(මනෝප්‍රියගුණසේකර)
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රහස් පොලිස් හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රේෂ්ඨාධිරණ රීතීන් අනුව ඉදිරිපත් කර නොමැති මෙම පෙත්සම පවත්වාගෙන යෑමට නොහැකි බව සඳහන් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසසිටර් ජනරාල් දිස්නා වර්ණකුල මහත්මිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවයක් පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, දිලීප් නවාස් සහ ප්‍රියන්ත පුනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීණි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රහස් පොලිස් හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වැල්ලවත්ත පොලිස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපති වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේදී බීමත්ව රියපදවා අනතුරක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 29 වැනිදා වැල්ලවත්ත පොලිසිය තමන් අත්අඩංගුවට ගත් බවත් අනතුරුව ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට පොලිසිය කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.
කිසිදු ජීවිත හානියක් හෝ රජයේ දේපළකට කිසිදු හානියක් නොවූ එම සිද්ධියට අදාළව අතඅඩංගුවට ගත් තමන්ට ඇප දීමට පොලිසියට හැකියාව තිබුණත් පොලිසිය අසාධාරණ සහ අයුක්ති සහගත ලෙස තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළැයි සඳහන් කරන පෙත්සම්කරු මෙම සිද්ධිය හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් දෙන්නයිද ඒ වෙනුවෙන් සුදුසු වන්දියක් නියම කරන්නැයිද ඉල්ලා සිටී.
පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුල මහත්මිය කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිරණ රීති 44 ආ වගන්තියට අනුව පෙත්සම්කරු, පෙත්සම ඉදිරිපත් කර නොමැති බවත් ඒ වෙනුවට ඉදිරිපත් කර ඇත්තේ අභියාචන පෙත්සමක ඉල්ලීමක් බවත් පෙන්වා දුන්නාය.
මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පූර්වාදර්ශ නඩු දෙකක් ඇති බවත් ඒ අනුව මෙය බරපතළ වරදක් බවත් ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යෑමට නොහැකි බවත් කී දිස්නා වර්ණකුල මහත්මිය අනිවාර්්‍යයෙන්ම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ බැඳී සිටින බවත් පෙන්වා දුන්නාය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවි වෛද්‍යාලංකාර මහතා තමන් අතින් වරදක් සිදුව ඇති බැවින් වරද නිවැරදි කිරීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාවේදී අධිකරණය අමුතු විනිසුරු එස්. තුරේරාජා මහතා පෙත්සම ගොනුකර වසරක කාලයක් ඉකුත් වී ඇති බවත් පුර්වාදර්ශ නඩු තීන්දු අනුව පෙත්සම විභාගයට ගැනීමට හැකියාවක් හෝ සංශෝධනයක් කිරීමට අවස්ථාවක් දීමට හැකියාවක් හෝ නොමැති බව පෙන්වා දෙමින් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන්නේය.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ රවී වෛද්‍යාලංකාර මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුල මහත්මිය පෙනී සිටියාය.
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
Kokila Monday, 18 November 2024 11:20 PM
එකපාර ඕවා කරගන්න අමාරුයි .තවපාරක් එන්න .එතකොට හරියයි
Perera Tuesday, 19 November 2024 07:34 AM
තාක්ෂණික හේතුවක් මත කරුණුමය හේතුවක් නිසා නෙමෙයිනේ විසිවෙලා තියෙන්නේ . වැරදි නිවැරදි කර ආයෙත් පෙත්සම ගොනුකළ හැකියි
Senarath Tuesday, 19 November 2024 09:11 AM
බඩුත් හාමුදුරුවන්ගේ ,නඩුත් හාමුදුරුවන්ගේ .මෙයාට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ