IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


රවිරාජ් බිරියගෙන් අභියාචනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට  ජූරි සභාවක් නොමැතිව එම නඩුව යළි විභාග කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා රවිරාජ් මහතාගේ භාර්යාව ශෂිකලා රවිරාජ් මහත්මිය අභියාචනාධිකරණය හමුවේ අද(10) අභියාචන පෙත්සමක් ගොනු කළාය.
විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඟා තිබූ අතර එවැනි නඩුවක් ජූරි සභාවක් ඉදිරියේ කැඳවීම දෝෂ සහගත බව පෙත්සම්කාරිය සිය පෙත්සමින් පෙන්වා දී තිබේ. එසේම තමාගේ නීතීඥවරු ජූරි සභාව සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ විරෝධතා පළ කළ බවද කියා සිටී.
කෙසේ වුවද දිනපතා පැවති නඩු වභාගය අවසානයේදී ඉකුත් දෙසැම්බර් 24 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ අදාළ ජූරි සභාව විසින් සියලූ විත්තිකරුවන් එම චෝදනාවන්ට නිවැරදිකරුවන් බවට තීරණය කළ අතර ඒ අනුව එම විත්තිකරුවන් මහාධිකරණ විනිසුරුවරයා විසින් නිදොස් කොට නිදහස් කළ බව පෙත්සමේ දැක්වේ.



අදහස් (0)

රවිරාජ් බිරියගෙන් අභියාචනයක්

සුසිල් Tuesday, 10 January 2017 03:15 PM

කිසිඳු දේශපාලන සම්බන්ධයක් ඇති නඩු, දුමින්දගේ නඩුව වාගේ, ජූරි සභා නැතිව , තුන් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කල යුතුය. (හේ)

:       0       0

ශෂික Tuesday, 10 January 2017 03:39 PM

මේ අයව එල්ලුවානම් ඔන්න හැමෝම සතුටු වේවි.චෝදනා ඔප්පු නොකර කාවවත් එල්ලන්න බැහැ.ජුරිය විත්ති කරුවන්ගේ අයිතියක්. (බ)

:       0       0

එස්.ලලිතා Tuesday, 10 January 2017 03:47 PM

ඔයාගේ දරුවන් එක්ක ජපානේට අරක්ෂාවෙලා ඉන්න ඇති, මේ රවිරජ්ලගේ වැඩ නිසා අපියි අපේ දරුවොයි කොච්චර බයෙන්ද හිටියේ බෝම්බ පිපිරෙනකොට! ඔයාලාට ඒ දුක තේරෙන්නේ නැහැ! (අ)

:       0       0

තරංග Wednesday, 11 January 2017 07:51 AM

මේවායේ තියෙන කොමෙට් දක්කමනම් ප්‍රභාකරන් ඉවර කළේ අපරාදේ කියල හිතෙනවා . සිංහල යන වඳ වෙන එක අහන්නත් දෙයක්ද ? (බ)

:       0       0

සිරි Tuesday, 10 January 2017 08:37 PM

මේ මිනිසුන් හෑල්ලුවට පත්කරන්නේ රටේ අධිකරණය නේද? මේවා හරියට "තැලෙන යකඩේ දැක්කහම උඩ පැන පැන තලනවා" වගේ (නි)

:       0       0

විමල් Wednesday, 11 January 2017 01:34 AM

හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍යයි කියන්නේ ඒ නිසයි (නි)

:       0       0

සුනිල් Wednesday, 11 January 2017 03:20 AM

මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ මට (නි)

:       0       0

දර්ශන Tuesday, 10 January 2017 01:26 PM

අපි අතර මොන මතිමනාන්තර තිබුනත් මෙම නඩුවේ යම් දෝෂ සහගත බවක් තියෙන බව වැටහෙනවා. නැතිනම් රව්රාජ් සහ රියදුරු සියදිවි හානි කරගෙන විය යුතුයි.(හේ)

:       0       0

චානක Wednesday, 11 January 2017 03:47 AM

මේ සිංහල මිනිස්සු දාල තියන දේවල් දැක්කම දුකත් හිතෙනවා. ඔය පිට රට ඉන්න මිනිස්සු ඒ කලේ හොඳින් ඉන්න ඇති,(ම)

:       0       0

බමුණු Tuesday, 10 January 2017 01:27 PM

මහාධිකරණ විනිසුරුවරයා විසින් නිදොස් කොට නිදහස් කළා නම් තව මොන නඩුද හලෝ (බ)

:       0       0

චමල් Tuesday, 10 January 2017 02:00 PM

බමුණු, මහා අධිකරණයට වඩා ඉහළ අධිකරණයකදී මහා අධිකරණ තීන්දුවක් අභියෝගයකට ලක් කළ හැකියි. එනම් අභියචනාධිකරණයකදී (බ)

:       0       0

නිල්මිණි-ජපානය Tuesday, 10 January 2017 02:56 PM

ඉතා හොද ක්‍රියාවක් එතුමිය කර තිබෙන්නේ. නැති නම් හෙට අපට සිදුවන්නේත් ඔය දේමයි. (බ)

:       0       0

යමුනා Wednesday, 11 January 2017 04:34 AM

මේ වගේ වැඩ සිංහල ජාතියට කරන නිගාවක්.නියම සිංහලයෝ මේ වගේ බියගුළු වැඩ කරන්නේ නෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 206 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1889 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3508 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 568 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1592 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 10994 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site