IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රවී ගෑස් බස්සයි

මෙවර අයවැයෙන්  මුං ඇට කිලෝවක් රුපියල් 15 කින් ද , පරිප්පු රුපියල් 10කින් ද, හාල්මැස්සන් රුපියල් 5කින් ද, අර්තාපල් අල රුපියල් 5කින් ද සුදු සීනි රුපියල් 2කින් ද , භූමිතෙල් රුපියල් 5කින් ද, ගෑස් රුපියල් 25කින් ද අඩු කරන බව මුදල්  ඇමැති  රවී කරුණානායක මහතා පවසයි.

 



අදහස් (0)

රවී ගෑස් බස්සයි

සිරි Thursday, 10 November 2016 08:31 PM

කොහොමටත් ඔයාලගේ ගෑස් නම් ළඟදීම බහියි. (නි)

:       0       0

මලී Friday, 11 November 2016 02:30 AM

අම්මෝ.....ලැබුණ සහන.....! රවී මහත්තයා සෑහෙන මහන්සි වෙන්න ඇති ජනතාවාදී අයවැය හදන්න. මේක ජනතාවාදී අයවැයක්ද? ජනතාවිරෝධී අයවැයක්ද? (නි)

:       0       0

පෙරුමාල් Friday, 11 November 2016 03:14 AM

මේ අදහස් දාලා තියෙන බොහෝමයක් දෙනෙක් කිසිමදේකින් තෘප්තියට පත්නොවෙන අය බවයි පෙනෙන්නෙ (නි)

:       0       0

සජී Friday, 11 November 2016 03:17 AM

ඡන්දයක් තිබුනහම තේරෙයි මිනිසුන්ගෙ ගෑස් වල තරම (නි)

:       0       0

චින්තක Thursday, 10 November 2016 11:51 AM

ගෑස් රුපියල් 25/= අඩු කරලා , අද ඉදන් බැදුම්කර වංචාවල් ,රණවිරු දඩයම් කාටත් අමතක වේවි. (බ)

:       0       0

මහේෂ් ඇලෙක්සැන්ඩර් Thursday, 10 November 2016 12:00 PM

රුපියලෙන් දෙකෙන් අඩු කළේ වැඩි කරපු ගණන් මතක තියාගෙන ද මහත්තයෝ? මේවාට රැවටෙන මිනිස්සුත් ඉන්නවනේ ඉතින්..(බ)

:       0       0

ස්මිත් Thursday, 10 November 2016 12:04 PM

කොහොමද සහන මල්ල? (බ)

:       1       0

ස්මිත් Thursday, 10 November 2016 12:05 PM

සර් කෝ අර පඩියට එකතුකරනවා කිව්වා 10,000? එතකොට මෝටර් සයිකල්, ලාබෙට කාර්, කෝ සර් මේවා? (බ)

:       0       0

ජයරත්න Thursday, 10 November 2016 12:23 PM

අඩු නොකළත් කමක් නැහැ වැඩි නොකර ඉන්නවනම්. අයවැයේදී වීරකම් කරන්න ගිහිල්ල ගිය සැරේ වුනා වගේ පස්සේ වෙනත් බදු වැඩි කරන්න වෙනවා. (බ)

:       0       0

මනෝජ් Thursday, 10 November 2016 12:42 PM

මේකද අර හොල්මන් වෙන අයවැයක් ගේනවා කිව්වේ. (බ)

:       0       0

නිලාන් Thursday, 10 November 2016 12:50 PM

ලාබෙට කාර් නම් හම්බුනා ඉන්දියන් . දැන් බයිසිකලෙයි 10,000 දෙන්න (බ)

:       0       0

නොඑල් පැරිස් Thursday, 10 November 2016 12:59 PM

ලංකාවේ හැමට හොඳ අනාගතයක් පතනවා (අ)

:       0       0

අරනු Friday, 11 November 2016 07:48 AM

සීනි මිල අඩු වෙනවා කියන්නේ සීනි කරිඤ්ඤන් මිල ඉබේම අඩු වෙනවා, එතකොට එකේ ප්‍රතිලාබෙත් අපිටමයි . (අ)

:       0       0

බෙනට් Thursday, 10 November 2016 01:17 PM

2017 වසරේ ඇතුල්වෙන සියලුම උසස් පෙළ ළමුන්ට නොමිලේ ටැබ් දෙන එක අති මහත් මුදල් නාස්තියක්.අති විශාල අනවශ්‍ය වියදමක් .සාමන්‍යයෙන් චීන හෝ ඉන්දීය ටැබ් එකක මිල රුපියල් 10,000 ක් විතර වෙනවා . ඒ කියන්නේ මේ වෙනුවෙන් රජය උසස්පෙළ ළමුන් වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 1750 ක වියදමක් දරන්න යන්නේ . ගුරුවරුන් වෙනුවෙන් වෙනම තවත් ඇති විශාල වියදමක් යනවා . ගොඩක් ළමුන්ට ගෙවල් වල පරිගණක තියෙනවා. අනික ගුරුවරුන්ට හොඳ පඩියක් ලැබෙනවා. ඒ අයට පොලි රහිත නයක් දුන්න නම් ඒ හොඳටම ඇති. ටැබ් එකකින් කළ හැකි අධ්‍යාපනයක් නැහැ .ඔය දියුණුයි කියන මහා රටවල් වලත් කිසිම ළමයෙක්ට පාසල තුලට ටැබ් එකක් තියා හදිසියට කතාකරන්න ප්‍රාථමික ජංගම දුරකතනයක් වත් ගෙනෙන්න දෙන්නේ නැහැ . තහනම් . ටැබ් එකකින් අන්තර්ජාලයේ සැරිසරා හොඳ සහ නරක සමාජ දැනුම නම් ලබාගත හැකියි .හැබැයි ඉතින් පන්ති කාමරේ ඇතුලේ ඉඳන් තව හොඳ හොඳ පින්තුරවීඩියෝ ගන්න පුළුවන් . .2017 උසස්පෙළ පන්තියට අලුතෙන් ළමුන් 175,000 ක් ඇතුල් වෙනවා . ඒ අයට විතරයි දෙන්නේ . 2016 ඇතුල්වෙලා ඉන්න අයට දෙන්නේ නැහැ . එයත් ඉතාම අසාදාරණයි . මම හිතන්නේ මෙය ලංකාවේ රජයක් දරන නාස්තිකාරම සහ අනවශ්‍යම සහන දීමනාවක් විදියටයි .ළමයින්ව නොමගට අරින්න ගන්න ලොකු උත්සහයක් බවයි . (අ)

:       0       0

ඉන්ද්‍රා Thursday, 10 November 2016 01:23 PM

රටට ප්‍රධාන වශයෙන් විදේශ විනිමය සොයා දෙන විදේශ ශ්‍රමිකයන්ට මොනවද ලැබිල තියන සහන මේකනම් හොල්මන් අයවැයක් තමා ඡන්දයකදී හිලරිට වූ දේ තමා වෙන්නේ (අ)

:       0       0

සුසන්ත Thursday, 10 November 2016 01:39 PM

ගිය සැරේ අයවැයෙන් අන්තිමට ඉතුරු වුනේ 'ගරු කථානායකතුමනි' කෑල්ල විතරයිනේ සම්මත වෙන අවස්තාව වෙද්දී. මේ සෙරෙ ඊට වඩා වගන්ති කීපයක්වත් ඉතුරු වෙයිද? (අ)

:       0       0

අනිල් Thursday, 10 November 2016 01:40 PM

දැන් ඉතින් අර ඊයේ ඒකාබද්ද විපක්ෂේ සාක්ෂි සහිතව දාපු අල්ලස් දුෂණ, අවභාවිත පැමිණිලි ඔක්කොම අමතකයි ජනතාවට ගෑස් රු.25 වගේ සොච්චමකින් අඩු කලාම! (අ)

:       0       0

සුසන්ත Thursday, 10 November 2016 01:41 PM

පුදුම බැස්සිල්ලක්නේ බස්සල තියෙන්නේ, අපි හොල්මන් වෙලා! (අ)

:       0       0

රොමේෂ් Thursday, 10 November 2016 02:09 PM

මුන් ඇට, හාල් මැස්සෝ , අර්තාපල් , පරිප්පු අඩු කරනවා කියන්නේ සීනිබෝල තර්ක. ප්‍රයෝගික තලයේදී මේ කිසිවක් සිදුවෙන්නේ නැහැ. 2017 දී අපේ අර්තාපල් අස්වැන්න කොතරම්ද කියල දැන්ම පුරෝකථනය කරන්න පුලුවන්ද. අර්තාපල් සඳහා වන බද්ද වෙනස් කිරීම තුලින් මිල පාලනයක් කරන්න පුළුවන්. නමුත් අර්තාපල්වල ප්‍රමිතිය පාලනය කරන්න පුලුවන්ද. අනික් සිල්ලර බඩුවල ප්‍රයෝගික තත්ත්වය මේකම තමයි. මිල අඩුවෙයි. ප්‍රමිතිය දෙගුණයකින් අඩු වෙද්දී. රජයක් අවශ්‍ය මිල සහ ප්‍රමිතිය දෙකම එකවර පාලනය කරන්න. (අ)

:       0       0

සංජීව Thursday, 10 November 2016 02:12 PM

හොල්මන් කියුවට ඩ්‍රැකියුලා අයවැයක් .මොකද මිනිසුන්ගේ හොදට ලේ බොන්න හදල තියෙනවා (අ)

:       0       0

චන්න බුවනක Thursday, 10 November 2016 02:16 PM

ඔය අඩු කල ගෑස් අපිට ඕනි නැහැ. හැබැයි ඔහෙලගෙ ගෑස් නම් ජනතාව එකතු වෙලා පුළුවන් තරම් ඉක්මනින් බස්සයි. (අ)

:       0       0

ලංකා Thursday, 10 November 2016 02:40 PM

ටැබ් වෙනුවට කොම්පියුටර් ටිකක් පාසල් වලට දෙන්න. ටැබ් දුන්නොත් අපේ ළමයි ඒවා අනවශ්‍ය දේවල් වලට යොදා ගන්න ඉඩකඩ තියෙනවා. යෝජනා ගැන මහජන මතය ඇහුවොත් හොඳයි නේද ? (අ)

:       0       0

පාරා Thursday, 10 November 2016 03:20 PM

රවී එහෙම කරන විට මා. පලා මිටියක් සත .05 කින් අඩු කරනවා, එමෙන්ම වැඩි දුරටත් සියලු දෙනාට හුස්ම ගැනීමට වාතය නොමිලේ, එය 2017 වර්ෂය සදහායි, තුරුනුවන් සරණයි, (අ)

:       0       0

අර්ජුන Thursday, 10 November 2016 03:58 PM

කන්දක් විලි ලා- කෙන්දක් වදාලා - පෙඳක් තරම් දීලා - අයෙක් නටත් සුරුවම් බාලා... (නි)

:       0       0

නිරේෂ් Thursday, 10 November 2016 04:45 PM

සමහරුන්ට දුකයි වගේ අප්පච්චි නැති එකට. (නි)

:       0       0

සලීම් Thursday, 10 November 2016 04:53 PM

අයවැය පළමු සංශෝධනය පරිප්පු සඳහා බද්දක් නැත. මිල අඩුවීමක් වෙන්නෙත් නැතිවෙයි (නි)

:       0       0

සමීර Friday, 11 November 2016 11:10 AM

හල් මැසෝ ගැමි 100 සත 50 කොහොමද ආතල් (අ)

:       0       0

ටෙනිසන් Thursday, 10 November 2016 06:01 PM

අනේ ඉතින් මහා ලොකු දෙයක්නේ මේ කරලා තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 0 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2036 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1651 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 365 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 612 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 769 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39891 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site