IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රවිරාජ් ඝාතන සැකකරුවෝ නිදහස්

හිටපු පාර්ලලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා කොළඹ දී වෙඩි තබා මරා දැමීමේ නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන ලෙස විශේෂ ජූරි සභාව සිකුරාදා (23) මධ්‍යම රාත්‍රී තීරණය කළේය.

නාවික හමුදාවේ තිදෙනකු ඇතුළු පස්  දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ දී පැවැති නඩු විභාගය විශේෂ ජූරි සභාවක් විභාග කරන ලෙස විත්ති පාර්ශ්වයෙන් කළ ඉල්ලීම අනුව එය ජූරි සභාවක් ඉදිරියේ පැවැත්විණි.

පෙරදින මධ්‍යම රාත්‍රිය දක්වා නඩු විභාගය පැවැති අතර සාක්කි විභාගය අවසානයේ සැකකරුවන් නිදහස් කිරීමට ජූරි සභාව තීරණය කළේය. ජූරි සභාවේ තීරණය එය බැවින් සැකරුවන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදාවේ තිදෙනෙක්ද චෝදනා ලබා සිටියහ.

කොළඹ හුණු පිටියේ පිහිටි ආරක්ෂක අංශයකට සම්බන්ධ ස්ථානයකින් රවිරාජ් මහතා ඝාතනය කළ බව නඩු විභාගයේ දී කියැවිණි.

මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් යොමු කරන බව දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියයි.

_DSC3652 _DSC3659 _DSC3694 _DSC3709

   



අදහස් (0)

රවිරාජ් ඝාතන සැකකරුවෝ නිදහස්

ජයමහ Sunday, 25 December 2016 10:08 AM

හොඳම විනිශ්චයකරු සර්ව බලධාරී දෙවි පමණි. වරදක් කර ඇත්නම් දෙවි නිසි දඩුවම් ලබාදේවි. (බ)

:       0       0

දහම් Saturday, 24 December 2016 05:44 AM

දෙවියන් ඔවුන්ගේ මුහුණු බැලුවා. (නි)

:       0       0

සංජීව Saturday, 24 December 2016 06:14 AM

අපේ රණවිරුවන්ට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

පද්මිණි Saturday, 24 December 2016 06:27 AM

එතකොට රවිරාජ්ට මොකද වුණේ? (නි)

:       0       0

බලගෙදර Saturday, 24 December 2016 06:36 AM

සතුටුවෙනවා හැර අපි වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

බුද්ධික Saturday, 24 December 2016 06:36 AM

එතකොට මේක වෙලා තියෙන්නේ කොහොමද? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 26 December 2016 07:13 AM

සෙනරත්, ඔබ මේ වගේ අදහසක් දාන එකක් නැහැ ඔබගේ පවුලේ කෙනෙකුට මෙහෙම වුණා නම් (නි)

:       0       0

චන්දු‍ Monday, 26 December 2016 07:43 AM

ඉතාම කාලෝචිත හොඳ තීන්දුවක් (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 26 December 2016 07:43 AM

කවුරුන් කොහොම කීවද මෙතෙක් රටේ දේශපාලන නොවුණු මිනීමැරුම් වලට අච්චු ලැබුනත් දේශපාලන මිනීමැරුම් වලට එය මෙහෙයවුයේ කව්ද, ඝාතනය කළේ කව්ද, ඝාතනය කිරීමට හේතුව කුමක්ද කියන දෙයට නීතියෙන් රටට හෙළිවුණේම නැහැ කියලා අමුතුවෙන් කියන්න ඕනෑද? බහුතරයක් අනුමත කරන්නේ කෙනෙක් ද්‍රෝහියෙක් නම් නොනිල ලෙසින් හෝ නසාදැමීම කම් නැත කියා. නමුත් එමඟින් සිදුවෙන්නේ නියම මිනීමරුවන් බල පරාක්‍රමයෙන් බේරී සිටීමටත් නියම මිනීමරුවන් නීතියේ රැහැනට හසුකරගන්නට ඇති වැදගත් සාක්ෂි වනසා දැමීමකි (නි)

:       0       0

රොකී Sunday, 25 December 2016 01:07 PM

එක රණ විරු ලොක්කෙක් නම් මහා පචෝරිස් කෙනෙකු බව ඔහුම ඔප්පු කර ඉවරයි.මේ කොළමේ ඉහල තියන පුවත බලන්නකෝ. රණවිරු කමින් අපිට වැඩක් නැහැ, වරදක් කර ඇත් නම් නිසි දඬුවම් දිය යුතුයි! (බ)

:       0       0

විදානේ Sunday, 25 December 2016 02:02 PM

ගරු අධිකරණයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

උපාලි Sunday, 25 December 2016 02:05 PM

යම් දෙයක් සිදුවීමට ඇත්නම් එය කිසිවෙකුට වැළැක්විය නොහැක (නි)

:       0       0

සරත් Saturday, 24 December 2016 09:07 AM

අනේ සාදු! දැන් ඔය කෑගහගෙන නටපු උදවියට හරි දුක ඇති (නි)

:       0       0

ටෝනි-රියාද් Saturday, 24 December 2016 09:32 AM

ඒ කියන්නේ මන්ත්‍රීවරයා ඉබේ මැරිලද..? නැත්නම්, තමන්ටම වෙඩි තියාගෙනද...? (නි)

:       0       0

සමන් Sunday, 25 December 2016 07:28 PM

ඇසින් දුටු සාක්කි තිබුනත්, ජූරියේ අයට මේ අය වැරදිකරුවන් කියන්න බැහැ. මොකද විත්තිකාරයො හමුදාවෙ නිසා. ඉතින් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අපේ කලාපයේ රටවල ජූරියකින් සාධාරණ තීන්දුවක් නොලැබෙන්නෙ මිනිස්සු නිදහස්ව හිතනවට වඩා සංවේදීව හිතන නිසයි. (නි)

:       0       0

ඉමේශ් Saturday, 24 December 2016 11:50 AM

මෙම නඩු තීන්දුව ගැන අපිට සතුටුයි! (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 24 December 2016 11:57 AM

ප්‍රායෝගික තීන්දුවක් (නි)

:       0       0

ගුණවිජය Saturday, 24 December 2016 12:06 PM

මගේ උත්තමාචාරය ගරු අධිකරණයට! (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 25 December 2016 10:39 PM

පද්මිණි, රවිරාජ්ගේ ඝාතනය බොල් ගිණුමට බැරකරලා නේද? (නි)

:       0       0

දිසා Monday, 26 December 2016 12:22 AM

නීතිය මොන තීරණ දුන්නත් තමන් කළ කී දෙය අනුව ඉදිරි කටයුතු යෙදේවි. කර්මය අනුව උත්තර ලැබේවි (නි)

:       0       0

අනුර Saturday, 24 December 2016 03:42 PM

ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ජයරත්න Saturday, 24 December 2016 04:14 PM

මොනවා වුණත් මේ අපරාධය කරපු මිනිස්සු අල්ලාගැනීම රටේ වගකීමක්. ජාතිය කුමක් වුණත් මනුස්ස ජීවිත එක සමානයි. (නි)

:       0       0

බමුණුසේන Monday, 26 December 2016 01:11 AM

එතකොට රවිරාජ්ට මොකද වුණේ කියා අහනවා. ඇයි දෙයියනේ මුළු රාමායනයම අහගෙන ඉඳලා දැන් අහනවා රාමා සීතා කියන්නේ කව්ද කියලා (නි)

:       0       0

මුණසිංහ Monday, 26 December 2016 02:57 AM

තේරෙන්නේ නැත්ද වැරදිකරු ගිනිඅවිය කියලා? කවුරු කොකා ගැස්සුවත් පත්තු වුණේ නැත්නම් ඕක වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

එරන්ද Saturday, 24 December 2016 08:41 PM

අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

චන්දන Saturday, 24 December 2016 09:16 PM

කවුද වැරදිකාරයො එතකොට? වැරදිකරුවෙක් නැද්ද? (නි)

:       0       0

ශශික Sunday, 25 December 2016 02:03 AM

ජයරත්න සමඟ එකඟයි. නමුත් සහජීවනයේ නාමයෙන් අහක ඉන්න මිනිස්සු පෝරකේට දක්කන්නත් බැහැනේ. මේ නිලධාරීන් ඔවුන්ට වූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා නඩු දැමිය යුතුයි. (නි)

:       0       0

නිමල් ලලිත Sunday, 25 December 2016 02:27 AM

කිසිම ඝාතනයක් අනුමත කරන්න බැහැ. නමුත් රුපවාහිනී සාකච්ඡා වලදී ඔහුගේ කටේ නිතරම තිබුනේ පුළුවන්නම් මාව මරන්න කියලා. එහෙම නේද? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 25 December 2016 02:50 AM

ඔය තීන්දුව සහජීවනයට මෙන්ම රටේ ඒකීයභාවයට හානිකර දෙයක් කියලයි අපේ නම් හැඟීම .... (නි)

:       0       0

සෙනරත් Monday, 26 December 2016 03:23 AM

මේකේ පරමාර්ථය රවිරාජ් මැරුණු එක නෙමෙයි. හමුදා වලට මඩ ගැසීම, අසත්‍ය චෝදනා නඟා. මේවා සැළසුම්වල එක පියවරක් පමණි. ඉදිරියේදී තවත් බොහෝ දේ බලාගන්න පුළුවන්. අහිංසකයන්ට යුක්තිය ඉටුවුණා (නි)

:       0       0

අසාද් Sunday, 25 December 2016 04:15 AM

මම හිතන්නේ රවිරාජ් එයටම වෙඩි තියාගන්න ඇති.එහෙම වුණේ නැහැ කියන්න බැහැනේ. ඒ දවස් වල වුණේ ඕනෑතරම් ඒ වගේ. (නි)

:       0       0

මහේෂ් Sunday, 25 December 2016 04:16 AM

තව ටික කලකින් සහජීවනයෙ නාමයෙන් ප්‍රභා මරපු අයවත් හිරකරයිද? රවිරාජ් කවුද කියලා මුලු ලෝකයම දන්නවා. මේ තීන්දුව තීන්දු දෙන සියලු දෙනාම ආදර්ශයට ගනිත්වා! (නි)

:       0       0

එරන්ද Sunday, 25 December 2016 04:23 AM

කවුද එතකොට ඔහුව මැරුවේ? (නි)

:       0       0

සුසිල් Sunday, 25 December 2016 04:35 AM

ජූරියක් තිබුනා නම් දුමින්දත් ගොඩයයි වගෙයි කියලා හිතෙනවා... (නි)

:       0       0

සහන් Sunday, 25 December 2016 05:50 AM

ඒ කියන්නේ රවීරාජ් මන්ත්‍රීඑයටම වෙඩි තියාගෙන. මේවා තමයි කොසොල් රජු දුටු සිහින. යහපාලනය ගැන අපේ බලාපොරොත්තු එකිනෙක බිඳවැටෙනවා. (නි)

:       0       0

අදිකාරී Sunday, 25 December 2016 05:55 AM

කවුද දන්නෙ නැහැ නේද නීතිඥවරු? (නි)

:       0       0

සුසිල් Sunday, 25 December 2016 06:15 AM

කුමනාකාරයෙන් ගැළවුණත් කර්මයෙන් සැඟවීමට තැනක් නොමැත. (නි)

:       0       0

චාමර‍ Sunday, 25 December 2016 06:30 AM

මට නම් හිතට පුදුම නිදහසක් දැනෙන්නේ (නි)

:       0       0

මොහාන් Monday, 26 December 2016 03:52 AM

නීතිය නමලද? රවිරාජ් තමන්ටම වෙඩි තියාගෙන වෙන්න ඇති... හා හා හා! (නි)

:       0       0

ලුම්බිණි Sunday, 25 December 2016 07:13 AM

මොකද මේ නඩුවට විශේෂ ජූරි සභාවක්? (නි)

:       0       0

පෙරුමාල් Sunday, 25 December 2016 08:03 AM

දේශප්‍රේමී ජූරි සභාවක් වගේ. විනිශ්චයකාරවරු, ජූරි සභිකයෝ, නීතිඥයෝ ඇතුලු සියලු රණවිරුවන්ට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 152 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 407 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 300 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 860 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 95 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 199 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site