(නාලක සංජීව දහනායක)
විදේශ කටයුතු ඇමැති රවී කරුණානායකට එරෙහිව අද(3) ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාට බාර දෙනු ලැබීය.
එම විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 32 ක් අත්සන් තබා ඇති අතර එය බාරදීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් අද කථානායක කාර්යාලයට පැමිණියහ.
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රවීට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්
UPUL Thursday, 03 August 2017 11:31 AM
හරිනම් විශ්වාස භංගය ගේන්න ඕනෑ එක්සත් ජාතික පක්ෂය. මොකද අමාරුවෙන් ලබාගක් රාජ්‍යබලය විනාශකලේ හා ජනතාවට මුහුණ දිමට අපහසු වන්නේ ඔවුන්ට බැවිනි.
Perakum Thursday, 03 August 2017 11:53 AM
පාර්ලිමේන්තුවෙනුත් නිදොස් කොට නිදහස් බවට සහතිකයක් අරන් දෙන්න වගෙයි හදන්නේ...!
Praba Thursday, 03 August 2017 12:12 PM
දැන් බලමු කාගෙ කාගෙත් කෙරුවාව...
රොමේෂ් Thursday, 03 August 2017 12:32 PM
ලැජ්ජාවක් තියෙන මිනිහෙක්නම් මෙලහකට ඉල්ලා අස්වෙලා. මේ මනුස්සයාගේ මුහුණ පත්තරෙන් දකිද්දීත් වමනෙට එනවා.
Manjula senanayake Thursday, 03 August 2017 12:37 PM
සියයට සියයක් ඔට්ටුයි පාර්ලිමේන්තුවෙන් මේහාදය නිදහස් කරනවා. කීයක් ඔට්ටුද?
saman Thursday, 03 August 2017 12:54 PM
අපේ පර්ලිමෙන්ට් එක එක වැකියකින්: හොරු වෙනුවෙන් හොරු සහ හොරුන්ට එරෙහිව හොරු
Chandra Thursday, 03 August 2017 12:58 PM
මොහු පිලිබන්දව ජනතවට විශ්වාසයක් නැත. නමුත් පර්ලිමේන්තුව නියෝජනය නියම ජනත නියෝජනයක් නොවේ. එය පක්ශ නියොජනයකි. එබැවින් හරි තීන්දුවක් ලැබේ දැයි සැක සහිතයි. කනගාටුයි අප රට ගැන.
chinthaka Thursday, 03 August 2017 01:04 PM
සුනිමල යහ පාලනයක් වෙනුවෙන් දිව්රපු දිව්රීම් මතකෙට අපුහම මට හිතුනේ අගමැතිතුමය්, ජනාධිපතිතුමය් මේ විශ්වාසභංගේ රවිට ගෙනෙය් කියලා
sahan Thursday, 03 August 2017 01:05 PM
ඕකට තමා කියන්නේ ඇහේ පොල් පරාලේ තියෙන එකා අනිත් එකාගේ ඇහේ තියෙන පොල් කෙන්ද පෙන්නනවා කියල , හරියට මහරාජා රවිට විස්වාස බංග ගේනවා වගේ
Sanjeewa Thursday, 03 August 2017 01:26 PM
විශ්වාසභංගය ඒකාබද්ධය විසින් ගෙනාවේ දින්නත්, පැරදුණත් ඒකබද්ධය දිනුම්. මොකද සිරිසේන පාර්ශවය අවශ්‍යයි රවීට දිනන්න. “ගෙදර ගියොත් අඹුනසි. මග සිටියොත් තෝ නසී“ කියලා කියමනකුත් තියෙන්නේ...
gunarathnaThursday, 03 August 2017 03:12 PM
සංජීව ඔයාගේ කතාව හරි, ශ්‍රීලංකා නි.පක්ෂයේ අයට අත ඉස්සුවත්, නැතත් ලෙඩේ තමයි. දයාසිරි මහත්තයා කෑ ගැහුවට මෛත්‍රි මැතිතුමා කියන දෙයක් තමයි කරන්නේ. නැතිනම් ඇමතිකම ගහලා යනවා. අනිවාර්යෙන් මෛත්‍රි මහතාට සිද්ධ වෙනවා රවීව බේරාගන්නට.
Kalyana Jayawardena Thursday, 03 August 2017 01:38 PM
මම කිසිදෙයක් දන්නේ නෑ. ඒ හින්ද මම නිර්දෝෂයි.
thamindu dulvan Thursday, 03 August 2017 01:39 PM
පාර්ලිමේන්තුවේ මුළු ආසන 225 කි. අත්සන් කලේ 32 ක් නම් ඒක කොහොමද විශ්වාසභංගයක් කියන්නේ?රවී දැනටමත් ඒක දිනලා වගේ. මේ වැඩෙන් විශ්වාසේ නැති කර ගන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අයම වගේ පෙන්නේ. පාර්ලිමේන්තුවේ තවත් නිකන් කාලය කන ගිරව් කෑගහන දවසක් විතරක් වේවි.
piyalThursday, 03 August 2017 05:25 PM
විශ්වාසබංග ගේන්න 10ක් අත්සන් කලත් ඇති. ඡන්දෙ විමසන විටයි ඉතුරුටික වෙන්නේ.
elephant Thursday, 03 August 2017 01:42 PM
රවීව පක්ෂයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඉවත්කර දමමු.
Hafeel Thursday, 03 August 2017 01:47 PM
මෙතන බලන්න පුළුවන් වේවි... කවුද හොරුන් ආරක්ෂා කරන්නේ කියලා..
JEEWA Thursday, 03 August 2017 01:51 PM
මෙතුමා වැරදිද නිවැරදිද යන්න ගැන මම දන්නේ නෑ. නමුත් මේ වගේ අමතක වෙන කෙනෙක් වගකීම් රාශියක් ඇති රාජ්‍ය තනතුරකට කොහෙත්ම සුසුසු නෑ..
PerakumThursday, 03 August 2017 02:08 PM
අමතක වෙනවා විතරක් නොවෙයි ජීවා පවුලේ කට්ටිය ගෙයක් අරගෙන එකේ පදිංචියට යනකල් එයා දන්නේ නැතිලු
Lal Thursday, 03 August 2017 03:00 PM
ගියපාර සතොස ඉවර කළා. මේ පාර මහබැංකුව මංකොල්ල කෑවා. සාධාරණය නීත්‍යානුකූලව ඉටුවෙතැයි සිතීමත් විහිළුවක්. මොහුට ස්වභාවධර්මයෙන්ම දඬුවම් ලැබේවි.
lalith Thursday, 03 August 2017 03:01 PM
ඔන්න අපිව රවට්ටන්න සංදර්ශනයක් දාන්න හදනවා. චෝදනාවක් එල්ලකළ පමණින් මිනිසෙකු වරදකරුවකු වෙන්නේ නැහැනේ. එ්ක නිසා වරද ඔප්පු වෙනකල් ඉඳල ඕක ගෙනෙන්න. පුලුවන් නම් දැන් වරද ඔප්පුකරන්න කටයුතු කරලා එ්කට උදව්වෙන්න. අන්තිමට වෙන්නේ බොරුවට ගිරිය පුප්පගෙන කෑගහල විස්වාසභංගේ පරදින එක විතරයි.
lusena Thursday, 03 August 2017 03:02 PM
ජනාධිපති සිරිසේන මහත්තයෝ, මේ වගේ අවස්ථාවල පාවිච්චි කරන්න තමයි, මහජන ඡන්දෙන් පරාජිත වුණු විජිත් විජිතමුණි, එස් බී දිසානායක, මහින්ද සමරසිංහ, ඩිලාන්, සරත් අමුණුගම මහත්වරු වගේ පුද්ගලයින් කරලියට ගෙනාවේ. කොහොම වුණත් තමන්ගේ සහ පක්ෂයේ සුඛ විහරණය වෙනුවෙන් ඕනෑම වැඩක් කිරීමට අද ලංකාවේ දේශපාලකයෝ ඉදිරිපත් වෙනවා. සත්‍යය නම් ජනතා මතය යට යනවා විතරයි.
ධම්ම Thursday, 03 August 2017 03:50 PM
මේ එක්කෙනෙක්. බලන් ඉන්නකෝ දත් දොස්තර මහතාගේ කල්කිරියාව එළියට එනකොට කොහොම තියෙයිද කියලා.
JeewaThursday, 03 August 2017 10:29 PM
Damma ඔයා කියනවා වගේ දොස්තර මහත්තයා අල්ලපු දවසට ඒක ගිනස් වාර්තාවක් වෙනවා. දේසපාලන ඉතිහාසේ ලොකුම හොරා වෙනවා හැබැයි ඔය එක දේශපලකයෙක්වත් හිරේ යන්නෑ ඒක ස්ථීරයි
gunarathnaFriday, 04 August 2017 12:32 AM
දම්ම, ඔය දත් දොස්තර සරත් අමුණුගම වගේ තමා.මොනවා හරි කරලා ආණ්ඩු පක්ෂේ තමා හැමදාම ඉන්නේ.
rohana Thursday, 03 August 2017 10:10 PM
අපේ රටේ දේපල කොල්ලකෑම නවතන්නේ කවදද?
upul Friday, 04 August 2017 03:36 AM
ඇත්තටම දෝෂාභියෝග ගෙන්න ඕන විපක්ෂයෙන් ද නැත්නම් පක්ෂයක් විදිහට එජාපය විසින්ද? පක්ෂ අභ්‍යන්තර විනය පරික්ෂණයක් තියලා ඉක්මන් ක්‍රීයාමාර්ග ගැනිම තුලින් පක්ෂයත් ආරක්ෂාව ජනතාව සතුටුවේ