංසකයින් තුන්දෙනාටම රෝග කාරකය වැළදිලා දින ගණනක් අනන්තයට වෙනකම්ම නිරෝධායන කටයුතුවල යෙදිලා ඉන්නේ.. ඒ නිසා උසාවි නොවේ එදිනෙදා ශරීර කෘත්‍ය කරගන්නටවත් එළියට බහින්න විදියක් නැතිවයි ඉන්නේ...
pradeepa Monday, 12 October 2020 03:11 PM
ඔය බොරු ෂෝ නැතිව නිදහස් කළාද? ජේල් කළාද? කියන පුවත විතරක් දාන්න.. ඒ ඇති.
prabha Monday, 12 October 2020 03:20 PM
රවී උන්නැහේ කිව්වනේ එයා මෙලෝදෙයක් දන්නේ නැහැ කියලා. ඇයි පොඩි දරුවාට මෙච්චර හිරිහැර කරන්නේ...?
De Monday, 12 October 2020 03:47 PM
අනේ මේ අලුත් නාට්‍යය යන්නේ මොන චැනල් එකේද? වෙලාව කීයටද?
Raveendra Tuesday, 13 October 2020 03:18 AM
ලෝකයටම එළිය දෙන්නේ රවී ග්‍රහයා බව නොරහසකි... ලංකාවම නැති කෙරුවේ රවී බව නොරහසකි... එනමුත් සටකපට මූනෙහි ලියවී ඇත නොරහසකි... ජාති ජාතිත් දුක්විඳිනවා එය නොරහසකි...