IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


’’රවී - ශානි’’ තනතුරුවලින් ඉවත් කරන්නෑ

(ආරියරත්න රණබාහු සහ අංජුල මහික වීරරත්න)

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර යන මහත්වරුද කිසිදු හේතුවක් මත එම තනතුරුවලින් ඉවත් නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

උදය ගම්මන්පිල මහතා ඊයේ ඉදිරිපත් කළ කමිටු වාර්තාව පිළිනොගන්නා බව පැවසු අමාත්‍යවරයා එය හුදෙක් දේශපාලනය පදනම් කර අදාළ නිලධාරීන් ඉලක්ක කර පැවැත්වු පරික්ෂණ කමිටු වාර්තාවක්  යැයිද කීය.

රජයක් ලෙස සියලු වාර්තා වල කරුණු පූර්ණ විමර්ශනයකට ලක්කර අසාධාරණයට ලක් වූ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කවුරුන් හෝ නිලධාරියෙක් වගකීම් පැහැර හැර තිබේ නම් එහි හංගන්නට කිසිම කාරණයක් නැති බව කී විජිත හේරත් මහතා සාධාරණ පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

අනේ ගම්මන්පිල ඔබට වෙච්ච දේ යැයිද හේරත් මහතා  කිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදිය.



අදහස් (30)

’’රවී - ශානි’’ තනතුරුවලින් ඉවත් කරන්නෑ

Rohana Tuesday, 22 October 2024 12:59 PM

ගම්මන්පිල මේ අදින්නේ අහකයන කුණුගොඩවල්. මේවායින් රටටවත් ජනතාවටවත් කිසිම යහපතක් ලැබෙන්නෙ නෑ.

:       95       18

Asela Tuesday, 22 October 2024 01:06 PM

රවී ශානි කියන්නේ අවංක දක්ෂ නිලදාරීන් දෙන්නෙක් ,මේ දෙන්නව තනතුරු වලින් අයින් කරවන්නැ ඔය ගම්මන්පිල හාදයව එවුවේ මොන හොරා ද කියලා හොයලා බලන්න.

:       80       18

Sam Tuesday, 22 October 2024 01:07 PM

පරණ ආණ්ඩු කරපු දේවල් ටිකම මේ අයත් කරනවා වගේ. තමන්ගේ අය කරන වැරදි හොදයි අනිත් අය කරන ඒවා වැරදි. මොනම හේතුවකටවත් අයින් කරන්නේ නැතිලු. පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න පුළුවන් අය ඉන්නේ මේ දෙන්නා විතරද? මෙතන අනුර කුමාර හොඳ නෑ කියල නෑ. නිලධාරීන් දෙන්නෙක් ගැන කියල තියෙන්නේ. තමන්ගේ පක්ෂේ කරන ඔක්කොම හොඳයි කියන අය හැර අනිත් අයට මෙතන මොකක් හරි අවුලක් තියෙන බව පෙන්න ඕන.

:       15       73

Amal Tuesday, 22 October 2024 01:39 PM

මේ රට කියුබාවක්, රුසියාවක් කරන්න ඉඩ තියන්න එපා.

:       5       33

ඇන්ඩ්රු සෙබඩවිල Tuesday, 22 October 2024 01:47 PM

නීතිය නැවීමේ අත්දැකීම් සපිරි මෙවන් නිලධාරින් ඉවත් කරන්නට අපට පිස්සුද නේද සහෝදර ඇමතිතුමා?

:       51       169

Nelu Tuesday, 22 October 2024 02:10 PM

කියන දේ පිළිගන්නේ නෑ වගේම මොන හේතුවක් නිසා හෝ ඉවත් කරන්නේ නෑ කියන්නේ බොහොම දරුණු කතා. හොයා බැලීමක් කරන්නේ නෑ කියලා කියන්නේ ඒකාධිපති පාලනයක් කියන එකයි. ඕකෙන් වෙන්නේ මේ දෙන්නෙක් නිසා මාලිමාව කිරි කලේට ගොම අරන් දාගැනීමක්.

:       53       149

AkilaTuesday, 22 October 2024 03:25 PM

අනේ නෙලූ , UNP කාරයෝ නාහෙන් ඇඬුවට මේ නිලදාරීන් දෙන්න කවුද කියලා මාලිමවට ඡන්දෙ දුන්නු අය දන්නවා. එක එක හොරුන්ට ඕනේ විදිහට දක්ෂ නිලදාරීන්ව අයින් කරගන්න දෙන්න බැහැ.

:       112       39

JayasekaraTuesday, 22 October 2024 04:00 PM

ඒකාධිපති පාලනේ තිබ්බේ. පුතානෝගේ තාත්තගේ කාලේ බව ඒ කාලේ හිටපු අය හොඳටම දන්නවා.

:       62       33

විපරමා Tuesday, 22 October 2024 02:50 PM

ෂානි,රවී කියන්නේ අවංක නීලදාරීන්. එනිසා පසුගිය කාලයේ නොයෙකුත් අසාධාරණකම්වලට පවා ලක් වුණා.

:       153       69

මංගල Tuesday, 22 October 2024 02:54 PM

මේ දෙන්නා තනතුරුවල තියාගෙන කොහොමද සාධාරණ පරීක්ෂණයක් කරන්නේ? ඔය පරීක්ෂණයෙන් සහාරානුත් පූස් පැටියෙක් කරයි.

:       48       143

Asela Tuesday, 22 October 2024 03:22 PM

රනිල්ගේ තක්කඩි කොමිසමෙන් හැදුවේ මේ අවංක නිලදාරීන් දෙන්නව අයින් කරගන්න. ඉතිහාසයේ මොකක් හරි තක්කඩි වැඩක් වුණා නම් රනිල් එතනට නායකත්වය දීලා තියෙනවා.

:       119       31

බණ්ඩා Tuesday, 22 October 2024 03:40 PM

ශානිගේ අවංකකම බලන්න පොඩ්ඩක් යූ ටියුබ් එකේ තියෙන රංජන් එක්ක කරන කෝල් එක පොඩ්ඩක් අහන්න. කොච්චර අවංකද කියනව නම් තනතුර වෙනුවෙන් වළං හෝදන්න වුණත් ලෑස්ති උත්තමයෙක්. අනිත් කෙනා පොඩ්ඩක් වැටෙන්න බීලා වාහනේ අමතක වෙලා පැදලා පොඩි අනතුරක් වෙලා අහු වුණ කෙනෙක්. කොහොමද මේක වෙන කෙනෙක් කලා නම් මෙයාලගේ කියවිල්ල අද එහෙනම්. තමන්ගේ මිනිස්සු ඉන්න නිසා ඒ වාර්තාව වැරදියි ලු.

:       23       173

සෙනෙවිරත්න Tuesday, 22 October 2024 03:57 PM

මෙතන සමහර අය අර ගම්මන්පල වගේ පුද්ගලයෙක් කියන කතා පිළිගන්නවා කියන්නෙ ඒ අයගෙ මොළාය තරම පේනවා. මේ අභිරහස සොයන්න බලවත් ලෙස උනන්දු වෙන්නෙ කතෝලික සභාව, ඒ අය නැත්නම් මේක අතීතයට ගිය තවත් අපරාධයක් වෙයි. ඒක නිසා කතෝලික සභාව මේ සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය බලන්න එතකොට සත්‍ය වැ⁣ටහේවි. ගම්මන්පිලගෙ රංගනයෙ විකාරය වැටහේවි.

:       80       23

dasun Tuesday, 22 October 2024 03:58 PM

ගම්මන්පිල කියන්නේ දැන් ත්‍රීවිල් පක්ෂයක නායකයා. කෝ අර පච යුද්ධය?

:       65       28

සෙනෙවිරත්න Tuesday, 22 October 2024 04:07 PM

ගම්මන්පිල හරිය කියල හිතන අයත් සමඟ කවර කතාද?

:       73       23

sampath Tuesday, 22 October 2024 04:25 PM

නියමයි විජිත. ගම්මන්පිල කියන්නෙත් රටටම ත්‍රස්තවාදීයෙක්.

:       74       21

වත්සි Tuesday, 22 October 2024 05:11 PM

ජවිපෙ වහල් සේවය විසින් කෙතරම් සුදු හුණු ගන්නට උත්සහ කලත්, රවී-ශානිට ඉහළ නිලතල දැරීමට ඉඩදීම සදාචාර විරෝධීය. දේශපාලන වශයෙන් ගම්මන්පිලට වර්තමානයේ ඇත්තේ කුමන ස්ථානයක් ද යන වග, ඔහු විසින් ඉදිරිපත් කරන තර්කය බිඳ දැමීමට අදාළ නොවේ.

:       5       50

nimal Tuesday, 22 October 2024 05:14 PM

ගුදය ගොංමන්පිල ලවා කවුරුත් හෝ මූටිටියක් දාලා බැලූවා වෙන්න පුලූවන් බොහෝ දුරට.

:       27       4

Samare Tuesday, 22 October 2024 05:19 PM

අපිට මතකයි 1990 දශකයේ මුල් භාගයේ දී අහපු කතා 88-89 කාලයේදී ජේවීපී ළමයි මැරුණු හැටි කියනකොට. ඒ 88-89 කාලේ බිල්ලෝ ගැන කිව්වා. ජේවීපී කරලා අහුවුණු අයට සමාව දෙන්න නම් ඔවුන්ව ඔලු වහලා ගෙවල් ගානේ සහ හිර කඳවුරු වල ගෙනිච්චා. ඔවුන් ජේවීපී කියලා පෙන්නපු අයව හමුදාවෙන් මරා දැම්මා. මහ අපරාධ කාලයක් තිබුණේ. පස්සේ 90 ගණන්වලදී කිව්වා ඔය බිල්ලෙක් ජේවීපී එකෙන් පාර්ලිමේන්තු ආවා කියලා. ඉතින් ප්‍රේමදාස කරපු ඒකාධිපති පාලනය වගේම තමයි ඔය බිල්ලන්ගේ වැඩ. ප්‍රේමදාස නිසා ඩඩ්ලි සේනානායක මහතාගේ මරණය ඉක්මන් වුණා කියනවා. ඒ වගේ අය අන්තිමට මොන ආණ්ඩුවේ වුණත් ඉන්නවා.

:       25       9

SuhaniWednesday, 23 October 2024 10:00 AM

එක බිල්ලෙක්ගේ නම ඒ කාලයේ ගොඩක් කියවුනා. එදා මරණ බයේ හිටි තරුන කොල්ලෝ හැටියට අනුන්ගේ ජීවිත බිල්ලට දීලා හරි තමන්ගේ ජීවිතේ බේරාගන්න පවුකාර වැඩ කරාට, දැන් වැඩිහිටියන් හැටියට තමාගේ ජීවිතේට අනතුරක් නැතුව ඉන්නා කාලේදිවත් හරියට දේවල් කරන්න.

:       0       10

saman Tuesday, 22 October 2024 07:56 PM

ජෙප්පො ඉස්සරහට නියමට කරයි.

:       5       32

Rohana Tuesday, 22 October 2024 08:33 PM

මෙතන අවශ්‍ය වන්නේ එක එක්කෙනාගේ අඩුපාඩු කතා කිරීම නොව පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් සොයාගෙන ඔවුනට දඩුවම් කිරීම සහ පාස්කු වින්දිතයින්ට සාධාරණයක් ඉටුකරදීම.

:       28       11

silvaWednesday, 23 October 2024 10:15 AM

ඇත්ත කතාව​. ගම්මන්පිල මොකෙක් වුනත් ඒක නෙවෙයි අදාල වෙන්නේ. මේක ගම්මන්පිල ගොතපු කතාවක් නෙවෙයිනේ. ඇත්තටම හදපු වාර්තාවක් එලියට නොදී සඟවාගෙන ඉන්න වෙලාවේ ගම්මන්පිල කොහෙන් හෝ හොයාගෙන ඒක එලියට දුන්නා. ඔහුට ඒක එලියට දුන්නාට පහර ගහපු පමනින් වාර්තාවේ නම් සඳහන් වන අය නිදොස් වෙන්නේ නෑ. එහෙම නිදොස් කරන්න ඕනා නම් රජය තව කමිටුවක් පත්කරලා ඔය වාර්තාව වැරදි බවට නිගමනය කරවලා රවී සෙනෙවිරත්නව නිදොස් කොට නිදහස් කරන්න​. දැන් යන්නේ කැකිල්ලේ වැඩක්. කවුරුවත් හදපු වාර්තාවක් එලි දක්වපු එකා බොරු කියනවා කියලා මඩ ගහලා හරියන්නේ නෑ. එහෙම නම් රහස් වාර්තාවක් එලි කරාට ඔහුට දඬුවම් දෙන්න​. ඒ එක්කම ඔය වාර්තාව බොරු නම් වාර්තාව හදපු අයත් වැරදිකරුවන් කරන්න​. ඒ මිසක වාර්තාව නොහදපු එකෙක්ට ඌ බොරු කියනවා කියලා හරියන්නේ නෑ. මම හිතුවා මාලිමාවේ කට්ටිය සිහි බුද්ධිය තියන අය කියලා. බලන් ගියාම මෛත්‍රීපාල සිරිසේනටත් අන්තයිනේ.

:       1       33

Chandima Tuesday, 22 October 2024 08:57 PM

එහෙම කොහොමද අයින් කරන්නෙ අහ්? ඒවා කොහෙද? ඒ දෙන්නා මාලිමාවට දරදිය ඇදපු අය. එහෙව් ම්නිිස්සු අයින් කරන්න දෙන්න බෑ හරිද?

:       5       34

හෝදමු අපි හෝදමු Tuesday, 22 October 2024 09:01 PM

අරවින්ද මොනරවිල සහ සෙනෙවිරත්න කඩේ යනවා යෑමක් ආයේ ලොවෙත් නැති වෙන්න. උන් කඩේ යනවා කෙසේ වෙතත් කඩයක් දාගෙන කඩේට වෙලා ඉන්න සීන් එකක් තියෙන්නේ. ෆුඩ් සිටියක් වගේ ලොකූ එකක්.

:       2       43

Lakmal Tuesday, 22 October 2024 11:10 PM

රැවටුනා නෙමෙයි විශ්වාස කළා.

:       0       17

අනුර අල්මේදා Wednesday, 23 October 2024 12:08 AM

අනුරයා සහ ජෙප්පෝ සහ මැල්කම් අල්මේදා මේ වාර්තාව ප්‍රසිද්ධ කරනවාට විරුද්ධ ඇයි කියලා තමයි මිනිස්සුන්ට තිබෙන ප්‍රශ්නය… උත්තර දෙන්න.

:       0       3

ඒකනේ 225 කිව්වේ Wednesday, 23 October 2024 12:12 AM

අර පරන අය වගේම තමයි… ඒකනේ 225 කිව්වේ…. චෝදනා තිබෙන අය දාගෙන මොන පරීක්ෂණද මහත්තයෝ… මොවුන් ඔක්කෝම එකයි මචන්

:       0       3

Nishan Wednesday, 23 October 2024 04:00 AM

ලංකා ඉතිහාසයේ පළමු වතාවට මාලිමා වේදිකාවේ මාලිමාවේ දේශපාලනය කරපු දෙන්නෙක්ව රජයේ උසස් නිලධාරීන් ලෙස පත් කළා. ඒ මදිවට බාර දුන්නෙත් පොලිසිය සහ සී.අයි.ඩී. එක. කයිවාරු ගැහුවේ නම් ස්වාධීන රාජ්‍ය සේවයක් ගැන...!

:       0       3

Asanga thiththagalla gamage Wednesday, 23 October 2024 10:16 AM

මේ දෙදෙනා හිටියොත් ඉබ්‍රහිම්ව බේරගන්න පුලුවන්නේ.

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 98 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 856 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3615 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 958 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1373 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1112 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 510 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2037 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site