ශ්රී ලංකා දුන්නෙන් විදීමේ සංගමය පළමුවරට සංවිධානය කළ දුන්නෙන් විදීමේ ජාතික කනිෂ්ඨ තරගාවලියේදී ඌව පළාත නියෝජනය කළ රවින් දල්පදාදු ශූරතා තුනක් සහ අනුශූරතාවක් දිනා ගැනීමට සමත්විය. කොළඹ දුන්නෙන් විදීමේ පාසලේ ශාන්‍යා පෙරේරා ශූරතා දෙකක් සහ අනුශූරතාවක් දිනා ගනිමින් තරගාවලියේ ක‍්‍රීඩිකාවන් අතුරින් දස්කම් දැක්වුවාය. පසුගියදා 12 වැනි ජාතික දුන්නෙන් විදීමේ ශූරතාවලියට සමගාමීව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පළමුවරට කනිෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම තරගාවලිය පැවැත්විණ. රවින්, 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ යන වයස් කාණ්ඩ තුනම ජයගත් අතර ඔහු 16 න් පහළ වයස් කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලැබීය. වයස 10 න් පහළ සහ 12 න් පහළ වයස් කාණ්ඩ දෙක ජයගත් ශාන්යා 14 න් පහළ වයස් කාණ්ඩයෙන් දෙවැනි ස්ථානය හිමිකර ගත්තාය. වයස 14 න් පහළ සහ 18 න් පහළ මිශ‍්‍ර කණ්ඩායම් ඉසව්වල ශූරතා කොළඹ දුන්නෙන් විදීමේ පාසලේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ දිනා ගැනීමට සමත්වුහ. අවසන් තරග ප‍්‍රතිඵල: 10 න් පහළ (මීටර 10, බාලක) 1. රවින් දල්පාදාදු (ඌව පළාත), 2. ප‍්‍රතාප් ජයතිලක (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 3. තිසරු දිස්නක (ආනන්ද) 10 න් පහළ (මීටර 10, බාලිකා) 1. ශාන්‍යා පෙරේරා (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 2. නයන්තරා පෙරේරා (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 3. ගීති රාජපක්‍ෂ (කොළඹ දුන්නෙන් විදීමේ පාසල) 12 න් පහළ (මීටර 18, බාලක) 1. රවීන් දල්පාදාදු (ඌව පළාත), 2. ශිවන්ක කුරුබලාපිටිය (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 3. මෙනුර පබුදිත (ඌව පළාත) 12 න් පහළ (මීටර 18, බාලිකා) 1. ශාන්‍යා පෙරේරා (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 2. නයන්තරා පෙරේරා (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 3. නිලේකා ද සිල්වා (කොළඹ දුන්නෙන් විදීමේ පාසල) 14 න් පහළ (මීටර 18, බාලක) 1. රවීන් දල්පාදාදු (ඌව පළාත), 2. උමේෂ් කලංසුරිය (ආනන්ද), 3. අසේල් කරන්නාගොඩ (ආනන්ද) 14 න් පහළ (මීටර 18, බාලිකා) 1. වින්ද්‍යා රාජපක්‍ෂ (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 2. ශාන්‍යා පෙරේරා (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 3. නිලේකා ද සිල්වා ( කොළඹ දුන්නෙන් විදීමේ පාසල) 16 න් පහළ (මීටර 30, බාලක) 1. පේසල කලංසුරිය (ආනන්ද), 2.රවීන් දල්පදාදු (ඌව පළාත), 3.පන්කජ සෙනෙවිරත්න (නාලන්දා) 16 න් පහළ (මීටර 30, බාලිකා) 1.සුචිනි උබේසිරි (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 2.වින්ද්‍යා රාජපක්‍ෂ (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 3.හසිනි සුරවීර (කොළඹ දු.ස.) 18 න් පහළ (මීටර 30, බාලක) 1.විදුර රාජපක්‍ෂ (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 2.පේසල කලන්සුරිය (ආනන්ද), 3. පන්කජ සෙනෙවිරත්න (නාලන්දා) 18 න් පහළ (මීටර 30, බාලිකා) 1.සුචිනි උබේසිරි (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 2.වින්ද්‍යා රාජපක්‍ෂ (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 3.මිහිරි ද සිල්වා (කොළඹ දුන්නෙන් විදීමේ පාසල) 14 න් පහළ මිශ‍්‍ර කණ්ඩායම් ඉසව්ව (මීටර 18) 1. කොළඹ දුන්නෙන් විදීමේ පාසල් ‘සී’ පිල, 2. 1. කොළඹ දුන්නෙන් විදීමේ පාසල් ‘ඞී’ පිල, 3. ආනන්ද විදුහල් දුන්නෙන් විදීමේ ‘ඒ’ පිල 18 න් පහළ මිශ‍්‍ර කණ්ඩායම් ඉසව්ව (මීටර 30) 1. කොළඹ දුන්නෙන් විදීමේ පාසල් ‘ඒ’ පිල, 2. ආනන්ද විදුහල් දුන්නෙන් විදීමේ ‘ඒ’ පිල, 3. නාලන්දා විදුහල් දුන්නෙන් විදීමේ ‘ඒ’ පිල
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රවින් ශූරතා තුනක් දිනයි