IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රැවුල එන්නත් කළින් දරුවන්ට රේසරුත් දීලා

වැලිඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය රාජ්‍ය නොවන සංවිධානයක් සමග එක්වී  පාසල් දරුවන්  අතර පැවත් වු  පොසොන් පහන් කුඩු තගරයක  ජයග්‍රහකයින්ට රැවුල බෑමේ රේසර් හා සනීපාරක්ෂක තුවා  තෑගි වශයෙන් දුන් බව  තෑගි ලැබු කිහිප දෙනෙක් කියති කිරි ඉබ්බන් වැව බුද්ධික තිලක් කුමාර (11) සිසුවා පැවසුවේ තමාටද මෙවැනි තෑගි ලැබුණු බවයි.

මේ ගැන විමසීමට වැලිඔය ප්‍රාදේශිය ලේකම් දීපාල් නිශාන්ත සිරිමාන්න මහතා දුරකථනයෙන් සම්බන්ධ කැර ගැනිමට ගත් උත්සාහය අසාර්ථක විය.



අදහස් (0)

රැවුල එන්නත් කළින් දරුවන්ට රේසරුත් දීලා

ජයා Wednesday, 26 June 2013 06:35 PM

සරත්, තුවා දීලා තියෙන්නේ කුඹුරේ වල්පැලනාශක බෙහෙත් විදිනකොට මුකවාඩමට ගන්නනේ...!!! (නි)

:       0       0

කුමාර Friday, 28 June 2013 07:20 PM

මේ පාර්සලේ තියෙන්නේ ඕවා විතරක් නෙමෙයි. සබන්, ෂැම්පු, ලොකු තුවායක්, පනා, දත්බෙහෙත්, දත් බුරුසු ‍වගේ පවුලකට මාසෙකට විතර අවශ්‍ය දේවල් තියෙනවා. අපි දැක්කා. අනික මේවා දුන්නෙ ස්ථානයක් ගන්න බැරිවුන අයට. ස්ථාන ගත් අයට මුදල් තෑගි ගොඩක් දීලා තියෙනවා. හොද දේ නොදැක අඩුපාඩු විතරක් හොයන මිනිස්සු කොහෙත් ඉන්නවා. රූපවාහිනි මාධ්‍යවල මේ වගේ ප්‍රචාරක දැන්වීම් යන්නේ නැද්ද.එතකොට පොඩි උන් බලන්නෙ නැද්ද? එහෙනම් කඩවලත් මේවා ප්‍රදර්ශනය කරන එක තහනම් කරන්න වෙයි (නි)

:       0       0

දිලීප Wednesday, 26 June 2013 11:04 AM

සනීපාරක්ෂකතුවා දැක්කම මතක් වුනේ. ඉස්සර පොඩි කාලේ මම දැක්කා ගණිකා නිවාසයක් පොලිසියෙන් වැටලුවා කියලා ප්‍රවෘත්තියක්. ඒ පාර මම අම්මි,තාත්ති ඉන්න තැන මහ හයියෙන් ඇහැව්වා ගණිකා නිවාසයක් කියන්නේ මොකක්ද, මටත් එහෙ යන්න ඕනෑ කියලා. සත්තයි පොඩි කාලේ මම හිතන් හිටියේ ගණිකා නිවාස කියන්නේ ගණන් වලට සම්බන්ධ මොකක් හරි තැනක් කියලා.දැන් ඒක මතක් වෙනකොට මට ඇඩෙනවා ලැජ්ජාවට (නි)

:       0       0

චින් Wednesday, 26 June 2013 11:07 AM

බබාලට පුම්බන්න බැලුම් බෝල දීලා නැද්ද ? (අ)

:       0       0

සෑම් Wednesday, 26 June 2013 02:56 PM

ප්‍රාදේශීය ලේකම්තුමෝ දෙනවා නම් මනුස්සයෙක්ට ගැලපෙන දෙයක් දෙන්න. දෙන්නන් වාලේ දෙන්නේ නැතිව.(නදී)

:       0       0

නෙතුමි Wednesday, 26 June 2013 11:12 AM

මේ පුංචි එවුන් තරඟ වලට සහබාගී වෙන්නේ පුංචි හිත් සතුටු කරන යමක් දිනා ගන්නයි.මෙම තෑගී නිවසකට අවශ්‍ය වුනාට මොවුන්ට මේවා ගැලපෙන්නේ නැහැ. මේවා දෙන්න ඕනෑ නම් නිකන් බෙදා හරින්න තිබුනා. කරන්න ගියේ හොඳක් විය හැකි නමුත් නොගැලපීම තමා තියෙන්නේ. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 26 June 2013 11:14 AM

කියනවත් වගේ ඔතන කෙරෙන්නෙත් ගණිතයෙන් කරන වැඩක් තමයි. ගණන් බැරුව ගියොත් වැඩේ පාඩුයි (නි)

:       0       0

දේශාන් Wednesday, 26 June 2013 11:16 AM

ඕක සම්පුර්ණයෙන්ම කාගේ හරි බොරුවක් නේද? මමත් ඔය කියන පොසොන් බැති ගී ප්‍රසංගයට ගියා. මම නම් ඔහොම දෙයක් දැනගත්තේ නැහැ.(නදී)

:       0       0

තරූ Thursday, 27 June 2013 07:29 AM

අයියෝ, අයියෝ දෙන්න වෙන දෙයක් තිබුනෙම නැද්ද? මේ දරුවන්ට පොත් පත් දුන්නා නම් ඉතා වටිනවා. කොහෙත්ම ගැලපෙන්නේ නැති තෑග්ගක්නේ.(නදී)

:       0       0

සම්පත් Wednesday, 26 June 2013 03:04 PM

රතු කුරුස සංවිදානය කියන්නේ රාජ්‍ය නොවන ආයතනයක් නෙවෙයි මම දන්නා විදියට. ඒක අපි අහලා තියෙන්නේ මානුෂික සංවිදානයක් කියලා. ඔබ ඒ සංවිධානය කොච්චර කළක් සේවය කරලා තියෙනවාද?(නදී)

:       0       0

හේමන්ත Wednesday, 26 June 2013 11:18 AM

මේවා කැත වැඩ (නි)

:       0       0

අසේල Wednesday, 26 June 2013 07:29 PM

ඕක කුරුස කාරයන්ටම දෙන්න. (නි)

:       0       0

නිමල් ජයසිංහ Thursday, 27 June 2013 07:46 AM

බොදු බල සේනාවට පැමිණිලි කරන්න (නි)

:       0       0

චාමර Wednesday, 26 June 2013 11:34 AM

මේ රාජ්‍ය නොවන සංවිධාන ගැන පුළුල් ලෙස සොයා බැලිය යුතුයි. මෙහි කුමන යටි අරමුණක් තියනවද හිතා ගන්න බැහැ. (නි)

:       0       0

ඔෂාන් Wednesday, 26 June 2013 11:35 AM

මොන විදියේ පුද්ගලයෝද මෙය සංවිධානය කළේ? (නි)

:       0       0

කපිල Wednesday, 26 June 2013 11:48 AM

සරත් ඔබ හරි. අපේ රටේ මිනිසුන්ට මොනවා දුන්නත් ඔච්චරයි. නිකන් දුන්න අස්වයගේ දත් බලනවා මේවා ගෙදර ලොකු කට්ටියට හරි පාවිච්චි කරන්න පුළුවන් කෙලෙහි ගුණ දන්නේ නැති මිනිස්සු.(නදී)

:       0       0

සරත් Thursday, 27 June 2013 08:21 AM

කුමාරිහාමි ඔයාගේ ප්‍රශ්නයට පිළිතුර , ජයා දීලා තියෙනවා (නි)

:       0       0

ආනන්ද ආර් Thursday, 27 June 2013 08:26 AM

මේක නම් බුද්ධාගමට එරෙහිව කුමන්ත්‍රනකාරී ලෙස කරවපු අපහාසයක්. තෑගි දුන් අසුරන වල අඩංගු මොනවාදැයි නොබලා ඒවා ළමුන්ට දුන්නා නම් එයත් බරපතල වරදක්. සංවිධායකයින් කෙරෙහි නීතිය ක්‍රියාත්මක වියයුතුයි. (නි)

:       0       0

hansi Wednesday, 26 June 2013 09:12 PM

අනේ පව් මේ අහිංසක ළමයි ළමා කමට ළමා වැඩ කරලා ළමයින්න වෙන හදන කොට මේ පිස්සු මෝඩ සංවිධාන ළමා කම අමතක වෙන ජරා වැඩ කරනවා,,,පව් අහිංසක (අ)

:       0       0

සරත් Thursday, 27 June 2013 03:43 PM

ආනන්ද, ඔබට පරිගණකයක් පාවිච්චි කරන්න තරම්වත් මොලේ ටිකක් තිබීම ගැන පුදුමයි. මේක කවර හෝ ආගමකට සම්බන්ධ දෙයක් වෙන්නේ කොහොමද? හැම ආගමකම මිනිස්සු මේ සැම දෙයක්ම පරිහරණය කරනවා. ඔයාල වගේ මෝඩ මිනිස්සු නිසා තමා ප්‍රශ්න ඇතිවෙන්නේ (නි)

:       0       0

දී.උපුල් Wednesday, 26 June 2013 04:29 PM

නිල්මිණිගේ රැවුල ආවේ ළගදීද?(නදී)

:       0       0

නීල් රණා Wednesday, 26 June 2013 01:01 PM

මේ අදහස් කියවද්දී මට ගැමුණු කුමාරයා සිය පියාට ගැහැණු ඇඳුම් ආයිත්තම් හා කාන්තා ආභරණ තෑගි දීපු හැටි මතක්වෙනවා. (නි)

:       0       0

නිල්මිණි Wednesday, 26 June 2013 01:06 PM

අයියෝ ගණන් ගන්න එපා. ඔතන තියන ඕනෑ දෙයක් මෙකල ගැහැනු පිරිමි ඔක්කොටම සුදුසුයි. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකෙන් බලන්න (නි)

:       0       0

චමින්ද Wednesday, 26 June 2013 10:55 PM

ඕවා වැටිලා තුවාල උනහම පුළුන් වෙනුවට ගන්නත් පුළුවන්, විසි කරන්න එපා පුතේ. අපරාදේ.(නදී)

:       0       0

සයිනාවා Wednesday, 26 June 2013 01:15 PM

පාසල් ළමයෙකුට තෑගි දෙන්න තිබුනේ පොත් .පැන්සල් ,බෑග් ,වගේ දේවල්.මේ මොනවද මේ? ගමේ කඩේ විකුණන ඒවානේ. (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 26 June 2013 01:22 PM

එන්.ජී.ඕ. සන්විධා නයකින් ඔය භාණ්ඩ පාර්සල් කර ඇත්තේ විපතට පත් වූ අයට බෙදා ඉතිරි ටිකක් වෙන්න ඇති.අපේ උදවිය ඒවත් විකුණන බව දැනගෙනයි " විකිණීමට නොවේ" යන්න සඳහන් කර තියෙන්නේ.ලැබුන තෑග්ග එපා නම් කුඩුව හැදීමට උදව් කල පවුලේ අයට දුන්නාම ඉවරයිනේ. (නි)

:       0       0

ස්වර්ණා Wednesday, 26 June 2013 11:25 PM

ඔය සංවිදාන අපේ රටත් කාලා කෙල්ලෝ ටිකත් කාලා දැන් පුංචි දරු පැටව් ටිකත් කනවා ඔය අයව එලවන්න ඕනා.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Wednesday, 26 June 2013 11:57 PM

රේසර් නම් කමක් නැහැ කියමුකෝ කවුරු උනත් දන්නවනේ කරන වැඩේ. සනීපාරක්ෂක තුවා, පොඩි උන් අම්මගෙන් මොනවද කියලා අහනකොට කියන්නේ කොහොමද? ළමා මනස විකෘති කරන්න දෙන තෑගි මේ. පව් පොඩි එකා.(නදී)

:       0       0

සරත් Wednesday, 26 June 2013 05:13 PM

මල්ලි රේසර් ටික තියාගන්න රැවුල ආවහම කපාගන්න! ඒත් තුවා ටිකට මොකද කරන්නේ? ඒක තමා ප්‍රශ්නය?? (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 26 June 2013 01:45 PM

මමත් රතු කුරුස සංවිදානයට දායක වුවෙක්, ආපදා අවස්ථාවලදී බෙදා දීමට දුන් භාන්ඩ කිසිම අයුරකින් තෑගි ලෙස බෙදා දීම සපුරා තහනම්. මේ ගැන සොයාබැලීම වටී. එංගලන්තයේ මෙවැනි දේ දඬුවම් ලැබිය හැකි වරදකි. පොසොන් කුඩු ජයග්‍රාහකයන්ට ඊට අදාල ත්‍යාග පිරිනැමිය යුතුයි. (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 27 June 2013 12:49 AM

සරත් දන්නේ නැද්ද ගැහැණු අය රේසර් පාවිච්චි කරන බව? ඒ මොකටද කියලා නෝනාගෙන් අහගන්න. රේසර් වලින් කපන්නේ රැවුල පමණක් නොවෙයි.මේ පාර්සලේ ගැලපෙන්නේ ගැහැණු ළමයින්ට. (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 27 June 2013 12:54 AM

නිල්මිණි නෝනේ, පිරිමින්ට සනීපාරක්ෂක තුවා සුදුසු වෙන්නේ කොහොමද කියලා අපටත් කියා දෙනවද? ඔය කියන වෙබ් පිටුවක ලිපිනය කියන්න. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 26 June 2013 05:29 PM

අනේ අප්පේ! ඕකත් ප්‍රශ්නයක් කරගන්න එපා. (නි)

:       0       0

දයා Wednesday, 26 June 2013 05:37 PM

සරත්, තුවා ටික පස්සේ නෝනට හරි දෙන්න බැරියෑ? (නි)

:       0       0

අමාලි සිල්වා Wednesday, 26 June 2013 02:05 PM

මේ රාජ්‍ය නොවන සංවිදාන වලට අපේ ලංකාවේ සංස්කෘතිය නැති වුනාට කමක් නැහැ . ළමයින් නොමග ගියාට කමක් නැහැ. මොනවා හරි උප්පරවැට්ටියක් කරලා අපව නොමග ඇරලා ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීම තමා කරන්නේ. මුදල් වලට ගිජු අපේම ශ්‍රී ලාංකිකයන් ඔවුන් කියන ඕනෑම දෙයක් කරනවා. (නි)

:       0       0

කුමාර Saturday, 29 June 2013 06:38 AM

මේකේ තිබ්බෙ මේවා විතරද? රුපියල් 2000 ක විතර බඩු තිබිලා තියෙනවා මේ පාර්ස‍ලේ ඇතුලේ (නි)

:       0       0

නීල් රණා Wednesday, 26 June 2013 10:09 AM

කමක් නැහැ මේ සැරේ තණකොළ දීලා නැහැනේ. (නි)

:       0       0

මනෝජ් Wednesday, 26 June 2013 02:15 PM

ඉතින් දිලීප, අම්මි ,තාත්ති මොනවද කිවුවේ ?ඔයා ගණිකා මඩමට යැවුවද ? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 26 June 2013 06:02 PM

නොමිලෙ දෙන ඒවා තෑගි වලට දෙන්නේ ඇයි... එහෙම වෙන්නෙ ඇයි... අයි ඩෝන්ට් නෝ වයි... (නි)

:       0       0

ටිකිරි Wednesday, 26 June 2013 02:23 PM

අනේ අපේ ලාංකිකයෝ එන්.ජී.ඕ එකකින් දෙනවා කිව්වොත් ඕන කුණුගොඩක් ගනී . ඕක සංවිධානය කරලා තියෙන අය ලංකාවේ නොවෙයිද ? ආයේ නම් පොඩි අය පොසොන් කූඩු තරංග වලට ඉදිරිපත් වෙන එකක් නැහැ . ලබනපාර උපත් පාලන උපකරණත් ඇතුලත් කරයිද දන්නේ නැහැ ළමයින්ගේ තෑගි පාර්සල් වලට , බබාලට එපානම් ගෙදර වැඩිහිටියන්ට දෙන්න කියලා. පාසල් ළමුන් සම්බන්ද කරගන්න වැඩ වලදී මව්පියන් ගුරුවරුන් සහ අනෙකුත් වගකිවයුත්තන් මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියලයි මමනම් හිතන්නේ.(නදී)

:       0       0

කුමාරිහාමි Wednesday, 26 June 2013 10:30 AM

තෑගි දුන්න අය හිතන්න ඇති ගැහැණු ළමයි විතරයි තරගයට ඉන්නෙ කියලා (නි)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 27 June 2013 04:37 AM

අපේ දරු කැලගේ මොළ විකෘති කරන්න නොයෙක් සංවිදාන තියෙනවා. අපේ හාමුදුරුවරු නිකන් නෙවෙයි මේවට ඉලපත ගන්න කියන්නේ. දැන පේනවා නේද යථාර්තය.(නදී)

:       0       0

සඳුන් Wednesday, 26 June 2013 10:37 AM

ඔය එක එක බොරු සංවිධාන වල යථාර්තය ඕක තමයි. ලංකාවට ඇවිල්ලා කරන්නෙත් ඔය වගේ විකාර වැඩ තමයි (නි)

:       0       0

සරත් Wednesday, 26 June 2013 10:37 AM

කුමාරිහාමි එතකොට රේසරුත් ගැහැණු ළමයින්ටද? (නි)

:       0       0

රෝසා Wednesday, 26 June 2013 02:38 PM

මේ වැඩෙන් තෑගි ලබාගත් දරුවන්ගේ මානසික තත්වය හොඳටම අවුල් වෙනවා. මේක නම් පැහැදිලිවම හිතා මතා කලදෙයක්. (නි)

:       0       0

ලලිත් Wednesday, 26 June 2013 10:38 AM

මොනවද මේ පිරිමි ළමයින්ට දීලා තියෙන්නෙ? මේවා දෙන්න තිබුනේ වැඩිහිටි ගෑනු පිරිමි අයට. පොඩි ළමයින්ට මොනවා කරන්නද මේවා? (නි)

:       0       0

කපිල Wednesday, 26 June 2013 02:38 PM

මේ වගේ රාජ්‍ය නොවන සංවිදාන තමා මානුෂීය මෙහෙයුම කාලේ කොටින්ට උදව් කලේ. (නි)

:       0       0

සරත් Wednesday, 26 June 2013 10:48 AM

පෙට්ටියේ සදහන් වෙලා තිබෙන ආකාරයට මෙම තෑගි පිරිනමා ඇත්තේ රතු කුරුස සංවිදානයෙන්. එම නිසා වෙන්න ඇති සෞඛ්‍යයට අවශ්‍ය දේවල් දීලා තියෙන්නේ. මේක වර්ගීකරණයකින් තොරව කාහටත් සරිලන පරිදි සකස් කළ පොදු පාර්සලයක්. ගෙදරක තව සාමාජිකයොත් ඉන්නවා නම් ඉතින් අවශ්‍ය පරිදි බෙදාගෙන පාවිච්චි කරන්න පුලුවන්නේ. (නි)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 26 June 2013 10:50 AM

ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංවිධායකයෝ හිතලා තියෙනවා කාර්‍යාලයේ එක් පාර්ෂවයක් විතරයි තරගයට ඉන්නේ කියලා.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 26 June 2013 10:52 AM

මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ දීපුවා ළමයින්ම පාවිච්චි කළ යුතුයි කියලා. රාජ්‍ය නොවෙන සංවිධානය මොකද්ද කියලා පෙට්ටියෙන් පෙනෙනවා. ඒත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තිබුනා මේවා දෙන වෙලේ පොඩ්ඩක් හිතලා බලලා අවශ්‍ය විදියට තෑගි බෙදන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 532 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 506 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 151 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1496 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1131 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 440 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site